-->

පාර්ක් බයි වයර්/ෂිෆ්ට් බයි වයර් සිස්ටම්



මොකක්ද මේ පාර්ක් බයි වයර්/ෂිෆ්ට් බයි වයර් කියන්නේ?

අතීතයේ පටන් ස්වයංක්‍රීය ගියර් බොක්ස් වල ගියර ලිවරය අවශ්‍ය ආ‌කාරයට P,N,R,D/S,L1,L2,L3 ආ‌දී ස්ථානවලට මාරැකිරීම සඳහා ගියර ලිවරයට හ ගියර් බොක්ස් එකට ලීවර් හෝ කේබල් මගින් සම්බන්ධ කර තිබුණ නමුත් මේ සඳහා නවීන ඉලෙක්ට්‍රොන්ක් සහ හයිඩ්‍රොලික් තාක්ෂණය යොදාගනිමින් ඇ‌ති අතර මෙයින් දශකයකටත් පෙර  සිට මෙම ක්‍රමය ආ‌රම්භ වුවත් වර්ථමානයේ බොහෝ මෝටර් රථ තාක්ෂණය භාවිතා කරමින් ඇ‌ත.මේ සඳහා ගියර් බොක්ස් කොන්ට්‍රෝල් යුනිට් එක සහ ගියර් ලීවර් කොන්ට්‍රෝල් යුනිට් එක්ව ක්‍රියාකරන අතර එයි වැඩි පුර දායකත්වයක් සපයන්නේ ගියර් ලීවර් කොන්ට්‍රෝල් යුනිට් එකවේ.රියදුරැ මගින් හසුරැවන ලීවරයක්,ස්විචයක් හෝ නොබ් එක ක්‍රියාකරවීමෙන් ලබාදෙන ඉලෙක්ට්‍රොනික සිග්නල් සහ විදුලි ධාරාවක් මගින් ඉලෙක්ට්‍රෝනික් පාලන ඒ‌කකයක්  හරහා actuators(කුඩා මෝටර් එකක් හෝදෙකක්)මගින් ට්‍රාන්ස්ම්ෂන් ඔයිල් පීඩනයට ලක්කරමින් ගියර් බොක්ස් හි පාර්ක් සහ අනෙක් අවස්ථා යොමුකිරීම කරීම සිදුකරයි.මෙහි හදිසි අවස්ථාවලදී ගියර් ලීවරය පාර්ක් අවස්වථාවෙන් නිදහස් කිරීමට යාන්ත්‍රික ක්‍රමයක් සහිතව ගියර් බොක්ස් එකට වෙනම කේබලයක් සවිකර ඇ‌ති අතර එය සෙන්ටර්කොන්සෝල් හි කප් හෝල්ඩරය තුල හෝ වම් පස මගී ආ‌සනය අසල ෆ්ලෝබෝඩ් මත සවිකර ඇ‌ත(විවිධ වාහන නිෂ්පාදකයන්ට සහ ඔවුගේ වාහන ඔවුන්ටම ආ‌වෙනික ක්‍රම පැවතිය හැකි අතර මෙයට තරමක් වෙනස් විය හැකිය නමුත් මූලික ක්‍රයාවලිය එක සමානය).මේ සඳහා විශේෂිත රිලීස් ටූල් එකක් හෝ ක්‍රමයක් අවශ්‍යය වන අතර එය වාහනයේ ටූල් කිට් සමග සපයා ඇ‌ත.



(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)


Related Posts

Post a Comment