-->

Google+ සමුදීමට සුදානම්.




අද දවස ගූගල් ප්ලස් බාවිතා කරන අයටනම් එතරම් සුබ නෑ. ඒ අද දිනයේ ඔවුන් සුපුරුදු ලෙස තම google+ ගිණුමට පිවිසුන පසු දැනගන්නට ලැබුණ කාරණයයි.


ඒ ගූගල් ප්ලස් වසා දැමීමේ සහ පරිශීලක දත්ත මකා දමන දින පිළිබඳව නිළ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
පසුගිය වසරේ Google+ සේවාවට එල්ල කළ මහා පරිමාණ Hacking ප්‍රහාරයකට මුහුණ දීමෙන් අනතුරුව එම සේවාව නවත්වා දැමීමට Google සමාගම තීරණය කළ බව ඔබව දැනුවත් කළා මතක ඇති. ඔන්න දැන් මේ සේවාව නැවැත්වීම හා එයට අදාල දත්ත මකා දමන දින වකවානු පිළිබඳව නිළ නිවේදනයක් නිකුත් කිරීමටGoogle සමාගම කටයුතුකර තිබෙනවා. මේ අනුව Google+ platform එක මේ වසරේ අප්‍රේල් මාසයේදී වසා දැමීමට නියමිත අතර එළැඹෙන පෙබරවාරි මාසයේ සිට ක්‍රමයෙන් මෙම කටයුත්ත සිදු කිරීමට Google සමාගම කටයුතු සූදානම් කර තිබෙනවා.

2019 පෙබරවාරි 4 වැනිදා සිට අලුත් Google+ profile, pages, communities සහ eventsනිර්මාණය කිරීමේ හැකියාව නවතා දැමීමට නියමිතයි. Blogger වෙබ් අඩවි සඳහා ලබා දී තිබූ Google+ Comment පහසුකම පෙබරවාරි4 වැනිදායින් පසුව නවතා දැමෙනු ලබන අතර වෙනත් වෙබ් අඩවි සඳහා ලබා දී තිබූcomments පහසුකම මාර්තු 7 වැනිදා සිට අක්‍රීය වනු ඇත. එමෙන්ම මේ හරහා පළ කළ සියලුම comments අප්‍රේල් 2 වැනිදා වන විට සම්පූර්ණයෙන්ම මකා දැමෙනු ඇත.

Google+ sign-in button පහසුකම භාවිතා කළ වෙබ් අඩවි හා apps මීළඟ සති කිහිපය ඇතුලත අක්‍රීය වනු ඇති අතර ඇතැම් සේවාවන් වලදී මෙම buttons Google sign-inලෙස වෙනස් වනු ඇත. Google+ Communityවල admin වරුන් හා moderator වරුන් හට තම community වල දත්ත downloadකරගැනීමේදී සෑම public post එකකමauthor, body සහ සියළුම photos downloadකරගැනීමට ලැබෙන අතර මෙම downloadකිරීමේ අවස්ථාව මාර්තු මාසය ආරම්භයේ සිට සිදුකළ හැකි වෙනවා.



අප්‍රේල් මස 2 වැනිදා සිට සියළුම Google+ accounts සහ pages සම්පූර්ණයෙන්ම නවත්වා දැමෙන අතර Google Photos වලටbackup කරනු ලබන photos හැර අනෙක් සියලුම දත්ත දත්ත මකා දැමීමට Googleසමාගම කටයුතු කරනු ලබනවා. මේ deleteකිරීම සඳහා මාස කිහිපයක් ගතවිය හැකි බැවින් ඒ අතරතුර කාලයේ අදාල දත්ත වලට ඇතැම් පරිශීලකයන් හට පිවිසීමේ හැකියාව තිබියහැකි බවත් Google සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

කොහොම වුණත් G Suit හරහා Google+සේවාව භාවිතා කළ Google සමාගමේenterprise customer පිරිසට නම් මේ සේවාව අහිමි වන්නේ නැහැ. තවත් වැඩිදියුණු කිරීම් කිහිපයක් සමඟින් ඔවුන් හට මේ සේවාව තවදුරටත් ලබා දීමට Google සමාගම කටයුතු කරනු ලබනවා. මේ සමඟින් වසර8කට අධික කාළයක් පුරා පැවති Google+සේවාව අවසාන වන අතර ඔයාගේ දත්ත මේ Google+ වල තිබෙනවා නම් ඒවා backupකරගන්නට මේ වන විට කාලය එළඹ තිබෙනවා.

Share 

Related Posts

There is no other posts in this category.

Post a Comment