-->

Hard Disk Drive (HDD පිලිබඳ මුලික දැනුම)




ඉස්සෙල්ලම අපි ඉතිහාස පාඩමෙන් පටන්ගමු.

මුල්ම යුගයේ තිබුනු punch card, magnetic drum, selecton tube කියන දත්ත ගබඩා කිරීමේ ක්‍රම වලතියන අඩු ධාරිතාව(maximum 1024 bit) , දත්ත කියවීමට හා ලිවීමට විශාල කාලයක් වැයවීම කියන අඩුපාඩු වලට විසදුමක් සෙවීමට ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන්හමුදාව විසින් IBM ආයතනයෙන් කරනලද ඉල්ලීමකට අනූව IBM ආයතනයේ Rey Johnson ගේ ප්‍රධානත්වයෙන් යුතු කන්ඩායමක් මගින් ප්‍රථම දෘඩතැටිය නැතිනම් Hard Disk එක නිපදවනු ලැබුවා ඒත් මේ Hard Drive එක අපි අද දකින විදිහේ එකක් නෙමෙයි මේකට කියල තියෙන්නෙත් Disk File කියල, IBM 305 RAMAC කියන computer එකත් එක්ක හදුන්වාදුන්නු මේ Hard Drive එක IBM 350 කියලා

 (අංක 1 රූපය)තමයි මේක හදුන්වල තියෙන්නෙ, අඟල් 24 නැත්තම් 61cm විශ්කම්භයක් තියන ඇලුමිනියම් තැටි 50ක් එකතුකරල හදපු ටොන් 1කට වඩා බර මේ Disk File එකේ ධාරිතාව නැත්තම් capacity එක 5MB  වගේම මේ එක මෙගාබයිට් එකක් වෙනුවෙන් IBM ආයතනය 10,000 $ ක පිරිවැයක් දරල තියනව 😨 .. ඒ 1956 සැප්තැම්බර් 13 වෙනිදා,
🔵1980 දී IBM 3380 තමයි
(අංක 2 රූපය)ලෝකෙ පලවෙනි Gigabyte ධාරිතාවක් තිබුනු HARD එක 1.2 GB hatd දෙකක් එකතු කරල හදපු මේ hard එකේ බර 249 Kg ක්, මේකෙ වටිනාකම ඒකාලෙ 40 000 $ වෙලා තියනව, ඒක මේ දවස් වලනම් 115 037 $ වගේ වටිනාකමක්ලු.. රුපියල් නම් 1,70,54,235 Rs වගේ මුදලක්. 😨
🔵2003 දි IBM තමන්ගෙ Disk Drive Division එක Hitachi කොම්පැණියට විකුනනව
🔵2005 දි පලවෙනි 500GB Hard එක Hitachi හදුන්වාදෙනව,
🔵2006 දි Seagate පලවෙනි 750 GB hard එක
🔵2007 Hitachi පලවෙනි 1TB hard එක
🔵2008 Seagate පලවෙනි 1.5 TB Hdd එක
🔵2009 Western Digital 2TB hard එක
🔵2010 Western Digital , Seagate 3TB Hdd
🔵2011 Seagate 4TB Hdd
🔵2014 Seagate 6TB , 8TB Hdd
🔵2015 HGST 10TB Hdd
දැන් ඉතිහාසය ඇති.. මොකද කියන්න ගියොත් ඉවර කරන්න වෙන්නෙ නෑ...

හරි, දැන් hard එකක් ගත්තම මේක ඇතුලෙ තියනව තැටි.. ඒවගේම ඒ තැටි අතර තියනව එහා මෙහා කරන්න පුලුවන් arm එකක් arm කෙලවර head එකක්
(අංක 3 රූපය), මේ තැටි වලට කියන්නෙ platters කියල මේ එක platter එකක් ගත්තම මේකෙ දෙපැත්තෙම දත්ත ගබඩා කරනව, මේ platter එකක එක පැත්තක් ගත්තම කේන්ද්‍රයේ සිට සම දුරින් tracks සහ මේ එක එක track එකක් sector වලටත් බෙදල තියනව,
(අංක 4 රූපය) මොනවද මේ track හා sector වල තියෙන්නෙ කොබොල්ට් සහ ප්ලැටිලම් අනු, computer එක on කරාම මේ platter තත්පරයට වට 100ක වගේ සාමාන්‍ය වේගෙකින් කැරකෙනව, එතකොට මේ head එකට පුලුවන් අර platter වල sector තියන අනු වල චුම්බක ආරෝපන හදුනගන්න ඒකියන්නෙ දත්ත කියවන්න, ඒවගේම ඒවගෙ ආරෝපන වෙනස්කරන්න, ඒකියන්නෙ අලුතින් දත්ත ලියන්න, මේ අනු වල සැකසුම තීරනය වෙන්නෙ head එක මගින් ඒ මත ක්‍රියාකාරී වෙන චුම්බක බලය අනුවයි
(අංක 5 රූපය) , ඒකියන්නෙ ධන සහ සෘන ආරෝපන
(අංක 6 රූපය)(කාන්දමක් ගත්තම ඒකෙ උතුර දකුන කියල දෙකක් තිබ්බ මතකයි නේද) හරි, දැන් මේ දත්ත කියවද්දි ( - ) ආරෝපන 0 විදිහටත් ( + ) ආරෝපන 1 විදිහටත් තමා කියවන්නෙ,
(අංක 7 රූපය) ඒ කොහොමද .. hard disk එකේ තියනව පරිපථයක්, මේ head එකෙන් කියවන + සහ - ආරෝපන digital signal එකක් බවට ඒකියන්නෙ 1 සහ 0 වලට හරවන්න,
(අංක 9 රූපය)
ඒවගේම තමා දත්ත ලියනකොටත් digital signal එකක් විදිහට එන දත්ත, head එක මගින් + හා - ආරෝපන විදිහට platter වල සටහන් වෙනව,
ඔන්න ඔහොම තමා hard එකේ කතාව, ඒවගේම තමා මේ අපි කතාකරපු platter එකක තියනව aria density කියල එකක් ඒකියන්නෙ platter එකක එක පැත්තක වර්ග අගලක කොච්චර දත්ත ප්‍රමානයක් ලියන්න පුලුවන්ද කියන එක, දැනට තියන hard වල ඒක වර්ග අගලකට ගිගාබිට් 600ක් වෙනව වරදගන්න එපා මේ ගිගාබිට් Gbit මිසක් ගිගාබයිට් GB නෙමෙයි.

Related Posts

Post a Comment