-->

Habits that you can adapt from world most successful people - Sinhala article

9 Habits that you can adapt from world most successful people - Sinhala article
Source~https://www.pcworld.lk/english/psychology-lessons/121-psychology-and-personality-developments-lessons/759-9-habits-that-you-can-adapt-from-world-most-successful-people
ලොව බොහෝ සාර්ථක මිනිසුන් පිටුපස ඔවුන් ඔවුන්ගේ සාරථකත්වයට ප්‍රධාන වශයෙන් බලපාන ලද ඉතා වටිනා පොදු පුරුදු නැතිනම් චර්යා කිහිපයක් ඇත.
මෙම චර්යා නැතිනම් පුරුදු ඔබත් අනුගමනය කළහොත් ඔබටත් ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට ඉතා ඉක්මනින් පැමිණිය හැකියි. පහත පුරුදු ඔබේ ජීවතයටත් හැකි ඉක්මනින් ඇතුළු කර ගන්න. හැබැයි කරලා බලන්නේ නැතිව නිගමන වලට එබබෙන්න නම් එපා. 
ලොව සාර්ථ මිනිසුන්ගේ පුරුදු
  1. “The early bird gets the worm” - “උදෑසන පැමිණෙන කුරුල්ලාට ආහාරයට නිසැකවම පණුවන් ලැබේ”. සමහර විට ඔබත් මෙම කියමන අසා ඇති. ඉතින් මින් කියවෙන්නේ දැනට ඔබ උදෑසන නැගිටින වෙලාවට වඩා පැයක් වත් කලින් නැගිටින් කියන එකයි. උදෑසන 4.30 ත් 6.30 ත් අතර නැගිටින්න පුරුදු වෙන්න. කිහිප සැරයක් විනාඩි කිහිපයෙන් කිහිපයට වදින පරිදි ඔයාගේ ස්මාට් පෝන් එකේ එලාම් තියා ගන්න. හැබැයි පසු දින කලින් නිදා ගන්න. නැගිටුන ගමන් නින්ද නැති වෙලා යන්න 21 කේ ඉදන් 15 වෙද්දි ආපස්සට ඇස් පියාගන හරි ඇදේ ඉදන්ම ගණන් කරන්න. ඊට පස්සේ පුළුවන් නම් බඩ පිරෙන්න වතුර ටිකක් බොන්න. නිදිය ගන්න කලින් ලගින් වතුර ටිකක් ගෙනෙල්ලා තියා ගත්තොත් එක වඩාත් හොඳයි. මේ තමයි අපි හැමෝම හදා ගන්න ඕන පළමු වගේම ඉකක් අමාරුම පුරුද්ද. හැබැයි අමාරුවෙන් හරි එක දිගට දවද් 21 කට වඩා මේ චර්යාව කර ගෙන ගියොත් මේ චර්යාවට අඳාළව අපේ මොළේ නිවුරෝන පාත් හැදිලා නිකන්ම පුරුද්දක් බවට පත් වෙනවා.

  1. දෙවන හොඳ පුරුද්ද තමයි හැමදාම විනාඩි 30 ක් වත් ව්‍යායාම කිරීම. මෙමඟින් එදිනෙදා ජීවිතයේ ඔබගේ වැඩ පහසු කරන උද්යෝගිමත් ශරීරයක් ඔබට ලැබෙනු නොඅනුමානය. ව්‍යායාම කිරීම ඔබගේ ගත මෙන්ම මනසත් සැහැල්ලු කරයි.

  1. උදයට විනාඩි 10 ක් ද, සවස් වරුවේ විනාඩි 10 ක් ද බැගින් දවසට විනාඩි 20 ක් අනිවාර්යෙන්ම භාවනා කරන්න. ස්භාවික ආස්වාසය හා ප්‍රාස්වාසය පිළිබඳ අවදියෙන් කරන අනාපපානා සති භාවනාව මීට වඩා සුදුසු භාවනාවකි. මෙමඟින් ඔබගේ මනසෙහි සතිමත් භාවය හෙවත් Mind fullness ඉතා හොදින් වර්ධනය කරයි.

  1. දැන් ඔබට එදිනෙදා සිදු කිරීමට ඇති වැඩ සඳහා To Do List හෙවත් කාර්යෙහි ඇති ප්‍රමුකතාවය අනුව කාර්ය ලැයිස්තුවක් ලියා ගන්න. මෙය ඔබට ඔබගේ ජංගම දුරකථනයේ ඇති Google Calendar වැනි ඇප් එකක් ආදාරයෙන් උවත් සිදු කර ගත හැකියි.

  1. Meet new people as much as I could - හැකිතරම් අළුත් මිනිසුන් හමුවන්න. ඒ වගේම ඔබගේ ජීවිතයේ හමුවන මිනිසුන් Useful People - ප්‍රයෝජනවත් මිනිසුන් හා Toxic People - හානිදායක මිනිසුන් වශයෙන් වර්ග කර ගන්න. ඉන් පසුව හානිදායක මිනිසුන්ගෙන් පුළුවන් තරම් ඈත්ව සිටීමටත්, ප්‍රයෝජනවත් මිනිසුන් සමඟ වැඩි වැඩියෙන් කාලය ගත කිරීමටතු පුරුදු වන්න. සමහර විට ඔබට මෙය ආත්මාත්තකාමී වීමක් වගේ හැගෙන්නත් පුළුවන්. ඒත් අනෙක් අයට උදව් කරන්න කලින් ඔයා සාර්ථක වෙන්න ඕන බව මතක තියා ගන්න.
  2. මාසයකට නව දැනුම ඇති පොත් 2 ක් වත් කියවන්න පුරුදු වන්න. හැමදාම ජීවිතයට අළුත් දෙයක් ඉගෙන ගැනීමට යුහුසුළු වන්න. මේ සඳහා ඔබට අන්තර්ජාලය වුවත් භාවිතා කළ හැකියි. හැබැයි තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට අඳාළ වන දැනුම ලබා ගැනීමට උනන්දු වන්න. විවේක වෙලාවක් ලද විලස කියවීමට බලාපොරොත්තුවෙන් ඔබ යන එන සෑම තැනම පොතක් ගෙනියන්න අමතක කරන්න එපා.

  1. ඔබගේ ජීවන රටාවට ගැලපෙන සරල ඇදුම් විලාසිතාවක් පවත්වා ගන්න. ලොව සාර්ථක මිනිසුන් විලාසිතා සඳහා තම කාලය විඩංගු කරන්නේ නැහැ. විවිධ වර්ගයේ ඇදුම් විලාසිතා තබා ගන්නේ නැතිව, එකම ආකාරයේ ඔබට ගැලපෙන ඉතා සරල ඇදුම් කට්ටල කිහිපයක් තබා ගන්න.

  1. ඔබ මිලදී ගන්නා දෙවල් පිළිබඳ සැලකිලිමත් වන්න. ඔබට ඕන හැමදේම මිලදී ගන්න එපා. අවශ්‍ය දෑ පමණක් මිලදී ගැනීමට තීරනය කර මුදල් ඇතත් මිලදී නොගෙන සති 2 ක් වත් මිලදී නොගෙන හිද බලන්න, ඒ වන විටත් මිලදී ගැනීමට අවශ්‍ය යැයි හැගුන හොත් අනිවාර්යෙන්ම මිලදී ගන්න. මතක තියා ගන්න, ඕන දේවල් කියන්නේ අපිට දැනට නැතත් පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් දෙවල්. අවශ්‍ය දෙවල් කියන්නේ ඔබට නැතිවම බැරි දෙවල්. තවත් දෙයක් ඕනෑම දෙයක් මිලදී ගැනීමට ප්‍රතම ඔබ මිලදී ගනු ලබන්නේ වත්කමක් ද, නැතිනම් බැරකමක් ද කියන එක ගැනත් සැළකිලි මත් වෙන්න ඕන. වත්කම් කියන්නේ ඔබ වෙනුවෙන් මුදල් උපයන දේවල් වන අතර බැරකම් කියන්නේ ඔබ ලග තියන නමුත් ඔබගේ මුදල් වියදම් වන දේවල් වලට. මේ පිලිබඳ වැඩිදුර ඉගෙන ගන්න කැමති නම් මගේ YouTube වැනල් එකේ තියන රොබට් කියෝසාකිගේ මුදල් ගලායාම් රටා විඩියෝ පාඩම බලන්න අමතක කරන්න එපා.

  1. අවසාන වශයෙන් මතක තබා ගත යුතු දේ තමයි මේ පුරුදු නොනවත්වා ඉදිරියට කර ගෙන යාම සහ අළුතෙන් ඔබට හමුවන මෙවැනි හොඳ පුරුදු ඔබගේ ජීවිතයට ඇතුළු කර ගැනීමත්, ඔබගේ ජීවිතය ඝෘණාත්මක කරන පුරුදු ජීවිතයෙන් ඉවත් කර ගන්න එක. ඒ වාගෙම ඔබ ජීවිතයේ ඉගෙන ගන්න මෙවැනි හොඳ පුරුදු අනෙක් අය සමඟ බෙදා හදා ගන්නතත් අමතක කරන්න එපා.
ඉහත මා සඳහන් කළ කිසිවක් මාගේ පුද්ගිලික මතයන් නොවන බවත්, විද්‍යාත්මකව ප්‍රත්‍යයක්ෂ කරන ලද තොරතුරු බවත් සඳහන් කරනු කැමැත්තෙමි.
ඔබට මගේ සුභ පැතුම්.

Related Posts