-->

ප්‍රොසෙසර් සොකට්


ප්‍රොසෙසර් ගැන මගේ මුල් ලිපියේ දෙවන කොටස විදියට ප්‍රොසෙසර් සොකට් ටයිප් ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුන මොකද සමහරුන්ට හරි අවබෝදයක් නැතිබව පෙනුන නිසා..මෙන්න පලමු ලිපිය 
ප්‍රොසෙසර් සොකට් එක කියන්නේ ප්‍රොසෙසර් එක motherboard එකට සවිවෙන තැනට එතන තියන පින් ගණන සහ සොකට් එකේ ප්‍රමාණය ප්‍රොසෙසර් අනුව වෙනස් වෙනවා.

මම මේ පොස්ට් එකේ පහල දාල තියනවා චාට් දෙකක් ඒවගේ තියෙන්නේ intel ප්‍රොසෙසර් වල pentium 4 සිට මේ දක්වා ආපු සියලුම ප්‍රොසෙසර් සොකට් ටයිප් සහ ඒ සොකට් එකට අදාළ ප්‍රොසෙසර් මොනවද කියලයි
* සමහරුන්ට එකත් පොඩ්ඩක් පටලිලි සහගත වෙයි කියල හිතුනු නිසා මම ඒ චාට් වල තියෙන සමහර දේවල් පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නම්

එතන ඔයාලට බැලුවොත් පෙනෙයි සමහර තැන්වල
Intel Core i7 (800 series)
Intel Pentium (G6000 series)
වගේ series ගැන කියල තියනවා මේ කියන්නේ Intel Core i7 800 කියන series එක ගත්තොත්
Intel Core i7 860
Intel Core i7 875
වගේ අටසිය ගණන් වලින් අවසන් වෙන ප්‍රොසෙසර් ගැන දැන් series එකක් කියන එක තෙරුනානේ *** මම මෙතනදීම පොඩි කාරනාවක් මතක්කරන්නම් ඔය ඉලක්කම් තුනකින් ඉවරවෙන i 3 , i 5 , i 7 ප්‍රොසෙසර් තමයි 1 st generation ප්‍රොසෙසර්
එතන සමහර තැන්වල ප්‍රොසෙසර් වලට Cordname පාවිච්චි කරලා තියනවා එනිසා මම ඒ cordname වලට අදාළ මොන වගේ ප්‍රොසෙසර් ද කියල කියන්නම්

🔹Intel Sandy Bridge
මේ සංකේත නාමයට අයිති වෙන්නේ 2 වෙනි ජෙනරේෂන් එකේ Core i ප්‍රොසෙසර් උදාහරණයක් කිව්වොත්, i7 2700K ,,,, i5 2500 වගේ 2න් පටන් ගන්න ඉලක්කම් හතරක සංඛාවක් අවසානයට තියන ප්‍රොසෙසර්
ඒ වගේම මේකට පහල සඳහන් කාණ්ඩ වල ප්‍රොසෙසරුත් අයිති වෙනවා
Intel® Pentium® G600 series
Intel® Pentium® G500 series
Intel® Pentium® G400 series
Intel® Pentium® 900 series
Intel® Celeron® 800 series
Intel® Xeon® Processor E3-1000 series

🔹Intel Ivy Bridge
මේ සංකේත නාමයට අයිති වෙන්නේ 3 වෙනි ජෙනරේෂන් එකේ Core i ප්‍රොසෙසර් උදාහරණයක් කිව්වොත්, i7-3770 ,,,, i5-3570K වගේ 3න් පටන් ගන්න ඉලක්කම් හතරක සංඛාවක් අවසානයට තියන ප්‍රොසෙසර්
ඒ වගේම මේකට පහල සඳහන් කාණ්ඩ වල ප්‍රොසෙසරුත් අයිති වෙනවා
Intel® Pentium® 1000 series
Intel® Pentium® 2000 series
Intel® Celeron® 900 series
Intel® Celeron® 1000 series

🔹Intel Haswell
මේ සංකේත නාමයට අයිති වෙන්නේ 4 වෙනි ජෙනරේෂන් එකේ Core i ප්‍රොසෙසර් උදාහරණයක් කිව්වොත්,i7-4765T ,,,, i3-4330 වගේ 4න් පටන් ගන්න ඉලක්කම් හතරක සංඛාවක් අවසානයට තියන ප්‍රොසෙසර්
ඒ වගේම මේකට පහල සඳහන් කාණ්ඩ වල ප්‍රොසෙසරුත් අයිති වෙනවා
Intel® Pentium® 3000 series
Intel® Pentium® 2000 series
Intel® Celeron® 1800 series
Intel® Celeron® 2000 series

🔹Intel Broadwell
මේ සංකේත නාමයට අයිති වෙන්නේ 5 වෙනි ජෙනරේෂන් එකේ Core i ප්‍රොසෙසර් උදාහරණයක් කිව්වොත්,i7-5775R ,,,,i5-5350U වගේ 5න් පටන් ගන්න ඉලක්කම් හතරක සංඛාවක් අවසානයට තියන ප්‍රොසෙසර්
ඒ වගේම මේකට පහල සඳහන් කාණ්ඩ වල ප්‍රොසෙසරුත් අයිති වෙනවා
Intel® Pentium® 3800 series
Intel® Pentium® D1000 series
Intel® Celeron® 3000 series

🔹Intel Skylake
මේ සංකේත නාමයට අයිති වෙන්නේ 6 වෙනි ජෙනරේෂන් එකේ Core i ප්‍රොසෙසර් උදාහරණයක් කිව්වොත්,i7-6700 ,,,i5-6600K වගේ 6න් පටන් ගන්න ඉලක්කම් හතරක සංඛාවක් අවසානයට තියන ප්‍රොසෙසර්
ඒ වගේම මේකට පහල සඳහන් කාණ්ඩ වල ප්‍රොසෙසරුත් අයිති වෙනවා
Intel® Pentium® G 4000 series
Intel® Pentium® 4000 series
Intel® Celeron® G 3000 series
Intel® Celeron® 3900 series
Intel® Celeron® 3800 series

🔹Kaby Lake
මේ සංකේත නාමයට අයිති වෙන්නේ 7 වෙනි ජෙනරේෂන් එකේ Core i ප්‍රොසෙසර් උදාහරණයක් කිව්වොත්,i7-7700 ,,,i5-7600K වගේ 7න් පටන් ගන්න ඉලක්කම් හතරක සංඛාවක් අවසානයට තියන ප්‍රොසෙසර්
ඒ වගේම මේකට පහල සඳහන් කාණ්ඩ වල ප්‍රොසෙසරුත් අයිති වෙනවා
Intel® Pentium® G 4600 series
Intel® Pentium® G 4500 series
Intel® Celeron® G 3900 series

දැන්නම් පහල තියන චාට් වලින් ඔයාට පුළුවන් ඒ ඒ සොකට් එකට හරියන ප්‍රොසෙසර් මොනවද කියල තේරුම්ගන්න

Related Posts

Post a Comment