-->

13.CCNA නවවන පාඩම - Configuring Single CISCO Router (iii)

CCNA නවවන පාඩම Configuring Single CISCO Router iii   (චාටර් රවුටර්)
               
 අද ලිපියෙන් මම කියන්නේ කොහොමද CISCO Router එකක Password Recovery එහෙමත් නැත්තම් අපි CISCO Router එකකට රහස් පද assign කලාට පස්සෙ ඒ රහස් පද අපිට අමතක උනොත් Router එකකට log වෙන්න බෑනෙ, අන්න ඒ වගේ අවස්ථාවක කොහොමද Router එක නැවත යතාතත්වයට පත්කරගන්නෙ කියලයි. මම කලින් ලිපි දෙක තුනකම කිව්ව Configuration Register Valueකියල එකක් ගැන.අන්න ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ මේ අවස්ථාවෙදි තමයි. දැන් ඔයාල Packet Tracer හරහා add කරගත්තු Router එකත් පසුගිය ලිපිය බලල රහස් පද assign කරල චාටර් කරගෙන ඇතිනෙ. දැන් බලමු අපි රහස් පද දාල චාටර් උන Router එක නැවත යතාතත්වනට පත්කරගන්නෙ කොහොමද කියල.
                              
  හරි ඉස්සෙල්ලාම Router එකට CLI හරහා log වෙලා show version (දන්නවනෙ මේ command එක මොන Mode එකේද ගහන්නෙ කියල) command එක හරහා බලාගන්න Router එකේ දැන් තියෙන Configuration Register Value එක මොකක්ද කියල. ඊටත් කලින් ඔයාලගෙ Router එකට Enable password එකක් එහෙම සකසල තියාගන්න, නැත්තම් Password Recovery  එක හරිගියාද කියල බලාගන්න විදියකක් නෑනෙ.


Router#show version
Cisco Internetwork Operating System Software
IOS (tm) C2600 Software (C2600-I-M), Version 12.2(28), RELEASE SOFTWARE (fc5)
Technical Support: http://www.cisco.com/techsupport
Copyright (c) 1986-2005 by cisco Systems, Inc.
Compiled Wed 27-Apr-04 19:01 by miwang
Image text-base: 0x8000808C, data-base: 0x80A1FECC

ROM: System Bootstrap, Version 12.1(3r)T2, RELEASE SOFTWARE (fc1)
Copyright (c) 2000 by cisco Systems, Inc.
ROM: C2600 Software (C2600-I-M), Version 12.2(28), RELEASE SOFTWARE (fc5)

System returned to ROM by reload
System image file is "flash:c2600-i-mz.122-28.bin"

cisco 2621 (MPC860) processor (revision 0x200) with 60416K/5120K bytes of memory
.
Processor board ID JAD05190MTZ (4292891495)
M860 processor: part number 0, mask 49
Bridging software.
X.25 software, Version 3.0.0.
2 FastEthernet/IEEE 802.3 interface(s)
4 Low-speed serial(sync/async) network interface(s)
32K bytes of non-volatile configuration memory.
16384K bytes of processor board System flash (Read/Write)

Configuration register is 0x2102 (මෙන්න අපි හොයන Value එක)

ඉහත output එකේ පහලින්ම තියනව නේදConfiguration register is 0x2102 කියල.මතක තියා ගන්න ඔය 0x2102 කියන value එක Router එකේ තියෙන හින්ද තමයි Router එක on වෙද්දි Startup Configuration (NVRAM) හරහා load වෙන්නෙ කියල. ඒ වගේම තව value එකක් තියෙනව ඔයාල දැනගත යුතු මේ value එකත් අපි Password Recovery කරද්දි යොදාගන්නව. ඒක තමයි 0x2142 කියන value එක.මේ value එක අපි Router එකට දුන්නොත් Router එක Startup Configuration ඒ කියන්නෙ (NVRAM) එක මගහැරල (skip කරල) load වෙනව. ඒ කියන්නේ Router එක Running Configuration (ROM) එකෙන් load වෙනව කියන එකයි. තවත් විදියකින් කිව්වොත් කිසිම සැකසුමක් (configuration එකක්) නැතුව Router එක load වෙනව. (දන්නවනෙ Router එක සාමාන්‍ය විදියටනම් Startup Configuration හරහා load වෙලා එම Startup Configuration Running Configuration එකට copy වෙනව කියල. ඒක හරියට තේරෙන්නෙ නැත්තම් මම කලින් ලිපියක ලියපු Router boot order එක බලන්න).
                
හරි දැන් වැඩේ පටන් ගමු. ඉස්සෙල්ලම අපි කරන්න ඕන දේ තමයි Router එකේ ROM Monitor Mode එකට ගිහින් NVRAM එක මගහැරල Router එක start වෙන්න Configuration Register value එක වෙනස් කරන එක. දැන් බලමු කොහොමද Router එකේ ROM Monitor Mode එකට යන්නෙ කියල. පළමුවෙන් Router එක restart කරන්න. restart වෙද්දිම Ctrl + Break keyදෙක ඔබන්න. කියන්න අමතක උනානෙ ඔය කලින් කියපු key දෙක ඔබන්නෙ ඇත්ත CISCO Router එකකින් ROM Monitor Mode එකට යන්නයි. දැන් ඉතින් අපිට ඇත්ත CISCO Router නෑනෙ. ඔයාල Packet Tracer එකෙන් දාගත්තු Router එක restart කරල restart වෙද්දිම Ctrl + C key දෙක ඔබන්න. එතකොට අපේ virtual Router එකත් ROM Monitor Mode එකට යනව.


Router#reload
Proceed with reload? [confirm]

%SYS-5-RELOAD: Reload requested by console. Reload Reason: Reload Command.
System Bootstrap, Version 12.1(3r)T2, RELEASE SOFTWARE (fc1)
Copyright (c) 2000 by cisco Systems, Inc.
cisco 2621 (MPC860) processor (revision 0x200) with 60416K/5120K bytes of memory

Self decompressing the image :
##########
monitor: command "boot" aborted due to user interrupt
rommon 1 > (මේ තමයි ROM Monitor Mode එක)


හරි දැන් අපි NVRAM එක skip කරල යන්න Configuration Register value එක Router එකට සකසමු. ROM Monitor Mode එකේ confreg 0x2142කියල ගහල Router එක restart කරන්න. මේ mode එකේදි Router එක restart කරන command එක වෙන්නෙ reset කියන එකයි.


Self decompressing the image :
##########
monitor: command "boot" aborted due to user interrupt
rommon 1 > confreg 0x2142
rommon 2 > reset
System Bootstrap, Version 12.1(3r)T2, RELEASE SOFTWARE (fc1)
Copyright (c) 2000 by cisco Systems, Inc.
cisco 2621 (MPC860) processor (revision 0x200) with 60416K/5120K bytes of memory


දැන් Router එක Brand new Router එකක් විදියට තමයි load වෙන්නෙ. ඒ කියන්නෙ NVRAM එක මගහැරල කිසිම සැකසුමක් (configuration) එකක් නැති Router එකක් විදියට ඔයාල‍ට CLI එක හරහා Router එක පේනව. ඕනෙනම් පරීක්ෂා කරලත් බලන්න. show run කියල ගහල බලල, ඔයාල රහස් පද දාල චාටර් කරපු Router එකේ කිසිම සැකසුමක් නෑ නේද. Router එකේ එක එක Mode වලට යන්න රහස් පද ඉල්ලන්නෙත් නෑ නේද.
                          හරි දැන් ඉතුරු හරිය. NVRAM එකේ තියෙන ඒව (Startup Configuration) RAM එකට ඒ කිව්වේ Running Configuration එකට (අපි දැන් ඉන්නෙ RAM එකේ තමයි, NVRAM එක මගහැරල Router එක කිසිම configuration එකක් නැතුව load උනා කිව්වෙ ඒකයි) copy කරන්න. දැන් show run ගහල බලන්න. ඔයාලගෙ කලින් චාටර් Router එකේ තිබුනු configuration ඒ විදියටම දැන් තියෙනව නේද. ඊට පස්සෙ ඔයාලට ඕනෙනම් අළුතෙන්ම Enable passwordඑකකුත් සකසන්න. ඔය සේරටම පස්සෙ අපිට Router එක ඊලග පාර Startup Configuration හරහා load වෙන්න පෙර තිබුනු Configuration Register value එක ඒ කිව්වේ 0x2102 ට සකසන්න ඕන. ඒක කරන්නේ Router එකේ Global Configuration Mode එකේ config-register 0x2102 කියන command එකෙනුයි. දැන් බොහෝදුරට වැඩේ හරි. තව එක වැඩක් නියෙනව කරන්න ඒක කලේ නැත්තම් අපි මෙච්චර වෙලා කරපු සේරම දේවල් වතුරෙ ගියාවගේ වැඩක් තමා වෙන්නෙ. ඒ වැඩේත් දැන් කරමුකෝ, අපි දැන් ඉන්නෙ Running Configuration එකේනෙ,.. මම හැමතිස්සෙම කියනව වගේ දැන් තියෙන්නෙ ROM එකේ තියෙන ඒව NVRAM එකට ගබඩා කරන එක. ඊට පස්සෙ Router එක restart කරන්න. හරියට මම පහත කරල තියෙනව වගේ.

Router#
Router#copy start run (Startup Configuration Running Configuration එකට copy කිරීම)
Destination filename [running-config]? 

578 bytes copied in 0.416 secs (1389 bytes/sec)
Router#configure terminal
Enter configuration commands, one per line.  End with CNTL/Z.
Router(config)#enable password nuwan (අළුතෙන් සකසපු Enable Password එක)
Router(config)#config-register 0x2102 (NVRAM එකෙන් load වෙන්න Router එක සැකසීම)
Router(config)#^Z
%SYS-5-CONFIG_I: Configured from console by console
Router#copy run start (දැන් Running Configuration Startup Configuration වලට copy කිරීම)
Destination filename [startup-config]? 
Building configuration...
[OK]
Router#reload (Router එක restart කිරීම)
Proceed with reload? [confirm]


Router එක restart කරන්න කලින් ඔයාල show version කියල ගහල බලන්න. ඒතකොට එන output එකේ පහලම කියෙන්නෙ මොකක්ද කියල හොදට බලන්න.



X.25 software, Version 3.0.0.
2 FastEthernet/IEEE 802.3 interface(s)
4 Low-speed serial(sync/async) network interface(s)
32K bytes of non-volatile configuration memory.
16384K bytes of processor board System flash (Read/Write)

Configuration register is 0x2142 (will be 0x2102 at next reload)


දැන් තියෙන Configuration Register value එකයි ඊලගට Router එක load වෙන configuration Register value එකයි පෙන්නව නේද. ඒක මං ඔයාලට අමතර දැනුමටයි කිව්වෙ.
         
 හරි දැන් Router එක restart කලාට පස්සෙ Router එක පරණ විදියටම Startup Configuration හරහා load වෙලා ඔයාල කලින් සකසපු රහස් පද මොකුත් අහන්නැතුව ඕනම Mode එකකට ගෙනියයි. හැබයි ඔයාල  Configuration Register value එක assign කරන්න කලින් රහස් පදයක් සැකසුවනම් ඒ අළුත් රහස්පදය ඔයාලගෙන් ඉල්ලයි(ම‍ම සකසපු විදියටනම් nuwan කියන එක). ඔන්න ඔය විදියට තමයි CISCO Router එකක Password Recoveryකරන්නෙ.

වැදගත්ම දේ තමයි CCNA විභාගයේදි Router එකකට Password Recovery කරන හැටි ඇහුවෙ නැතත් Configuration Register value ගැනනම් අහන්න බොහෝදුරට ඉඩ තියෙනව.
** 0x2102 - default value (router startup with Startup         Configuration)
** 0x2142 - router start skipping the NVRAM (boot from the ROM)


ඔයාලට මම පැහැදිලි කරලු විදිය මඤ්ඤං වගේනම් මේ video එකත් බලන්න. ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න අමතක කරන්න එපා.


තවත් පාඩමකින් හමුවෙමු



දේශක-නුවන් චාමර දිසානායක (සියලු නෙට්වර්ක් ආශ්‍රිත ලිපි රචකයා )

Related Posts

Post a Comment