-->

හැඳුනුම්පතක් ලබාගන්නා ආකාරය


1. උප්පැන්න සහතිකේ මුල් පිටපත.

මුල් පිටපත කියන්නේ උප්පැන්න සහතිකයේ වම් පැත්තේ උඩ "නොමිලේ නිකුත් කරන ලදී" කියලා ගහලා තියෙන එකවත්, "මුද්දරේ අලවලා" තියෙන එකවත්, "වෛද්‍ය රෙජිස්ට්‍රාර්" අත්සන් කරපු එකවත් නෙවෙයි.

"දිස්ත්‍රික් අතිරේක රෙජිස්ට්‍රාර්" විසින් අත්සන් කරපු "ස්කෑන් පිටපත".

වෛද්‍ය රෙජිස්ට්‍රාර් අත්සන් කරපු එක ඉදිරිපත් කරන්නත් පුළුවන්. හැබැයි ඒක දෙන්න එපා. මොකද අපේ උප්පැන්න සහතිකයේ මුල්ම පිටපත ඒක නිසා. ඒකේ එම්බෝස් සීල් එකක්  තියෙන නිසා ඡායා පිටපතක් ගත්තට වලංගු නෑ. ඒක දෙනව නම් මුල් පිටපත දෙන්න වෙනවා.

උප්පැන්න සහතිකයේ අංකය දීලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැං ඕන තරං ස්කෑන් පිටපත් ගන්න පුළුවන් නිසා එහෙම එකක් අරං දෙන්න. හැබැයි එක පිටපතකට රු. 100.00 අය කරනවා.

2. පු.ලි.දෙ ලියාපදිංචි ස්ටුඩියෝ එකකින් ICAO ප්‍රමිතියට අනුව ඡායාරූප.

දැං ඉස්සර වගේ ෆොටෝ අතට දෙන්නේ නෑ. ඡායාරූපය  සහ ක්ෂණික ප්‍රතිචාර කෝඩ් එකක් (QR Code) මුද්‍රණය කරපු රිසිට් පතක් පමනයි අපිට දෙන්නේ. ඡායාරූපයේ මෘදු පිටපත කෙලින්ම යවනවා දෙපාර්තමේන්තුවට. (ඔව් පාස්පෝට් එකට වගේ තමයි). මතක ඇතුව අර රිසිට් එකේ ස්ටුඩියෝ එකෙන් අත්සන් කරවා ගන්න.

3. පරණ හැඳුනුම්පත නැති වෙලා නං පොලිසියේ පැමිණිල්ලක් දාලා ඒ පිටපත.

4. පරණ හැඳුනුම්පත නැති වෙලා නං ඔබ එම අංකය යටතේ හැඳුනුම්පතක් භාවිතා කල බවට ලිඛිත සාක්ෂියක්. දැනට තියෙන හැඳුනුම්පතක්  සංශෝධනයට නම් එම හැඳුනුම්පත.

(පරණ හැඳුනුම්පතේ ඡායා පිටපතක්/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්/ හැඳුනුම්පත් අංකය සහිත බැංකු පොතක ඡායා පිටපතක් වගේ ඒවයින් මොකක් හරි එකක්.)

5. ඔය ටික අරගෙන යන්න ඕන අදාල ග්‍රාම නිලධාරී ලඟට.

6. ඉල්ලුම් කරන හැඳුනුම්පතට අදාලව ගාස්තුව ග්‍රාම නිලධාරී වෙත ගෙවීම.

ඉස්සර මුද්දර අලවන්න තිබුනට දැං ගාස්තුවක් ගෙවන්න ඕන.
- නව හැඳුනුම්පතක් නම් රු. 100.00
- හැඳුනුම්පතක් සංශෝධනය නම් රු. 250.00
- නැති වූ හැඳුනුම්පතක් නම් රු. 500.00

7. අදාල අයදුම්පත්‍රය ගාම නිලධාරීගෙන් ලබාගෙන පිරවීම.

ඇතැම් ග්‍රාම නිලධාරීන් විසින් අයදුම්පත්‍ර ඔවුන්ම පුරවනවා.

8. සාමාන්‍ය සේවය මඟින් ලබාගන්නේ නම් අදාල ලේකන ග්‍රාම නිලධාරී වෙත බාරදීම.

9. එක්දින සේවය මඟින් ලබාගන්නේ නම් අයදුම්පත්‍රය ග්‍රාම නිලධාරීගෙන් සහතික කරගෙන  අනෙකුත් ලේකන සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශය වෙත් රැගෙන යාම.

10. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කරන ලද ලේකන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් බාරදීම.

එක්දින සේවය සඳහා පු.ලි.දෙ එකෙන් අයදුම්පත්‍ර භාරගන්නෙ දවල් 12.00 වෙනකන් විතරක් නිසා ඊට කලින් යන්න. පුළුවන් තරම් උදෙන් යන්න පුලුවන් නම් කලින් එන්න පුලුවන්. ඒ වගේම අදාල වාර්තා ප්‍රා.ලේ. එකෙන් අත්සන් කරලා දුන්න දවසේ ඉඳලා දවස් තුනක් ඇතුලත යන්න.

අනිත් එක තමයි හැඳුනුම්පත ලබාගන්න තමා විසින්ම යන්න ඕන. එහෙම බැරි නම් තමංගේ පවුලේ කෙනෙකුට බලය පවරලා දෙන ලිපියක් සමඟ ගිහිං ගන්න පුළුවන්. බලය පැවරීමේ ලිපිය ගන්නත් ඕන ග්‍රාම නිලධාරීගෙන්.

- ස්තූතියි..

උපුටා ගැනීමකි

Share Please

Related Posts