-->

Android වලට සිංහල දාන හැටි


මොකද්ද මේ රූට් කරනවා කියන්නේ ? මගේ ෆෝන් එකේ සිංහල අකුරු පේන්නේ නෑනේ .
ඒක හදා ගන්නේ කොහොමද ?

දාස් ගනං දීල ෆෝන් ගන්න අපේ අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ මව් භාෂාවෙන් තියෙන ලිපියක් බලාගන්න බැරිකම.


අද මම කියලා දෙන්න හදන්නේ Android KitKat මෙහෙයුම් පද්ධතිය හෝ Android LoliPop මෙහෙයුම් පද්ධතිය දුවන ෆෝන් වලට සිංහල දා ගන්න හැටි ගැන.

මේකට අපිට ෆෝන් එක රූට් කරගන්න වෙනවා.

මොකද්ද මේ රූට් කරනවා කියන්නේ ?
________________________________________
රූට් කරනවා කියන්නේ ඇත්තටම කඩෙන් ගත්තු බඩුවක පැකින් කඩනවා වගේ වැඩක් තමා.
ඒ කියන්නේ අපේ ජංගමේ තියෙනවා මෙහෙයුම් පද්ධතියක්. හරියටම Computer එකේ Windows තියෙනවා වගේ. අපි වින්ඩෝස් දාන්නේ සාමාන්‍යෙයන් C පාටිශන් එකටනේ. ඒ වගේ ෆෝන් වලත් System එක දාලා තියෙන වෙනම කොටසක් තියෙනවා. වෙනසකට තියෙන්නේ මේ කොටසේ වෙනස්කම් කරන්න අපිට අවසර නෑ. ජංගම දුරකථන සමාගමෙන් දුරකථනයට වගකියන නිසා ඒ කොටස වෙනස්කම් කරන්න අපිට ඉඩ දෙන්නේ නෑ. system එකේ වෙනස් කම් කලොත් ඒ අය වගකීමෙන් බැහැර වෙනවා.

ඒ නිසා මුලින්ම කියන්න ඕනි රූට් කලාම වොරන්ටි එක කැන්සල් වෙන්න ඉඩ තියෙනවා (ඒක සමාගම් අනුව වෙනස් වෙන්න පුළුවන්). මොකද රූට් කලාම වෙන්නේ අපිට මෙහෙයුම් පද්ධිතිය එහෙම නැත්නම් System Partition එකේ වෙනස්කම් කරන්න අලුතින් ෆයිල් එකතු කරන්න අවශ්‍ය අවසර ලබාදෙන එක. මෙහෙයුම් පද්ධතිය වෙනස් කරනවා කියන්නේ ෆෝන් එකට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් සමාගම් වලින් රූට් කලාට පස්සේ වගකියන්නේ නෑ. ඒත් සමහර සමාගම් අන් රූට් (unroot) කලාම ඒ කියන්නේ ඒ අවසරය අයින් කලාම වොරන්ටි එක දෙනවා. අන්රූට් කරන හැටි පසුවට කියන්නම්.

දැන් අපිට ඕනි කරන්නේ සිංහල දා ගන්න එකනේ. ඇත්තටම අපිට හරියට සිංහල පේන්නේ නැත්තේ මෙහෙයුම් පද්ධතියේ සිංහල ෆොන්ට් අඩංගු නැති නිසායි. පරිගණක වල පහසුවෙන් ෆොන්ට් දාගන්න පුළුවන් උනත් ජංගම දුරකථන වල එහෙම බෑ. මොකද දුරකථන සමාගම් මෙහෙයුම් පද්ධතියටත් වගකියන නිසා (Software Warranty).

ඒ නමුත් අපිට සිංහල ෆොන්ට් එක දා ගන්න ඕනිනේ. ඒ නිසා ඒ රිස්ක් එක අරන් අපි සිංහල දා ගන්නවා.

ඒකට මුලින්ම රූට් කරලා ඉන්න ඕනි. මම පියවර වශයෙන් කියලා දෙන්නම්.
________________________________________

  • රූට් කරන විවිධ ක්‍රම තියෙනවා. 
  • App එකක් ඉන්ස්ටෝල් කිරීමෙන්
  • Custom Firmware install කිරීමෙන්
  • Custom ROM install කිරීමෙන්
  • CWM, TWRP රිකවරි Install කිරීමෙන්
  • ADB shell මගින්


මේවායේ ගොඩක් ක්‍රම කෙනෙකුට එකපාරට අවබෝධ කරගන්න ටිකක් අපහසු ක්‍රම. ඒත් උනන්දුවක් තියෙන ඕනි කෙනෙකුට ගූගල් කරලා පහසුවෙන් කරගන්න පුළුවන්.
ඒ වගේම මීට අමතරව මෑතක් වෙනකල් සෝනි ෆෝන් Boot Loader Unlock නොකර රූට් කරන්න හැකියාවක් තිබුණේ නෑ. නමුත් මේ ක්‍රමයට BL Unlock නොකරම රූට් කරගන්න පුළුවන්

මම අද කියල දෙන්න යන්නේ ඇප් එකක් ඉන්ස්ටෝල් කරලා පහසුවෙන් රූට් කරගෙන සිංහල දාගන්න හැටි.
______________________________________________________________________

  • මුලින්ම මේ ෆයිල් එක (King Root) ඩවුන්ලෝඩ් කරගන්න

ඊට පස්සේ ඒකෙ තියෙන Zip File එක Extract කරගෙන phone එකට දාගන්න


  • දැන් කිට්කැට් KitKat කට්ටිය මේ ෆොන්ට් ෆයිල් එකත් -KitKat Font
  • ලොලි පොප් LoliPop කට්ටිය මේ ෆොන්ට් ෆයිල් 2ත් - LoliPop Fonts

phone එකට දාගන්න. (SD Card එකට දා ගන්න පුළුවන් නම් වඩාත් හොදයි)


  • ඉන් පස්සේ phone එක PC එකෙන් ගලවලා ES File Explorer File Manager එක ඉන්ස්ටෝල් කරගන්න.
______________________________________________________________________

දැන් අපි වැඩේට බහිමු.



මුලින්ම රූට් කරන වැඩේ පටන් ගමු. Extrat කරලා SD කාඩ් එකට දා ගත්තු KingRoot-4.1.0.apk ෆයිල් එක ඉන්ස්ටෝල් කර ගන්න.






ඉන් පස්සේ King Root එක රන් කරන්න (Open)

එතන එන වින්ඩෝ එකෙන් රූට් කරන්න දෙන්න. සමහරවිට එක වතාවක් ෆේල් වෙන්න පුළුවන්. phone එක restart කරලා ආපහු උත්සාහ කරන්න. බොහෝදුරට මේක වැඩකරනවා ගොඩක් ෆෝන් වලට.
රූට් උනාට පස්සේ ආයෙ රිස්ටාට් වේවි සමහරවිට. ඉන්පස්සේ King User කියල ඇප් එකක් ඉන්ස්ටෝල් වෙලා තියේවි.

දැන් තමා අපිට සිංහල දාන වැඩේ තියෙන්නේ. මුලින් කිව්වේ ES File Explorer File Manager එක ඉන්ස්ටෝල් කරගන්න කියලා. දැන් ඒක ඕපන් කරන්න

දැන් KitKat අයත් ලොලිපොප් අයත් මම දීපු ෆයිල් කොපි කරගන්න.
කොපි කරගෙන වම් පැත්තේ උඩම තියෙන මේ බටන් එක ඔබලා

ලැබෙන මෙන්න මේ මෙනු එකෙන් Local > /Device > Fonts කියන පාත් එකට යන්න.
    

ඉන්පස්සේ ආයෙත් මේ මෙනු එකෙන් පහලට ගිහින්
Tools > Root Explorer > Mount R/W ගිහින්

හැම එකකටම RW ටික් එක දෙන්න මම ඔය දාලා තියෙන විදියටම.
ඉන්පස්සේ එන වින්ඩෝ එක Allow දෙන්න.



දැන් රූට් ඇක්සස් හෙවත් රූට් අවසරය තියෙනවා වෙනස්කම් වලට.
දැන් අර කොපි කරගත්තු ෆයිල් එක හෝ කිහිපය Font Folder එකට පේස්ට් කරන්න.

LoliPop අයට නම් එපමණයි.

ඒත් KitKat අයට තව පොඩි වැඩක් කරන්න තියෙනවා.

 මෙනු එකට ගිහින්  Local > /Device > Etc කියන පාත් එකට යන්න.
fallback_fonts.xml කියල ෆයිල් එකක් ඇති.
මුලින්ම ඒක බැකප් එකක් SD Card එකට කොපි කරගෙන වැඩේට බහින්න

දැන් ES Note Editor එකෙන් fallback_fonts.xml ෆයිල් එක ඕපන් කරගෙන  එඩිට් කරන්න පටන් ගන්න


 

<family>
        <fileset>
            <file>DroidSansFallback.ttf</file>
        </fileset>
    </family>
    <family>

කියන තැන හොයාගන්න
එතන <family> කියන තැනට උඩින් මම පහල දාලා තියෙන ටික ඒ විදියටම ටයිප් කරන්න




 </family>
    <family>
        <fileset>
            <file>iskolapotha.ttf</file>
        </fileset>
    </family>

ටයිප් කරලා Save කරලා Exit වෙන්න.
ඊට පස්සේ Phone Restart කරලා බලන්න. සිංහල Install වෙලා තියේවි.
___________________________________________________________________

ICS හෝ Jelly Bean තියෙන අයට පුළුවන් iskolapotha.ttf File එක > DroidSansFallback.ttf විදියට rename කරල අර Font Folder එකට Replace කරන්න. ඒ ගැන ගොඩක් ලිපි තියෙන නිසා ඒ ගැන කියන්න මම ඒ තරම් කාලයක් ගන්නේ නෑ.
නමුත් උත්සාහ කරලා බලන්න. ගැටළුවක් උනොත් කමෙන්ට් කරන්න.
___________________________________________________________________
සැ.යු.

සිංහල අවශ්‍ය වෙන්නේ ෆේස්බුක් වලට විතරක් නම් රූට් කරන්න යන්න එපා. Facebook Lite පාවිච්චි කරන්න.
සිංහල අවශ්‍ය වෙන්නේ Web Browsing වලට විතරක් නම් Firefox Browser for Android දාගෙන Sinhala fonts package ඇඩෝන් එක දා ගන්න.


ලිව්වේ - දර්ශන විමුක්ති

Share Please

Related Posts