SPEAK ENGLISH. UND DIE WELT VERSTEHT DICH! (ඉංග්‍රීසි කතා කරන්න. එවිට ලොව ඔබව තේරුම් ගනු ඇත.)
අපේ රටට 1796 දී පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයන්1815 දී උඩරට රාජධානියද ඇතුළු මුළු රටම තම පාලනය යටතට ගත්තා. එතැන් සිට 1948පෙබරවාරි 04 වැනි දින යම්කිසි ආකාරයක නිදහසක් ලබන තුරු අපි සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ ආධිපත්‍යයට යටවී සිටියා. ඒ කියන්නෙ සුළු පටු කාලයක් නෙමේ: අවුරුදු130 කටත් වැඩි කාල පරාසයක්.
මේ වකවානුවේ මේ රටේ සිදු වුණ විපර්යාස සුළුවෙන් තකන්න බැහැ. සමාජීය, ආර්ථික,ආධ්‍යාත්මික සියළු තල හරහා මෙම වෙනස්කම් පැතිරිලා ගියා. ඒ හැම වෙනසක්මනරකයි කියන්න බැහැ. නමුත් රටට නොගැලපෙන දේ ඒ අතර කොතෙකුත් තිබුණා.උදාහරණයක් වශයෙන් ඝර්ම කලාපීය දේශගුණයක් ඇති අපේ රටේ අදටත් වැදගත්අවස්ථාවලදී අපි ටයි, කෝට් ඇඳීම ගත හැකියි. බටහිරින් පැමිණි සියල්ල උතුම් කොට සලකා දේශීය දේ පහත් යැයි සිතන පරගැති මානසිකත්වයක් මෙහි පැලපදියම් වුණා.
1948 ලැබූ නිදහසෙන් පසුව මේ යටත් විජිත මානසිකත්වයට (colonial mentality) විරුද්ධව රැල්ලක් මතු වූණා. 1956 දී උච්චත්වයට පත්වූ දේශීයත්ව ව්‍යාපාරයේ (nationalist movement)එක් අංගයක් වූයේ සුද්දාගේ බස ලෙස සැලකුණ ඉංග්‍රීසියද පිටු දැකීමය. දේශීයභාෂාවලින් තම අවශ්‍යතා පිරිමසා ගැනීමට රටේ ජනතාවට අවස්ථාව ලබා දීම ඉතාවැදගත් සත් කාර්යයක් වුණත්, එසේම යටත් විජිත යුගයෙන් (colonial period) කර පින්නාගත් නොගැලපෙන දේවලින් මිදීමත් වැදගත් වුණත්, ඉංග්‍රීසි බස ජාත්‍යන්තරය තුල එවකටත් ලබා තිබූ වැදගත් ස්ථානය හා එහි අනාගත වර්ධනය නොසලකා එය කුස්සිය මුල්ලට තල්ලු කිරීම අප අතින් සිදුවූ වැරැද්දක් බව අද අපි වැඩි දෙනෙක් පිළිගන්නවා, මම හිතන්නේ. (මේ වගේ දේවලට ඉංග්‍රීසියෙන් කියනවා throwing the baby out with the bath water කියලා - නාවන්න ගත්ත වතුරත් එක්ක බබාත් එළියට විසි කිරීම.)
අද අපට ඉංග්‍රීසියේ වටිනාකම හොඳින්ම දැනෙනවා. ඒක අද ලෝකයේ වැදගත්ම සම්බන්ධීකරණ භාෂාව (link language) බවට අවිවාදයෙන්ම පත් වෙලා. රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලදී (diplomatic relations) ප්‍රංශ බසට කලින් හිමි වූ තැන මෙන්ම, විද්‍යාත්මක ක්ෂේත්‍රයන්හී ජර්මන් බසට තිබූ තැනත් අද ඉංග්‍රීසිය විසින් ආක්‍රමණය කර හමාරයි. මේකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි එවකට ලෝකය පුරා පැතිරුණ බ්‍රීතාන්‍ය අධිරාජ්‍යය (British Empire) තුළින් එය ලොව පුරා ව්‍යාප්ත වීම. ඒ වගේම නිදහස ලැබූ බ්‍රිතාන්‍ය යටත් විජිත (British colonies, crown colonies) නිදහසෙන් පසු ප්‍රංශ යටත් විජිතමෙන් පසුගාමී නොවී, ලොව වැදගත් භූමිකාවලට අවතීර්ණ වීම, උදා: ඉන්දියාව. තවත් කැපීපෙනෙන සාධකයක් තමයි විසිවෙනි සියවසේ ඇති වූ ඇමරිකානු ආර්ථික වර්ධනය හා ඒ මඟින් ඒ වන විට ඇමරිකා එක්සත් ජනපදයේද රාජ්‍ය භාෂාව ලෙසට තෝරා ගෙන තිබූ ඉංග්‍රීසියට ලැබුණ පිටුබලය.
අනිත් අතින් අපි කුඩා රටක්. මෙහේ වැඩි දෙනෙක් කතා කරණ සිංහල භාෂාව මෙහි පමණක් භාවිතාවන්නක් නිසා එමඟින් ලොව අන්‍යයන් සමඟ සම්බන්ධ වීම ඉතා අපහසු දෙයක්. අප ජීවත් වන තොරතුරු යුගයේ (Information Age) ලොව ව්‍යාප්ත වන දැනුම් සම්භාරයෙන් ප්‍රයෝජන ගැනීමට නම් ජාත්‍යන්තර භාෂාව අද අත්‍යවශ්‍ය උපාංගයක් බවට පත් වෙලා.
සුද්දගේ භාෂාව ලෙස නොසලකා, ලෝක භාෂාව (global language, world language) ලෙස ඉංග්‍රීසිය හොඳින් ප්‍රගුණ කිරීම අපි කාගෙත් දියුණුවට හේතු වෙනවා.
අපේ කාලෙ ඉංග්‍රීසි
මම ඉස්කෝලෙ ගියේ 1970 ගණන්වල. ඒ කාලෙ අපේ අයට රැජිනගේ භාෂාව අරහං. ඒකෙ තියෙන ප්‍රයෝජනය හා වැදගත්කම ගැන අපට අවබෝධයක් තිබුණේ නැහැ. ඔය කාලෙ දේශීයත්වය පිළිබඳ හැඟීම (nationalistic sentiment) ඕනැවටත් වැඩිය ඉස්මතු වෙලා බටහිර සියල්ල ප්‍රතික්ෂේප කරණ ප්‍රවණතාවක් අපේ රටේ තිබුණේ. දේශපාලනික මතිමතාන්තර අතරත් සමාජවාදය (socialism), කොමියුනිස්ට්වාදය (communism) ආදිය ජනප්‍රිය වී තිබුණා වගේම ඒ හා එකඟ නොවන මතවාද සමග තිබූ සමීපත්වයත් ඉංග්‍රීසිය පස්සට තල්ලු වීමට හේතු වෙන්න ඇති. තවත් සාධකයක් තමයි අපට තිබුණ පෙළ පොත් (text books) මාලාව. අද පාසැල්වල භාවිත වෙන පොත් ලමයින්ගේ උනන්දුව යම් තරමකින් අවධි කරන්න සමත් වුණාට එදා තිබුණ ඒවා නම් හරිම නීරසයි. කාලීන මාතෘකා ගැන ඒවයේ තිබුණේ අඩු අවධානයක්. සමහර විට ඩබ්ලිව්. ඒ. සමරනායක මහත්මයාගේ English with a Smile වගේ පොත් මාලාවක් ඒ වෙනුවට තිබුණ නම් ඒ කාලෙ ලමයින්ට ඊට වඩා සමීප වෙන්න ඉඩ තිබුණයි කියලා මට හිතෙනවා.
1980 ගණන්වල මේ තත්වය යම් තරමකින් වෙනස් වුණා. ලෝකය පුරා පැතිරුණ ජාත්‍යන්තර මාධ්‍යයක අගය අපට දැනෙන්නට ගත්තා. හැබැයි පාසැල් අධ්‍යාපනයේ තත්වය නම් වෙනස් වෙන්න කල් ගියා. අනිත් අතට අද වගේ ඉංග්‍රීසි ජනමාධ්‍ය සමූහයක් එදා තිබුණෙ නැහැ. ඒ නිසා උච්චාරණය (pronunciation) හා සාමාන්‍ය භාෂා භාවිතය (general language usage) පිළිබඳ පිලිගත් සම්ප්‍රදායන් ඉගෙනීමට අපට ලැබුණේ අඩු අවකාශයක්. අළුතෙන්පටන් ගත් රූපවාහිණී විකාශය හැරුණු කොට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවාවන්වල පිහිට තමයි ලැබුණේ. අරුන් ඩයස් බණ්ඩාරනායක, රවී ජෝන් වැනි නිවේදකයන්ගෙන් අපි බොහෝ දේ ඉගෙන ගත්තා මතකයි, ඔවුන් කියූ සියල්ල අපට නොතේරුණත්. BBC Radio විකාශයට කෙටි තරංග (short wave) ඔස්සේ සවන් දීමට හැකි වුණත් එහි ග්‍රහණයේ (reception)දුර්වලත්වයත්, සුද්දාගේ කතා විලාශය (accent) තවත් නුහුරු වීමත් නිසා එය අවබෝධ කර ගැනීම වඩාත් අපහසු ලෙස පෙනුණා.
ඉංග්‍රීසි පුවත්පත් තිබුණත් ඒවා කියවා තේරුම් ගැනීම ඉතා අපහසු වුණා. පෞද්ගලිකව මට නම් දක්ෂ ඉංග්‍රීසි ගුරුතුමෙකු වූ මගේ පියාගේ සහාය ලැබුණා. ඒත් ඔහු නිර්දේශ කළ Sunday Island පුවත්පතේ ලිපි තේරුම් ගැනීම ඒ වෙන තෙක් ඉංග්‍රීසිය ගැන එතරම් උනන්දුවක් නොදැක්වූ මට එතරම් පහසු කාරියක් වුණේ නැහැ.
කලින් සඳහන් කළා වගේ මගේ පියාගෙන් ලැබුණ පිටුබලය මට ඉතා වැදගත් වුණා. එවැනි සහයක් නොලැබූ බොහෝ දෙනාගේ තත්වය මීට වෙනස් වුණා. ඔවුන්ට තිබුණ එකම මාර්ගය ලෙස ඔවුන්ට පෙනුණේ ඒ වන විට රට පුරා ආරම්භ වෙමින් තිබුණ උපකාරක පංති තමයි. නම්ත් මේවායින් බහුතරයක් නිසි පදනමකින් තොරව පැවැත්වුණ නිසා ලැබුණ ප්‍රතිඵල නම් ඉතා අඩුයි.
ඉහත කාල වකවානුවලින් හා ප්‍රවණතාවන්ගෙන් ලැබුණ ප්‍රතිවිපාක අපි අද ජාතියක් වශයෙන් අත් විඳිනවා. එක කාලෙක ලංකාවේ ඉංග්‍රීසි උගතුන්ගේ භාෂා හැකියාව (language skill) ඉංග්‍රීසි මව් බස වූ අයටත් ඉහල ලෙස සැලකුණ බව කියවෙනවා. මේකට කිව්වේ speak English better than the Englishmen කියලලු. ඒත් දැන් ඊට ගොඩක් වෙනස්. ගමේ තබා නගරයේත් ඉංග්‍රීසිය හොඳින් හසුරවන්න හැකි අය අඩුයි. ඉංග්‍රීසි ආරයට - ඒ කියන්නේ මවාගත් English accent එකකින් - සිංහල කතා කිරීම හෝ ඉංග්‍රීසි කොහෙත්ම බැරි අය ඉදිරියේ නයා දැමීමටකැඩිච්ච කඩ්ඩෙන් කතාව දැමීම ඉංග්‍රීසි උගත්කම ලෙස සලකන්න නම් බැහැ. (මේකෙන් මම අදහස් කරන්නෙ නැහැ නිවැරදිම බැරි නම් කතා නොකළ යුතුයි කියලා. ඒත්ප්‍රයෝජනවත් ලෙස භාෂාව හැසිරවීමේ හැකියාවක් ලබාගැනීම වැදගත්.)
අපේ අසල් වැසි ඉන්දියාවේ තත්වය මීට වෙනස්. ඔවුන් ඉංග්‍රීසිය අපි වගේ නොසලකා හැරියෙ නැහැ. (රට තුළ භාවිතා වෙන දේශීය භාෂා ගණන වැඩි නිසා සම්බන්ධීකරණ බසක් ලෙස ඉංග්‍රීසි යොදා ගැනීමට ඔවුන්ට සිදු වුණා කිව්වත් මම හිතන්නෙ නිවැරදියි.) එදා ඉන්දියානුවන්ගේ ඉංග්‍රීසි හැකියාව තිබුණේ අපේ රටට ගොඩක් පහලින්. ඔවුන්ගේ R අකුර තදින් උච්චාරණය වුණ කතා විලාශය අපේ අයගෙ සමච්චලයටත් ලක් වුණා. නමුත් අද ඉන්දියානුවන් විශාල සංඛ්‍යාවකට ඉංග්‍රීසියෙන් තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමේහැකියාව ලැබී තියෙනවා. ඉන්දියානු රූපවාහිණී වැඩ සටහන් ඉඳ හිට නරඹන මම දැක තිබෙනවා ඔවුන්ගේ නිවේදකයන්, නළු නිළියන් සියල්ලන්ම පාහේ තම බසට ආසන්න වූ හැකියාවකින් ඉංග්‍රීසි හසුරවන විලාශය. මේ හැකියාව සාමාන්‍ය ජනතාවගෙන් සෑහෙන කොටසකටත් අඩු වැඩි වශයෙන් තියෙනවා. විශේෂයෙන්ම උගත් ඉන්දියානුවන් තොරතුරු තාක්ෂණයද උපකාර කරගෙන එමඟින් විශාල වාසි ලබනවා.
අපේ වරදින්ම අපෙන් ගිලිහී ගිය හැකියාවක් නැවත ලබා ගැනීමේ අවශ්‍යතාවය අද වඩාත් අපට දැනෙනවා. ඒ වගේම නිවැරදි දැක්මක් තුළින් ඒ සඳහා අවතීර්ණ වීම වැදගත් වෙනවා...

Post a Comment
Post a Comment