-->

English ඉගෙනුම (04වන පාඩම)

Word Formation

භාෂාවක වචන ලක්ෂ ගණනක් පැවතියත් බොහෝ විට එම වචනවලින් වැඩි හරියක් සෑදී තිබෙන්නේ ඊට වඩා සරළ කුඩා වචනවලිනි.  මෙය අපට වචන මතක තබා ගැනීමට ඉතා ප්‍රයෝජනවත් දෙයකි.  එවිට, ඔබට වෙන වෙනම වචන දහස් ගණනක් කට පාඩම් කරනවාට වඩා මූලික වචන යම් ප්‍රමාණයක් ඉගෙන, ඒවා ආශ්‍රයෙන් තවත් වචන ක්ෂණයකින් ඉගෙන ගත හැකියි.

එලෙස වචන සෑදෙන ක්‍රමය මා කියා දෙන්නම් සැකෙවින්.  මෙහි සිදුවන්නේ තනි තනි අකුරු නොව, සර්ග නමින් හැඳින්වෙන “වචන කොටස්” කිහිපයක් එකතු කිරීමයි.  යම් මූලික වචනයකට හෙවත් මූලයකට (root) ඉදිරියෙන් හා/හෝ පසුපසින් මෙම වචන කොටස් එකතු කෙරෙනවා.

ඉදිරියෙන් එකතු කෙරෙන සර්ග උපසර්ග(prefix) කියා හැඳින්වෙනවා.  එවැනි උපසර්ග යම් ප්‍රමාණයක් පවතින අතර, ඔබ කළ යුත්තේ අඩුම තරමින් බහුලවම යෙදෙන උපසර්ග කට පාඩම් කිරීමයි.  මා එවැනි ඉංග්‍රිසි උපසර්ග කිහිපයක් ඒවායේ අර්ථ හා උදාහරණ කිහිපයක් සමඟ පහත දක්වනවා.  සමහරක්විට උපසර්ගයට පසු hyphen (-)එකක් යෙදේ.  මෙම උපසර්ග ඉංග්‍රිසි ඒවා බැවින්, එසේ උපසර්ග යොදා සකස් කරන හැම වචනයක් සඳහාම තනි සිංහල පද නොතිබීමට ඉඩ තිබේ.  ඊට කරන්න දෙයක් නැහැ.  එහෙත් ඒවායේ අර්ථ ඔබට සිතාගත හැකියි.  එයයි වැදගත්.

preපෙර
preschool (පෙරපාසල)preset(පෙරසකසනවා), precede, predate

postපසු
postwar (පශ්චාත් යුධ)postdate (පසුදිනයක් යොදනවා), postnatal

antiවිරුද්ධ
anti
-missile (මිසයිල නාශක)antisocial(සමාජ විරෝධි), antigen

reනැවත
retake (නැවත ගන්නවා)resell (නැවත විකුණනවා), resit, revisit

interඅන්තර්
international (අන්තර්ජාතික)interschool(අන්තර් පාසල්), internet

intraඅන්තඃ
intra
molecular (අනතඃඅණුක), intravenous

misවැරදි
mistake (වැරදියට ගන්නවා)mislead(වැරදියට පාර පෙන්වනවා)

un-/dis- නො/අ (විරුද්ධාර්ථය)
unclear (අපැහැදිලි), uneasy (අපහසු),dissatisfy (අතෘප්තිමත් වෙනවා)

in-/ir-/il-/im- විරුද්ධාර්ථය
in
tolerable (විඳිය නොහැකි), irregular(අක්‍රමවත්), illegal, (නීතිවිරෝධි)immoral(සදාචාර විරෝධි)

(in යන්න regular වැනි අකුරකින් පටන් ගන්නා වචනයක් ඉදිරියට දැමූ විට ir ලෙස වෙනස් වේ.  එලෙසම, අකුරකින් පටන් ගන්නා වචන ඉදිරියෙන් il ලෙසද, m/p යන අකුරුවලින් පටන්ගන්නා වචන ඉදිරියෙන් imලෙසද වෙනස් වේ.)

coසම
co-chairman (සමසභාපති)co-operate(සහයෝගයෙන් වැඩකරනවා)

proවෙනුවෙන්/ඉදිරියට
pro-war (යුද්ධයට කැමති), progress, progression, project

midමැද
mid
night (මධ්‍යම රාත්‍රිය), midterm, midline, midway

autoස්වයං
auto
suggestion (ස්වයං යෝජනාව), autostart, automation

selfස්ව (තමන්ගේම)
self-care (ස්වයං පරිස්සම), self-study, self-addressed, self-adhesive

transහරහා/එකකින් තව එකකට
transform (එකකින් තව එකකට පත් වෙනවා), translate, transgender

uni-/monoතනි/ඒක
unilateral (ඒක පාර්ශ්වික)monotheism(ඒක දේවවාදය), union

biද්වි
bilateral (ද්වි පාර්ශ්වික), bicycle, bisect, bifocal, bicameral, biped

triත්‍රි
tri
angle (ත්‍රිකෝණය), tripod, tricycle, trivet, triplet, trilateral, triped

quadr(i)- චතුර්
quadrangle (චතුරස්‍රය), quadruple, quadruped

poly-/multiබහු
polytheism (බහු දේවවාදය)multilateral(බහු පාර්ශ්වීය), multipart

subපහත්/අඩු
sub
standard (සම්මතයට පහත්), subtotal, subcontract, subcontractor

superඉහළ/වැඩි
super
standard (සම්මතයට ඉහළ), superman, supermarket

neoඅළුත්
neo
natal (උපන් අළුත)

microක්ෂුද
microorganism (ක්ෂුද්‍ර ජීවියා), microworld, microscope, microscopic

macro - විශාල
macroorganism (විශාල ජීවියා), macroworld, macroscopic

nonනොමැති
non
sense (කිසි තේරුමක් නැති දේ), non-fiction, non-flammable

hemi-/semi-/demiඅර්ධ
hemisphere (අර්‍ධගෝලය)semicircle (අර්ධ වෘත්තය)demigod (අර්ධ දෙවියා), semifinal, semi-transparent

hyperඅති
hyperactivity (අධික ක්‍රියාකාරිත්වය), hyperactive, hypertension

hypoමන්ද/අඩුhypo-activity (මන්ද ක්‍රියාකාරිත්වය), hypo-active, hypotension

megaවිශාල
mega-construction (විශාල ඉදිකිරීම), mega-teledrama

homoසමාන
homo
geneous (සමවර්ගික), homosex, homosexual

heteroඅසමාන
heterogeneous (විසමවර්ගික), heterosex, heterosexual

exහිටපු/ඉවතට
ex-wife (හිටපු බිරිඳ)exclude (ඉවත් කරනවා), excrete, exhale

miniකුඩා
miniskirt (කුඩා/කොට සාය), minimal, minimum

ultraවැඩි/අති/පාර
ultra
sound (අතිධ්වනිය), ultraviolet, ultraspeed

infraඅඩු/අධෝ
infra
red (අධෝරක්ත), infrastructure, infrasound

teleදුරස්ථ
telescope (දූරදක්නය), telephone, television, teledrama

paraඔබ්බට
paraphysical (පාරභෞතික), parapsychology

එලෙසම, යම් පදයකට පසුපසින් දමනු ලබන සර්ග ප්‍රත්‍ය (suffix) ලෙස හැඳින්වේ.  උපසර්ග මෙන් නොව, ප්‍රත්‍යවලට එක එ‍ල්ලේ තේරුම් සැපයීම අපහසුය.  ඊට හේතුව වන්නේ ප්‍රත්‍යවලින් සිදුවන්නේ වචනයක ස්වභාවය (එනම්, නාමපදයක් ක්‍රියාපදයක් කිරීම, නාම විශේෂණයක් නාමපදයක් කිරීම වැනි) වෙනස් කිරීමයි.  සිංහල භාෂාවේදීද තත්වය එසේමය.  උදා:

ප්‍රදේශ + ඉක = ප්‍රාදේශික

ඉහත “ප්‍රදේශ” යනු නාමයක් වන අතර “ඉක” යන ප්‍රත්‍යය යෙදීමෙන් එය නාම විශේෂණයක් බවට පත්විය.  “ඉක” යන ප්‍රත්‍යයට එක එල්ලේ අර්ථයක් දිය නොහැකි වුවත්, එහි “සහිත/ගැන” යන තේරුම ඇති බව කවුරුත් දන්නවා.

එවැනි ඉංග්‍රිසි ප්‍රත්‍ය කිහිපයක්ද ඒවායින් මූලිකව කෙරෙන කාර්යද සමඟ පහත දැක්වේ.  මේවාද මතක තබා ගන්න.  උපසර්ග මෙන් නොව, ප්‍රත්‍ය යෙදීමේදී බොහෝ අවස්ථාවල root එකේ අග අකුරුද සුදුසු පරිදි වෙනස් කිරීමකට ලක් වෙනවා (මූලය වලින් අවසන් වේ නම්, එය බවට පත්වීම, ස්වරයකින් ඇරඹෙන ප්‍රත්‍යයක් ස්වරයකින් අවසන් වන මූලයකට යෙදෙන විට එම මූලයේ අවසන් ස්වරය ලොප් වීම, ආදිය).  ‍එම වෙනස්කම්ද ඔබට පහසුවෙන් වැටහේවි එවැනි පද හොඳින් අධ්‍යනය කළොත්.

තවද, ඔබ මෙසේ වචන සෑදීම ගැන උනන්දුවෙන් අධ්‍යනය කරන විට රටා රාශියක් දැක ගත හැකි වේවි.  උදාහරණයක් ලෙස,punish වැනි ish ලෙස අවසන් වන ක්‍රියාවන් එහිම නාම බවට පත්කිරීමට -ment හෝ -ionයන ප්‍රත්‍ය දෙක බහුලවම භාවිතා කෙරේ. (abolish → abolition, demolish → demolition, etc)  -ion යන ප්‍රත්‍යය එසේ යෙදෙන විට, එම ish හි sh යන කොටස tබවටද පත් වෙන බවත් ඔබට දක්නට ලැබේවි.  (sh → t වීමට හේතුව ඉතා සරළය.  tion යන්න ශබ්ද කෙරෙන්නේ “ෂන්” ලෙසයි.  -ion යන්න කැමැත්තක් දක්වන්නේ හෝ අකුරක් සමඟ සම්බන්ධ වී “ෂන්” ලෙස ශබ්ද වීමටයි.)  මතක තබා ගන්න මෙසේ වචන සෑදෙන විට ඒවායේ සමහරක් අකුරු වෙනස් ‍වන්නේ උච්ඡාරණ රීති (එනම්, පහසුවෙන් උච්ඡාරණය කිරීමට) අනුව මිසක්, සංකීර්ණ ව්‍යාකරණ රීති අනුව නොවන බව.

-ment - ක්‍රියාවක් එහිම නාමපදය බවට පත් කරයි (verb → noun)
punish (දඬුවම් කරනවා) → punishment(දඬුවම්කිරීම හෙවත් දඬුවම), astonish (පුදුම වෙනවා) → astonishment (පුදුමය)

-ness – adj → noun.  “කම/බව” යන තේරුම ඇත.
lazy (කම්මැලි) → laziness (කම්මැලිකම), easiness, numbness

-ize/-ise – noun → verb.  “ඒ දේ කරනවා” යන තේරුම.
hospital (රෝහල) → hospitalize (රෝහල්ගත කරනවා), materialise

-ion – verb → noun.  එහිම නාමය බවට.automate (ස්වයංක්‍රිය කරනවා) → automation (ස්වයංක්‍රියකිරීම)

-ive – verb → adj.  “ගැන/සහිත”educate (උගන්වනවා) → educative(අධ්‍යාපනික), provocative, active

-ity – adj → noun.  “බව/කම”educative → educativity (අධ්‍යාපනිකබව), activity, provacativity

-ic – verb → adj.  “ගැන/සහිත”pacify (සමාදාන කරනවා) → pacific (සමාදාන කරන), scientific, logic

-al – noun → adj.  “ගැන/සහිත”education (අධ්‍යාපනය) → educational(අධ්‍යාපනික), logical, political

-ism – noun/adj → noun.  “දර්ශනය/වාදය”national (ජාතික) → nationalism (ජාතිවාදය), Buddhism, Catholism

-ist – noun/verb/adj → noun.  “වාදියා”
national → nationalist (ජාතිවාදියා), Buddhist, educationalist

-less – noun → adj.  “රහිත”job (රැකියාව) → jobless (රැකියා විරහිත), restless, lifeless

-ed – verb → verb/adj.  “ඒ දේ කරපු” යන තේරුම මෙන්ම simple tense හි අතීත ක්‍රියා රූපය සෑදීමට යෙදේ.
learn (ඉගෙන ගන්නවා) → learned (උගත්/ඉගෙන ගත්තා)

-ing – verb → verb/adj.  “ඒ දේ කරන” යන තේරුම මෙන්ම continuous/perfect continuous tense සෑදීමට යෙදේ.
learn → learning (ඉගෙන ගන්නා/ ඉගෙන ගනිමින්)

-ish – noun → adj.  “වැනි/සහිත”fool (මෝඩයා) → foolish (මෝඩ), childish, girlish, boyish

-ly – adj → adv.  නාම විශේෂණයක් ක්‍රියා විශේෂණ කරයි.
quick (ඉක්මන්) → quickly (ඉක්මනින්)

-ful – noun → adj.  “සමන්විත”hand (අත) → handful (අත පිරුණු (අතින් ගත හැකි පමණ)), playful

-able/-ible – verb → adj.  “එසේ කිරීමට හැකි”          
eat (කනවා) → eatable (කත හැකි), readable, edible, neglible

-er – verb → noun or adj/adv → adj/adv. “එය කරන කෙනා” යන තේරුම මෙන්ම විශේෂණයක් වඩා යන අරුත ගෙන දීමට යෙදේ.
run (දුවනවා) → runner (දුවන්නා), fast → faster, swimmer, hitter

-est – adj/adv → adj/adv.  විශේෂණයක වඩාත්ම යන අරුත දෙයි.
fast → fastest

-s – noun → noun or verb → verb.  ඒකවචන නාමයක් බහුවචන කිරීම මෙන්ම, simple tense හි ඒකවචන ක්‍රියා රූපය සෑදීමට.
pen → pens       eat → eats

-ent/-ant – verb → adj/noun.  “ඒ දේ කරන්නා” හා “එය කරන” යන තේරුම් ඇත.enter ඇතුළු වෙනවා) → entrant (ඇතුළුවන, ඇතුළු වන්නා), contestant

-ance/-ence – verb → noun.  “එය කිරීම”enter→entrance (ඇතුළුවීම), dependence, independence, negligence

-ship – noun → noun.  “කම/බව”
friend (යාළුවා) → friendship (යාළුකම), leadership, scholarship

-ous – verb/noun → adj.  “සහිත”joy (සතුට) → joyous (සතුටු පිරි), marvel(පුදුම වෙනවා) → marvelous (පුදුම වන/සහගත), pious, perilous, famous, zealous

-or – verb → noun.  “එය කරන කෙනා”
indicate (දක්වනවා) → indicator (දර්ශකය), radiator, director

-ess – noun → noun.  පුරුෂ නාමයක් ස්ත්‍රී ලිංග කරයි.
lion (සිංහයා) → lioness (සිංහ ධේනුව), tigress, directress, actress

දැන් ඔබ දන්නා වචනවලට ඉහත සුදුසු උපසර්ග හා ප්‍රත්‍ය යෙදිය හැකිය.  එවිට ලැබෙන්නේ අළුත් වචනයකි.  සමහර වචන සඳහා එසේ සර්ග යොදා අළුතින්ම වචන 30ක් පමණ සෑදිය හැකිය.  උදා:

educate, education, educational, educative, educationist, educationalist, educativity, educativeness, educated, educatedness, miseducate, miseducative, miseducation, miseducational, miseducativeness, uneducated, non-educational, non-educative, pro-education, pro-educational, pro-educationist, pro-educationalist, anti-education, anti-educational, educator, educatable, miseducatable, …

තවත් සමහරක් වචන සමඟ සෑදිය හැක්කේ වචන දෙක තුනක් පමණි.  එසේ හෙයින්, පොදුවේ සැලකුවොත් යම් වචනයකින් අළුත් වචන පහක් හයක් පමණ සෑදිය හැකි යැයි උපකල්පනය කළ හැකිය.
එහෙත් එක්වර ඔබ වචන සාදන්නට යන්න එපා.  ඔබට අවශ්‍ය නම් සර්ග යොදා අළුත් වචන සෑදිය හැකියි.  ඊට විරුද්ධ වීමට කිසි කෙනෙකුට බැරිය.  එහෙත්, එයද යම් දක්ෂකමකි.  ඉංග්‍රිසි‍යේ වචන දැනටත් ලක්ෂ ගණනක් ඇති හෙයින් ඔබට බොහෝ විට එ‍ලෙස අළුතින් වචන සෑදීමට අවශ්‍යතාවක්ද නැහැ නේද?  එනම්, ඔබ කළ යුත්තේ කුමක්ද?  පහසු දෙයකි.  ඔබට අළුත් වචන හමු වූ විට බලන්න ඉහත දැක්වූ සර්ග ඒවායේ ඇතිද කියා.  බොහෝ අවස්ථාවලදී එවැනි කොටස් ඇත.  ඒ අනුව ඔබට එම අලුත් (මෙතෙක් පාඩම් නොකරපු) වචනයේ තේරුම සිතාගත හැකියි.  මේ අයුරින් දැන් ඔබට අළුතින් හමුවන බොහෝ වචන ඇත්තටම අළුත් කියා හැ‍ඟෙන එකක් නැහැ.

ඇත්තටම, මූලය බොහෝ අවස්ථාවලදී ඉංග්‍රීසිද නොවේ.  ලතින් භාෂාවෙන් උකහා ගත් මූල බොහෝ විට යෙදේ.  ඉන් අදහස් කෙරෙන්නේ ඔබ ලතින් බසද ඉගෙන ගත යුතු බව නොවේ.  මෙහි ඇති පහසුව මෙයයි.  මූලය ඉංග්‍රීසි හෝ වේවා ලතින් හෝ වේවා ඔබ එක වචනයක් කට පාඩම් කළ විට, ඉන් තවත් වචන රාශියක් සෑදිය හැකිය.

වෛද්‍ය වද්‍යාව, රසායන විද්‍යාව ආදී විද්‍යාවන් හා ශාස්ත්‍රයන්හි ඇති අති මහත් බහුතර පාරිභාෂික වචන ඇත්තෙන්ම සාදා තිබෙන්නේ මෙලෙස සර්ග යෙදීමෙනි.  උදාහරණ ලෙස,hypoglycemia යනු රුධිරයේ සීනි අඩුවීමේ රෝගයට කියන වෛද්‍ය විද්‍යාත්මක වචනය වන අතර, hyperglycemia යනු රුධිරයේ සීනි වැඩි වූ විට ඇති වන ලෙඩය වේ.  සමහර සර්ග ඒ ඒ විෂයන්ටම ආවේණික වේ.  mono, bi, di, tri, quad, tetra, penta, deci, milli, micro, nano, kilo, mega, centi, hyper, gly, amino, phenyl, cyclo, trans, paeleo, pseudo, bio, homo, melano, cyano, neuro ආදී උපසර්ගද, ac, y, ula, trophy, tomy, stasis, scope, ptosis ආදී ප්‍රත්‍යද උදාහරණ ලෙස දැක්විය හැකිය.  ඔබ මෙම උපසර්ග නොදැන සිටියත් ප්‍රශ්නයක් නැත මක්නිසාද යත් ඒවා අවශ්‍ය වන්නේ ඒ ඒ විෂයන් ඉගෙන ගන්නා අයටයි.

තවද සමහරක් වචන බැලූ බැල්මට සර්ග යොදා ඇති බවක් පෙනුනත් එසේ නොවේ.  ඒවායේ සාමාන්‍ය ස්වරූපය එය විය හැකිය.  උදා:

torment - මෙහි බැලූ බැල්මට -ment යන ප්‍රත්‍යය ඇති බව පේනවා නේද?  එහෙත් ඇත්තෙන්ම මෙහි සිදු වී ඇත්තේ එය නොවේ. ment යන්න ඇතත් එය ප්‍රත්‍යයක් ලෙස නොව, එම පදයේ සාමාන්‍ය අකුරු ලෙසම යෙදී ඇත.
problem - මෙහි pro- යන්න ඇතත් එය උපසර්ගයක් ලෙස නොව එම වචනයේ සාමාන්‍ය අකුරු ලෙසයි ඇත්තේ.

මේ ආකාරයට සර්ග නොවන අවස්ථාද හඳුනාගන්න.  ඉහතදී දක්වා ඇත්තේ සර්ග කිහිපයක් පමණි.  තවත් සර්ග ගණනාවක් පවතී.  ඒවා ගැනද සොයා බලා හැකි තරම් ඒවා මතක තබා ගන්න.  ශබ්ද කෝෂයක් ගෙන උපසර්ග යොදා ඇති වචන බලන්න.

 (උපුටා ගැනිමකි)


දේශක -සුමිත් වන්නි අරච්චී

Related Posts

Post a Comment