-->

ඇන්ඩ්‍රොයිඩ් ඇප්s ~ 2019

01.ජිම් යන් නැතුව ඇග හදාගමු- Free App

වර්තමාන කාර්යබහුල ජීවිතයත් සමඟ ගොඩක් අයට ජිම් යන්න වේලාවක් නෑ. සල්ලි නෑ. ගෙදර ඉදන් සෙල්ලම් කරන්න ටූල්ස් නෑ. මේ ප්‍රශ්න ඔක්කෝටම හොදම උත්තරයක් මෙන්න. ⁣මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ නම හෝම් වර්ක්අවුට් (Home Workout). ව්‍යායාම කරන්න තරම් පරිසරයකුයි, ⁣තමන්ගේ ඇගේ ප්‍රමාණයට කාර්පට් කෑල්ලකුයි තිබ්බාම හොදටෝම ඇති. ඇප් එක ගූගල් ප්ලේ එකෙන් නොමිලේ බාගන්න පුලුවන්. දවස් 30ක් ඇතුලත ක්‍රම ක්‍රමයෙන් ඇප් එක මඟින්, අපේ හැකියාව අනුව වර්ක්අවුට් එක වැඩි කරනවා. ඔබට අවශ්‍ය ආකාරය⁣ට වොයිස් සපෝට් එක එනේබල්, ඩිසේබල් කර ගන්න පුලුවන්. වැඩේ සාර්ථකයිනම් ආයෙත් ඇප් එක රීසෙට් කරලා නැවත ආරම්භ කරන්න. එහෙම නැතිනම් ඇබ්ස්, ආර්ම්, චෙස්ට් සහ ලෙග්ස් වගේ, අවශ්‍ය ආකාරයට වැඩේ ඉදිරියට කරගෙන යන්න. ඒ වගේම ගූගල් ෆිට් සමඟත් හෝම් වර්ක්අවුට් සම්බන්ධ වෙනවා. දැන්ම මෙතනින් ගිහින් බාගෙන වැඩ පට්ටාන් ගන්න. 



02.යහපත් සෞඛ්‍යක් සඳහා ජලය පානය කරන්න මතක් කරන රු.700ක් වටිනා ඇප් එක.


යහමින් ජලය පානය කිරීම කියන්නේ අපි හැමෝම දන්න ඒත් හැමෝටම අමතක වෙන හොඳ සෞඛ්‍ය පුරුද්දක්. වර්තමානයේ කාර්යබහුල ඔබට ජලය පානය කිරීම මතක් කරල දෙන, ඒ ගැන උපදෙස් දෙන සුපිරි ඇප් එකක් තමයි, හයිඩ්‍රෝ කෝච් ප්‍රෝ ඩ්‍රින්ක් වොටර් (Hydro Coach PRO - Drink Water) කියන්නේ. සාමාන්‍යයෙන් ගූගල් ප්ලේ එකෙන් බාගන්නව නම් රු.700ක් ගෙවන්න වෙනවා. ඒත් මේ දවස්වල ඇප් එක නොමිලේ දෙනවා. ගූගල් ප්ලේ ස්ටෝරුවේ 50 000  වඩා ග්‍රාහකයන් ප්‍රමාණයක් බාගෙන තියෙන මේ ඇප් එකට 4.6ක රේටිං සහ 8000 වඩා රිවිව්ස් හිමි වනවා. එහෙනම් මෙතනින් ගිහින් දැන්ම බාගන්න. ජය.  



Related Posts

Post a Comment