-->

මොනවද මේ Sync කියන්නෙ ?







  අපි තැනකින් තැනකට යද්දී අන්තර්ජාලයට ලොග් වීමේදී අපට අත්‍යවශ්‍ය දත්ත ගෙනයාමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්
කාර්යාල පරිගණකයේ Browser එකේ save කල Boookmark එකක් , password එකක්, හෝ Hisotry ආදී සියළු දත්ත ගෙදර පරිගණකයේ නැතිවීම නිසා ටිකක් අපහසු තත්වයක් තියෙනව නේද ?

මේ කියල දෙන්න යන ක්‍රමයෙන් google Chrome web Browser එක භාවිතයෙන් මේ සියල්ල පොදුවේ තියාගන්න පුළුවන්
ඒ කියන්නෙ අපි කාර්යාලයෙ දී bookmark කල එව එහෙමත් නැත්නම් ලොග් උන sites වලට ගෙදර ඇවිත් පහසුවෙන් ඇතුල් වෙන්න පුළුවන් අපූරු ක්‍රමයක්..

තව තවත් පැහැදිලි වේවි කරගෙන යද්දි ඔබේ කටයුතු මින් කොතරම් පහසුද කියා.

මුලින්ම google Chrome Browser Download  කර ගන්න
(Firefox වල වෙනත් පියවර කීපයක් පවතී)
Chrome වලදී මේ සදහා අපේ google Account එකම යොදාගන්න පුළුවන්..
දැන් බලමු කරන ආකාරය
  Chrome Browser එක Open කරගන්න
දකුණු පස උඩ ඇති Settings Icon එක Click කරන්න.



එහි ඇති Options යන්න තෝරන්න
දැන් ලැබෙන වින්ඩෝවෙන්




Personal Stuff යන්න තෝරන්න




මෙහි Set up sync යන්න තෝරන්න



දැන් ඔබේ google account එකෙහි විස්තර ලබාදී ඉදිරියට යන්න





දැන් ඔබට කාර්යාල පරිගණකය හා නිවසේ පරිගණය හා වෙනත් සියළු පරිගණක හා සම්බන්ධ කරගතයුත්තේ මොනවාදැයි තෝරා ඉදිරියට යන්න





 දැන් සියල්ල සකසා අවසානයි
අනිත් ඔබට අවශ්‍ය සියළු පරිගණක වලද මෙම පියවර කරන්න..
එවිට පරිගණක සියල්ල ජාලගත වීමක් වැනි ය.
bookmarks, Autofill forms, saved passwords Data ආදී සියළු දත්ත අවශ්‍ය තැනදී ලබාගත හැක
අවශ්‍ය විටක මෙම පහසුකම ඉවත් කිරීමටද මෙම පියවර ඔස්සේම යන්න.
_________________________________________________________________________


Firefox Browser පාවිච්චි කරන අයටත් මේ හා සමාන ක්‍රමයක් යොදාගන්න පුළුවන්

ඒ සදහා Firefox Browser Download කර ගන්න

දැන් firefox Browser එකේ Tools Menu එකේ > Option වලට යන්න
දැන් වින්ඩෝවක් ලැබේවි
එහි ඇති ටැබ් වලින් Sync Tab එක තෝර ගන්න





Set Up Firefox Sync මත ක්ලික් කරන්න








විස්තර ලබාදෙමින් firefox ගිණුමක් තනා ගන්න..
ඉන්පසුව සියළු පරිගණක Chrome වල පරිදිම sync කරගතහැකියි..
දර්ශන විමුක්ති

Share Now

Related Posts