-->

06.ත්‍රෝටල් පොසිෂන් සෙන්සර්


  ත්‍රෝටල් පොසිෂන් සෙන්සර්(TPS-throttle position sensor)යනු සංවේදයකි(Sensor).මෝටර් රථයේ ත්‍රෝටල් වෑල්වය පාලනය/තත්වය නිරීක්ෂණය කිරීම සඳහා යොදා ගනී.එම සංවේදකය සාමාන්‍යයෙන් බටෆලයි ඉද්ද(Butterfly spindle/shaft)මත පිහිටා ඇත.එය සෘජුවම ත්‍රෝටල් වෑල්වය පාලනය/නිරීක්ෂණය කරනු ලබයි.සංවේදකය වැඩි දියුණු ආකෘති ද භාවිතා කරනු ලබයි.උදාහරණයක් ලෙස වැඩිපුර වසා ඇති බව දන්වන තත්ත්වය සංවේදකය (closed throttle position sensor- CTPS) ත්‍රෝටල් වෑල්වය වසා ඇති බව සඳහන් කිරීම යොදා ගනු ඇත.සමහර එන්ජින් පාලන ඒකක (Engine control units- ECUs)ද ත්‍රෝටල් වෑල්ව තත්වය පාලනයකිරීමට  ඉලෙක්ට්‍රොනික ත්‍රෝටල් පාලනය(Electronic throttle control-ETC)හෝ රැහැනකින්/කේබලයක්  මගින් පාලන/තත්වය සංවේදකය භාවිතාවන අතර ප්‍රතිචාර රැහැන්(Feedback loom)මගින් පාලනය සක්‍රීය කරයි.
මෙම ත්‍රෝටල් පොසිෂන් සෙන්සරය ඇක්ස්ලේටර් පැඩල් සෙන්සරය හා සම්බන්ධවේ. බොහෝ විට මේ සමග පුළුල්ව ඇරී ඇති බව දන්වන සෙන්සර්(Wide open sensor-WOP)අන්තර්ගතක්ර ඇත.ඇක්ස්ලේටර් පැඩල් සෙන්සරය ඉලෙක්ට්‍රොනික ත්‍රෝටල් පාලනය(Electronic throttle control-ETC) සෙන්සර් හෝ රැහැනකින්/කේබලයක් මගින් පාලන පද්ධති  භාවිතා කරයි.ඕටෝමැටික් ට්‍රාන්ස්මිෂන් පද්ධතිවල පුළුල්ව ඇරී ඇති බව දන්වන සෙන්සර්(Wide open sensor-WOP)ක්ෂනික ඇක්ස්ලෙටර්(Kik-down)ක්‍රියාත්මක කිරීම සඳහා වැඩිපුර භාවිතා කරයි.



නූතන සංවේදක ස්පර්ෂ නොවන සම්බන්ධතා වර්ගය වේ.මෙම නවීන ස්පර්ෂ නොවන සබඳතා ඇති   ත්‍රෝටල් පොසිෂන් සෙන්සර් සඳහා Hall effect sensors, Inductive sensors, magnetoresistive වර්ගයේ සෙන්සර් සහ වෙනත් වර්ග ද ඇතුළත් වේ.ව්භවමාන වර්ගයේ සෙන්සර්( potentiometric type sensors) ස්පර්ශක වර්ගයේ සෙන්සර් වල බහු අත් ඇතිලි ධාරකය/රේක්කය(multi-finger metal brush/rake)බටෆලයි වෑල්වය අඩුම යාන්ත්‍රික නැවතුමේ සිට වැඩිම ඇරීම දකවා ගමන් කිරීමේදී ප්‍රතිරෝධක පටිය ස්පර්ෂවීමෙන් ඇතිවන් ප්‍රතිරෝද වෙනස්වීම ඇතිවන අතර ප්‍රතිරෝද වෙනස්වීම යෙදවුමක්(Input)ලෙස එන්ජින් පාලන ඒකකට ලබාදෙයි.
ස්පර්ෂක නොවන ත්‍රෝටල් පොසිෂන් සෙන්සර්/සංවේදක සඳහා භාවිතාවන වන්නේ Hall effect හෝ  Inductive sensors හෝ magnetoresistive වල තාක්ෂණයයි.මෙහිදී සාමාන්‍යයෙන් ස්ථිර් චුම්බකයක්(magnet) හෝ ප්‍රේරක රැහැන්(inductive loop),සක්‍රීය කොටස්‌ වන බටෆලයි වෑල්වයේ ගියර ඉද්දට( spindle/shaft gear) මවුන්ට් කර ඇති අතර සෙන්සරය සහ සංඥා සකසනය පරිපථ පුවරුව(sensor & signal processing circuit board)ඉලෙක්ට්‍රොනික ත්‍රෝටල් පාලනය ගියර් කවරය තුල ස්ථාව ලෙස මවුන්ට් කර ඇති අතර චුම්බකයකය (magnet) හෝ ප්‍රේරක රැහැන්(inductive loop)සවිකර ඇති බටෆලයි වෑල්වයේ ගියර ඉද්ද( spindle/shaft gear)අඩුම යාන්ත්‍රික නැවතුමේ සිට වැඩිම ඇරීම දකවා ගමන් කිරීමේදී සෙන්සරයේදී චුම්භක ක්ෂේත්‍රය වෙනස්වේ.මෙම චුම්භක ක්ෂේත්‍රය සෙන්සරය මගින් පිරික්සීම අනුව ජනනය කරනුලබන වෝල්ටීයතාවය යෙදවුමක්(Input)ලෙස එන්ජින් පාලන ඒකකට ලබාදෙයි.සාමාන්‍යයෙන් පෝල් දෙකක් සහිත(two pole rare earth magnet)ශක්තිමත් අධි කියුරි උෂ්ණත්වයට ඔරොත්තුදීමේ හැ කියව ඇති චුම්භකයක් ත්‍රෝටල් පොසිෂන් සෙන්සර් සඳහා භාවිතා කරයි.එයට හේතුව එන්ජින් ක්ම්පර්ට්මන්ට් එක තුල ඇති අධික උෂ්ණත්වයට ඔරොත්තුදීමේ හැකියව තිබිය යුතු වීමයි.සමහර චුම්භක අධික උෂ්ණත්වයෙදී චුම්භක ගුණය තබාගැනීමට අපොහොසත්ය.චුම්භක ගුණය අඩුවීම හේතුවෙන් නිවරදි  සංඥා නොලැබීම හේතු වෙන් ත්‍රෝටල් වෑල්වය නිසිලෙස ක්‍රියානොකරීමට හැකිය.මෙම චුම්භක සමහරවිට ඩයිමෙට්‍රිකල් වර්ගයේ(diametrical type), මුදු වර්ගයේ(ring type),   ඍජුකෝණාස‍්‍ර වර්ගයේ(rectangular type) හෝ පුරුක් වර්ගයේ (segment type)ඒවා විය හැකිය.   මෙම චුම්භක කාලීන හෝ උෂ්ණත්වය සමඟ සැලකිය යුතු ලෙස චුම්භක ක්ෂේත්‍රය ව්චල්‍ය බව නොවන අර්ථ දක්වා ඇත. මෙම ත්‍රෝටල් පොසිෂන් සෙන්සර් මෙහෙයුම් අසමත් වූ විට මෙම චෙක් එන්ජින් ලයිට් ඩෑෂ් බෝඩයමත ආලෝකමත් වී පවතී අතර කිසිදු ගැටළුවක්නැතිව හෝ එන්ජින් පලනයේ  දෝෂයක් වූ විට ද චෙක් එන්ජින් ලයිට්  ආලෝකමත් පවතී. එය රෝග විනිශ්චය මෘදුකාංග ධාවනය කිරීමෙන්(By scan tool) එන්ජින් පාලකයේ දෝෂ ඉවත් කර නිවැරදි කළ නොහැකි අතර ක්‍රමවත්ව ක්‍රියා නොකිරීමේ වරද(malfunction error)නිවරදි කිරීමෙන් හෝ සම්පුර්ණයෙන්ම ත්‍රෝටල් පොසිෂන් සෙන්සර්/ත්‍රෝටල් බොඩි/ත්‍රෝටල් වෑල් මාරුකිරීමෙන් පමණක් නිවැරදි කල හැකිවේ.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

පසු ගිය ලිපියට - 05.විව්ධ බ්‍රේක් ඔයිල් වර්ග


Related Posts

Post a Comment