-->

ලිනක්ස් මුල සිට ...





 හරි එහෙනම් ඉතින් Linux වල අතීතයෙ ඉදන්ම පටන් ගමු. 

Linux ගැන කතා කරනවා නම් Unix ගැනත් කථා නොකරම බෑ. දශක හතරකටත් වැඩියෙන් ඉදලා බහු භාවිතාය, බහුකාර්ය යෙදීම්, ස්ථාවරබව, පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි සහ බලසම්පන්න ජාලගත කිරීම් සම්බන්ධතාව වැනි මූලික ගුණාංග හේතුවෙන් ජනප්‍රිය වෙච්ච මෙහෙයුම් පද්ධතියක් තමා Unix කියන්නෙ. කථාව පටන් ගන්නේ 1969 ඉදන්,(වැඩිය හිතන්න එපා අර දසුන් කිව්වා වගේ ඒක වෙද්දි මම ඉපදිලත් නෑ.) ඒ කාලයේ AT & T හා Bell පර්යෙෂණාගරායේ පර්යේෂන කරපුඩෙනිස් රිචේ සහ කෙන් තොම්සන් යන මහත්වරුන් කරපු පර්යේෂනයක ප්‍රතිඵලයක් ලෙස තමා Unix උපදින්නේ.

මේ ඩෙනිස් රිචේ කියන්නේ අපි අදටත් භාවිතා කරන C පරිගණක භාෂාව ලෝකෙට හදුන්වාදීපු පුද්ගලයා. කෙන් තොම්සන් විසින් ලියන ලද කේත ඩෙනිස් රිචේ විසින් නැවත C භාෂාවෙන් ලියලා තමා Unix Kernel එක එහෙමත් නැත්තම් ප්‍රධාන කේත සටහන එළිදැක්වෙන්නේ.

ඒ කාලයේ අද වගේ මෘදුකාංග මුදලට විකිනීමක් නොතිබුන බැවින් මෙම Unix Kernel එක අධ්යන කටයුතු සදහා විශ්වවිද්යාල අතර හුවමාරු කරගනිමින් Unix දිගින් දිගටම සංවර්ධනය වුනා.

1991 දි ෆින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්යාලයේ දෙවන වසර සිසුවකු වූලිනස් ටොර්වල්ඩ්ස් Unix කර්නලය නැවත වෙනස් කර ලියමින් Linux නම් වූ අපූර්ව මෙහෙයුම් පද්ධතිය ලෝකෙට බිහි කරා.

Linux කියන එකේ තේරුම Linux යනු Unix නෙවේ යන බවය. Linux Is Not UniX. මෙලෙස යුනික්ස් වල ඉදන් ලිනක්ස් දක්වා විකාශනය මෙම රූපයෙන් සරලව පෙන්නන්න පුළුවන්.


අදටත් අපි භාවිතා කරන ලිනක්ස් මෙහෙයුම් පද්ධති වල මුල් යුනික්ස් විධාන තිබීමෙන් පෙනීයන්නේ ලින්ක්ස් සහ යුනික්ස් වල තිබෙන අපූර්ව බැඳිමයි. (ls, cp, mv, rm...etc)

1991 ඉදන් මේ දක්වාම සුපිරි පරිගණක වල සිට අප භාවිතා කරන පුද්ගලික පරිගණක දක්වා ලිනක්ස් තම බලසම්පන්න බව පෙන්වා ඇත.

නොමිලේ ගන්න තියෙන කොට ඇයි මංකොල්ල කන්නේ ?
ඔයාලා දැනටමත් Windows හෝ එවැනි වාණිජ මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන කෙනෙක් නම් "අපි නම් Windows වලට ගෙවලා නෑ" කියලා කියන අයෙක් වෙන්න පුළුවන්, චුට්ටක් හිතලා බලන්නකෝ ඒක ඇත්තමද කියලා..?

ඔයාලා භාවිතා කරන ලැප්ටොප් එක හෝ පරිගණකය Windows සමඟින් ආපු එකක් නම් ඔබ දැනටමත් ඔබේ පරිගණකයට වැය වුන මුදල වගේ දෙතුන් ගුණයක් මෙහෙයුම් පද්ධතියට ගෙවපු කෙනෙක්. මංකොල්ලකාපු Windows මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන තරම් පහත් වැඩක් නොකරන කෙනෙක් නම් ඔබ ඔබගේ මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් සෑහෙන්න ගාණක් Microsoft සමාගමට ගෙවපු කෙනෙක්. ඉතිං ලිනක්ස් වගේ සියල්ල සපිරි මෙහෙයුම් පද්ධති ඕනෑ තරම් නොමිලේම ගන්න තියෙද්දි ඇයි නිකන් මුදල් නාස්ති කරන්නේ ?? එහෙමත් නැත්තම් ඇයි නිකරුනේ හොරෙක්, මංකොල්ලකාරයෙක් වෙන්නේ.

වෛරස් ගැන අමතක කරන්න.
වෛරස් ආසාදන නිසා ඔයාලගෙ පරිගණකය කීවතාවක් නම් format කරලා ඇද්ද...? මේ ජරා වෛරස් නිසා පරිගණකය භාවිතා කරන එක කී සැරයක් නම් එපා වෙලා ඇද්ද..?

ලිනක්ස් වලට ආපු දවසේ ඉදන් වෛරස් ගැන සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා නිදහසේ පරිගණකය භාවිතා කරන්න ඔබට පුළුවන්. ඒ කියන්නෙ වෛරස් ආසාදනය වීම ලිනක්ස් වලට බලපාන්නෙ නෑ..

Drivers නම් ඕනෙම නෑ.
අළුතින් දෘඩාංගයක්, අඩුම ගානේ HSDPA Dongle එකක් පවා භාවිතා කරන්න යනකොට Drivers ගැටළු කීයක් නම් ඔයාලට ඇවිල්ලා ඇද්ද..? ලිනක්ස් එක්ක මේ සියළුම Drivers ප්‍රශ්න අමතක කරලා දාන්න පුළුවන්. ඇත්තටම දැනට අපි නිතර භාවිතා කරන සියළුම දෘඩාංග වලට අදාළ සියළුම Drivers ලිනක්ස් කර්නල් එකේ තියෙනවා. ඉතිං අමුතුවෙන් Drivers ගැන ළතැවෙන්න ඕනේ නෑ.

පරණ පරිගණක වලිනුත් වැඩ ගන්න.
අපි දන්නවා Windows වල අළුත් සංස්කරණ එන්න එන්න ඒවා ඉල්ලන මූලික අවශ්යතාත් වැඩි වුනා. ඒක නිසා බොහෝමයක් දෙනාට එක්කෝ තමන්ගේ පරිගණකය වැඩි දියුණු කරන්න වුනා, නැත්තම් ඒ පරණ පරිගණකය විසි කරන්න වුනා. ඒත් ලිනක්ස් වැඩි දියුණු වෙන්න වෙන්න ඉල්ලන අවශ්යතා අඩු වුනා. කොටින්ම කියනවා නම් දැන් ලොකේ තියෙන අළුත්ම ලිනක්ස් සංස්කරණයක් එක්ක වැඩ කරන්න 256MB රැම් එකක් තියෙන පරිගණකයකටත් පුළුවන්. ඉතිං එහෙව් එකේ මොකටද වැඩි මුදලක් දීලා ඉල්ලන් කන්නේ...?

අළුත් මෘදුකාංග හොයන්න වටේ යන්නේ ඇයි..?
Windows භාවිතා කරද්දි මොකක් හරි අළුත් මෘදුකාංගයක් ඕන වුනොත් දස අතේ හොයන්න වෙන බව කවුරුත් දන්නවනේ. ඉතිං ලිනක්ස් එක්ක නම් එහෙම වද විදින්න ඕනෙම නෑ. මෙහෙයුම් පද්ධතියක් එක්කම ලැබෙන තවත් මෘදුකාංග මගින් ඒ ඒ අවශ්ය සියළුම මෘදුකාංග එක ක්ලික් එකකින් ඔබට ලබාගන්න පුළුවන්.

එකි‍න් එක විස්තර කරලා ලියන්න බැරිතරමට හේතු තියෙනවා ලිනක්ස් භාවිතා කරන්න. හරි තව ටිකක් කෙටියෙන්ම ලියන්නම්කෝ.....

  • පරිගණකය සමඟ වේගයෙන් වැඩ කරන්න.
  • අවශ්ය විදිහට ඕනෑ දෙයක් වෙනස් කරමින් වැඩ කරගන්න.
  • අදාළ සියළුම උපදෙස් නොමිලේම ලබාගන්න.
  • කවුළු රාශියක් වෙනුවට වැඩබිම් කිහිපයක වැඩ කරගන්න.
  • පද්ධතියේ ස්ථවාර බව වැඩි කරගන්න.

මේ වගේ හේතු බොහෝමයක් තියෙනවා ලිනක්ස් වලට මාරු වෙන්න. ඔබට දැනටමත් Windows අතඇරගන්න බැරි විශේෂ මෘදුකාංග තියෙනවා නම් ඒවට විකල්පත් ලිනක්ස් වල තියෙනවා

අපි මෙච්චර වෙලා කතා කරපු ලිනක්ස් අපිට ලබාගන්න පුළුවන් ආකාර කිහිපයක්ම තියෙනවා. භාවිතා කරන්නන්ගේ අවශ්යතාවන්ට ගැලපෙන අයුරින් මූලික ලිනක්ස් කර්නලයසංස්කරණය කරමින් තැනූ මෙහෙයුම් පද්ධති එහෙමත් නැත්තම් Linux Distribution බොහෝමයක් තියනවා. විවිධ පුද්ගලයන්ගේ අවශ්යතා වෙනස් බැවින් ඒ ඒ අවශ්යතා වලට අනුකූලව ඒ ඒ පුද්ගලයන් හෝ ආයතන මෙම ලිනක්ස් කර්නලය වෙනස් කරමින් භාවිතා කරනවා. මෙසේ තැනූ සිය දහසක් මෙහෙයුම් පද්ධති අතරින් ලංකාවේ අපිට ගොඩාක් හුරුපුරුදු මෙහෙයුම් පද්ධති කීපයක් ගැන කෙටියෙන් හඳුන්වා දෙන්නයි යන්නේ. ඔබගේ අවශ්යතාවයන්ට අනුව ඔබට ගැළපෙන ලිනක්ස් ඩිස්ට්‍රොව තෝරගන්න.




ලිනක්ස් ලෝකයේ ජන්ප්‍රියම, වඩාත්ම පරිශීලකයාට භාවිතයට පහසු මෙහෙයුම් පද්ධතිය තමා උබුන්ටු. (මෙම සිංහල විකි පිටුව යාවත්කාල කර නොමැත. නවතම ස්ථාවර නිකුතුව : 12.04 LTS Precise Pangolin / 26 April 2012; 3 months ago ලෙසද, නවතම අස්ථාවර එකතුව : Quantal Quetzal Alpha 3 / 26 July 2012; 29 days ago ලෙසද, වෙනස් විය යුතු අතර වැඩි විස්තර සඳහාමෙතෙන්ට යන්න.)

ඇත්තටම ආධුනිකයෙකුට හොද ආරම්භයක් ගන්න පුළුවන් උබුන්ටුත් එක්ක. ඩෙස්ක්ටොප්, ලැප්ටොප් වගේම සර්වර් පරිගණක සදහාද අදාළ උබුන්ටු සංස්කරණ තියනවා. වේගය, ලස්සන (උබුන්ටු වල ලස්සන බලන්න පාවිච්චි කරලම බලන්නකෝ) ඒ වගේම භාවිතයේ පහසුව, උදව් ලබාගැනීමේ පහසුව, සරළ බව වැනි හේතු උබුන්ටු මෙච්චර ජනප්‍රිය කරන්න දායක වෙලා තියෙනවා.

උබුන්ටු ඩෙස්ක්ටොප් එකක්.

උබුන්ටු ආරම්භක මෙනුව. 


උබුන්ටු සෙවුම.

මේ තියෙන්නෙ එකිනෙකට වෙනස් පරිගණක 3ක තිර රූප. ඔබට අවශ්ය පරිදි ඔබේ මෙහෙයුම් පද්ධතිය ලස්සන කරගනීමට උබුන්ටු වෙතින් සියළු පහසුකම් සලසලා තියනවා.

උබුන්ටු වල වෙනත් සංස්කරණ කිහිපයක්ද පවතින අතර ඒවා ගැන කෙටියෙන් කියන්නම්.
ලුබුන්ටු යනු බොහෝම අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වූ උබුන්ටු සංස්කරණයයි.
එඩුබුන්ටු යනු අධයාපනික කටයුතු උදෙසා විශේෂයෙන්ම සකසන ලද උබුන්ටු සංස්කරණයයි.
ෂුබුන්ටු යනු තවත් සැහැල්ලු උබුන්ටු මෙහෙයුම් පද්ධතියකි. අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වඩාත් සුදුසු වේ.



ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතියත් හරිම ලස්සන භාවිතයට පහසු වේගවත් ලිනක්ස් මූලික කරගත්ත මෙහෙයුම් පද්ධතියක්. රෙඩ් හැට් වයාපෘතිය නතර කර දැමුවාට පසුව තමා ෆෙඩෝරා පටන් ගන්නේ. මේකත් ආධුනිකයට වුනත් ගැලපෙන පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් ලස්සන O/S එකක්. 

ෆෙඩෝරා මෙනුව




ආරම්භක තිරය


මේකත් ආධුනිකයෙකුට ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් තවත් එක ලස්සන ලිනක්ස් ඩිස්ට්‍රොවක්. මේක උබුන්ටු පාදක කරගෙන තමා බිහිවුනේ, නමුත් භාවිතා කරද්දි තේරෙයි උබුන්ටු සහ මින්ට් අතර පැහැදිලි වෙනස් කම් ඇති බවට.

ලිනස්ක් මින්ට්


ආරම්භක තිරය


තව ලස්සන, භාවිතයට පහසු ලිනක්ස් ඩිස්ට්‍රෝ ගොඩාක් තියෙනව.. ලිපිය දිග වැඩිවෙන නිසා ඔක්කොම සඳහන් කරන්න අමාරුයි.

ජය .

Share Please

Related Posts