-->

Marvel ආයතනයේ පුනරාගමනය


1939දි Timely comics කියන නමින් ආරම්භ වුණ comic companyඑකක් 1961දි Marvel comics කියන නමින් අලුත් වෙනවා. ඉතින් කොහොමවුනත් මේ MARVEL ආයතනය බංකොලොත් වෙනවා. ඉතින් මේනිසා MARVEL ආයතනය වැහෙන එක නවත්වන්න තමන් නිර්මාණය කරන මේ කොමික් පොත්වල ඉන්න චරිත ආශ්‍රයෙන් චිත්‍රපට නිර්මාණය කිරීමේ අයිතිය(Live action rights) විවිධ සමාගම්වලට විකුනන්න සිද්ධවෙනවා.

ඉතින් මේ විදිහට MARVEL comics ආයතනය බේරගන්න live action rights විකුණද්දි ඒ ඒ චරිතවලට සම්බන්ධ අනිත් චරිතවල live action rights සීමා සහිතව මිලදීගන්න ආයතන වලට ලැබෙනවා. (Spider-manව ගත්තොත් Aunt may, Green goblin වගේ අය Free)
ඒවගේම චරිත විකුණද්දි මිලදීගන්න සමාගමෙන් ගිව්සුමකට අනුව යම් කාලසීමාවක් ඇතුලත ලබාගත්ත චරිතය ආශ්‍රයෙන් filmඑකක් හැදුවෙ නැත්තම් MARVEL ආයතනයට ආපහු ඒ චරිතයේ live action rights ලැබෙනවා.

ඉතින් මේ විදිහට Fantasitic Four චරිත සියල්ලමත්, X-men ඇතුලු සියලුම mutant චරිතත්, Daredevil සහ  Elektraත් 20th Century Fox සමාගමටත්,
ඒවගේම Spider-man ඇතුලු 600ක් පමණ චරිත SONY සමාගමටත්,
Hulk, Namor ඇතුලු චරිත Universal Studios සමාගමටත්,
Iron Man සහ  Blade ඇතුලු චරිත New line cinema සමාගමටත්,
Captain America, Black Panther චරිත Artisan Entertainment සමාගමටත්, පසුව Black Panther, Thor, Ghost Rider, Luke Cage යන චරිත Sony සමාගමටත්,
Punisher, Black Widow, Iron fist සහ Man-thing ඇතුලු චරිත Lions Gate සමාගමටත් එකිනෙකට වෙනස් ගිවිසුම් යටතේ විකුණනවා.

මේ විදිහට විකුණපු චරිතවලින් ආදායමක් ලබාගත්ත MARVEL ආයතනය 2005දි Marvel Entertainment නමින් ඇවිත් අලුතින් තමන්ගෙ විකුණපු චරිත යොදාගෙන තමන්ගෙම චිත්‍රපට නිර්මාණය කරන්න තීරණය කරනවා. ඒවිදිහට මුලින්ම MARVEL ආයතනය Black panther චරිතය ලබාගන්නවා.

කාලයත් එක්ක තමන් විකුණපු චරිත කිහිපයක් ආපහු තමන්ගෙම කරගන්න MARVEL සමාගමට පුළුවන් වෙනවා. ඒවගේම Universal Studios එක්ක කරන ගිවිසුමකින් hulk ඇතුලු චරිත කිහිපයක් MARVEL entertainment විසින් කරන filmsවලට යොදා ගැනීමට සීමාසහිතව අයිතිය ලබාගන්නවා.(Hulkගෙ solo film නිර්මාණය කිරීමේ අයිතිය , She-hulkගෙ අයිතිය ලැබෙන්නෙ නෑ)

ඉතින් ඔහොම කාලය ගතවෙද්දි Kevin Feige යටතේ 2008දි තමන්ට අයිතිවෙලා තිබුණු චරිත වලින් MARVELසමාගම, ironman filmඑකෙන් MARVEL CINEMATIC UNIVERSEඑක(M.C.U.) ආරම්භ කරනවා.2009දි ඩිස්නි සමාගම විසින් මාවල් සමාගම ඩොලර් බිලියන 4ක් වැනි මුදලකට මිලදී ගන්නවා.
ඒත් Disney සමාගම MARVEL Cinematic Universeඑක(mcu) නැවත නිර්මාණය කිරීමක් නොකර, ඒවෙද්දි paramount studios හරහා MARVEL ආයතනය නිර්මාණය කරපු ironman, hulk, film එක්කම Avengersල ප්‍රධාන කරගත්ත mcuඑක Kevin Fiegeගේ අදහස් එක්කම ඉදිරියට ගෙන යනවා.

2014දි කොමික්වලදි Scarlet Witch සහ Quicksilver High evolutionaryගෙ නිර්මාණයක් කියලා හෙළිකිරීම නිසා තවදුරටත්  Scarlet Witch සහ Quicksilver mutantsලා නොවීම නිසා ඒ දෙන්නගෙ live action rights MARVEL Studios එකට හිමිවෙනවා. (ඒත් mutants කියන වචනය mcuඑකේ පාවිච්චි කරන්න බෑ.)

2015දි Sony සමාගමෙන් Spider Man ඇතුලු චරිත කිහිපයක් පමණක් movies වලට කොන්දේසි සහිතව යොදා ගැනීමට MARVEL studioඑකට අවසර ලැබෙනවා.

2016දි Universal Studios සතුව තිබු Namor නැවතත් MARVEL Studios වෙත ලබාගැනීමට හැකිවෙනවා.

කාලය ගතවීම එක්ක MARVEL ආයතනයේ වුණ වැදගත්ම සිදුවීම වුණේ Disney - Fox dealඑක.  ඒකියන්නෙ 2018දි Disney සමාගම විසින් 21st Century Fox සමාගම ඩොලර් බිලියන 71.4 කට මිලදී ගැනීමත් සමඟ Fox ආයතනයට විකුණා තිබූ X-men කණ්ඩායම ඇතුලු Mutants, Fantasitic Four චරිත සියල්ලමත්, Deadpool චරිතයත් MARVEL studiosහි යොදාගැනීමේ අයිතිය ලැබීම. ඉතින් මේනිසා 2020න් පස්සෙ mcuඑක හරහා X-men , Fantastic 4 චරිත ආශ්‍රයෙන් වෙනත් actorsලා යොදාගෙන අලුත්ම film නිකුත් වෙනවා.

ඉතින් මේ පෝස්ට්එක දාන්න ප්‍රධානම හේතුව තමයි ගොඩක් අලුත් අය හිතාගෙන ඉන්නෙ MARVEL කියලා එන සේරම film එකයි කියලා.
සරලවම ,

"Wolverine(Logan), Deadpool Avengers 4 එකේදි එයිද??,
Deadpool තෑනෝස්ව මරයිද??  
Infinity war එකේ ඔච්චර දෙයක් වෙනකම් X-menලා පොල් ගෑවද??
ඇයි Hugh Jackman වෙනුවට වෙන කෙනෙක්ව wolverine විදිහට ගන්නෙ ??   වගේ ප්‍රශ්න සහ ඔය ප්‍රශ්න වලට,
Wolverine මැරුනනෙ ඉතින් කොහොමද ඌ Avengers 4 එකේ එන්නෙ.
Deadpoolට දැන් timetravel කරන්න පුළුවන් gadget එකක් තියෙන නිසා ඌ Avengers 4 එන්න පුළුවන්.
වගේ දේවල් දැකපු නිසා සහ අලුතින් අය අහන ප්‍රශ්න වල තියෙන "මාවල් සිනමා විශ්වයේ (MCU) ඔබ කැමතිම චිත්‍රපටය කුමක්ද?" කියන ප්‍රශ්නෙට Deadpool , Logan, Venom කියලා answer දෙන නිසා.

පෝස්ට් එකේ අන්තිමට කියන්න තියෙන්නෙ එකදෙයයි. මෙච්චරකල් ආපු X-men, Fantastic 4 film අයිතිවෙන්නෙ Fox ආයතනයට. MCU එක අයිති වෙන්නෙ Disney ආයතනයට. Venom film අයිති Sony ආයතනයට. ඉතින් වෙනත් ආයතන වලට අයිති අය mcuඑකේ නෑ. ගන්නත් බෑ. ඒකනිසා තමයි 2018දි X-men, Fantastic4 චරිතවල අයිතිය mcuඑක ගත්තෙ. ඒකනිසා ඉදිරියෙදි mcuඑකෙන් අලුතින්ම X-menලා, සහ Fantastic4 චරිත වෙනත් නළු,නිලියො එක්ක rebuild කරනවා. ඒකනිසා FOXඑකෙන් කරපු wolverine , deadpool , f4, X-men කට්ටිය කවදාවත් mcuඑකටවත් endgame එකේවත් එන්නෙ නෑ. ඒත් 2020න් පස්සෙ එන අලුත් filmවලින් අලුත් actorsලා එක්ක අලුත්ම x-men, fantastic4, Wolverine, Deadpool චරිත mcu එකට එකතුවෙනවා.

ඉතින් mcuඑකට තවදුරටත් ලබාගන්න තියෙන්නෙ Sony සතුව තියෙන Spider-man චරිතවල අයිතිය සහ Universal studios සතුව තියෙන Hulk සම්බන්ධ චරිතවල අයිතිය විතරයි.

MARVEL universeඑකට අලුත් කට්ටියට මේ postඑක උදව්වක් වෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් සියලු දෙනාටම,
Excelsior !!

ජීවිතේදි ඕනෙම කෙනෙක්ට ප්‍රශ්න, කරදර එන්න පුළුවන්. ඒවෙලාවට කාලෝචිත විදිහට ඒවට මුහුණ දුන්න නිසා තමයි MARVEL ආයතනය අද Best comic books , Best Comic based movies හදන ආයතනය විදිහට ඉන්නෙ.

ඊලඟ කොටස - කොමික් කියවන්නෙ කොහොමද

පෙර කොටස - MCU හැදින්විම

Related Posts