-->

27.CCNA විසි තුන්වෙනි පාඩම Routing x

CCNA විසි තුන්වෙනි පාඩම Routing x(Enhanced Interior Gateway Routing Protocol) EIGRP සැකසුම් කිරීම.

                                      
 CCNA විසි දෙවෙනි පාඩමෙන් අපි කතා කලා EIGRP වල හැසිරීම DUAL algorithmඑක මගින් කොහෙමද best path එක තෝරගන්නෙ යනාදී දේවල්. අද අපිට මේ පාඩමෙන් බලන්න තියෙන්නෙ කොහෙමද EIGRP  network එකේ තියෙන Router සදහා සැකසුම කරන්නෙ කියලයි. පහතින් පෙන්නල තියෙන්නෙ EIGRP කරන්න අපිට අවශ්‍ය වෙන command වල syntax ටිකයි.


Router(config)#router eigrp <autonomous system number>
Router(config)#network <nnetwork address>
Router(config-router)#no auto-summary

                       
   පළවෙනි command එකෙන් තමයි Router එක මගින් EIGRP සැකසුම් හා එයට අදාල අනෙකුත් තොරතරු හදුන ගන්නෙ. ඒ වගේම පළවෙනි command එකේ තියෙන autonomous system number කියන කොටසට 1 - 65535 අතර ඕනම අගයක් භාවිතා කරන්න පුළුවන්. අනිත් එක තමයි network  එකේ EIGRP සැකසුම් කරන හැම Router එකකම මේ autonomous system number එක සමාන වෙන්න ඕන, හරියට IGRP වලදි වගේම. පටලව ගන්න එපා OSPF සැකසුම් කරද්දි තමයි මෙතනට දාන අගය අනෙක් Router සැකසුම් කරද්දි දාන අගයත් එක්ක සමාන වෙන්න ඕන නැත්තෙ, අනික අපි එනදි භාවිතා කරන්නෙ process ID කියල එකක්නෙ.
                           
 දෙවනි command එකෙන් කරන්නෙ සැකසුම් කරන Router එකේ directly connected networks, EIGRP මගින් network එකේ තියෙන අනිත් EIGRP සැකසුම් කරපු Routers වලට බෙදාහරින්න හදුන්වල දෙන එකයි. මෙතනදි network address කියන තැනට අපි දාන්න ඕන සැකසුම් කරන Router එකට directly connected (Router එකේ interfaces අයත් වෙන network ) වල network address එකයි.
              
   තුන් වෙනි command  එකෙන් වෙන්නෙ EIGRP වල පෙරනිමිතියෙන්ම එන IP address summarization කිරීම වලක්වන එකයි. IP address summary කරන එකෙන් වෙන්නෙ එකම පරාසයෙ subnet කරපු networks Classfull විදියට හදුනාගනීමයි. තවත් විදියකින් කියනවනම් no auto-summery කියන command එක හින්ද තමයි Router එක විසින් network address එක classfull විදියට නොගෙන අදාල subnet mask එකේ විදියට ගන්නෙ. අපි no auto-summery කියන command එක EIGRP වල බාවිතා කලේ නැත්තම් subnet කරපු network තියෙන Routers එකින් එක සම්බන්ධ කරන්න බැරිවෙනව (ඒකට හේතුව වෙන්නෙ  EIGRP විසින් network address එක classfull විදියට summarize කිරීමයි). 
උදා:- 172.12.0.0/19
         172.12.32.0/19
         172.12.64.0/19
         172.12.96.0/19
                  
 උඩින් දීල තියෙන විදියට Router කිහිපයකට එකම class එකේ subnet කරපු network සැකසුම් කරල තියෙනව කියල හිතන්න.දැන් අපි මේ Routers වලට EIGRP සැකසුම් no auto-summeryකියන command එක නැතුව සැකසුම් කලානම් ඔය network සේරම 172.12.0.0/16 විදියට තමයි EIGRP මගින් network එකේ බෙදාහරින්නෙ. ඒකට හේතුව තමයි 172 වලින් පටන් ගන්නෙ class B IP addressහින්ද subnet mask එකත් class B වල default subnet mask එක වෙන 255.255.0.0 (/16) විදියටම ගැනීම.

දැන් අපි ක්‍රියාකාරකම් කරල බලමු කොහොමද කලින් බලපු command පාවිච්චි කරල Router සැකසුම් කරන්නෙ කියල. මේ ක්‍රියාකාරකමට ගැලපෙන විදියට ඔයාල කැමති IP address දාල කරන්න. IP address ගැටළුවක් එහෙම තිබුනොත් අහන්නත් අමතක කරන්නත් එපා..මම මෙතන කරල තියෙන ක්‍රියාකාරකමට අදාල IP address ඒ network වලට හරියටම ගැලපෙන විදියට නෙමෙයි දාල තියෙන්නෙ.subnetting ගැන තව ටිකක් ඔයාලට තේරුම් ගන්න තමයි මේ ක්‍රියාකාරකමේදි ඒ විදියට IP address සැකසුම් කරල තියෙන්නෙ.
ඔයාලට පුළුවන් පල්ලැහැ තියෙන packet tracer file කියන තැනින් උඩින් කරල තියෙන ක්‍රියාකාරකම ඔයාලගෙ  පරිගණකයට බාගෙන ඒක packet tracerවලින් විවෘත්ත කරගෙන බලන්න. ඒ වගේම ක්‍රියාකාරකමේ තියෙන Routers වලට මම කරපු සැකසුම් අනිත් ලින්ක් එකෙන් ගිහින් ඒකෙ තියෙන text document එක බාගෙන බලන්න පුළුවන් 
උදාහරණයක් විදියට පහලින් පෙන්නල තියෙන්නෙ ක්‍රියාකාරකමේ තියෙන Router2  වලට සැකසුම් කරල තියෙන හැටියි. අනිත් Routers වලට ඔයාල උඩින් තියෙන link වලින් බාගත්තු file 2 ක දිහා බලල තනියම සැකසුම් කරල බලන්න.

Router2:


ROUTER2(config)#router eigrp 50
ROUTER2(config-router)#net 10.120.114.0
ROUTER2(config-router)#net 10.120.114.4
ROUTER2(config-router)#netwo 10.120.114.12
ROUTER2(config-router)#no auto-summary 


Router2 සැකසුමේදි මම autonomous system number එක විදියට දාල තියෙන්නෙ 50. ඒ හින්ද අනිත් Router  වලටත්  EIGRP සැකසුම් කරද්දි අනිවාර්යෙන්ම autonomous system number එක විදියට 50 දැමිය යුතුම වෙනව. ඊට පස්සෙ Router2 වලට directly connected network වල network address  තමයි දාල තියෙන්නෙ. මේ විදියට Routers සේරම සැකසුම් කලාට පස්සෙ ping command එක පාවිච්චි කරල බලන්න ඔයාල configure කරපු network එකින් එක සම්බන්ද වෙනවද කියල.

දැන් අපි බලමු network එකේ Routers වලට කරපු EIGRP සැකසුම් වල නිවරදිතාව පරීක්ෂා කරන්නෙ කොහොමද කියල.

**Router#show ip eigrp neighbors මේ command එකෙන් EIGRP සැකසුම් කල Router එකේ neighbor table එක බලාගන්න පුළුවන්.


ROUTER2#show ip eigrp neighbors
IP-EIGRP neighbors for process 50
H   Address         Interface      Hold Uptime    SRTT   RTO   Q   Seq
                                   (sec)          (ms)        Cnt  Num
0   10.120.114.1    Ser0/1         12   00:13:52  40     1000  0   69
1   10.120.114.14   Ser1/0         11   00:13:52  40     1000  0   84
2   10.120.114.6    Ser0/0         13   00:13:52  40     1000  0   100


මෙතනින් අපිට බලන්න පුළුවන් Router2 වල එක් එක්  serial interface එකට directly connected Routers එම serial interface එකේ next hop එක විදියට පෙන්නල තියෙනව.

**Router#show ip eigrp topology කියන command එකෙන් EIGRP වලින් හදපු topology table එක බලාගන්න පුළුවන්.



IP-EIGRP Topology Table for AS 50

Codes: P - Passive, A - Active, U - Update, Q - Query, R - Reply,
       r - Reply status

P 10.120.114.0/30, 1 successors, FD is 20512000
         via Connected, Serial0/1
P 10.120.114.12/30, 1 successors, FD is 20512000
         via Connected, Serial1/0
P 10.120.114.4/30, 1 successors, FD is 20512000
         via Connected, Serial0/0
P 200.18.20.32/27, 1 successors, FD is 20514560
         via 10.120.114.1 (20514560/28160), Serial0/1
P 198.17.0.0/25, 1 successors, FD is 20514560
         via 10.120.114.1 (20514560/28160), Serial0/1
P 142.25.0.16/28, 1 successors, FD is 20514560
         via 10.120.114.14 (20514560/28160), Serial1/0
         via 10.120.114.6 (21026560/20514560), Serial0/0
P 142.25.0.0/28, 1 successors, FD is 20537600
         via 10.120.114.14 (20537600/281600), Serial1/0
         via 10.120.114.6 (21049600/20537600), Serial0/0
P 10.120.114.8/30, 2 successors, FD is 21024000
         via 10.120.114.14 (21024000/20512000), Serial1/0
         via 10.120.114.6 (21024000/20512000), Serial0/0
P 192.168.10.0/29, 1 successors, FD is 20514560
         via 10.120.114.6 (20514560/28160), Serial0/0
         via 10.120.114.14 (21026560/20514560), Serial1/0


මෙතනින් පෙන්නල තියෙනව නේද එක් එක් network එකට යන්න පුළුවන් best path ඒවගෙmetric එකත් එක්කම. දන්නවනෙ මෙතන තියෙන සේරම route වලට කියන්නෙ feasible successor route කියල. 

**Route#show ip eigrp route මේ command එක හරහා අපිට බලන්න පුළුවන් අපි EIGRP සැකසුම් කරපු Router එකේ EIGRP routing table එක. router එකේ මුළු routing table එකම බලන්න ඕන නම් Router#show ip route කියන command එක යොදාගන්න පුළුවන්.


ROUTER2#show ip route eigrp
D       10.120.114.8/30 [90/21024000] via 10.120.114.14, 00:11:30, Serial1/0
                        [90/21024000] via 10.120.114.6, 00:11:30, Serial0/0
D       142.25.0.0/28 [90/20537600] via 10.120.114.14, 00:11:30, Serial1/0
D       142.25.0.16/28 [90/20514560] via 10.120.114.14, 00:11:30, Serial1/0
D       192.168.10.0/29 [90/20514560] via 10.120.114.6, 00:11:30, Serial0/0
D       198.17.0.0/25 [90/20514560] via 10.120.114.1, 00:11:30, Serial0/1
D       200.18.20.32/27 [90/20514560] via 10.120.114.1, 00:11:30, Serial0/1

කලින් පාඩමේ කතාකරපු විදියට මෙතන තියෙන route වලට කියන්නෙ successor route කියලයි. උඩින් තියෙන table එකේ [90/*******] විදියට පෙන්නල තියෙන තැන 90 කියන්නෙ EIGRP වලadministrative distance එකයි. තරු ලකුනින් සදහන් කරල තියෙන තැන දාල තියෙන ඉලක්කම් වලින් පෙන්නන්නෙ ඒ roue එකේ metric එකයි. ඔයාලට පුළුවන් topology table එකයි EIGRP routing table එකයි සන්සන්දනය කරල බැළුවොත් තවත් වැඩිපුර තොරතුරු ටිකක් හොයාගන්න..

පහලින් තියෙන command වලිනුත් වෙන්නෙ මොනවද කියල ඔයාල හොයල බලන්න. මේ command නම් ගොඩක් දුරට ගන්නෙ EIGRP වල troubleshooting වලට.

Router#debug eigrp fsm

Router#debug eigrp packet

Router#debug eigrp neighbor

Router#debug ip eigrp notifications

EIGRP පාඩමත් මෙතනින් ඉවර වෙනව.  ඊලග පාඩමෙන් අපි කතා කරමු default Route කියන්නෙ මොනවද කියල.

Related Posts

Post a Comment