-->

GPS ගැන.

ජීපීඑස් කිව්වම කවුද නොදන්නෙ නේදදැන් හැම ෆෝන් එකකම තියෙනවා නේ මේක. ඉන්නතැන මැප් එකේ පෙන්නන්න නේ මේ තාක්ෂණය යොදාගන්නේ.
GPS ගැන කියන්න කලින් පොඩ්ඩක් කතා කරලා ඉමුකො.ගොඩක් කාලයක් මුකුත් ලියන්න වුණේ නම් නෑ. එක හේතුවක් තමයි මගෙ ෆොන් එක කැඩිල තිබුනේ. අනිත් කරුණ ඉතින් මම මේ හරි අමාරුවෙන් විස්තර හොයන් ලියන ඒවට ප්රතිචාර මදිකමඒ කෙසේ වෙතත් මේව ලියන එක මගේ දැණුමට හොඳයි කියන තැන ඉඳන් මම ලියනව. ලයික් නැතත් මට කමක් නෑ, මම ප්රයෝජනවත් පෝස්ට් එකක් ලිව්වා කියන ආත්ම තෘප්තිය මට තියෙනවා. මොකක්හරි ජරාවක් දාලා ලයික් හොයනවට වඩා මේකට ලැබෙන දෙක තුනත් ඇති..
Global Positioning Service කියන එක සිංහල වලට හැරෙව්වොත්, ඒක “ලෝක ව්යාප්ත ස්ථාන පිහිටුම් සේවාව” වගේ එකක්. Positioning කියන්නෙ නිකන් හරියට ස්ථානගත කරනවා වගේ එකක් නෙ. මේකෙන් කරන්නෙ චන්ද්රිකා තාක්ෂණය භාවිතා කරලා භූගෝලීය පිහිටීම් හොයාගන්න එක. (Geographical Location) අපි මේක ගැනවැඩි විස්තර කතා කරමු.
එහෙනම්. ඔයාලට පුදුම හිතෙන විස්තර ටිකක් තියෙනවා ඔන්න..GPS හොයාගත්ත රට තමා ඇමරිකාව. දැනට මේක පාලනය, නඩත්තුව සිදු කරන්නේ ඇමරිකානුගුවන් හමුදාවේ, අභ්යවකාශ අංශය විසින්. ඒක Air Force Space Command(AFSPC)කියලා හඳුන්වනවා. එතකොට ඔයාලා මේ GPS කියලා පාවිච්චි කරන්නේ ඇමරිකන් හමුදාවේ අයිටම් එකක්මරු නේද?.ඇමරිකන් කාරයෝ GPS ව්යාපෘතිය පටන් ගත්තේ 1973 දි ලු.
ඒ කාලේ තිබුණ පිහිටුම් සොයාගැනීමේ දුෂ්කරතා මඟහරවාගන්න පිළියමක් හොයන්න ගිහින් හොයාගත්ත දෙයක් තමා මේ GPS. ඉස්සර කාලේ සොල්දාදුවන් අතරමන් වෙලා එයාල ඉන්න තැන හොයාගන්න බැරුව අමු කට්ටක් කෑවා කියලා තමා ආරන්චි1960 ඉඳලම රහසිගත විදිහට හදපු ප්ලෑන් අනුව තමා මේක 1973 දි පටන් අරන් තියෙන්නෙ.1995 වෙද්දි චන්ද්රිකා 24 ක් ස්ථානගත කරලා මේ GPS සේවාව නිසි ආකාරවම ක්රියාතමක කරගෙන තියෙනවා.එච්චර කට්ටක් කාලා, කෝටි ගණන් වියදම් කරලා චන්ද්රිකා උඩ යවලා හදාගත්ත GPS තමා ඔයාලා මේ නොමිලේ යස අගේට පාවිච්චි කරන්නෙ.
(ඇමරිකන් කාරයා GPS යොදාගෙන කට්ටිය යන එන තැන් ගැන ඔත්තු බලනවා කියලත් ආරංචියිඒකට ඉතින් කවුදඉතින හැම වෙලේම GPS ඔන් කරන් ඉන්නෙ. ඕන වෙලාවට On කරගත්තම මදෑ.).
මේ GPS තාක්ෂණය ගොඩක් පාවිච්චි කරනවා හමුදාමය කටයුතු (Military) වලට. ඒ වගේම දැන් ගොඩක් සාමාන්ය ජනතාවත් පාරවල් හොයාගෙන ගමන් බිමන් යන්න මේ තාක්ෂණය පාවිච්චි කරනව. මොන කාලගුණ තත්වයක් තිබුණත්, GPS පාවිච්චි කරන්න පුළුවන්. කිසිම කාළගුණ තත්වයක් නිසා GPS සම්ප්රේෂණ තරංග වලට බාධාවක් නැහැ.
ලෝකේ කොහෙගියත් මේ GPS තාක්ෂණය ඔයාගේ ළඟ ඉන්නව. ඒ කියන්නෙ මේ තාක්ෂණය ක්රියාතමක වෙන්නේ චන්ද්රිකා මගින් නිසා, මුළු ලෝකෙම ආවරණය වෙන GPS ජාලයක් නිර්මාණය කරලා තියෙනවා. දැනට චන්ද්රිකා 31 ක් පමණ මේ GPS සේවාවන් සපයන්න අපි ඉන්න පෘථිවිය වටේ කැරකෙනව. ඔයා GPS ඔන් කරන හැම වෙලාවෙම ඔයාගෙ උදව්වට ඔය චන්ද්රිකා වලින් දහක් විතර එනව.ඒකත් මරු නේ? චන්ද්රිකා 4ක් තිබුණ නම් GPS Location එක බලාගන්න ඒ ප්රමාණවත්.ඇත්තටම මේ GPS තාක්ෂණය මගින් පෙන්නන්නෙ Phone එක තියෙන තැන නෙවෙයි, GPS Receiver එකක් තියෙන තැන. ෆෝන් එකේ වගේම කාර් වල, ටැබ් වල වගේ GPS යොදාගන්න හැම උපාංගයකම / උපකරණයකම GPS Receiver එකක් සවි කරලා තියෙනවා..
GPS සේවා සපයන්න මුලින්ම චන්ද්රිකවක් ගුවන් ගත කරලා තියෙන්නෙ 1978 පෙබරවාරි මාසෙ. මේ වෙද්දි චන්ද්රිකා 65 ක් පමණ අභ්යවකාශ ගත කරලා තියෙනවා මේ GPS සේවාව වෙනුවෙන්. දැනට පාවිච්චි වෙන චන්ද්රිකා 31 හැරුණම ඉතිරි ඒවා සමහර ඒවා තාක්ෂණික දෝෂ නිසා අතහැරදාලා වගේම චන්ද්රිකාවක දෝෂයක් මතු වුණාම ක්රියාතමක කරන්න පුළුවන් විදිහට Backup ලෙස තියාගෙන ඉන්නව. මේ චන්ද්රිකා අභ්යවකාශගත කරලා තියෙන්නෙ කිලෝමීටර් 20,180 ක් උසින්. ඔයා ෆෝන් එකේ GPS ඔන් කරාම ඔන්න ඔච්චර උසකින් ඉන්න චන්ද්රිකා එක්ක තමා සම්බන්ධ වෙන්නෙ.ඒකත්මාරයි.
එතකොට මොනාද මේ A-GPS?.මම දැකලා තියෙනවා සමහර අය A-GPS ගැන කතා වෙනවා. ඒ වගේම අහලා තියෙනවා ලංකාවට GPS නෑ, තියෙන්නෙ A-GPS කියලා. ඒවා අමූලික පචGPS කියන්නෙ මුළු ලෝකෙම ආවරණය කරපු සේවාවක්. එතකොට ලංකාව තියෙන්නෙ අඟහරු වලද කියන ගැටළුව එනවලංකාවටත් GPS තියෙනවා යාලුවනේ. යස අගේට තියෙනවා.
Assisted GPS එහෙම නැත්නම් A-GPS කියන්නෙ දුරකථන සඥ්ඥා කුළුණු සහ GPS තාක්ෂණය යන දෙකම උපයෝගී කරගෙන පිහිටුම සලකුණු කිරීම කියන එක.මේකෙන් කරන්නෙ GPS භාවිතය ඉක්මන් කරන එක මිසක් වෙන දෙයක් නම් නෙවෙයි.
සමහර අවස්ථා වල GPS සිග්නල් දුර්වල වීමක් වුණොත් අපේ පිහිටට මේ A-GPS තාක්ෂණය එනවා. A-GPS හරහා GPS ක්රියාතමක කරපු ගමන් මුලින්ම වෙන්නෙ සෙල් ෆෝන් ටවර් එක මඟින් පිහිටුම් ස්ථානය තීරණය කරන එක. එතකොට නිශ්චිත පිහිටුම කිලෝමිටර් ගාණක (1-3 ත් අතර වගේ ගාණක) අරයක් සහිත වෘත්තාකාර ප්රදේශයකට පටු කරනවා. මේ පිහිටුම නිශ්චිත නැහැ.
ඊළඟට වෙන්නෙ GPS තාක්ෂණය මගින් මේ කිලෝමීටර් ගාණක අරය සහිත වෘත්තය ඇතුළේ පරීක්ෂා කරලා හරි ස්ථානය හොයාගන්න එක. ඒක මුළු ලෝකයක් පීරනවට වඩා ලේසියි නෙ නේදතේරුණාද මන්දා. හරි ඒ කෙසේ වෙතත් A-GPS කියන්නෙ GPS වලට උදව් කරන කෙනෙක් විතරයි..
ඇමරිකාවේ GPS තාක්ෂණය ට අමතරව, තවත් මේ වගේ පද්ධති කීපයක් තියෙනවා. හැබැයි ඒවා GPS තරම් නම් සාර්ථක නෑ. ඇමරිකාව කරන ඔක්කොම කරන්න හදන රුසියාව GLONASS කියලා එකක් හදලා තියෙනවා. හැබැයි GPS වල වගේ හොඳ ආවරණයක් දෙන්න නම් තවමත් පුළුවන් වෙලා නෑ. එවගේම European Union Galileo positioning system කියලා එකකුත් සැලසුම් කරලා තියෙනවා. අපේ මේ කරුමක්කාර අසල්වැසි ඉන්දියන් කාරයොත් මොකක් ද මන්දා Indian Regional Navigation Satellite System කියලා හුචක්කුවක් අටවලා තියෙනවා. ඒ වගේම චීන්නුත් China’s BeiDou Navigation Satellite System කියලා එකක් maintain කරනව. ජපන්නුත් Quasi-Zenith Satellite System කියලා එකක් කරනව. හැබැයි ඉතින් GPS තරම් නම් මොකවත් හොඳ නෑ, ඒ තරම් ලොකු කවරේජ් එකකුත් නෑ

Related Posts