-->

16.CCNA දොලොස්වන පාඩම Router Interface Configuration [Serial Interface] ii

CCNA දොලොස්වන පාඩම Router Interface Configuration [Serial Interface] ii (රවුටරේ මුහුණු)


          මගේ  IP address පාඩමට කලින් මතකයිනෙ අපි Router එකේ Ethernet interface එක ගැන කතා කලා. අද අපි කතා කරන්නෙ Router එකේ තියෙනSerial interface ගැනයි.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           Serial interface එක යොදාගන්නෙ Router එකක් තවත් Router එකකට සම්බන්ධ කර ගැනීමටයි, තවත් විදියකින් කියනවනම් එක් එක් Router වල තියෙන network සියල්ලම  එකට සම්බන්ධ කරන්න.  මෙහෙම කිව්වත් හරි සේරම network එකම network එකක් කරන්න (Serial interface හරහා Routers සම්බන්ද කල පමනින්ම සියළුම network එකට සම්බන්ද නොවේ) .
                                             Router එකක Ethernet interface වගේම Serial interface සුත් එක එක වර්ග තියෙනව. DB60 serial interface, Smart serial interfaceකියන්නෙ ඔවගෙන් කීපයක් තමයි. ඔය කොච්චර වර්ග තිබුනත් Router එක‍ට Serial Interface එක configure කරන්නෙනම් එකම විදියට තමයි. මම කලින් කිව්වනෙ Router එකක් තවත් Router එකකට හෝ කීපයකට සම්බන්ධ කරන්නෙ Serial port හරහා කියල. ඒ විදියට Serial port හරහා Serial cable එකකින් Router දෙකක් සමබන්ධ කලාට පස්සෙ අපි එම interfaces දෙකට මෙහෙමයි IP address assign කරන්නෙ.





                                         Ethernet interface එක Config කරනව වගේමයි නේද මේකත් කරන්නෙ. හැබැයි අපිට තව වැඩක් තියෙනව මේ Serial interface config කරද්දි කරන්න ඕන.නැත්තම් මේ Routers දෙක අතර සම්බන්ධතාවක් අපිට හදාගන්න බැහැ.ඒක තමයි DCE / DTE සැකසුම්. මොකක්ද මේ DCE හා DTE කියන්නෙ. මේකනම් CCNA විභාගෙදි ඔයාගලගෙන් අහන්නෙ නෑ, configure කරන හැටි හා DCE /DTE මොන Ruter එකේ Serial interface   එකද කියල හොයන හැටි විතරයි දැනගෙන ඉන්න ඕන.ඒත් අපි බලමු මේ ගැන තව විස්තර ටිකක් හොයල බලල. 
මේ තියෙන්නෙ එක් Router එකක Serial  interface එකත්
අනිත් Router  එකේ Serial interface එකත් සම්බන්ද කරන
cable එකක්

මේ තියෙන්නෙ එක් Router එකක Smart Serial  interface එකත් අනිත් Router  එකේ Smart Serial interface එකත් සම්බන්ද කරනcable එකක්
මේ තියෙන්නෙ එක් Router එකක Smart Serial  interface එකත්
 අනිත් Router  එකේ  Serial interface එකත් සම්බන්ද කරනcable එකක්
                                                Router දෙකක් serial cable එකක් හරහා සමබන්ද කරද්දි එම cable එක හරහා සම්බන්ධ උන Serial interface දෙකෙන් අනිවාර්යෙන්ම එක Serial interface එකක් DTE (Data Terminal Equipment) හෝ DCE (Date Circuit-termination Equipment) interface එකක් වෙනව. තවත් විදියකින් කිව්වොත් අනිවාර්යෙන්ම ඔය interface දෙකෙන් එක interface එකක් DTE විදියටත් අනිත් interface එක DCE විදියටත් වර්ග වෙනව.
                                                  DTE විදියට Router,Host එකේ Serial interface එකත් DCE විදියට Modem, CSU/DSU (මේකත් එක් උපකරණයක්) එකේ Serial interface එකත් වර්ග වෙනව කියල තමයි කියන්නෙ. තවත් තැනක කියනව සැමවිටම analog signal digital signal කරන පැත්තෙ තියෙන Serial interface එක සැමවිටම DCE වෙනව කියල. හැබැයි දැන් තියෙන Serial cable වලනම් එම cable එකේ මොන පැත්ත්ද DTE වෙන්නෙ මොන පැත්තද DCE වෙන්නෙ තියල සදහන් වෙනව. මේ පහත තියෙන cable එක දිහා බලන්න
 
මේ Serial cable එකේ ලොකු අග්‍රය DCE ලෙසත්
පොඩි අග්‍රය DTE විදියටත් සදහන් වෙනව.
                  ඔය මම උඩින් කියපු ටික තේරුනේ නැත්තම් කමක් නෑ.මේකයි වැදගත්ම දෙය Router දෙකක Serial cable සම්බන්ධතාවයේදී Serial cable එකේ අග්‍ර දෙක සම්බන්ධ වෙන Router දෙකේ එක් පැත්තක් DCE හෝ DTE වෙනවමයි. එතකොට අපිට අවශ්‍ය කරන්නෙ මේ DCE තියෙන පැත්ත හොයාගන්න එකයි. ඒකට හේතුව පස්සෙ කියන්නම්. දැන් බලමු කොහොමද DCE තියෙන පැත්ත  හොයාගන්නෙ කියල. ඒකට කරන්න තියෙන්නෙ එක Router දෙකෙන් එකක "show controllers serial <serial port address>" විදියට command එකක් දෙන එකයි එතකොට මෙන්න මේ විදියට ඔයාලට පෙන්නයි.


Router1#show controllers serial 1/0
Interface Serial1/0
Hardware is PowerQUICC MPC860
DCE V.35, no clock (මෙන්න interface එක DCE කියල පෙන්නල තියෙනව)
idb at 0x81081AC4, driver data structure at 0x81084AC0
SCC Registers:
General [GSMR]=0x2:0x00000000, Protocol-specific [PSMR]=0x8
Events [SCCE]=0x0000, Mask [SCCM]=0x0000, Status [SCCS]=0x00
Transmit on Demand [TODR]=0x0, Data Sync [DSR]=0x7E7E
Interrupt Registers:
Config [CICR]=0x00367F80, Pending [CIPR]=0x0000C000
Mask   [CIMR]=0x00200000, In-srv  [CISR]=0x00000000
Command register [CR]=0x580
Port A [PADIR]=0x1030, [PAPAR]=0xFFFF
       [PAODR]=0x0010, [PADAT]=0xCBFF
Port B [PBDIR]=0x09C0F, [PBPAR]=0x0800E
       [PBODR]=0x00000, [PBDAT]=0x3FFFD
Port C [PCDIR]=0x00C, [PCPAR]=0x200
       [PCSO]=0xC20,  [PCDAT]=0xDF2, [PCINT]=0x00F
Receive Ring
        rmd(68012830): status 9000 length 60C address 3B6DAC4
        rmd(68012838): status B000 length 60C address 3B6D444
Transmit Ring
 --More-- 


හරි අපිට මේ Router එක ඒකේ Serial interface එක DCE කියල පෙන්නනවනම් අනිත් Router එකේ ‍හොයන්න දෙයක් නෑනෙ ඒ Serial interface එක අනිවාර්යෙන්ම DTE වෙනව. හරි අපිට මේ output එකේ අපේ Serial interface එක DTE කියල පෙන්නුවනම් හොයන්න දෙයක් නෑනෙ අනිත් Routerඑකේ Serial interface එක අනිවාර්යෙන්ම DCE ම තමයි.
                                               ඇයි අපි මෙච්චර වෙලා කියපු DCE Serial interface එක හොයාගත්තෙ. අපි එහෙම හොයාගත්තෙ එකට හේතුව මේකයි, ඔය DCE කියන පැත්තෙ තියෙන Router එකේ Serial interface එකට අපි clock rate එක කියල එකක් assign කරනව. clock rate කියන්නෙ මොකද්ද කියල පස්සෙ කියන්නම්. දැන් බලමු කොහොමද මේ clock rate එක DCE Serial interface එකට assign කරන්නෙ කියල."clock rate" තමයි ඒකෙ command එක.Router එකේ Serial interface එකට clock rate ගොඩක් තියෙනව.මේ බලන්න.



Router1(config)#interface serial 1/0
Router1(config-if)#clock rate ?
Speed (bits per second
  1200           
  2400           
  4800           
  9600           
  19200          
  38400          
  56000          
  64000          
  72000          
  125000         
  128000         
  148000         
  250000         
  500000         
  800000         
  1000000        
  1300000        
  2000000        
  4000000        
  <300-4000000>  Choose clockrate from list above



අපි සාමාන්‍යයෙන් assign කරන්නෙ 56000, 64000 වැනි අගයකුයි. එතකොට අපි මුලින්ම කරපු Router දෙකක් සම්බන්ධ කිරීම මෙන්න මේ විදියට වෙනස් වෙනව. 
                                                      හරි දැන් අපි බලමු මොකද්ද මේ clock rate එක කියන්නෙ කියල. Router එකේ DCE end එකට clock rate එකක් සැකසීමෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ Router දෙක අතර serial port හරහා communication එක සිද්ද වෙද්දි එම communication එකේ speed එක හෝ bandwidth එක පාලනය කිරීමයි. මෙතනදි පාලනය කරනව කියල කිව්වෙ මේන්න මෙහෙමයි, අපි හිතමුකො clock rate එක 64000 ට සැකසුව කියල. එතකොට මේ Router දෙකේ serial interfaces හරහා සිදුවන communication එකේ data rate/bandwidth එක උපරිම 64000bit හෝ ඊට වැඩි වෙන්න පුළුවන්. හරි දැන්නම් පාඩමේ ගොඩක් ඉවරයි. ඒ උනාට ඔයාල පහත ක්‍රියාකාරමත් කරල බලන්න.

ක්‍රියාකාරකම් 01: 
  • මෙතනදි මම අරගෙන තියෙන Subnet mask එක ගැන මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම්  අහන්න අමතක කරන්න එපා. IP address ක්‍රියාකාරකම් කලානම් බැරිවෙන්න විදියකුත් නෑ. දන්නවනෙ අපි IP Address නාස්තිකරන්නෙ නැති හොද network හදන කොල්ලො කියල.
                                       හරි දැන් අපි හරියට සැකසුම් කලානම්  එක Router එකක ඉදල පුළුවන් වෙන්න ඕනඒ Router එක හා සම්බන්ධ අනිත් serial interface වලට ping කරන්න මෙන්න මේ වගේ.


Router1>ping 192.168.20.2

Type escape sequence to abort.
Sending 5, 100-byte ICMP Echos to 192.168.20.2, timeout is 2 seconds:
!!!!!
Success rate is 100 percent (5/5), round-trip min/avg/max = 32/44/47 ms

Router1>ping 192.168.20.9

Type escape sequence to abort.
Sending 5, 100-byte ICMP Echos to 192.168.20.9, timeout is 2 seconds:
!!!!!
Success rate is 100 percent (5/5), round-trip min/avg/max = 31/62/110 ms

තව වැදගත් දෙයක් තියෙනව මතක් කරන්න ඒ තමයි Serial interface දෙකක් අතර සම්බන්ධතාවෙ යම් ගැටළුවක් තියෙනවනම් අපි ඒ interface වල තොරතුරු බලන්න ඕන (show interface serial <port address>) එකකොට එන output එකෙන් අපිට හොයන්න පුළුවන් මොකද්ද මේ වෙලා තියෙන හුටපටේ කියල. අන්න එහෙම බලද්දි එන output එකේ උඩින්ම සදහන් වෙලා තියෙන දේ බලල අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි මම මේ පහලින්  දක්වල තියෙන්නෙ. 



Router#show interface serial 1/0
Serial1/0 is administratively down, line protocol is down (disabled)

මෙහෙම තියෙනවනම් කියන්නෙ අපේ Router එකේ serial interface එක Active කරල නෑ කියලයි. එතකොට කරන්න ඕන දේ දන්නවනෙ no shutdown කියල interface එකට දීල interface එක Active කරන එකයි.



Router#show interface serial 1/0
Serial1/0 is down, line protocol is down (disabled)

මෙහෙම තියෙනවනම් කියන්නෙ අපේ Router එකේ serial interface එකට සමබන්ධ Cable එකේ හෝ connector එකේ ප්‍රශ්නයක් කියලයි. කතවත් විදියකින් කියනවනම් Physical Layer එකේ ප්‍රශ්නයක්.




Router#show interface serial 1/0
Serial1/0 is up, line protocol is down (disabled)

මෙන්න මෙහෙම තියෙනවනම් තියන්නෙ අපි ගොඩක් වෙලා කතාකරපු DCE end එකට Clock rate එක set කරල නැහැ කියන එකයි. එතකොට කරන්න ඕනෙ 'show controllers serial <port address>'කියල ගහල DCE end එක හොයාගෙන clock rate එක set කරන එකයි



Router#show interface serial 1/0
Serial1/0 is up, line protocol is up (connected)

මෙන්න මේ තත්වයට Serial interface එක ගේන්න තමයි අපි මෙච්චර වෙලා ඔට්ටු උනේ. මෙහෙම ආව කියන්නෙ අපේ Serial Connection එක හරියට configure කරල තියෙනව කියලයි.


ඔය උඩින් සදහන් කරපුව ටිකනම් හැබයි කට පාඩම් කරගන්න වෙනව. ඔයාල CCNA විභාගෙ කරන්න යනවනම්. හරි එහෙනම් මේ පාඩමත් ඉවරයි. අපි ඊලග පාඩමේ ඉදල බලමු Routing Protocol ගැන...

Related Posts

Post a Comment