-->

Wrestling කියන්නෙ ඇත්තක්ද බොරුවක්ද...?


Wrestling කියන්නෙ ඇත්තක්ද බොරුවක්ද...?


මේක නම් තාක්ෂණයට අදාල දෙයක් නෙවෙයි. කමක් නෑ ඉතින් හැමදේම ගැන දැනගන්න එකේ මේක දැනගත්තාම මොකද වෙන්නෙ.
මේක මම දාන්නෙ ලංකාවෙ ඉන්න රෙස්ලින් රසිකයන්ට අ‍ගෞරව කරන්නවත්, මේ ක්‍රීඩාව කරන අයට අගෞරව කරන්නවත් හිතාගෙන නෙවෙයි.

හරි ඉතින් රෙස්ලින් බලන අය නම් දන්නවා ඇති මේවා ගැන. කමක් නෑ, රෙස්ලින් බලන්නෙ නැති අයත් ඉන්නවනෙ. ඒ හැමෝටම දැනගන්න මම කියලා දෙන්නම්.

මොකක්ද රෙස්ලින් කියන්නෙ..?
රෙස්ලින් කියන්නෙ ක්‍රීඩාවක්. මේ ක්‍රිඩාවේදී සිදුකරන්නෙ තමන්ගේ ප්‍රතිවාදියාව පරාජය කිරීමක් හෝ, ප්‍රතිවාදී කණ්ඩායම පරාජය කිරීමක් තමයි කර‍න්නේ. මේකට ඉස්සර නම් එක එක නම් කිව්වා, ඒත් දැන් කියන්නෙ WWE (World Wrestling Entertainment) කියලා. ලෝකයෙ විවිද තැන් වලින් මේකට ක්‍රීඩකයො අරගෙන තියනවා (ලංකාවෙන් නම් නෑ හොදේ.;) ). මේක ගොඩක් ලොකු ආතනයක්. ඒ වගේම මේකට ගන්නෙත් පෙර පුහුණුවක් කරලා. ඒ කියන්නේ NXT කියලා WWE එකට අයත් තැනක පුහුණු කරලා, ඒකෙ චැම්පියන් වගේ වෙන්න පුළුවන් වෙද්දි තමයි ගන්නේ.

හරි දැන් Wrestling ගැන මූලික කරුණු ටික දැනගත්තනෙ‍. අපි බලමු දැන් මේකෙ ඉතිරි ටික ගැන.

Wrestling කියන්නෙ ඇත්තක්ද බොරුවක්ද..?
ඇත්තම කිව්වොත් මේක ලොකුම ලොකු බොරුවක්. ඒ ඇයි කියලත් මම කියන්නම්. රෙස්ලින් ක්‍රීඩාව වෙන්නෙ ස්ක්‍රිප්ට් එකක් අනුව (හරි හරි මම දන්නවා තේරුනේ නෑ කියලා). ඒ කිව්වේ රෙස්ලින් ක්‍රීඩා‍ව වෙන්නෙ චිත්‍රපටියක පිටපතක් කරන ආකාරයට. ඒ කියන්නෙ මේකෙදි දිනන පරදින කෙනා කලින් දන්නවා. හැබැයි පෙර සූදානමක් නැතිව තමයි මෙතනදි ක්‍රීඩා කරන්නෙ. ඒ කිව්වෙ දිනන පරදින කෙනා කිව්වට ඒ දෙන්නට පුරුදු වෙන්න දෙයක් නෑ. තමන්ට පුළුවන් විදිහට ගහගන්න තියෙන්නෙ (හැබැයි ඉතින් අපි වගේ හැරෙන හැරෙන පැත්තට නෙවෙයි). කොටින්ම කිව්වොත් තාත්වික විදිහට ගහගන්න ඕනේ. ‍

හරි මේක විශ්වාස කරන්න බැරි අයට උදාහරනයකින් මම විස්තර කරන්නම්.
අපි හිතමු X හා Y කියලා දෙන්නෙක් තරග කරනවා කියලා. මේ රෙස්ලින් බලන අය නොදන්න පැත්තක් තමයි මේකෙ තියන සූදුව ගැන. ඒ කිව්වේ මම කලින් කියපු X හා Y කියන දෙන්නා තරග කරන්න කලින් මේක බලන්න එන අය මෙයාලට ඔට්ටු අල්ලන‍වා. ඒ කිව්වේ WWE එක ඇතුලෙදි මොයාලට ඔට්ටු අල්ලනවා. මේ ඔට්ටු අල්ලපු අය දිනුවම සල්ලි යන්නෙ WWE එකෙන්. ඒ නිසා මෙයාලා වැඩිපුර සල්ලි වැය වෙන කෙනාව පරද්දනවා. එතකොට WWE එක පෝසත් වෙනවා.

හරිනෙ දැන් තේරුනානෙ මේකෙ වෙන දේ. ආයෙ ඉතින් ඕවා බලද්දි පොඩ්ඩක් හිතලා බලන්න, මේක සූදුවක්ද නැද්ද කියලා

Related Posts