-->

සැම්සුන් ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහමු


මන් කියන මේ ක්‍රමය එනිකොල් වලටත් වලංගුයි . ඉන්ටනෂනල් වලටත් වලංගුයි . ඕනෑම සැම්සුන් එකකට වලංගුයි . ( ක්ලෝන් සැම්සුන් වලට අවලංගුයි > ඒ කිව්වේ 18000 හේ S4 වලට , 20000 හේ NOTE 3 වලට . 9000 හේ S3 මිනි වගේ එව්වට තමා )
මෙන්න මේ ක්‍රමයටම තමා සැම්සුන් වලට කස්ටම් රොම් ගහන්නේ . මේකත් එක ක්‍රමයක් අනිත් ක්‍රමය තමා රිකවරි එකෙන් ගහන එක . එක වෙනම කතාවක්
එහෙනම් මම පුළුවන් තරම් සරලම හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්න පියවරෙන් පියවර කියා දෙන්නම්
මුලින්ම අපිට පොඩි දෙයක් ඕනා . එකෙන් තමා අපි ෆෝන් එකට සොෆ්ට්වෙයා ගහන්න පාවිච්චි කරන්නේ
මේ කාර්යට අදාල සිප් ෆයිල් එක්ස්ට්‍රක්ට් කරන්න Winrar / 7Zip වගේ එකක් බාවිතා කරන්න . ඒ සොෆ්ට්වෙයා එකක් නැත්නම් මෙතනින් ගන්න
දැන් අපිට ගන්න තින්නේ USB ඩ්‍රයිවස්
ඊළගට තින්නේ අපිට ෆෝන් එකට අදාල ෆ්රිම්වෙයා එක ගන්න එක තමා . අපි මේක ඔෆීෂියල් සැම්සුන් සයිට් එකෙන් ගන්නේ . ඒ හින්දා අපිට රෙජිස්ටර් වෙන්න ඕනා . ෆ්‍රී තමා රෙජිස්ටර් වෙන්න තින්නේ . පාඩු නෑ රෙජිස්ටර් උනාට . මේ ෆ්රිම්වෙයා අපිට 200% විශ්වාසයි එක තමා පාඩු නෑ කිව්වේ !!
මෙන්න මේ වෙබ් වලින් ඔයාලට ඕනා ෆ්රිම්වෙයා එක අනිවා හොයාගන්න පුළුවන් , අනිවා දෙපා
තමන්ගේ ෆෝන් එකට අදාල සොෆ්ට්වෙයා එක ගන්නකොට අනිවා මොඩ්ල් නම්බර් එකට ම ගැලපෙන සොෆ්ට්වෙයා එක ගන්න , වෙන වෙන සොෆ්ට්වෙයා අරන් තමන්ගේ එකට ගහන්න යන්න නම් එපා .
දැන් ඩ්‍රයිවස් එහෙම ඉන්ස්ටෝල් කරගත්තනෙ . කොම් එකේ සැම්සුන් කියිස් රන් වෙන්න දෙන්න එපා . බට්ට්රි චාජ් එක 60% අනිවා පැනලා තින්න ඕනා .
  • ඔක්කොම හරිනේ එහෙනම් ෆෝන් එක ඔෆ් කරන්න
  • කොම් එකෙන් ඔදින් ඕපන් කරන්න
  • ඔෆ් කරපු ෆෝන් එකේ POWER button + HOME button + VOLUME DOWN button එක පාර ඔබන් ඉන්න
  • ඊට පස්සේ කහ පාට ට්‍රින්ගල් එක්ක තින තැනකට යයි . එතකොට VOLUME UP ඔබන්න . දැන් හරි අපි ඉන්නේ ඩව්න්ලෝඩ් මෝඩ් එකේ .ඔය තින්නේ රූපේ හොදට බලන්න . දැන් ෆෝන් එක ත පත ගාන්න යන්න එපා
  • දැන් ඔදින් ඕපන් කරන්නේ අපි ඉන්නේ , ඩේටා කේබල් එකෙන් ෆෝන් එක කොම් එකට සම්ස්බන්ද කරන්න . ඩ්‍රයිවස් ඉස්සෙල්ලා අරන් නැත්නම් ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් වෙනකම් ඉන්න
  • ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් උනාම කොම් එකේ ඔදින් වල මෙන්න මෙහෙම තින්න ඕනා
  • නිල් පාටින් වැටෙයි ඔක්කොම ඩ්‍රයිවස් හරියට ගත්තා නම් . ඒ කියන්නේ තව පියවරක් ඉවරයි කියලා .
  • දැන් තින්නේ අපිට PDA කියන තැනට අපි ගත්ත ෆයිල් එක දෙන එක තමා . PDA කියන බටන් එක ක්ලික් කරන්න . බ්‍රව්ස් වෙන්න පටන් ගනි . එතකොට අපි අර සයිට් එකෙන් ගත්ත සොෆ්ට්වෙයා එක මෙතනට දෙන්න ඕනා .
  • සිප් එක්ක නම් එක්ස්ට්‍රක්ට් වෙන්න ඕනා . සාමාන්‍යයෙන් එන්නේ නම් ෆ්රිම්වෙයා .TAR හරි MD5 file එකක් විදියට තමා . කෙලින්ම එක ඇවිල්ලා නම් මුකුත් කරන්න යන්න එපා
  • මෙන්න මෙහෙම තිනවානම් ඔක්කොම හරි . මේ ටික් දෙක නම් අනිවා දාන්න
  • දැන් තින්නේ ඔක්කොම හරි නම් යටින් START කියන එක දෙන්න
  • ඔක්කොම වෙලා මෙන්න මෙහෙම වැටුනාම ෆෝන් එක ඔටෝම ඔන් වෙයි . පලවෙනි පාර ඔන් වෙන්න ටික වෙලාවක් නම් යයි . හැබැයි ඒ පලවෙනි පාර විතරයි හොදේ .
  • ඔන් වෙන්නේ නෑ කියලා බට්ට්රි නම් ගලවන්න යන්න එපා

Related Posts