-->

08.CCNA හතරවන පාඩම (Network Devices Behavior)

Network Devices Behavior (Network එකට අත ගැසීම)
                                        Network එකකට විතරක් නෙමෙයි ඔය මොන දේට අත හරි ඇගිල්ල හරි ගහන්න කලින් ඒ පිළිබදව හොද දැනීමකින් වැඩේට බහිනවනම් අතපය කඩාගන්නැතුව වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මේ පාඩමෙන් අපි බලන්න යන්නෙ Network එකේ තියෙන devices කිහිපයක ගති ලක්ෂණයි.

Hub
මෙන්න මේකට තමයි Hub එක කියල කියන්නෙ(මේකට විතරක් නෙමෙයි තව එකඑක විදියට Hub තියෙනව)දැන් බලමු මේ device එකේ ගති ලක්ෂණ මොනවද කියල.
මුලින්ම කියන්න ඕන දේ තමයි මේ device එක හරහා data communicate කරද්දි කිසිම security එකක් නැහැ.ඒ වගේම තමයි මේක half duplex device එකක්(ඔය duplex ගැන ආයෙ කියන්න ඕනෙ නෑනෙ). මම කලින් CCNA පාඩමේ කියපු විදියට මේ device එක වැඩකරන්නෙ physical layer එකෙයි.තව එකක් තමයි මේක unmanageable deviceඑකක්,කෙටියෙන් කිවිවොත් Hub එක අපිට settings කරන්න බෑ.තවත් Hub එකේ තියෙන අවාසියක් තමයි Hub එක හරහා data transmit කරද්දි ඒ data Hub එකත් එක්ක සමිබන්ධ අනිත් device වලිනුත් බැලීමේ හැකියාව තියෙනව. 
                    Hub එකට ගහල(attach) සේරම device තියෙන්කන එකම collision domain එකක සහ Hub එක කියන්නෙ only one broadcast domain එකක්.ඔය collision domain එකක් කියල කිව්වෙ උදාහරණයකින් කියනවනම් මෙන්න මෙහෙම එකක්, හිතන්නකො Hub එකට data packet එකක් ආව කියල ඊට පස්සෙ Hub එක කරන්නෙ ඒ data packet එක Hub එකේ  port වලට සම්බන්ද කරල තියෙන හැම device එකකටම එක පාර යවනව එකයි(broadcast කිරීමක් තමයි මෙතනදි කරන්නෙ ඒකනෙ නිව්වෙ only onebroadcast domain එකක් කියලත්).මෙහෙම එකපාර data යවද්දි ඊට සම්බන්ධ සෑම device එකක් අතරම network Bandwidth එකත් බෙදිල යනව, අන්න ඒක හේතුවක් වෙනව network එකේ කාර්යක්ෂමතාව අඩුකරන්න.
                                        collision domain එකෙයි broadcast domain එකෙයි තියෙන වෙනස තමයි collision domain එක  broadcast domain එකට වඩා කුඩා වීම.ඒ වගේම තමයි collision domain එකක් පිහිටන්නෙ broadcast domain එකක් ඇතුලෙයි. Hub එක ගැන කතාකරන්න තව දේවල් තියෙනව, Hub එක හරහා data communicate කරද්දි සමහර වෙලාවට collision (ඝට්ඨනයන්) ඇතිවෙනව.collision එකක් ඇතිවෙන්නෙ මෙන්න මෙහෙමයි.Hub එකට සම්බන්ධ device එකකට වඩා වැඩිගණනක් එකවර data send කරන්න ගියාම තමයි මේක වෙන්නෙ. 
  
Hub එකට collision අදුනගන්න පුළුවන් හැකියාව තිබුනත් ඒක වලක්වා ගන්න හැකියාවක් නෑ.ඒකට හේතුව තමයි Hub එකට කිසිම තීරණ ගැනීමේ හැකියාවක් නැතිකම.මෙන්න මේකත් මතක තියාගන්න Hub එක කියන්නේ Repeater එකේ multi port device එකක් කියල.


  • මෙන්න මේකත් exam එකට යද්දි මතක තියාගෙන යන්න. CSMA/CD (Carrier Sense Multiple Access with Collision Detection)කියල access method එකක් තියෙනව Layer 2 එකේදි පාවිච්චි කරන Collision හදුනාගැනීමට හා වැලැක්වීමට.මෙන්න මෙතනින් ඒක ගැන පොඩ්ඩක් හොයල බලන්න. මෙන්න Hub එකේ  Symbol එක.
Switch
     Switch එක ගැන කතාකරද්දි මුලින්ම කියන්න ඕන දේ තමයි security එක. අපිට  Switch එක හරහා ආරක්ෂාකාරී ‍විදියට data transmit කරන්න පුළුවන්.ඒ වගේම full duplex device එකක් ඒ නිසාම Collision ඇති වෙන්නෙත් නෑ. Switch එක ඉතාමත් වේගයෙන් data transmit කරනව. එහෙම කරන්නෙ Switch එකේ තියෙන හැම port එකකටම වෙන්වුනු (dedicated) bandwidth එකක් තියෙන හින්දයි.මේකෙ තියෙන අනිත් වාසිය තමයි transmit කරන data බැලීමෙ හැකියාව තියෙන්නෙ source computer එකට හා destination computer එකට පමනයි.
               අනිත් එක තමයි Switch එක unicastහා multicast කරන device එකක්(Switch සමහර අවස්තාවල broadcast කිරීමක් කරනව destination MAC address එක MAC address table එකේ තිබුනෙ නැතිනම්).ඒ වගේම manageable device (අපට configuration කරන්න පුළුවන්) එකක්.මතක‍යිනෙ Switch එක කියන්නෙ layer 2 එකේ තියෙන device එකක් කියල.Switch එක Destination MAC address දිහා බලල තමයි තීරන ගන්නෙ.දැන් බලනව ඇති  මේ MAC address table එකයි තීරණ ගන්නව කියපු කථාවයි මොකක්ද කියල.මෙන්න මේකයි සිද්ධිය, Switch එක MAC address table එක හදාගන්නෙ source MAC address එක දිහා බලල මෙන්න මේ විදියට.
A computer (MAC address 0260.8c01.1111) එකට ඕනframe එකක් යවන්න C computer (MAC address 0260.8c01.2222 එකට, මුලින්ම frame එක A computer එකේ ඉදල E0 port එකෙන් Switch එකට ඇතුල් වෙනව ඊට පස්සෙ Switch එකේ buffer (මතකනේ තාවකාලික මතකයක් කියල) එකේ මේ frame එක තියාගෙන මුලින්ම කරන්‍ නේ source computerඑකේ {A computer (MAC address 0260.8c01.1111) MAC address එක හා ඊට අදාල Switch එකේ port එක MAC address table එකට ඇතුල් කර ගන්න එකයි. ඊට පස්සෙ එම Switch එකේ MAC address table එකේ බලනව මේ  Destination MAC address {C computer (MAC address 0260.8c01.2222 )} එක තියෙනවද කියල, නැත්තම් Switch එකේ frame එක පැමිනි port එකෙන් හැර  අනිත් සේරම port හරහා මේ frame එක යවනව(broadcast).පහලින් තියෙන උදාහරෙනෙත් බලන්නකෝ. මේකත් බලන්නකෝ...
                   අපි හිතමු D computer එකට ඕන උනා කියල C computer එකට frame එකක් යවන්න, මෙතනදිත් Switch එක  මුලින්ම කරන්නෙ ඒ frame එක buffer එකේ තියාගෙන source computerඑකේ MAC address ( 0260.8c01.4444) එකයි  ඊට අදාල Switch එකේ port එකයි MAC address table එකට දාගන්න එක. ඊට පස්සේ destination MAC address එක MAC address table එකේ බලල  ඒකෙ නැත්තම් frame එක පැමිනි port එකෙන් හැර අනිත් සියළුම port හරහා frame එක යවනව.(මේ රූපෙ පොඩි වැරද්දක් තියෙනව ඒක තමයි MAC address table එකේ දෙවනි address එක හැදෙන්න ඕන මේ විදියටE3: 0260.8c01.4444)
ඔන්න ඔය විදියට MAC address tablඑක හැදෙන්නෙ.මේ MAC address table සම්පුර්ණ උනාම ඊට පස්සෙ වෙන data transmission වෙන්නෙ Unicast transmission එකක් විදියටයි.මෙන්න Switch එකේ Symbol එක.(Bridge එකත් මේ හා සමානම ලක්ෂණ තියෙන එකක් කියල මතක තියාගන්න.)
Router
   පළමු දේ තමයි Router එක කිසිවිටකවත් network එක තුල broadcast කිරීමක් කරන්නෙ නෑ.Router එක network address හා interfaces යොදාගෙන Routing tableහදාගෙන තියාගන්නව. ඒ වගේම තමයි Router එක network එකේ තියෙන broadcast domain ප්‍රමානය වැඩිකරනව. අනිත් එක තමයි Router එකට පුළුවන් packet යවන්න එක  broadcast domain එකක ඉදල තවත්  broadcast domain එකකට.


                                දන්නවනේ Router එක layer 3 එකේ තියෙන device එකක් කියල. අපි  CCNA වලදි වැඩියෙන්ම කතාකරන්නෙ Router එක ගැනයි.ඒක හින්ද  Router එක ගැන තවත් post එකකින් මීට වැඩිය හොදට කතා කරමු.මෙන්න  Router එකේ  Symbol එක.


ඔන්න ඔය device ගැන හරියට බලාගත්තනම් Network එක කෙසේවෙතත් CCNA exam එකනම් ගොඩ දාගන්න පුළුවන් වෙයි.

එහෙනම් ඊලග පාඩමෙන් හමුවෙමු 

Related Posts

Post a Comment