අවුඩි Q7 ඊ-ට්‍රෝන් CAR
අවුඩි ඊ-ට්‍රෝන්Q7 ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් විශාල SUV රථය දැන් අනාවරණය කර තිබේ.
වඩාත්ම සැලකිය යුතු කරැණ නම් එය ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් ඩීසල් පවර්ට්‍රේන් සමග මුල්ම අවුඩි රථය වේ.190kW / 600Nm 3.0-ලීටර් V6 TDI එන්ජිම හා 94kW / 50Nm තැටිය හැඩැති විදුලි මෝටරයක්(disc-shaped electric motor)සමග එක්ව මුලු පද්ධති ප්‍රතිධානය අශ්ව බල 368 /අඩි රාත්තල් 516(275kW/700Nm)කි.
නව අවුඩි Q7 හි ප්‍රමාණයටම(එය පිටුපස සිට ඉදිරියට මීටර් 5,05 දක්වා විහිදෙන අතර උස 1.74m ක් සහ ලළල 1.97m වේ)මෙම අවුඩි Q7 ඊ-ට්‍රෝන් රථය තත්පර 6.0 කදී 0-100km / h සිට ධාවනවය කල හැකි අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 225 කි.
මෙම අවුඩි රථය AWD ඇති ලොව ප්‍රථම සිලින්ඩර් හය ඩීසල් PHEV රථය බව පවසයි.එය ද ශෝධනය(refinement)වැඩි දියුණු කිරීම සඳහා ඇක්ටිව් එන්ජිම මවුන්ට් සවිකල ප්‍රථම ඩීසල් එන්ජිම වේ.මෙම quattro AWD පද්ධතිය හරහා රෝද වලට බලය යැවීම සඳහා අධිවේගී ගියර් අටක් සහිත ට්‍රිප්ට්‍රොනික් ස්වයංක්‍රීය සම්ප්‍රේෂණ පද්ධතියකින් සමන්විත වේ.
කිලෝමීටර්100 ක් (Mitsubishi Outlander PHEV හා Holdoen Volt වඩා හොඳය) සඳහා ඩීසල් ලීටර් 1.4 භාවිතයක්(ඒකාබද්ධ ධාවනය)කියාපාන අතර එහි ලිතියම්-අයන බැටරි පැක් විදුලියෙන් 56km ක පිරිසිදු විදුලි ධාවන පරාසය ඉදිරිපත් කිරීමට අවශ්‍ය ශක්තිය ගබඩා කර ඇත.මෝටර් රථය සම්පූර්ණ ධාවන පරාසය 1410km වේ(ඩීසල් එන්ජිම හා බැටරි)
නව ඉලෙක්ට්‍රොමැකනිකල් ස්ටීරියන් පද්ධතිය සහ ෆයිව් ලින් ඉදිරි හා පසුපස සස්පෙන්ෂන් පද්ධතිය පෙර Q7 ඇක්සල් සමග සැසඳීමේදී 60kg ට වඩා සැහැල්ලුය.
මෙම අවුඩි Q7 ඊ-ට්‍රෝන් කොට්‍රෝ ඒකාබද්ධ තාප හෙඩි ලෑම්ප් සමග සම්මත තාප කළමනාකරණ පද්ධතිය මගින් අභ්‍යන්තර වාතාශ්‍රය පද්ධතිය වෙත ලබා දීමට විදුලි ක්‍රියාකාරී උපාංග වලින් ඉවත්වෙන තාපය යොදාගනී.
මෙම නව අදියර දෙකේ ආරෝපණ තාක්ෂණය ස්ථාපනය 7.2 kW බලය දක්වා ආරෝපණය වීමට ඉඩ ලබාදෙයි. යටිතල පහසුකම් මත(සුදුසු ඉහළ කාර්‍යය කාර්මික සොකට්) ආරෝපණ කේබල් මත බැටරි සමිපූර්ණයෙන්ම ආරෝපණය වීමට පැය 2.5 ක් පමණ ගත වේ.
රථයේ රියදුරු හට ධාවන මාදිලි හතරක් අතරින් තෝරා ගත හැකිය. 'දෙමුහුන් මාදිලිය'(hybrid mode’)දෙමුහුන් කළමනාකරණය මගින් බොහෝ විට නිදහස් ධාවන වර්ගය මත තීරණය වන අතර 'EV මාදිලිය'(‘EV mode’)විදුලි ධාවනයට මූලිකත්වය දේ.'බැටරි හෝල්ඩ්'('battery hold')මගින් පද්ධතිය ලබා ගත හැකි විද්යුත් ශක්තිය ගබඩා කර තබා ගන්නා අතර 'බැටරි ආරෝපණ'(battery charge’)මාදිලියෙන් බැටරි ආරෝපණය කරයි.
මෙම අවුඩි Q7 ඊ-ට්‍රෝන් රථය සාමාන්‍යයෙන් විදුලි මාදිලියෙන් ආරම්භ වේ.ඩීසල් එන්ජිම ක්‍රියාත්මක කිරීම සඳහා රියදුරු ඇක්ස්ලේටර් පැඩලය යම් නිශ්චිත ස්ථානයක ප්‍රතිරෝධ අගයකට එහා යායුතුය අතර එම පීඩනය ලක්ෂ්‍යය අභිබවා යාමේදී එන්ජිම සහ මෝටර් දෙකම එකට ක්‍රියා කරයි.
හයිබ්‍රිඩ් මාදිලිය සක්‍රීය හා ඒකාබද්ධ විදුලි මෝටරය සමග අධිවේගී ගියර් අටේ ට්‍රිප්ට්‍රොනික් සමිප්‍රේෂණය 'D' මාරෑ වීමත් සමග රියදුරු ඇක්ස්ලේටර් පැඩලයෙන් පාදය ඉවත් කල විගස Q7 ඊ-ට්‍රෝන් කෝස්ටින් මූඩ්(coasting mode)පරිවර්ථනය වන අතරTDI එන්ජිම හා විදුලි මෝටර් විසන්ධි වේ.
මෙම අවුඩි Q7 ඊ-ට්‍රෝන් ඉදිරි මන්දගාමී වාහනය හෝ වාහන ගමනාගමනය ප්‍රවේශ වීමේදී කෝස්ටින මූඩ් එක පුනර්ජනන පහල බැසීමට (regenerative deceleration)පක්ෂව අවසන් වේ.ඉදිරි රථවාහන තත්ත්වය හඳුනා ගැනීම සඳහා සැටලයිට් නැවිගේෂන් සහ ඉදිරි පස කැමරා දත්ත භාවිතා කරනු ලැබේ.බැටරි ආරෝපණ මාදිලියේ දී ධාවනය 'S' මාරැකල විට රියදුරු ඇකස්ලේටරය නිදහස් වූ වහාම බලශක්ති යථා ත්වය(energy recovery)ආරම්භ වේ.
අවුඩි Q7 ඊ-ට්‍රෝන් 3.0 TDI කොට්‍රෝ(Audi Q7 e-tron 3.0 TDI Quattro)
ට්‍රෝ
පරීක්ෂාවට ලක්කිරීම:2,967cc(3.0L)V6 ඩීසල් එන්ජිම,94kW විදුලි මෝටරයක්,17.3kW ලිතියම්-අයන බැටරි, අධිවේගී ගියර් අටේ ස්වයංක්‍රිය සම්ප්‍රේෂණ පද්ධතිය,ෆෝවීල් ඩ්‍රයිව්.
විකුණුම් මිළ/: යුරෝ 65,000 (ඇස්තමේන්තුවට අනුව) 2015 දෙසැම්බර්,පළමු නිකුතුව 2016 මාර්තු.
සම්පූර්ණ බලය /ව්‍යාවර්ථය :අශ්ව බල 368 /අඩි රාත්තල් 516(275kW/700Nm)
විදුලි පරාසය : සැතපුම් 34.8(කිලෝමීටර් 56)
නැවත ආරෝපණ කාලය: 7.2kW සමග පැය 2.5 /ගෘහ විදුලිය 13A / 240v සමග පැය 8
උපරිම වේගය: පැයට සැතපුම් 140(පැයට කිලෝමීටර් 225)
ත්වරණය: තත්පර 6 කදී පැයට සැතපුම් 0-62(පැයට කිලෝමීටර් 100)
ඉන්ධන පිරිමැස්ම: කිලෝමීටර්100 කට ලීටර 1.4(යුරෝපා සංගමය ඒකාබද්ධ) ටෙස්ට් ලීටර 6.2
කාබන්ඩයොක්සයිඩ් විමෝචනය : කිලෝමීටරයට ග්‍රෑම් 46
සැප පහසු වේගවත් සහ ඉතා හොඳින් පාලනය කල හැකි ඊ-ට්‍රෝන් සම්මත Q7 වඩා පැදවීමට වඩා හොඳ වේ.ඇත්තටම මෙම දැවැන්ත SUV වාහනය ලෝක පරිසර හිතකාමී රථ වාහන වල අවසනය නොවන්නේය.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
(ඔබ අප දුක් මහන්සියෙන් උපයන ධනයෙන් යම් මුදලක් අප පරිසරය වෙනුවෙන් කැප කිරීම අතිශය යහපත් ක්‍රියාවක් වන අතර අප මෝටර් කාර්මික දැනුම Facebook පිටුවන් රඹුක මහා විද්‍යාලයේ විදුලි අවශ්‍යතාවය සඳහා ප්‍රධානය කිරීමට සැලසුම් කර ඇති සූර්‍යය කෝෂ බල පද්ධතියට අප සමග ඒ වෙනුවෙන් අත් වල බැඳ ගන්නට සහෘද ඔබට කරන සුහද ඇරයුමයි මේ!
-මෙයට මෝටර් කාර්මික දැනුම සංගමයේ සංවිධායක මඬුල්ල-
පසුවදන: මේසඳහා එකතුවෙන මුදල් වඩාත් විනිවිධභාවයකින් සැමටම දැකගත හැකි වන බැවින් ඔබ එවන මුදල මෙහි පහතින් සඳහන් කරන්න යන කාරැණික ආයාචනයද කරන්නෙමු) මුදල් එවිය යුතු ආකාරය. ගිනුම් අංකය-104157014226- සම්පත් බැංකුව කලවාන, ඩී. එම් නිමලවංශ මහතා. 0711155050 අංකයට එම්කෑෂ් කල හැකි අතර, මුදල් සමග අංකය කොමියුනිකේශන් එකකට දී එම්කෑෂ් කරන්න යයි උපදෙස් දීමෙන් ඔබේ අනුග්‍රයය මේ ව්‍යාපෘතියට පිරිනැමිය හැක)
Post a Comment
Post a Comment