-->

මොකද්ද මේ අල්ට්‍රාපික්සෙල් කියන්නේ ?

මේ අල්ට්‍රා පික්සෙල් තාක්ශනේ ලෝකෙට හන්දුන්වලා දුන්නේ HTC එකම තමා..මේක එයාලගෙම ටෙක්නොල්ජි එකක් මිසක් කාගෙන්වත් හොරකම් කරපු එකක් එහෙම නෙමේ.මුලින්ම අල්ට්‍රා පික්සෙල් කැමෙරා එකක් ආවේ අපි කවුරුත් දන්න ONE family එකේ ප්‍රථමයා වුනු M7 මලයන්ඩිට.මේවගෙම කැම්රා දෙකක් එක්ක ඊට වඩා ප්‍රොෆොශෙනල් මට්ටමේ ඉමේජ් චිප්,සෙන්සර්ස් සහිත කැමරාවක් තමා M8 එකට බාවිතා කරලා තියෙන්නෙ
අල්ට්‍රා පික්සෙල් කියන්නේ නෝමල් මෙගාපික්සෙල් වල පික්සෙල් සයිස් එකට වඩා පික්සෙල් සයිස් එකෙන් ලොකු කියන අදහසයි,ඒ වගේම මේකෙ තියෙන විශේසත්වය තමයි අඩු ආලෝක තත්වයන් වලදි නොර්මල් මෙගාපික්සෙල් සෙන්සර් එකකට වඩා 300% ගුනයකින් ආලෝකයට සංවේදි වැඩීවීම(පික්සෙල් සයිස් එක ලොකු වෙන්න වෙන්න කැම් එකේ ලොව් ලයිට් වලදි පෙර්ෆොර්ම් කරනවා) ඒ වගෙම 300MS(M8 වල විතරයි) වැනි සුලු කාලයක්දි ඉක්මනින් ඔටෝ ෆෝකස් කිරීමේ හැකියාවක් පවතිනවා මේ නිසා DSLR මට්ටමේ චායාරූප වලට සමාන අන්දෙමේ චායාරූප ලබාගැනීමේ හැකියාව පවතිනවා.
හැම දේකම හොන්ද පැත්ත වගේ නරක පැත්තත් තියනවනේ.. 4අල්ට්‍රා පික්සෙල් කැම් එකේ තියෙන පුංචි අඩුපාඩුවක් තමා රෙසලූශන් මදිකම ඉතින් මේ නිසා පික් එකේ zooming dtails 13මෙගාපික්සෙල් වගේ කැමෙරා එකක් එක්ක බලනකොට අඩු ගහතියක් පේනවා,මම කියුවේ zooming dtails හොන්දේ පික් එකේ කොලිටි මදි කියලා නෙමේ ඔන්න,ඒත් ඒක ලොකූ අඩුපාඩුවක් නම් නෙමේ මොකෝ අපි බැනර් ඇඩ් වගේ ගහන්න ෆෝන් එකෙන් ෆොටෝ ගන්නේ නෑනෙ ඉතින් අපේ ගොඩක් අය හිතන් ඉන්නේ මෙගා පික්සෙල් වැඩි වෙන්න වෙන්න කොලිටි එක වැඩී කියලයි ඒත් එහෙම වෙන්නෙ නෑ මෙගාපික්සෙල් වැඩි වෙන්න වෙන්න වෙන්නේ රෙසලූශන් වැඩි වෙන එකයි,හරියට ටී.වී එකක අන්ගල් ගාන වැඩි වෙනකොට සයිස් එක වැඩි වෙනවා වගේ (මේ පහලින් දාලා තියෙන්නේ 4Mp එකෙන් ගනිපු ෆොටෝස්)
1.Day Light (M8)

2.M7
3.Low Light (M8 10.42PM)
උපුටා ගැනීම.htclokaya.blogspot.com

Related Posts