-->

23.CCNA දහ නවවන පාඩම Routing vi

CCNA දහ නවවන පාඩම Routing vi (Interior Gateway Routing Protocol)
                            
     මේ පාඩමෙන් අපිට කතාකරන්න තියෙන්නෙ කලින් Routing  පාඩම් වලදි කතා කරපු Dynamic routing protocol වර්ගීකරණයේ තියෙනDistance vector Routing protocol කොටසට අයත්  classfull routing protocol එකක් වෙන IGRP (Interior Gatewar Routing Protocol) එක ගැනයි. මේ පාඩම බලන්න කලින් පහතින් තියෙන සබැදියන්ගෙන් ගිහින් පහුගිය පාඩම් ටිකනම් බලන්නම වෙනව.නැත්තම් මේ පාඩම විතරක් බැලුවට CCNA කරන්න ඉන්න අළුත් එක්කෙනෙකුටනම් මොකුත්ම තේරෙන්නෙ නැතිවෙයි.
                                Routing i
                                Routing ii
                                Routing iii
                                Routing iv
                                Routing v
                 IGRP ගැන කතාකරද්දි මුලින්ම කියන්න ඕන දේ තමයි මේ routing protocol එකට Distance vector routing protocol ලක්ෂණත් classfull routing protocol ලක්ෂණත් පෙරන්මිතියෙන්ම අඩංගු වෙනව. ඒ හින්දයි මුලින්ම කිව්වෙ පසුගිය පාඩම් ටික බලලම මේ පාඩමට එන්න කියල. IGRP එක ගැන කෙටියෙන් කිව්වොත්, උඩින් සදහන් කරපු ලක්ෂණ හින්ද routing loop ඇතිවීම IGRP වලදි දකින්න පුළුවන්. ඒ වගේම routing loop ඇතිවීම වලක්ව ගන්න යොදාගන්න ක්‍රමවේදයනුත් IGRP වලදි කලින් පාඩම් වලදි කතා කෙරුව වගේම යොදාගන්නව. තව දෙයක් තියෙනව IGRP ගැන කියන්න, ඒ තමයි IGRP එක cisco ලටම අයිති protocol එකක්. ඒක හින්ද අපිට IGRP වලට කියන්න පුළුවන් cisco proprietary protocol එකක් කියලත්.   එහෙන්ම දැන් බලමු IGRP වල ලක්ෂණ මොනවද කියල. මේ පාඩමේදි කලින් Routing පාඩම් වලදි  කතාකරපු routing protocol වල ලක්ෂණත් තියෙන හින්ද ගොඩක් විස්තරත් ඇතුව ඒ ලක්ෂණ පැහැදිලි කරන්නෙ නෑ. කෙටියෙන තමයි ඒ ගැන පැහැදිලි කරල තියෙන්නෙ.   හරි මෙන්න මෙව්ව තමයි IGRP වල ගතිලක්ෂණ.
  • IGRP එකත් classfull Routing protocol එකක් හින්ද සම්පූර්ණ routing table එකම සෑම තත්පර 90 කට වරක් අනෙක් Routers වලට routing update විදියට යවනව.
  • IGRP වල Administrative distance  එක වෙන්නෙ100.
  • Network එකක් තුල hops 100 දක්වා පමනයි IGRP පෙරනිමිතියෙන් සහයෝගය දක්වන්නෙ. හැබැයි අපිට පොඩි command එකක් පාවිච්චි කරල උපරිම hops 255 දක්වා ඒක වැඩි කරගන්න පුළුවන්, ඒ කියන්නෙ IGRP උපරිම hops 255 දක්වා සහයෝගය දක්වනව කියලයි.
  • IGRP වල metric එක (අනෙක් network වෙත ලගාවෙන්න හොදම මාර්ගය තෝරාගන්නා ක්‍රමය) වෙන්නෙ ප්‍රධාන වශයෙන් distance එකයි. මේ distance එක ගණනය කරන්න bandwidthඑක හා delay of the line කියන දේවල් බාවිතා කරනව. ඊට අමතරව reliability,load සහMTU කියන ඒවත් metric එක ගණනය කරන්න යොදාගන්නව.
                   
     IGRP වල  අනිත් ලක්ෂණ බලන්න කලින් කොහොමද මේ metric එක ගණනය කරන්නෙ කියල පොඩ්ඩක් හොයල බලමු. මෙතනදි කියන්න දෙයක් තියෙනව, ඒ තමයි   IGRP වලදි metric එක ගණනය කරන විදිය ටිකක් විතර සංකීර්ණ එකක්. ඒක හින්ද මම පහලින් පෙන්නල තියෙන්නෙ සරල විදියට  IGRP මගින් bandwidth එක යොදාගෙන  අනෙක් network වලට ලගාවෙන්න පුළුවන් හොදම මාර්ගය එහෙමත් නැත්තම් best path  එක හොයාගන්න විදියයි. අනික Router එක ස්වයංක්‍රීයවම  මේ සේරම ගණනය කිරීම් කර ගන්නවනම් අපි මොකටද ඕක හොයන්න ඔච්චරම මහන්සි වෙන්නෙ නේද.   හරි දැන් පහලින් තියෙන රූප සටහන දිහා පොඩ්ඩක් බලමු....
කලින් කියපු විදියට IGRP වලදි bandwidth එක යොදාගෙන metric එක ගණනය කරන හැටි සරලව මේ උදාහරණයෙන් බලමු. Router 1 වල network1 එකේ තියෙන පරිගණයකට ඕන Router3 එකේ network2වල තියෙන පරිගණකයකට data packet යවන්න. දැන්Router1 එකට network2 වෙත යන්න උඩින් තියෙන රූපෙ විදියටනම් මාර්ගයන් 3ක් තියෙනව.

1.  Router1 ----> Router2 ----> Router3
                128kbps          +         128 kbps = 256 kbps

2.  Router1 ----> Router3
                          64kbps = 64kbps

3.  Router1 ----> Router5 ----> Router4 ----> Router3
                         256kbps          +         256kbps          +         256kbps = 768kbps
                                    

   හරි ඔය උඩින් පෙන්නල තියෙන්නෙ ඒ මාර්ගයන් 3න හා මාර්ගයන් වල bandwidth වල එකතුවත් එක්කයි. දැන් IGRP බලනව මොකද්ද වැඩියෙන්ම bandwidth තියෙන මාර්ගය කියල.ඊට පස්සෙ තමයි අනිත් අතුරු කාරණා ටිකත් බලල IGRP  තීරණය කරන්නෙ මොකක්ද හොදම මාර්ගය network 1 වල ඉදල network2 වලට යන්න. අපේ උදාහරණය විදියටනම් හොදම මාර්ගය වෙන්නෙ තුන්වෙනි මාර්ගයයි, මොකද එකෙ තමයි වැඩිම bandwidth එකක් තියෙන්නෙ. IGRP වලදි metric එක ගණනය කරන්නෙ highest bandwidth and lowest delayවල එකතුවෙන් කියල සරලව මතක තියාගන්න.ඔයාලට හරියටම IGRP වලදි metric එක ගණනය කරන හැටි CISCO මාමලාගෙන්ම අහගන්න පුළුවන්   පහල තියෙන සබැදියෙන් ගිහින්.

දැන් අපි බලමු මගින් නවත්වපු IGRP වල තියෙන අනිත් ලක්ෂණ මොනවද කියල..

  • IGRP සැකසුම් කරපු Routers 255.255.255.255 කියන broadcast address එක තමයි routing update අනිත් Routers වලට යවන්න උපයෝගි කරගන්නෙ.
  • කලින් පාඩම් වලදි RIP යටතෙ අපි කතා කෙරුව timers හතරක් ගැන. අන්න ඒ timers ඒ විදියටම IGRP වලදිත් බාවිතා වෙනව. හැබැයි පොඩි වෙනස්කමකුත් එක්ක. ඒ තමයි IGRP timers වල කාලයේ පවතින වෙනස.ඒ කිව්වේ IGRP timersRIP timers වලට වඩා වැඩි කාලයකින් යුක්ත වීමයි (timers ගැන කලින් පාඩම් වලදි විස්තරත් එක්කම කතාකරල තියෙනව). පහතින් තියෙන්නෙ IGRP වල පෙරනිමිතියෙන්ම සැකසිල තියෙන timers වල අගයනුයි.
  1. Update timer           - තත්පර 90
  2. Invalid timer           - තත්පර 270
  3. Hold - down timer  - තත්පර 280
  4. Flush timer              - තත්පර 630
  • IGRP සැකසුම් කරපු Router අතර routing update හුවමාරු වෙන්නෙ එකම Autonomous system number එකකින් එම Routers වලට IGRP සැකසුම් කරල තිබුනොත් විතරයි. ඒ කිව්වේAutonomous system number එක අසමාන විදියට network එකේ Router වලට සැකසුම් කරල තියෙනවනම් ඒ Routers අතර routing update හුවමාරු වෙන්නේ නෑ. කියපු දේ තේරුනේ නැතත් අවුලක් නෑ. මේ ඇටේ නම්බරේ මොකක්ද කියල ක්‍රියාකාරකම් කරද්දි ඔයාලට හොදටම තේරෙයි.
                                  
    හරි දැන් ක්‍රියාකාරකම් වලට යමු.ඊට කලින් බලමු මොනවද IGRP සැකසුම් කරන්න ඕන වෙන command කියල.

Router(config)# router igrp < autonomous system number >
Router(config-route)#network <network address>
ඔය command තමයි IGRP සැකසුම් කරන්න බාවිතා කරන්නෙ. පළවෙනි command එකේ තියෙන autonomous system number කියන තැනට 0 -65536අතර කැමති ඉලක්කමක් දාන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ඒ ඉලක්කමම තමයි network එකේ IGRP සැකසුම් කරන අනිත් හැම Router එකකටමත් දැමිය යුතු වීම. එහෙම දැම්මෙ නැත්තන් වෙන වැඩේ මම කලින්ම කිව්වනේ. එහෙනම් දැන් තියෙන්නෙ ක්‍රියාකාරකම කරල බලන්න..

මේ ක්‍රියාකාරකමේදිත් කලින් පාඩම් වලදි කලා වගේම ඔයාලට කැමති IP address දාල Router වලට මුලික සැකසුම් කරගන්න. ඒ කිව්වෙ interface සැකසුම්, serial interface වලට cock rate set කිරිම වාග් දේවල්. හැබැයි IGRP කියන්නෙ classfull routing protocol එකක් හින්ද ක්‍රියාකාරකමට IP address දාද්දි ඒක ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න (කලින් පාඩම් වලදි මේ ගැන කතා කරල තියෙනව).හරි දැන් අපි උඩ තියෙන ක්‍රියාකාරකමට අදාල Routers වලට IGRP සැකසුම් කරමු.


Router1 සදහා IGRP සැකසුම්.

Router1(config)#router igrp 10 (මෙතනදි 10 විදියට දාල තියෙන්නෙ Autonomous system number එකයි )
Router1(config-route)#network 10.0.0.0
Router1(config-route)#network 125.0.0.0
Router1(config-route)#network 192.168.10.0


Router2 සදහා IGRP සැකසුම්.

Router2(config)#router igrp 10 (කලින්ම කිව්වනෙ එකම network එකේ තියෙන Router වලට IGRP සැකසුම් කරන කොට සෑම Router එකකම autonomous system number එක සමාන වෙන්න ඕන කියල, අන්න ඒ හින්දමයි මෙතනත් 10 තියෙන්නෙ) 
Router2(config-route)#network 172.20.0.0
Router2(config-route)#network 122.0.0.0
Router2(config-route)#network 201.120.12.0
Router2(config-route)#network 192.168.10.0


Router3 සදහා IGRP සැකසුම්.

Router3(config)#router igrp 10 (Autonomous system number එක 10 විදියටම දැමිය යුතුයි)
Router3(config-route)#network 201.120.12.0
Router3(config-route)#network 130.11.0.0


දැන් ක්‍රියාකාරකමේ තියෙන Router සේරටම IGRP සැකසුම් කරල ඉවරයි. එක Router එකක ඉදල අනිත් Router වල network වලට data packet යවල හරි ping කරල හරි බලන්නෙ අපි කරපු IGRP සැකසුම් හරිද කියල.
                               
   තව පොඩි IGRP සැකසුමක් ඉතුරුවෙලා තියෙනව කතා කරන්න, ඒ තමයි පාඩම මුලදි කියපු IGRP පෙරනිමිතියෙන් hops 100 දක්වා විතරයි සහයෝගය දක්වන්නෙ හා පොඩි සැකසුමකින් ඒක උපරිම hops 255 දක්වා සහයෝගය දක්වන විදියට සකසන්න පුළුවන් කියල කියපු කතාව. ඒක කරන්නෙ මෙහෙමයි..


Router1(config)#router igrp 10 
Router1(config-router)#metric maximum-hops 255 


මේ පොඩි command එකෙන් පස්සෙ IGRP සැකසුම් කරපු Router එක උපරිම hops 255 දක්වා සහයෝගය දක්වනව. දැන් බලමු IGRP සැකසුම් වල තොරතුරු බලාගන්න පුළුවන් command ටිකක්.
**IGRP route විතරක් routing table එකෙන් බලා ගැනීම.
                        Router1#show ip route igrp
**IGRP debugging (routing update සිදුවන ආකාරය) තොරතුරු බැලීම.
                        Router1#debug ip igrp transaction 
                        Router1#debug ip igrp events
දැන්නම් IGRP සැකසුම් සේරම කතා කරල ඉවරයි. ඉවර නෑ තව එකක් ඉතුරුවෙලා තියනව කතා කරන්න.ඒ තමයි IGRP සැකසුම් Router එකෙන් ඉවත් කරන විදිය.ඒක කරන්නෙ මෙහෙමයි..
Router1(config)#no router igrp 10 (මතක ඇතුව command එකේ අවසානෙට IGRP සැකසුම් කරද්දි දාපු ඇටේ නම්බරේම දාන්න)
                                      
    දැන්නම් IGRP ගැන කතාකරල ඉවරයි. තව අපිට තියෙන්නෙ OSPF හා EIGRP කියන routing protocol දෙක ගැන කතාකරන්න විතරයි. එතකොට CCNA routing පාඩම් ටික ඉවර වෙනව. ඊට පස්සෙ ACL එහෙමත් නැත්තම් access control list ගැන අපි කතා කරමු.

Related Posts

Post a Comment