-->

PROCESSOR GENERATIONS- ප්‍රොසෙසර් ජෙනරේෂන් සහ මොඩල්



මම දන්නා විදියට ගොඩක් අයට මේක ප්‍රශ්නයක්...
සමහරු generation සහ model පටලගෙන ඉන්නවා
තවත් සමහරු මොකුත් දන්නේ නෑ එත් දන්නවා සේ ඉන්නවා.මේ අතරේ මේ ගැන හොඳින්ම දන්නා අයත් ඉන්නවා.මුලින්ම කියන්න ඕනේ මේ post එකෙන් මම target කරන්නේ මේ ගැන මොකුත්ම නොදන්නා කොටසයි.. ඒ කියන්නේ generation කියල එකක් processor වල තියනවා කියල දන්නා , ඒත් ඒ මොකද්ද කියල නොදන්නා අයව..

හරි , කතාව මෙහෙමයි
මුලින්ම තේරුම් ගන්න ඕනේ දේ තමයි ගෘහස්ත පරිඝනක නැත්තම් personnel computer ( PC ) වල තියන processor model මොනවද කියන එක ප්‍රධාන වශයෙන් ප්‍රොසෙසර් මොඩල් 9ක් මේ වෙද්දී ඇවිත් තියනවා.

# Pentium 1 , 2 , 3 , 4
# Celeron
# Pentium M සහ Celeron M ( මේවා ආවේ ජංගම Mobile devise තේරෙන බාසාවෙන් කිව්වොත් වලට ලැප්ටොප් වලට )
# Pentium Dual Core
# Core Solo
# Core Duo
# Core 2 Duo
# Core 2 Quad
# Core i3, i5, i7

හරි මේ තමයි දැනට තියන ප්‍රොසෙසර් මොඩල් ටික ,, දැන් සමහරු මගෙන් අහයි කෝ පෙන්ටියම් 1 වලට කලින් ආපු ප්‍රොසෙසර් කියල , ඒකයි මම මුලින්ම කිව්වේ මේ කියන්නේ ගෘහස්ත පරිඝනක ගැන විතරයි ... හරි ආපහු අපේ කතාවට ...

ඔය ප්‍රොසෙසර් ජෙනරේෂන් කතාව ලොකුවටම ආවේ CORE i3, i5, i7 කියන ප්‍රොසෙසර් මොඩල් එකත් එක්ක .. ජෙනරේෂන් එක වෙනස් වෙන්නේ Processor Micro Architecture එකේ වෙනස් වීම් අනුවයි ... ප්‍රොසෙසර් එකක Architecture එක කියන එක ලොකූ කතන්දරයක් ... ඒක විස්තර කරලා කියලදෙන්න තරම් දැනුමක් මටත් අවන්කවම නැති නිසා සරලව කෙටියෙන් කියනවනම් ප්‍රොසෙසර් එකක ක්‍රියාව නොනැවතී වෙන චක්‍රාකාර ක්‍රියාවලියක්.. ප්‍රදාන විදිහට ඒක වෙන්නේ මෙහෙමයි

1. ලබාදුන් උපදෙසක් නැත්තම් විධානයක් කියවා එය විකේතනය ( decode ) කිරීම
2. ලබාදුන් විධානය සිදුකිරීමට අවශ්‍ය ඒ හා සැසඳෙන දත්ත සොයාගැනීම
3. විධානය ක්‍රියාත්මක කිරීම
4. ප්‍රතිඵලය නිකුත් කිරීම

ප්‍රොසෙසරයට ලැබෙන විදුලිය විසංදි වෙනකල්ම , ඒ කියන්නේ කොම්පියුටර් එක shutdown කරනකල්ම මේ ක්‍රියාව දිගටම සිද්ද වෙනවා. මෙන්න මේ ක්‍රියාවන් එක එකක් කරන්න ප්‍රොසෙසරය භාවිතා කරන තාක්ෂනය තමයි Processor Micro Architecture කියල බොහොම ප්‍රාථමික විදිහට කියන්න පුළුවන්නේ ... ඒ මොකද මේක විස්තර කරන්න ගියොත් , bus speed වල ඉඳන් memory hierarchy , instruction set, Reduced instruction set computing ,Cache, Superscalar, Multiprocessing , multithreading වගේ ගොඩක් ලොකු පරාසෙක විහිදෙනවා,

🔴අපි දැන් බලමු 1st Generation වල මොනවද විශේෂත්ව කියලා.....

# මේ ප්‍රොසෙසර් වල Architecture එක Nehalem කියන නමින් තමයි හඳුන්වන්නේ
# මේ ප්‍රොසෙසර් ගැලපෙන්නේ 1156 සොකට් එක තියන DDR 3 motherboard වලට
# Cache memory එකේ තුන් වෙනිමට්ටම ( L3 ) මුලින්ම තිබ්බේ මේ පලවෙනි පරම්පරාවේ තමා
# මුලින්ම graphic media accelerator එකක් එක්ක ආව මේ ප්‍රොසෙසර් තමයි , මේක GMA කියලයි හඳුන්වන්නේ graphic accelerator එකක් මිස graphic processor එකක් කියල මේක හඳුන්වල නෑ
# Memory access , සහ Core අතර සන්නිවේදනය වේගවත් නිසා මේ ප්‍රොසෙසර් මිට කලින් තිබුණු ඒවාට වඩා කාර්යක්ෂමයි
# ඒ වගේම කලින් තිබුණු 45 නැනෝමීටර් තාක්ෂනය 32 නැනෝමීටර් දක්වා අඩු වෙනවා

🔴2nd Generation ප්‍රොසෙසර්

# මේ ප්‍රොසෙසර් වල Architecture එක Sandy Bridge කියන නමින් තමයි හඳුන්වන්නේ
# කලින් generation එකේ තිබුණු L3 Cache memory එක32Bit සිට 64Bit දක්වා දියුණු වෙනවා
# කලින් තිබුණු GMA එක IGP ( integrated graphic processor ) විදිහට දියුණු වෙනවා , මේ නිසා සමහර ගේම් low settings යටතේ play කරන්න පුළුවන් වෙනවා
# QuickSync තාක්ෂණ හදුන්වා දෙනවා , මේකෙන් video encode / decode වීම වේගවත් කරනවා
# if / then කියන තර්කන හැකියාව ( Logic gates හා Boolean algebra වලට අදාළ කොටසකි ) ඉතාමත් තියුණු මට්ටමට ගේනවා , එමගින් ගණිතමය සැකසීම් ඉතාමත් වේගවත් වෙනවා

🔴3rd Generation ප්‍රොසෙසර්

# මේ ප්‍රොසෙසර් වල Architecture එක Ivy Bridge කියන නමින් තමයි හඳුන්වන්නේ
# මේ ප්‍රොසෙසර් එක කලින් කතා කරපු පරම්පරාවේ Architecture එකට ගොඩක් සමානයි
# වැදගත්ම දේ තමයි 32 නැනෝමීටර් තාක්ෂනය 22 නැනෝමීටර් දක්වා මෙතැනදී අඩු වෙනවා .. එකෙන් විදුලිය වැයවීම අඩු වෙනවා කාර්යක්ෂම තාව වැඩි වෙනවා
# IGP එකත් දල වශයෙන් 50% ක විතර දියුණු වෙනවා ගේම් වලට හොඳට සපෝට් කරනවා

🔴4th Generation ප්‍රොසෙසර්

# මේ ප්‍රොසෙසර් වල Architecture එක Haswell කියන නමින් තමයි හඳුන්වන්නේ
# මෙතන ගොඩක් දේවල් වැඩිදියුණු වෙනවා , ප්‍රොසෙසර් එකේ
core එකේ ප්‍රමාණය වැඩි ( පළල් ) කරනවා
# ඒ නිසා අමතර arithmetic/logic unit එකක් address generation unit එකක් branch predictor සහ වැඩිදියුණු කල memory controller එකකට ඉඩකඩ සැලසෙනවා
# multi-threaded programming සඳහා වැඩි පහසුවක් සැලසීමට TSX ( Transactional Synchronization Extensions ) කියන විධානය ( instruction ) ද ඇතුලත්ව නව විධාන මාලාවක් ඇතුලත් කිරීම
# L 4 Cache ලෙස ග්‍රැෆික් සඳහාම වෙන්කළ ( Dedicated Video Memory ) 128MB memory chip එකක් එකතු කිරීම ඒක Crystalwell කියල තම හඳුන්වන්නේ .. මේ නිසා ගේම් වලට ගොඩක් හොඳට සපෝර්ට් කරනවා
# මේ වෙනකල් motherboard එකේ තිබුණු voltage regulator එක මෙතැනදී ප්‍රොසෙසර් එකට එකතු කරනවා මේ නිසා බලය නැත්තම් කරන්ට් එක වෙඩි වේගෙකින් බෙදාහැරීම සහ පාලනය සිදුවෙනවා

🔴5th Generation ප්‍රොසෙසර්

# මේ ප්‍රොසෙසර් වල Architecture එක Broadwell කියන නමින් තමයි හඳුන්වන්නේ
# කලින් 2nd සහ 3rd අතර උනා වගේ තමා මේකත් කියන්න වෙන්නේ මේ Broadwell සහ Haswell අතරත් ලොකු වෙනසක් නෑ
# 22 නැනෝමීටර් තාක්ෂනය 14 නැනෝමීටර් දක්වා තව දුරටත් මෙතැනදී අඩු වෙනවා ඒක තමයි ප්‍රධානවම
# එකෙන් බලය නැත්තම් කරන්ට් එක වෙයවෙන එක අඩු කරන ... නමුත් ගොඩක් තැන්වල දෙන උපදෙස තමා 4th Generation Haswell එකක ඉඳල 5th Generation Broadwell එකකට upgtade වෙන්න එපා කියන එක ... ඒක ගෙවන මුදලට ප්‍රමාණවත් වෙනසක් නොලැබෙන බව තමා කියන්නේ ...

🔴6th Generation ප්‍රොසෙසර්

# මේ ප්‍රොසෙසර් වල Architecture එක Skylake කියන නමින් තමයි හඳුන්වන්නේ
# කලින් Haswell එකේදී කරා වගේ මෙතනත් ගොඩක් ලොකු වෙනස්කම් සිද්ද වෙනවා ...
# bus type එක DMI 2.0 (5GT/s) සිට DMI 3.0 (8GT/s) දක්වා වැඩිදියුණු වෙනවා මේ නිසා ප්‍රොසෙසරය සහ motherboard එක අතර සම්බන්දතාවය වේගවත් වෙනවා 40% කින් විතර , මේනිසා motherboard chipset එක හරහා සම්බන්ද වෙන SATA , USB, LAN, එක්ක ප්‍රොසෙසර් එකේ සම්බන්දතාව වේගවත් වෙනවා
# DDR 3 වලින් DDR 4 වලට මාරු වෙන්නෙත් මෙතනින්
# අලුත් HD Graphics 530 GPU එක පරණ එකට වඩා Memory Speed , Memory Type , Memory Bandwidth , L2 Cache , Shader Processing Units , Texture Mapping Units , Texture Rate , Render Output Units, Pixel Rate කියන මේ හැම එකකින්ම ගොඩක්ම ඉදිරියෙන් ඉන්නවා, DX 12 suport කරනවා , ඒ නිසා ගොඩක් ගේම්ස් කිසිම අවුලක් නැතුව play වෙනවා

📍මේ තමයි මං හොයාගත්ත ටික .. මේ ටික කියවද්දී කට්ටියට පොඩි රටාවක් තියනවා කියල තේරුනාද ... 2nd සහ 3rd එක වගේ ... 4th සහ 5th එක වගේ ... 6th සහ මම විස්තර නොකරට 7th දෙකත් එක වගේ තමා ....මන් ගිහින් එන්නම්.ලගදිම තවත් පොස්ටුවක් ගෙන්නම්... මෙන්න දෙවෙනි ලිපිය


Related Posts