-->

18.CCNA දාහතර වෙනි පාඩම Routing

CCNA දාහතර වෙනි පාඩම Routing i (රවුටර් කපුවා)

                                   
  මොනවද මේ Routing කියන්නෙ, Routing එකක් කියන්නෙ මාර්ගයකට.එතකොට Router දෙකක් හෝ ඊ‍ට වැඩි ගණනක් එකිනෙක සම්බන්ධ කරන්න තමයි මේ Routing යොදාගන්නෙ කියල මම කලින් පාඩමේත් කිව්ව මතක ඇති. අන්න ඒ හින්දම තමයි මම Router කපුව කියලත් මේකට කිව්වෙ. හැබයි ඉතින් දෙන්න සෙට් උනාට පස්සෙ කපුවව අමතක කරනව වගේ වැඩක් ‍නෙමෙයි Router එකනම් කරන්නෙ. Router එක  කපුවා හරහා සෙට් වෙලා කපුවත් ලගින්ම තියාගන්නව සප් එකට, මරුනේද ඒ වැඩෙත්.Router දෙකක් හෝ කීපයක් අතර මේ කියන routing ගොඩනගන්න ක්‍රම කීපයක්ම තියෙනව.මම පහලින් දක්වල තියෙන්න ඒ ක්‍රම කීපයයි.

               දැන් අපි බලමු මේ එක් එක් routing ක්‍රම වල තියෙන ලක්ෂණ හා ඒව කොහොමද configure කරන්නෙ කියල. 

** Static Routing :-
                                  මුලින්ම තියන්න ඕන දේ තමයි ‍static routing වලදි Routing table එක සෑදීම, ඒක maintain කිරීම, හා යාවත්කාලීන (update) කිරීම  manually ම Router එකට සැකසුම් කරන පුද්ගලයාටම සිදුකරන්න වෙනව. ඒක හින්දම static routing ක්‍රමය විශාල network සදහා යොදාගැනීම ප්‍රායොගික ක්‍රමයක් වෙන්නෙ නැහැ. දැන් අපි බලමු static routing වල තියෙන විශේෂ ල්ක්ෂණ.
  • Router Router අතර static ක්‍රමයට සකස්කල routing table හුවමාරු කරගැනීමක් සිදුකරන්නෙ නෑ, ඒ හින්දම Router කිහිපයක් තියෙන network එකක සෑම Router එකක් සදහාම manually Static routing table එකක් Router එකට config කරන්න සිදුවෙනව. ඒ වගේම ඒකෙන් අනෙක් අතට තියෙන  වාසියක් වෙන්නෙ Router එකේ සිදුවන Processing ප්‍රමාණය අඩු හින්ද CPU/RAM හාවිතය වඩාත් කාර්යක්ශමව Router එක තුල සිදු කර ගැනීමට හැකිවෙන එකයි. ඒත් එක්කම network bandwidth එකත් හොදින් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙනව.   
  • Static routing වල administrative distance එක වෙන්නෙ 1යි
Static routing තියෙන අවාසිදායක ලක්ෂණ තමයිදැන් අපි බලන්න යන්නෙ
  • Network එකේ යම් කිසි වෙනස්වීමක් සිදුකෙරුවොත් (අළුත් network එකක් එකතු කලොත්, network ID වෙනස් කලොත්) ඒ වෙනස්කම එක් එක් Router වල routing table වලට එකතු (add) කරන තුරුම එම වෙනස්කල කොටස හා සම්බන්ධතාවයක් පවත්වාගන්න බැරිවෙනව.
  • විශාල network සදහා යොදාගැනීම අපහසුවීම තවත් එක් අවාසියක් මේ static routing වල.
                                         දැන් අපි බලමු කොහොමද මේ static routing එක Router එකට සැකසුම් කරන්නෙ  කියල. සැම routing  සැකසුමක්ම කරන්නේ Router එකේ  Global configuration mode එකේ කියලත් හොදට මතක තියාගන්න. මෙන්න මේකයි command එක.

Router(config)# ip route <destination network address> <it's subnetmask> <nexthop IP address/exit port>

හරි දැන් command එකක් තියනවනෙ, ඒක හින්ද ක්‍රියාකාරකමකුත් දැන් කරල බලමු. ඊට කලින් මේ command එකේ එක් එක් කොටසෙන් මොකක්ද ඇතුලත් කරන්නෙ කියල බලමු. ඉස්සෙල්ලම ක්‍රියාකාරකම බලල ඉන්නකෝ,,,

             බලන්න මම මේ ක්‍රියාකාරකමේ IP address ලියල තියෙන්නෙ CIDR notation එකෙන්. එහෙම ලියන එකේ ලොකුම වාසිය තමයිලේසියෙන්ම subnetmask එක හොයාගන්න පුළුවන් වෙන එක.
උදා:200.100.10.1/29 IP address එකේ තියෙන network bits ගනණයි CIDR notation මගින් කියන්නෙ
            8   +   8   +   8   +   5   =29
          255.255.255.248

 මගේ පරන IP address පාඩම් ටික බලල ඒවගෙ ක්‍රියාකාරකම් ටිකත් කලානම් මේක අළුත් දෙයක් වෙන්න බෑ නේද. command එක පැහැදිලි කිරීමෙන් පස්සෙ ඔයාලගෙම IP address දාල මේ ක්‍රියාකාරකම කරල බලන්න.

මෙන්න command එකේ එක් එක් කොටසෙන් කියවෙන දේවල්,

  • Destination network address:-අපි සැකසුම් කිරීමට යන Router එකේ නැති වෙනත් Router වල තියෙන, අපගේ Router එක හා සම්බන්ධ කරගන්න ඕන network වලට තමයි destination network address කියල කියන්නෙ. එතකොට මේ command එකේ මුලින්ම දාන්නෙ අපේ Router එකේ routing table එකට දාන්න ඕන network එකේ Network Address එකයි. 

උදාහරණයක් විදියට ක්‍රියාකාරකමේ තියෙන Router1 එක ගනිමු.  Router1 එකේ routing table එකේ දැනටමත් පවතින network තමයි පහලින් දක්වල තියෙන්නෙ (ඒව routing table එකට static routing විදියට configure කරල දාන්න ඕනෙ නෑ.හේතුව එම networks Router එක විසින්ම තමන්ගෙ routing table එකට දාගන්න නිසයි). මේවට කියන්නෙ directly connected routes කියලයි. පහල රූපයෙන් පෙන්නන්නෙ Router1 එකට directly connected routes ටිකයි.
        212.1.29.0      ----   255.255.255.248
        195.164.45.0  ----   255.255.255.252
        192.168.10.0  ----   255.255.255.252  
දැන් මාතෘකාවෙ තියෙන destination network address වලට යමු. අපි හිතමු Route1 එකට අනිත් Router දෙකේම තියෙන සෑම network එකක් සමගම තොරතුරු හුවමාරු කරගන්න ඕන කියල. ඒ කියන්නෙ අනෙක් Routers දෙකේම තියෙන Router1 ට directly connected නැති අනිත් සියළුම network අපිට destination network විදියට හදුන්වන්න පුළුවන්. පහත රූපයෙන් පෙන්නල තියෙන්නෙ Router1 එකට අදාල destination networks ටිකයි.           

        200.100.10.0   ----   255.255.255.248
        196.40.122.0   ----   255.255.255.252
        212.1.29.8       ----   255.255.255.248  
  • It's subnetmask:- මේකෙන් කියන්නෙ destination network වල subnetmask ගැනයි. routing table එකට අපි ඇතුලත් කරන්න යන destination network එකේ subnetmask එකයි අපි මෙතන දාන්න ඕන.
  • nexthop IP address / exit port:- මම කලින් පාඩමේ කියපු nexthop එකම තමයි මෙතනත් තියෙන්නෙ. destination network එකට අතුළුවෙන්න Router එක යොදාගන්නා අනෙක් Router එකේ port එකට තමයි කියන්නෙ nexthop එක කියල.අන්න ඒ port එකේ IP address එක තමයි command එකේ අන්තිමට දාන්නෙ. exit port එක කියන්නෙ Router එක destination network එකට යන්න පිටත්වන  port එකටයි. ක්‍රියාකාරකම කරද්දි මේක හොදටම ඔයාලට තේරෙයි.තව එකක් command එකේ අන්තිමට දාන්නෙ මේ මේ nexthop IP address හෝ exit port යන දෙකෙන් එකක් පමණයි.

පහත රූප සටහන බලන්න.මම ඒකෙන් පෙන්නල තියෙන්නෙ Router1 එකට අදාල nexthop එක හා exitport එකයි. ඒකෙ ගුරු පාටින් රවුම් කරල තියෙන්නෙ nexthop එකයි. තැඹිලි පාටින් රවුම් කරල තියෙන්නෙ extport එකයි.
Destination Network                Subnetmask                     NexthopIPaddress                      Exitport
       212.1.29.8                      255.255.255.248                    195.164.45.2                                 Ser 0/1
     196.40.122.0                  255.255.255.252                    192.168.10.2                                Ser 0/0

       200.100.10.0                  255.255.255.248                    192.168.10.2                                 Ser 0/0
                                     හරි දැන් ඔයාල command එකේ එක එක කොටසට දැමිය යුතු ඒව දන්නව කියල මම හිතනව.දැන් අපි static routing Router එකට සැකසුම් කරන හැටි බලමු. මම Router1 එකේ ඉදල පටන් ගන්නම්.ඊට කලින් ඔයාල සේරම Router වලට අදාල interfaces වලට IP address සැකසුම් කරල no shutdown හරහා එම interfaces ක්‍රියාකාරී කරගෙන DCE end එක සදහා clockrate එකත් set කරගන්න. මේව කරන හැටි මම කලින් පාඩම් වල හොදටම පැහැදිලි කරලයි තියෙන්නෙ.

Router1 එකට අදාල Static routing සැකසුම්:::


Router1(config)#ip route 212.1.29.8 255.255.255.248 195.164.45.2
Router1(config)#ip route 200.100.10.0 255.255.255.248 192.168.10.2
Router1(config)#ip route 196.40.122.0 255.255.255.252 192.168.10.2
Router1(config)#^Z
%SYS-5-CONFIG_I: Configured from console by console
Router1#write
Building configuration...
[OK]


ඉහත සැකසුමම අපිට exitport එක භාවිතා කරල පහත විදියටත් කරන්න පුළුවන්.




Router1(config)#ip route 212.1.29.8 255.255.255.248 ser0/1
Router1(config)#ip route 200.100.10.0 255.255.255.248 ser0/0
Router1(config)#ip route  196.40.122.0 255.255.255.252 ser0/0


දැන් අපි Router1 එකට Static routing කරල ඉවරයි. දැන් show ip route කියන command එක හරහා අපිට Router1 එකේ IP address table එක බලාගන්න පුළුවන්.


Router1#show ip route
Codes: C - connected, S - static, I - IGRP, R - RIP, M - mobile, B - BGP
       D - EIGRP, EX - EIGRP external, O - OSPF, IA - OSPF inter area
       N1 - OSPF NSSA external type 1, N2 - OSPF NSSA external type 2
       E1 - OSPF external type 1, E2 - OSPF external type 2, E - EGP
       i - IS-IS, L1 - IS-IS level-1, L2 - IS-IS level-2, ia - IS-IS inter area
       * - candidate default, U - per-user static route, o - ODR
       P - periodic downloaded static route

Gateway of last resort is not set

     192.168.10.0/30 is subnetted, 1 subnets
C       192.168.10.0 is directly connected, Serial0/0
     195.164.45.0/30 is subnetted, 1 subnets
C       195.164.45.0 is directly connected, Serial0/1
     196.40.122.0/30 is subnetted, 1 subnets
S       196.40.122.0 is directly connected, Serial0/0
     200.100.10.0/29 is subnetted, 1 subnets
S       200.100.10.0 is directly connected, Serial0/0
     212.1.29.0/29 is subnetted, 2 subnets
C       212.1.29.0 is directly connected, Ethernet1/0
S       212.1.29.8 is directly connected, Serial0/1


show ip route හරහා ලැබිල තියෙන out put එකේ Codes: යන කොටසට දැන්ම අවදානය යොමුකරන්න එපා. ඊට පහලින් දක්වල තියෙන්නෙ Router1 එකේ routing table එකයි. ඒකේ C අකුරින් directly connected network හා S අකුරින් static routing හරහා අපි Router එකට එකතු කරපු network ටිකත් පෙන්වනව. මේ පාඩමට අමතර දේකුත් ඔයාලට බලාගන්න පුළුවන් මේ routing table එක දිහා හොදට බැලුවොත්.බලන්න මම පහතින් දාල තියෙන කොටස දිහා
 212.1.29.0/29 is subnetted, 2 subnets
C       212.1.29.0 is directly connected, Ethernet1/0
S       212.1.29.8 is directly connected, Serial0/1  
                                                           එතන පෙන්නව නේද මම subnet දෙකක් හදපු IP address range එක හොදටම. දැන් බලමු Router2 හා Router3 වලට static routing කරන විදිහ.

Router2 එකට අදාල Static routing සැකසුම්:::


Router2(config)#ip route 212.1.29.0 255.255.255.248 195.164.45.1
Router2(config)#ip route 192.168.10.0 255.255.255.252 195.164.45.1
Router2(config)#ip route 196.40.122.0 255.255.255.252 195.164.45.1
Router2(config)#ip route 200.100.10.0 255.255.255.248 195.164.45.1


බලන්න, මෙතනදි එකම nexthop එක නේද හැම route එකකටම පාවිච්චි කරල තියෙන්නෙ. ඒකට හේතුව තමයි අපිට අනිත් සෑම network එකකටම ඇතුළු වෙන්න පුළුවන් 195.164.45.1 හරහා. මෙතනදි  exitport එක විදියට අපිට ගන්න වෙන්නෙ Route2 එකේ Ser0/1 port එකයි.  

Router3 එකට අදාල Static routing සැකසුම්:::


Router3(config)#ip route 212.1.29.0 255.255.255.248 192.168.10.1
Router3(config)#ip route 195.164.45.0 255.255.255.252 192.168.10.1
Router3(config)#ip route 212.1.29.8 255.255.255.248 192.168.10.1


මෙතනදිත් කරල තියෙන්නෙ Router2 එකේදි කරපු අකාරයක සැකසුමකුයි.
                    
  හරි දැන් අපේ Router තුනම එකින් එක සම්බන්ධවෙලයි තියෙන්නෙ. දැන් ඒක් එක් network වලට දාල තියෙන පරිගණක වලටත් එම Network වලට ගැලපෙන විදියට IP address assign කරල මුළු network එකම check කරල බලන්න ping command එක භාවිතාකරල හෝ packet tracer එකේ තියෙන data packet function එක භාවිතා කරල. එ වගේම Router2 හා Router3 වල routing table එකත් හොදට පරීක්ෂා කරල බලන්න.  
                             
   හරි දැන් අපි Static routing ක්‍රමයට Router configuration කරල ඉවරයි.

Related Posts

Post a Comment