-->

ඩ්‍රයිවින් ලයිසන් හෙවත් රියදුරු බලපත්‍රයක් ගන්නේ කොහොමද ?



(මෙය 2015දි  ක්‍රියාත්මක වු ආකාරය පෙන්වන ලිපියකි )



  ලංකාවේ ඉස්සර නම් ලයිසන් එකක් ගන්නව කියන්නේ මරනවා වගේ වැඩක්..
දවස් ගාණක් රස්තියාදු වෙන්න ඕනි.. ඊට හපන් පගාව..

මේ සේරම නිසා මටත් ඩ්‍රයිවින් ලයිසන් ගන්න එපා වෙලා හිටියේ..
ඒත් කොහොමහරි ලයිසන් එකක් ගන්න එපැයි.. ඒ නිසා මම පියවරින් පියවර කරන විදිය හොයාගත්තා වටින් ගොඩින්.. සමහර කාරණා වැරදි.. මම දැන් කියන්නේ මගේ අත්දැකීම් අනුව..

මම ලයිසන් එක ගත්තේ මේ අවුරුද්දේ (2014) මුල.. මේ කාරණා කාලය අනුව වෙනස් වෙන්න පුළුවන්..


කට්ට කන්නේ නැතුව ලයිසන් එක ගන්න විදිය මම පියවරෙන් පියවර කියන්නම්..
කවදාහරි ගූගල් කරල බලන කෙනෙක්ටත් ප්‍රෙයා්ජනවත් වේවි..


1. මුලින්ම යන්න නුගේගොඩ තියෙන ප්‍රවාහන වෛද්‍ය කාර්යාලයට..  උදේම 9 වෙද්දි යන තරමට හොදයි.

එතනින් ගන්න වෛද්‍ය සහතිකයක්.. කාලය පැය 2යි.. මිල 750යි..

මෙතන තියෙනවා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රෙය් එයාලගේ තොරතුරු

මේ එයාලගේ වෙබ් අඩවිය - http://www.ntmitransmed.org/

මේ එතනට යන විදිය අහසින්
බස් එකේ යනව නම් හරියටම නුගේගොඩ හයිලෙවල් පාර ගුවන් පාලම ගාව බැහැල පොඩ්ඩක් මහරගම පැත්තට ගියා නම් හරි



එතනට ගිහින් කියන්න ලයිසන් ගන්න වෛද්‍ය සහතිකයක් ගන්න ඕනි කියලා. එතකොට යොමු කරයි උස-බර කිරන තැනට. එතනින් දෙනවා ඔයාට පොඩි කාඩ් එකක්.. ඒක අරන් ඇප්ලිකේශන් එක ගන්න යන්න පෝලිමට. එතනට ID එක දීලා ඔයාගේ විස්තර හරියට කියන්න. එයාලා ඒක Fill කරල Print කරලම දෙයි. මතක ඇතුව හරියටම විස්තර තියෙනවද බලන්න. ඔයාගේ විස්තර වැරදි නම් ඒක කලින්ම කියන්න.
මොකද වැරදීම් වෙන්න පුළුවන්නේ.
ඊට පස්සේ යන්න මුදල් කවුන්ටරයට එතනට මුදල් ගෙවලා (750 LKR) රිසිට් එක අරන් එතනම එහා පැත්තේ photo studio එකට යන්න. ඒක එතනමයි තියෙන්නේ. ඒකට මුදල් ගෙවන්න ඕනි නෑ. 750 ගෙවන්නේ ඒකටත් එක්කමයි.

ගිහින් photo එක ගැහුවට පස්සේ print එක දෙන්න විනාඩි කීපයක් යනවා.. එතකල් උඩ තට්ටුවට ගිහින් ලියාපදිංචි කරගන්න ඒව කරගන්න පෝලිමට වාඩි වෙලා ඉන්න..

ලේ චෙක් කරල (Blood Test) ඉවර වෙද්දි වගේ photo එක ගන්න පුළුවන්. පෝලිමේ ඉද්දි ඕනි නම් ආපහු පහලට ගිහින් බලන්න photo එක හරිද කියලා.. ඉන් පස්සේ ඔයාලව කොටස් වලට බෙදලා වෛද්‍යවරයෙක් පරීක්ෂා කරනවා. ඇස් පරීක්ෂාවක් වගේ දේවල්..

ඒවා ඉවර උනාට පස්සේ එලියෙන් වාඩි වෙලා ඉන්න තියෙන්නේ..

ඒවායින් සමත් උනාම ඔයාගේ නම කියයි. ඒ දෙන කොලේ (Medical Report / වෛද්‍ය සහතිකය) අරන් යන්න ඕනි තැන මම ඊලගට කියන්නම්.

2. ඊට පස්සේ යන්න වේරහැර ට.. එතනින් ලියාපදිංචි වෙන්න.. මිල උපරිම 2750යි (වාහන වර්ග අනුව වෙනස්) කාලය උපරිම පැය 3යි

මෙතන තියෙනවා එයාලගේ තොරතුරු වෙබ් අඩවිය

මේ එතනට යන විදිය අහසින්
බස් එකේ යනවා නම් කොහුවල හන්දියට ඇවිත් 120 (පිලියන්දල හෝ කැස්බෑව ) බස් එකක නගින්න. නැගලා RMV එක ගාවින් බස්සන්න කියන්න.



RMV එකට ගියාම එක එක අය උදව් කරන්න ඉදිරිපත් වෙයි.. ඒ එන්නේ පොකට් එකට කෙලින්න.

ඒවා ගැන මුකුත් නොබලා යන්න ප්‍රධාන ගේට්ටුවෙන් එතන ආරක්ෂකයෙක් අහයි මොකටද කියල එතකොට කාරණේ කියල යන්න පාර දිගේ එයාලා හෝල් එකක නම්බරයක් කියයි.

ඒ හෝල් එකට යන්නත් ආරක්ෂක කුටියක් පහු කරල යන්න ඕනි. (මට මතක විදියට H hall එක ) එතනට ගිහින් ලියාපදිංචි වෙන්න.
සේරම බබාට වගේ කියන්න ඕනිත් නෑනේ 18ට වැඩිනේ :p .
ඒත් ඉතිං කියන්නම්.. මුලින්ම නම ගම විස්තර අහල ඔයාගේ ID එකයි අර Medical Report එකයි අරන් ඔයාට Application එක Fill කරලම දෙයි.. ආ තව එතන තියෙන කැමරාවකින් ඔයා වාඩි වෙලා ඉද්දිම photo එකක් ගනියි.. (ඒ නිසා ලස්සනට ඇදල එහෙම යන්න :p )
ආ තව ඇගිලි සලකුණක් එහෙමත් ගනියි..
ඉන්පස්සේ ඔයාට දෙන Print කරපු Application එක හොදට චෙක් කරන්න. නම එහෙම වැරදි නම් නම හරිගස්සල ලියන්න වෙනම කොටුවක් ඇති. එතන පෑනෙන් ලියන්න.

ඉන්පස්සේ තව කවුන්ටරයකින් ඔයාව Interview කරනවා.. එතනදි ඔයා ලයිසන් ගන්න ඕනි වාහන වර්ග අහනවා. සියල්ලම ඕනි නම් සියල්ලම කියන්න.
බයික්, ත්‍රීවීල් වෙන වෙනම සහ කාර්, වෑන් ආදිය එකට තමා ලයිසන් දෙන්නේ..
වර්ග 3ම ගන්නව නම් පහසුයි ඉතින්..
හැබැයි Auto Gear නොදා ඉන්නව නම් හොදයි. මොකද Auto Gear දැම්මොත් මැනුවල් වාහන පදින්න බෑ.. මැනුවල් දාලා Auto Gear පදින්න පුළුවන්.. (බර වාහන නම් දෙන් නෑ එකපාරම :p )

ඉන්පස්සේ තමා සල්ලි බදින්න තියෙන්නේ..
සල්ලි දුන්නම විභාගයට දිනයක් දෙනවා. එතනදි තෝරගැනීමක් කරන්න අවස්ථාවත් තියෙනවා.
මාසෙකට පස්සේ දිනයක් තමා ගොඩක් වෙලාවට ලැබෙන්නේ
දිනයත් අරගෙන ඒ ඩොකියුමන්ට් ටිකත් අරගෙන එලියට බහින්න කලින් ගේට්ටුව ගාව ඇති වාහන සඥ්ඥා . වාහන පැදවීමේ නීති රීති ගැන පොතක්. එයින් පොතක් ගන්න. විභාගෙට එන සේරම ඒකෙ ලියල තියෙනවා.. එන්න පුළුවන් දේවල් ඒ අයට කිව්වම මාක් කරලත් දෙනවා.
තමාගේ හොදට, දැනුමට මුළු පොතම කියවනව නම් හොදයි. පාස් පේපර් ටිකකුත් බැලුව නම් තවත් හොදයි.

මං දෙන්නම් පේපර්ස් 5ක්.. මටත් මේක ලැබුණේ කාගෙන්ද කියල මතක නෑ .
ඔය 5 තමයි ගොඩක් වෙලාවට වෙනස් කර කර දෙන්නේ. ඔයිට එහා අහන්න දේවලුත් නෑනේ..
හැබැයි දැන් පේපර්ස් වෙනස් වෙලාද කියන්න දන්නෙ නෑ..

කැමති කට්ටිය මෙතනින් - MediaFire  බාගන්නකෝ එහෙනම්.. (Link dead වෙලා තිබ්බොත් comment එකක් දාන්න)
3. විභාගේ දවසේ බය නැතුව යන්න සූදානමින්..

විභාගේ ඉවර උනාම පැයක් ඇතුලත ප්‍රථිපල ලැබෙනවා.. අර අරන් ගිය කොලේම ආපහු ඒ විදියටම ලැබුණොත් පාස්. කොලේ වැහෙන්න රතු පාටින් මාක් කරල දුන්නොත් ෆේල් (දැන් ඉස්සර වගේ ලකුණු දෙන්නේ නෑ)

කොහොමත් ගොඩක් අය අනිවා පාස් වෙනව.. ෆේල් වෙන්නේ බොහොම අඩු ප්‍රතිශතයක් තමා. ෆේල් උනොත් ආපහු කරන්න පුළුවන් අර විදියටම සල්ලි බැදලා..

කොලේ ඒ විදියටම ලැබුණොත් යන්න විභාග ශාලාවට එහා පැත්තේ කවුන්ටරයට.. එතනින් ඔයාගේ පේපර්ස් ලියකියවිලි පරීක්ෂා කරලා ට්‍රයල් එකට දිනයක් දෙයි. එතනදිත් තෝරගැනීමක් කරන්න අවස්ථාව තියෙනවා..

4.  ට්‍රයල් තියෙන්නේ මාස 3කට පස්සේ තමයි.. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ

 ඒ කාලය ඇතුලත පුරුදු වෙන්න..
තනියම හෝ ලර්නර්ස් එකකින්..
මිල උපරිම 12000යි.. පුරුදු කරන්න සහ ට්‍රයල් දවසේ වාහන ගාස්තු විතරක් (එක එක අය අනුව වෙනස් . මට ගියේ 9000යි)

* සමහරු ගාව තියෙනවා පැකේජස් පුරුදු කරන්න + ට්‍රයල් දවසේ වාහන ගාස්තු + පගාව .

තනියම පුරුදු වෙනවා නම් මිලක් යන්නේ වාහනේටයි තෙල් වලටයි තමා..
ඒ පුරුදු වෙන කාලෙදි විනයගරුකව ඉවසීමෙන් වාහනය පදවන්න. ලර්නර්ස් ගොඩක් ඒවයේ පලු යන්න බනිනවා. ඒවටත් සූදානම් වෙලාම ඕනි යන්න..

5. දැන් ට්‍රයල් එක දවස... එදාට උදේ හෝ හවස තමා ඔයාට ට්‍රයල් තියෙන්නේ..
එදාට පැයකටවත් කලින් එතනට යන්න..
යන්න කලින් වාහන සූදානම් ද කියන එක හොයල බලන්න. කාරණා 3ක් තියෙනවා

* ලර්නර්ස් හරහා යනවා නම් එයාලා වාහන දෙනවා සහ සේරම ගණුදෙන කරල දෙනවා ට්‍රයල් දවසේ මතක ඇතුව තමන් පදින වාහන වල අංක ආදී විස්තර ඉල්ලගන්න
* තනියම පුරුදු වෙන කෙනෙකුට උනත් ලර්නර්ස් එකක් හරහා වාහන ගන්න පුළුවන් එදාට. එදා උදේ ගියත් වාහනයක් ගන්න පුළුවන්
* තනියම පුරුදු වෙන ගෙදරින් වාහනයක් ගෙනත් ට්‍රයල් පෙන්වන අයට නම් එතන වෙනම ලියාපදිංචියක් කරන්න වෙනවා.. සහ රුපියල 2000ක් පමණ (මතක විදියට) ගෙවලා රක්ෂණ ආවරණයකුත් ගන්න වෙනවා.. එහෙම තමා ඉතිං නීති. මොනවා කරන්නද.


6. ඊලග කාරණේ තමයි පගාව.. පගාව කියන එක අපේ මිනිස්සු පුරුද්දක් කරගෙන. එලිපිට නොකිව්වට පගාව නොදී පාස් උනත් ෆේල් කරන තත්වයක් තමා දැන් තියෙන්නේ.. ඔතනින් 5%ක් වත් පගාව නොගන්න මිනිස්සු නැතුව ඇති. ඒ නිසා පගාව දෙන එකත් ක්‍රම 2ක් තියෙනවා

* පුරුදු වෙන ලර්නර්ස් එක හරහා
* වාහන ලබාදෙන ලර්නර්ස් එක හරහා
* තමන්ගේ වාහනේ ට්‍රයල් දාන අය නම් කොහොම දෙනවද දන්නෙ නෑ. කෙලින්ම ගන්නෙ නම් නෑ කියල දන්නවා..

පගාව නොදී කරගන්නු පුළුවන්ද කියල නම් මම හරියට දන්නෙ නෑ..
දන්න විදියට 2000 ඉදල 3000 දක්වා පගාව ගන්නවා.
අනිවා ඕක ලර්නර්ස් එකේ එකාගේ ඉදලා ඇතුලෙ හැම එකෙක්ටම බෙදිලා යනවා ඇති.
සමහර ලර්නර්ස්ලා නම් පගාව ගැන ඔයාලට කියන්නෙම නෑ.. ඒත් පුරුදු කරන එකට ඒ ගාන ඇතුලත් කරනවා. හොරෙන්ම.

7. කොහොමහරි දැන් ට්‍රයල් දවසේ පැයකට කලින් ඇවිත් අර කිව්ව විදියට වාහන වල අංක ආදී විස්තර ලිපිගොනු සේරම එක්ක අර එදා දින දා ගත්තු තැනටම යන්න. එතනට එහා කවුන්ටරේ ට ඔය විස්තර දීලා ඊට පස්සේ ඔයාලා යන්න ඕනි ඔයාලව බලන Examinar ව හම්බ වෙන්න. එතනදි එයා ඔයාව Interview කරනවා. සමහරු නම් කරන්නෙ නෑ. පොඩි පොඩි ප්‍රශ්න අහනවා..
ඊට පස්සේ ට්‍රයල් එක.. මුලින්ම තියෙන්නේ මතක විදියට රිවර්ස් කරන එක.
ගොඩක් වෙලාවට RMV එක ඇතුලෙම තමයි ඒක කරන්න තියෙන්නේ.. ලර්නර්ස්  එකේ මනුස්සයා හරවන්න පවා කියනවා. ඉතින් ඒ හැටි ඒක අමාරුවක් නෑ.. බය නොවී හරියට කර ගන්න..
ඊට පස්සේ බයිසිකල් අට ගහන එක. ඒකත් හරියට කර ගන්න..
ඊට පස්සේ තමා වාහන අරන් පාරට බහින්නේ.. Examinar එක වාහනයක නගිනවා ඉතුරු පිරිස ලර්නර්ස් වල අය පදින අයත් දාගෙන මාරුවෙන් මාරුවට එක්කෙනා එක්කෙනා අරන් ට්‍රයල් දෙනවා.. ඒකෙදි හරියටම කරන්න.
පොඩ්ඩක්වත් බය වෙන්නෙපා.. බය උනොත් කර ගන්න බැරි වෙයි..

8. පාස් නම් එතනදිම පාස් කියල කොලයක් දෙනවා.. සතියත් සති 2ත් ඇතුලත ගෙදරට ලයිසන් එක ලැබේවි. ෆේල් නම් ආපහු අර විදියටම සල්ලි ගෙවල ට්‍රයල් එක පෙන්වන්න ඕනි..
ඕන නම් පාස් උන දවසෙම අර දීපු කොලේ දීලා වැඩිපුර 500 LKR ගෙවල එදාම ලයිසන් එක අරන් යන්නත් පුළුවන්..


ප.ලි.

ප්‍රධානම දේ කාටවත් හානියක් නැතුව පාරේ යන්න.. කොයි විදියෙන් ලයිසන් ගත්තත් ඉවසීම තියාගෙන පාරේ යනව නම් වටිනවා.. වැඩියෙන්ම මාර්ග අනතුරු, ට්‍රැෆික් ඇති වෙන්නේ මිනිස්සුන්ගේ ඉවසීම නැතිකමයි නොසැලකිල්ලයි නිසා..


* මෙතන නීතිවිරෝධී කාරණා දෙකක් තියෙනවා
1. පගාව
2. පාස්පේපර් සෙට් එක..

පගාව නම් ඉතින් බොරු ඕනි නෑ මමත් දුන්නු නිසා ඕනෑම වෙලාවක අවශ්‍ය තොරතුරු දෙන්න පුළුවන්
ප්‍රශ්න පත්තර නම් මට මතක විදියට මම නෙට් එකෙන්ම සර්ච් කරල හොයාගත්තු එකක්.. වැඩේ වැරදි තමා. ඒත් ඕනතරම් ලර්නර්ස් වලින් මේව දෙනවා, ඒ නිසා එච්චරම හිතන්න එපා :p :v

එහෙනම් අපි ගියාවේ...
ජය වේවා
Share Now

Related Posts