-->

39.CCNA තිස් පස්වන පාඩම VLAN trunking

CCNA තිස් පස්වන පාඩම VLAN trunking (VTP- VLAN Trunking Protocol)
                      
  Switch කලින් පාඩම් වලදි අපි ඉගෙන ගත්ත VLAN සැකසුම් සිදුකිරීම හා ඒ හරහා switch සම්බන්ධ network එකක් තුල broadcast අවම කරගන්නෙ කොහොමද කියල. මේ පාඩමේදි switch කිහිපයක ඇති එකම VLAN අතර සම්බන්ධතාවයන් ගොඩනගාගන්නෙ කොහොමද කියල අවබෝධ කර ගනිමු. 


ක්‍රියාකාරකම් 01:
         
 බාගත කරගන්න:

packet tracer file (සැකසුම් කිරීමට පෙර)
                                
packet tracer file (සැකසුම් කල පසු)

           
  ඉහත ක්‍රියාකාරකමේ පෙන්වා ඇති ආකාරයේ network එකක් තුල එක් switch එකක ඇති එක් department එකකට තවත් switch එකක ඇති එම department එකේම උප කොටස සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට අවශ්‍යයැයි සිතමු (උදාහරණයක් ලෙස එක් switch එකක ඇති stores department [VLAN3] එකට තවත් switch එකක ඇති stores department [VLAN3] එක හා සම්බන්ධතාවයක් ගොඩනගාගැනීම). පළමුවෙන්ම සැකසුම් කිරීමට පෙර packet tracer file එක බාගත කරගෙන බලන්න වෙනත් switch වල පිහිටි එකම VLAN වලට ping කල හැකිද කියල. උදාහරණයක් විදියටනම් switch1 වල stores department එකට අයත් PC එකේ සිට switch2 වල stores department එකට අයත් PC එකට ping කරල බලන්න. ඔබට සාර්ථකව ping කරන්න පුළුනවන් නේද. 
                         
  switch සදහා කිසිම සැකසුමක් කරන්නෙ නැතිවත් සමාන VLAN අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට හැකිවුනේ කෙසේද? එයට පිළිතුර තමයි DTP (Dynamic Trunking Protocol). DTP පෙරනිමිතියෙන්ම switch interface එක හා ක්‍රියාත්මකව පවතින නිසා නිවරදිව network එක තුල switch එතිනෙකට සම්බන්ධ කලහොත් dynamic විදියට switch මගින්ම සමාන VLAN අතර සම්බන්ධතාවයක් ගොඩනගාගන්නව. නමුත් VLAN trunk (එක හා සමාන VLAN සම්බන්ධ ) කිරීම සදහා සාමාන්‍යෙයන් DTP යොදාගන්නෙ නැහැ. එයට හේතුව වෙන්නෙ සමහර අවස්ථාවලදි DTP මගින් network එක තුල frames නිවරදිව හා කාර්යක්ෂම විදියට transmit නොකිරීම. එමනිසාම ගොඩක් cisco switches (Catalyst XL series, Catalyst 2948G-L3, Catalyst 4908G-L3, Catalyst 8500 series) දැන් DTP සදහා සහය දක්වන්නෙ නැහැ.
                       
   DTP,  VLAN trunk කිරීම සදහා සුදුසු නැතිනම් ඒ සදහා විකල්පයන් අපට යොදාගැනීමට සිදුවෙනව. මෙන්න මේ අවස්ථාවෙදි තමයි static trunking protocol අපේ සහයට එන්නෙ. switch කිහිපයක ඇති VLAN trunk කිරීම සදහා cisco විසින්ම හදුන්වාදුන් cisco proprietary protocol එකක් තිබෙනවISL (Inter-Switch Link) යන නමින්. නමුත් එම protocol එකෙහිත් පවතින යම් අඩුපාඩු නිසා හා එය පැරණි trunking protocol එකක් නිසාත් ISL VLAN trunking සදහා යොදාගන්නෙ නැහැ. වර්ථමානයේදී VLAN trunk කිරීම සදහා යොදාගන්නා පිළිගත් ක්‍රමවේදය විදියට සලක්නනෙ 802.1Q සම්මතයයි
                                
 802.1Q මගින් layer-2 වල ගමන්කරනා frames වලට VLAN tag එකක් එකතු කිරීම මගින් VLAN අතර මනා සම්බන්ධතාවයක් ගොඩනගනව. 802.1Q මගින් VLAN tag එකට ඇතුළුකරනු ලබන්නේ VLAN ID එකයි. මේ කරුණත් හොදින් මතක තබාගන්න. කලින් සදහන් කල පරිදි  802.1Q මගින් VLAN tag එකක් layer2 frame වලට එකතු කලද එසේ නොකරන එක් අවස්ථාවකුත් තියෙනව. ඒ තමයි native VLAN එක තුල ඇති interface එකකට සම්බන්ධ device එකක් මගින් එවන frames වලට VLAn tag එකතු නොකිරීම. 
 VLAN ID එක frame වල අන්තර්ගත වීම නිසා switch එකට හැකිවෙනව පහසුවෙන්ම frames නියමිත VLAN වලට forward කිරීමට. ක්‍රියාකාරකම්01 වලට 802.1Q හරහා VLAN trunking කිරීමට පෙර access port හාtrunking port කියන්නෙ මොනවද කියල හදුනගෙන හිදිමු.

Access Port:
          සාමාන්‍යයෙන් network එකක ඇති switch වල access port/link වලට තමයි end devices සම්බන්ධ කරන්නෙ. මෙතනදි end devices කියල අදහස් කලේ computers, printers, laptops වැනි network එක හා සම්බන්ධ කරන devices වලටයි. access port එකකට network එක තුලදි සම්මත ethernet frame එකෙහි සැකස්ම පමණයි හදුනගන්න පුළුවන්. තවත් ටිකක් පැහැදිලිව කියනවනම් switch එකට VLAN tag එක සහිත frame එකක් ආවොත් එම tag එක ඉවත් කරල තමයි switch එක access port එක හරහා end deviceඑකට frame එක එවන්නෙ. වැදගත්ම කාරණය තමයි access port එකක් අඩංගු විය හැක්කේ එක් VLAN එකකට පමණයි. එකම access port එක VLAN කිහිපයකට සම්බන්ධ වෙන පරිදි කිසිවිටකත් යොදාගත නොහැකියි. switch එකක ඇති port(interface) එකක් පහත command එක හරහා අපට access port එකක් බවට පත්කරගන්න පුළුවන්.
Switch(config-if)#switchport mode access

Switch(config-if)#interf fa0/1
Switch(config-if)#switchport mode access 

Trunk Port:
          switch එකක් network එකේ ඇති තවත් switch එකක් හෝ router එකක් සමග සම්බන්ධ කරනවනම් එම devices එකිනෙකට සම්බන්ධ කල යුත්තේ trunk port එකක් හරහායි. trunk port එකක හැකියාව තිබෙනව VLAN කිහිපයකට අයත් frames එහි VLAN tag එක හරහා හදුනාගන්න වගේම විවිධ VLAN frames network එක හරහා transmit කරවන්නත්. switch port එකක් අපට පහත command එකින් trunk port එකක් බවට පත්කරන්න පුළුවන්.
Switch(config-if)#switchport mode trunk

Switch(config-if)#interf fa0/1
Switch(config-if)#switchport mode trunk 

           දැන් අපි බලමු කොහොමද 802.1Q යොදාගෙන ක්‍රියාකාරකම්01 අදාල network එකෙහි VLAN එකිනෙකට සම්බන්ධ කරන්නෙ කියල. මෙහිදී switch1,switch2, switch3 වල fa0/1 interfaces හා core switchඑකෙහි fa0/1, fa0/2, fa0/3 interfaces trunk ආකාරයට සැකසීම කලයුතු වෙනව. switch port එකක් trunk port එකක් බවට පත් කර 802.1Q යොදාගෙන අනෙක් switches සමග VLAN තොරතුරු හුවමාරු කරගත හැකි ආකාරයට සැකසුම් කිරීම පහළ ආකාරයට පෙලගස්වන්න පුළුවන්.

පළමු පියවර: trunk කිරීමට අවශ්‍යය switch interface එක වෙත පිවිසීම.
          Switch(config)#interface <interface_id>
දෙවන පියවර: switch port එක trunk ලෙස සැකසුම් කිරීම.
          Switch(config-if)#switchport mode trunk
තෙවන පියවර: 802.1Q trunk port එකට හදුවාදීම.
          Switch(config-if)#switchport trunk encapsulation dot1q

සටහන: මෙහි සියළු ක්‍රියාකාරකම් සිදුකර ඇත්තේ packet tracer 5.3.3 තුළයි. එහි ඇති switch වලට trunk සැකසුම් සිදුකිරීමේදී පළමු හා දෙවන පියවරයන් සැකසුම් කිරීම ප්‍රමාණවත්ය. එමගින් පෙරනිමිතියෙන්ම dot1q (802.1q සම්මතය) trunk port එකට ලබා ගනියි.  
උදාහරණයක් විදියට ක්‍රියාකාකම් 01 හි ඇති core switch එකෙහි trunk port පහත ආකාරයට සැකසුම් සිදුකල හැකියි. මේ ආකාරයටම switch1,switch2 හා switch3 වල fa0/1 ports සැකසුම් කර බලන්න.

core(config)#interface fa0/1
core(config-if)#switchport mode trunk
core(config)#interface fa0/2
core(config-if)#switchport mode trunk
core(config)#interface fa0/3
core(config-if)#switchport mode trunk


පහත දැක්වෙන command එක හරහා පුළුවන් අපි සැකසුම් කල trunk interfaces වල තොරතුරු හරියටම බලාගන්න.
switch#show interface trunk

core#show interface trunk
Port        Mode         Encapsulation  Status        Native vlan
Fa0/1       on           802.1q         trunking      1
Fa0/2       on           802.1q         trunking      1
Fa0/3       on           802.1q         trunking      1


ක්‍රයාකාරම්01 හි core switch එකට අදාල trunk interfaces පමණක් trunk port ආකාරටය සැකසුම් කර අනෙක් switches වලට trunk සැකසුම් සිදුනොකර "show interface trunk" හරහා තොරතුරු බැළුවොත් පහත ආකාරයෙන් පෙන්නාවි.
  හොදින් බලන්න core switch එකෙහි output එකේ පෙන්නල තියෙන Mode(on) හා switch3 වල output එකේ Mode(auto) වෙනස. මේ ආකාරයෙන් අපි විසින් අවධානය යොමුකල යුතු mode කිහිපයක්ම තිබෙනව trunking ගැන කතාකරද්දි. යම් අවස්ථාවකදි trunk port අතර සම්බන්ධතාවක් ගොඩනගාගැනිමට නොහැකි වු විට මෙම trunking port mode එක ගැන අවධානය යොමු කලානම් පහසුවෙන්ම කොතනද වැරදීම සිදුවෙලා තිබෙන්නෙ කියල හදුනාගත හැකි වෙනව.
on: යම් interface එකක් "switchport mode trunk" command එක හරහා trunk port එකක් බවට සැකසුම් කල පසු මේ mode එකට පැමිනෙයි.
auto: switch interface එකක් තවත් switch එකක් හා සම්බන්ධ කර ඇත්නම් එම සම්බන්ධ කල switch එකේ interface එක trunk ආකාරයට සැකසුම් කර ඇත්නම් Mode auto ආකාරයට පෙන්වයි. යම් කිසි අකාරයකින් switch දෙකක් එකිනෙකට සම්බන්ධ interface දෙකෙහිම trunking mode එක auto ඇත්නම් එම interfaces අතර trunk සම්බන්ධතාවයක් ගොඩනගාගත නොහැක.

desirable: trunk කරන ලද interface එකක Mode එක "desirable" ආකාරයට පෙන්නුම් කරනවනම් එයින් කියන්නෙ interface එක හා සම්බන්ධ අනෙක් පස ඇති switch එකේ trunk port mode එක auto, on, desirableයන mode තුනෙන් කුමන හෝ mode එකක ඇත්නම් trunking සම්බන්ධතාවය සාර්ථකව ගොඩනගාගත හැකි බවයි.

ඉහතින් සදහන් කල mode ගැන switch IOS එක තුලින් සාරාංශගතව තොරතුරු සපයල තියෙනව. ? සමග පහත ආකාරයට එම තොරතුරු අපට බලාගත හැකියි.
switch එකක trunk port එකට අදාල තොරතු ගොඩක් පැහැදිලිව පහත command එක හරහා ලබාගන්න පුළුවන්.
switch#show interface <interface_id> switchport 

VLAN සැකසුම් කිරීමේදී මෙම පාඩමේදී ඉගෙන නොගත් නමුත් ඔබගේ වැඩිදුර දැනුමට පහත ලින්කුවේ ඇති සැකසුම් ක්‍රියාකාරකම්01 වලට එකතු කර බලන්න.

 මේ පාඩමේදී අපි ඉගෙන ගත්ත කොහොමද එකිනෙකට වෙන් වු switches වල පිහිටිය එකම VLAN ID එක ඇති VLAN අතර සම්බන්ධතාවයක් ගොඩනගාගන්නෙ කොහොමද කියල. CCNA තිස් හයවන පාඩමෙන් බලමු කොහොමද VLAN සැකසුම් නිවරදිව විශාල switch සංඛ්‍යාවක් අතර සැකසුම් කරන්නේ හා VLAN ID එක අසමාන VLAN අතර සම්බන්ධතාවයක් ගොඩනගාගන්නෙ කියල. 

Related Posts

Post a Comment