-->

04.මෝටර් රථයක ඇති ෆ්ලුයිඩ්/ඔයිල් වර්ග පරීක්ෂා කිරීම



මෝටර් රථයක ඇති ෆ්ලුයිඩ්/ඔයිල් වර්ග පරීක්ෂා කරන්නේ කොහොමද?

මෝටර් රථයක් කියන්නේ එක්තරා විදිහක විශාල ආයෝජනයක්.ඒ‌ නිසා එහි ඇ‌ති ෆ්ලුයිඩ්/ඔයිල් වර්ග පරීක්ෂා කිරීම මගින් නිතිපතා බිඳ වැටීම්,යාන්ත්‍රික හානි සහ
ඒවගේම වියහැකි අනතුරු වලක්වාගැනීමට ද උපකාර වෙනවා.

මෝටර් රථයේ ඇ‌ති විවිධ ෆ්ලුයිඩ්/ඔයිල් වර්ග ඔබ විසින්ම පරීක්ෂා කිරීමට ඉගෙන ගන්න.ඒවගේම නිරතුරුව පරීක්ෂා කරගන්න.එක් වරක් ඒ ගැන දැනගත් පසු ඒ සඳහා කාලයක් ගත නොවනු ඇත.

• සාමාන්‍යෙන් මෝටර් රථයේ ඕනර්ස් මැනුඅල් හි ෆ්ලුයිඩ්/ඔයිල් පරීක්ෂා කිරීම් කළයුතු කාල සහ ආකරය සඳහන් කර ඇත.නමුත් මෙය මෝටර් රථයේ වගකීම් කාලය ලබාගැනීම සඳහා තිබිය යුතු අවම අගයන් වන අතර අවශ්‍ය නම් ඒ‌ ගැන යම් සටහනක් තබාගැනීම මගින් හෝ හුදෙක් නිතර නිතර පරීක්ෂා කිරීම් කරන්න.

• සෑම ෆ්ලුයිඩ්/ඔයිල් පරීක්ෂා කිරීමක දීම පැතලි පෘෂ්ඨයක් මත මෝටර් රථය නවතා පාර්කිං බ්‍රේක් යොදන්න.

• බොන්ට්ටුව විවෘත කරන්න.

• එන්ජින් ඔයිල් මට්ටම පරීක්ෂා කරන්න.මේ සඳහා සුදුසුම කාලය එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ(සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 80-90 අතර)ඇති විට දී වන අතර ඒන්ජිම නවත්වා අඩුම තරමේ විනාඩි දෙකක්වත් තිබෙන්නට හරින්න.මෙයින් සිලින්ඩර් හෙඩ්,ඔයිල් රිටන් ගැලරි සහ අනෙකුත් ස්ථානයන් යන්වල ඇති ඔයිල් සම්ප් එකට එකතුවීමට යම් කාලයක් ලබාදීමෙන් වාඩාත් නිවැරදි කියවීම් ලබාගත හැකිවේ.ඔයිල් ඩිප්ස්ටික් ගේජ් එකක් නොමැති ඉලෙක්ට්‍රොනිකව ඔයිල් ලෙවල් එක දක්වන නවීන මෝටර් රථ සඳහා මෙය විශේෂයෙන් වැදගත් වේ.ඔයිල් ඩිප්ස්ටික් ගේජ් එකක් ඇ‌ත්නම් එය එලියට ඇද පිරිසිදු රෙදිකැල්ලකින් පිසදා නැවත් ඔයිල් ඩිප්ස්ටික් ගේජ් එක නැවතුම දක්වා ඇතුල් කර නැවත් එලියට ඇද ඔයිල් ලෙවල් කියවීම් බලන්න.මේ සඳහා මෝටර් රථයේ ඇ‌ති ඕනර්ස් මැනුඅල් සහාය ඔබට උපකාරීවන අතර ඔයිල් ඩිප්සිටික් එකෙහි මේ සඳහා පිළිගත හැකි පරාසය මත එය සලකුණුකර ඇත.සාමාන්‍යයෙන් මෙය ඔයිල් ඩිප්ස්ටික් එක මත කට්ට(notched)/වලගැසුනු(dimpled)හෝ අකුරෙන්(scribed) ලියා දක්වා ඇත.මෝටර් රථයේ ඕනර්ස් මැනුඅල් හි දක්වා ඇති ඔයිල් ලෙවල් සටහන අනුව ඔයිල් ඩිප්ස්ටික් ගේජ් එකේ සලකුණු සමග පරීක්ෂා කර බලන්න. ඔයිල් මට්ටම ඉතා අඩු නම් මෝටර් රථය ධාවනය කිරීමට පෙර සුදුසු මෝටර් එන්ජින් ඔයිල් වර්ගයක් එකතු කළ යුතුය.නව මෝටර් රථයක් නම් ඔබේ අලෙවි නියෝජිතයා වෙත ගෙනයන්න.පැරණි මෝටර් රථයක් නම් මෝටර් රථ අමතර කොටස් අලෙවිනියෝජිතයෙකු වෙත ගෙනයන්න.සමහර එන්ජින් ඕනවට වඩා වැඩි පුර ඔයිල් පරිභෝජනය බැවින් ඔයිල් එකතුකිරීම ද නිතර නිතර අවශ්‍ය කාරණයක් බවට පත්වීමට හැකිය.පිරිසිදු අලුත් එන්ජින් ඔයිල් පැහැදිලි රන් පැහැයක් ගන්නා අතර අපිරිසිදු එන්ජින් ඔයිල් කලු හෝ දුඹුරු පැහයක් ගනී.ඔයිල් අඳුරු පැහැ නම් අවසන් ඔයිල් මාරු කල කාලය සඳහා මෝටර් රථයේ වාර්තා(සර්විස් රේකෝර්ඩ් බුක්/ඉදිරි පස වීන්ස්ක්‍රීය මත අලවා ඇ‌ති සර්විස් රිමයින්ඩර් ස්ටිකරය)බලන්න.එන්ජින් ඔයිල් අඳුරැ පැහැයෙන් යුක්ත නම් තවමත් මෝටර් රථය ධාවනය කලහැකි අතර එය වඩාත් තද වර්ණයෙන් යුක්ත නම් ඔයිල් මාරැ කිරීමේ කාල සටහනට අනුව එන්ජින් ඔයිල් මාරැ කල යුතුය.සාමාන්‍යයෙන් කාලය සහ වේලාව(Mileage and Time) යන දෙකම අනුව හෝ මෙයින් පළමුව පැමිණීම අනුව  එන්ජින් ඔයිල් මාරැ කිරීම කළ යුතුය.(උදාහරණ-සෑම කිලෝමීටර් 15,000 වරක් හෝ මාස 12 කට වරක් හෝ මෙයින් පළමුව පැමිණීම අනුව හෝ මේ දෙකම අනුව)ඔයිල් මාරැ කිරීමේ නිසි කාල අන්තරයන් සඳහා ඔබේ මෝටර් රථයේ ඕනර්ස් මැනුඅල් පරීක්ෂාකර බලන්න.ඒ‌ කොහොම වුණත් එන්ජින් ඔයිල් මාරැ කිරීමට නිර්දේශ කිලෝමීටර් ගණන ධාවනය නොකළද සෑම මාස 6/12 කට වරක් මෝටර් රථයේ එන්ජින් ඔයිල් මාරැ කිරීම කිරීම වඩාත් සුදුසුය.විවිධ නිෂ්පාදකයන් සහ ඔවුන්ගේ විවිධ එන්ජින් වර්ග අනුව ඔයිල් මාරුකිරීමේ කාලය සහ වේලාවන් එකිනෙකට වෙනස්වන අතර මේ සඳහා ඔබේ මෝටර් රථයට අදාල ඕනර්ස් මැනුඅල් පරීක්ෂා කරන්න.මෝටර් රථයේ ඔයිල් නිසි පරිධි මාරැ නොකිරීමෙන් ලැබිය හැකි දරුණු ප්‍රථිඵල වලක්වාලීමට නම් ඔයිල් මාරැ කිරීම නිතරම නිර්දේශ කාල සටහනට අනුව කිරීම වැදගත් වන අතර දිගින් දිගටම එන්ජින් ඔයිල් අඩුවීමට හේතුව ගෑස්කට්/ඔයිල් සීල්/සීලන්ට් කාන්දුවීමක් නිසා ඇ‌ති විය හැකි අතර හෝ මෝටර් රථය අධික ලෙස ඔයිල් පරිභෝජනය කරන බව කිවහැකිය.

එන්ජින් ඔයිල් කාන්දු හඳුනා ගැනීමට මෝටර් රථය නවතා තබන ඩ්‍රයිව්වේ/ගරාජ් බිම මත විමසිලිමත් වනවා නම් ඒ‌ වගේම එන්ජිම මත තෙල් කාන්දු වන ලකුණු දක්නට ලැබේ නම්,නිරතුරුවම ඔයිල් පරිභෝජනය කරන බව පෙනී යන්නේනම් හෝ ඔයිල් කිරි පැහැ හෝ පෙන කැටි සහිත නම් එය කූලන්ට් සමග මිශ්‍ර වීමක් විය හැකි අතර මෝටර් රථය කාර්මිකයෙකු ලවා පරීක්ෂා කරගත යුතුය.එය හෙඩ් ගෑස්කට්/එන්ජින් ඔයිල් කූලර්/ට්‍රාන්ස්මිෂන් කූලර් හෝ වෙනත් බරපතල ගැටලුවක් පෙන්නුම්කරන්නක් වියහැකිය.

• ට්‍රාන්සමිෂන් ෆ්ලුයිඩ්/ඔයිල් ලෙවල් පරීක්ෂා කරන්න.

මෝටර් රථයක සම්ප්‍රේෂණ ෆ්ලුයිඩ්/ඔයිල් මෝටර් රථයේ ගියර් පද්ධතිය ලුබ්රිකෙට් කිරීම සිදුකරනු ලබන බැවින් එහි ෆ්ලුයිඩ්/ඔයිල් නිවැරදි මට්ටමක පවත්වාගෙනයාම වැදගත්ය.සාමාන්‍යයෙන් මෙය එන්ජිම පණගන්වා ඇ‌ති අවාස්ථාවේදී හෝ රත්වී ඇති විට(ට්‍රාන්ස්මිෂන් ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 35-45 අතර දී)ගියර් නියුට්‍රල් හෝ පාර්ක් අවස්ථාවේදී පරීක්ෂා කල යුතු අතර එය මෝටර් රථ වර්ගය හා මාදිලිය
වෙනස්වේ.සාමාන්‍යයෙන් බොහෝ මෝටර් රථ වල මෙය දෙවන ඔයිල් ඩිපිස්ටික් ගේජ් එක වන අතර ඔයිල් මට්ටම පරීක්ෂා කිරීම සඳහා ඩිප්ස්ටික් ගේජ් එක එලියට අදින්න(අවශ්‍ය ක්ලිප් නිදහස් කරන්න).ඉන්පසු පිරිසිදු රෙදි කැබැල්ලකින් පිසදා නැවත ඩිප්ස්ටික් ගේජයේ පහළම නැවතුම දක්වා ඇතුල් කර නැවතත් සම්පූර්ණනම එලියට ඇද ඔයිල් මට්ටම් කියවීම් බලන්න.නැවත් ඩිපිස්ටික් ගේජ් එකේ සලකුණු කර ඇති සලකුණු දෙක අතර කියවීම් බලන්න.සමහර මෝටර් රථ වල මෙවැනි ඔයිල් ඩිප්ස්ටික් ගේජ් එකක් නොමැති අතර එවැනි මෝටර් රථයක් ට්‍රාන්ස්මිෂන් ඔයිල් ලෙවල් එක පරීකෂා එන්ජිම ක්‍රියාත්මකවන අවස්ථාවේ(ගියර් පාර්ක් හෝ නියුට්‍රල් අවස්ථාවේදී)ගියර් බොක්ස් එකේ පිරවුම් ඇණය(මෙවැනි මෝටර් රථ වල ට්‍රාන්ස්මිෂන් ෆ්ලුයිඩ් පිර වීමට සහ ඉවත් කිරීම සඳහා පිරවුම් සහ පිටාර ලෙස ඇ‌ණ දෙකක් ඇ‌ති අතර තවත් සමහර ඒ‌වයේ ඒ‌ දෙකම සඳහා ඇ‌ත්තේ එකම ඇ‌ණයක් පමණි)බුරුල් කලවිට ඒ‌ තුලින් ඔයිල් පහළට ගලයිනම් ඔයිල් මට්ටම නිවැරදි වන අතර එසේ නැතිනම් ඔයිල් අඩු අතර ඔයිල් පිරවීම කල යුතුය.සාමාන්‍යයෙන් ට්‍රාන්ස්මිෂන් ෆ්ලුයිඩ්/ඔයිල් ලා රතු පැහැයට හුරු වන අතර සම්ප්‍රේෂණ ඔයිල් නිතර මාරු කරන ඔයිල් මෙන් නිරන්තරයෙන් මාරැ කළ යුතු නොවන නමුත් එය ඉඳහිට හෝ මාරැ කිරීමට ද අවශ්‍ය නැත.ට්‍රාන්ස්මිෂන් ෆ්ලුයිඩ්/ඔයිල් මාරු කිරීම් කාල අන්තරය සෑම කිලෝමීටර් 40,00060,000,90,000 තරම් දගු කාලයක් වන අතර තවත් සමහර මෝටර් රථ සඳහා එය ලයිෆ් ටයිම් වන බව පවසයි.ඒ‌ පිලිබඳව මෝටර් රථයට අදාල ඕනර්ස්  මැනුඅල් පරීක්ෂා කර බැලීමෙන් එය තවදුරටත් නිවැරදිව දැනගැනීමට හැකි අතර එය එක් එක් නිෂ්පාදකයන්ට අනුව සහ සම්ප්‍රේෂණ පද්ධතිය අනුව වෙන්ස්වේ.සම්ප්‍රේෂණ ඔයිල් දුඹුරු,කළු හෝ පිලිස්සුණු ස්වභාවයක් ගනීනම් එය සම්ප්‍රේෂණ ඔයිල් මාරුකිරීමට සලකා බැලිය යුතු කාලයයි.

• බ්‍රේක්/ක්ලච් ෆ්ලුයිඩ් පරීක්ෂා කරන්න.

බ්‍රේක්/ක්ලච් ෆ්ලුයිඩ් රෙසවරය ඇ‌ති ස්ථානය දැන ගැනීම සඳහා මෝටර් රථයේ ඕනර්ස්  මැනුඅල් පරීක්ෂාකර බලන්න නැතහොත් බ්‍රේක්/ක්ලච් ෆ්ලුයිඩ් සඳහන් ලේබල් එකක් සහිත ප්ලාස්ටික් රෙසවර් එකක් සඳහා එන්ජින් බේ අවට පරීක්ෂා කරන්න.බ්‍රේක්/ක්ලච් ෆ්ලුයිඩ් රෙසවරයේ තිබිය යුතු අවම සහ උපරිම මට්ටම් අතර ෆ්ලුයිඩ් තිබේදයි පරීකෂා කර බලන්න.අවශ්‍ය නම් පිටතින් ඇති කුණු/දූවිල පිසදමන්න.තවදුරටත් ෆ්ලුයිඩ් මට්ටම බලාගැනීමට අපහසුනම් කුඩා ටෝච් එකක් ප්ලාස්ටික් රෙසවරය පිටුපසින් ඇලීමෙන් හෝ රෙසවර් මූඩිය ඉවත්කිරීමෙන් වඩාත් පහසුවෙන් දැකගැනීමට හැකිය.සාමාන්‍යයෙන් මෝටර් රථ බ්‍රේක්/ක්ලච් ෆ්ලුයිඩ් පරිභෝජනය නොකරන අතර ෆ්ලුයිඩ් මට්ටම් අඩුවීමට හේතුව බ්‍රේක් ලයින්/කැලිපර්/වොෂර්/සිලින්ඩර් කාන්දුවක් හෝ ගෙවීගිය බ්‍රේක් පෑඩ් විය හැකිය.බ්‍රේක් ෆ්ලුයිඩ් අඩු නම්,ඒ‌ ඇයි දැයි දැනගැනීම සඳහා පරීක්ෂා කරගැනීම ඉතා යෝග්‍ය වන අතර අඩු බ්‍රේක් ෆ්ලුයිඩ් හෝ කාන්දු වීම් සමග මෝටර් රථයක් නතර කිරීමට අසමත් විය හැකිය.සාමාන්‍යයෙන් බ්‍රේක් ෆ්ලුයිඩ් මාරුකිරීමේ කාලය අවුරුදු දෙකකට වරක් හෝ කි.මී 20,000/30,000 වරක් වන අතර වැඩි තෙතමනයක් සහිත ප්‍රදේශයන් වලදී ඊට අඩු කාලයක දී මාරු කල යුතුය.නැතහොත් බ්‍රේක් ෆ්ලුයිඩ් ඝණකම් ලෙස කොළ පැහයකින් හෝ ලා කළු පැහැයකින් යුක්ත නම් එය බ්‍රේක් ෆ්ලුයිඩ් ෆ්ලෂ් කිරීමට කාලයයි.

• හයිඩ්‍රොලික් පවර් ස්ටීරියන් ෆ්ලුයිඩ් පරීක්ෂා කරන්න.

සාමාන්‍යයෙන් පවර් ස්ටීරියන් ෆ්ලුයිඩ් ද ප්ලාස්ටික් රෙසවරයක ඇ‌ති අතර එය බ්‍රේක් ෆ්ලුයිඩ් රෙසවරයට සමානය.රසවර් මූඩිය විවෘත කර පවර් ස්ටීරියන් ෆ්ලුයඩ් මට්ටම පරික්ෂා කල හැකිය.මෙහි මූඩියටම සම්බන්ධ ලෙවල් කූරක් ඇති අතර එහි තිබිය යුතු
අවම සහ උපරිම(mini-max)අගයන් සලකුණු කර ඇත.මෙම රෙසවරයට සම්බන්ධ නල මාර්ග දෙකක් ඇති අතර
ඉන් එක නලයක් ස්ටීරියන් රැක් එකට ෆ්ලුයිඩ් සැපයුම් නලය වන අතර අනෙක ස්ටීරියන් රැක් එකේ සිට රෙසවරය වෙත නැවත ෆ්ලුයිඩ් ගෙන එන නලයයි.
සමහර නවීන මෝටර් රථ ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටීරියන් ගෙන් සමන්විත වන අතර මේවායෙහි පවර් ස්ටීරයන් ෆ්ලුයිඩ් රෙසවර්යක් නොමැත.

• කූලන්ට් මට්මට පරීක්ෂා කරන්න.

කූලන්ට් මට්ටම පරීක්ෂා කල යුත්තේ එන්ජිම සිසිල්ව ඇ‌ති විට දී වන අතර එන්ජිම උණුසුම් නම් කිසිවිටකත් රේඩියේටර් මූඩිය හෝ රෙසවර්යේ මූඩිය විවෘත නොකළ යුතු අතර  එන්ජිම සිසිල් වී ඇති බවට වගබලාගත යුතුය.රේඩියේටර් මූඩිය හෝ රෙසවර්යේ මූඩිය එන්ජිම උණුසුම්විට විවෘත කලහොත් අධික පීඩනය යටතේ ඇති රත්වූ කූලන්ට්/ජලය විසිවී පිළිස්සුම් ඇති විය හැකිය! කූලන්ට් රෙසවර්ය බොහෝ දුරට රේඩියේටරය අසල ඉහලින් හෝ රේඩියේටරය අසල ඒ අවට බොහෝවිට සවිකර ඇත.

සිසිලන පද්ධතිය නැවත පුරවන්නේ නම් නිවැරදි කූලන්ට් බෝතලයක් මිලදීගන්න.ඇ‌න්ටිෆ්‍රීස් ලේබලය කියවන්න. සමහර ඒවා ආසෘත ජලය සමග 50:50 අනුපාතයට මිශ්‍ර කල යුතු අතර තවත් සමහර ඒවා කලින් මිශ්‍ර කර ඇ‌ත නිසා කෙලින්ම යොදන අතර එහි ඇ‌ති ඇ‌න්ටිෆ්‍රීස් ලේබලය එහි ඇති වර්ගය පිලිබඳව ඔබව දැනුවත් කරයි.

• වින්ඩ්ස්ක්‍රීන් වොෂර් ෆ්ලුයිඩ් මට්මට පරීක්ෂා කරන්න.

වින්ඩ්ස්ක්‍රීන් වොෂර් ෆ්ලුයඩ් මෝටර් රථයේ කාර්‍ය්‍යය සාධනය කෙරෙහි බලපෑමක් නැහැ.නමුත් රිය පදවන විට මෝටර් රථයේ වින්ඩ්ස්ක්‍රීනය ශුද්ධ පවිත්‍රර කිරීම සඳහා එම ෆ්ලුයිඩ්  භාවිතා කරන අතර
වින්ඩ්ස්ක්‍රීන් වොෂර් ෆ්ලුයිඩ්,බග්‍ස් සහ අනෙකුත් මාර්ගයේ ඇති කූණු/දූවිලි ඉවත් කිරීම සඳහා සකස්කර තිබේ.
සාමාන්‍යයෙන් වින්ඩ්ස්ක්‍රීන් වොෂර් ෆ්ලුයිඩ් මට්ටම අඩු වී තිබීම කිසිදු හානියක් නැති නමුත් වින්ඩ්ස්ක්‍රීන් වොෂර් ෆ්ලුයිඩ් රෙසවරය සම්පූර්ණයෙන්ම හිස් වීමට කලින් සරළව එය පිරවීම කරගන්න.ඉතා ශීත කාලගුණ බලාපොරොත්තු වන්නේනම් අඩු උෂ්ණත්වයේ දී ඝණීභවනය නොවන වොෂර් ෆ්ලුයිඩ් වර්ගයක් භාවිතා කිරීමට වග බලා ගන්න. විශේෂයෙන් ඒ‌ සඳහා අඩු හිමාංකය සහිත වින්ඩ්ස්ක්‍රීන් වොෂර් ෆ්ලුයිඩ් වර්ග මිළදී ගැනීමට ඇත.

• ඊට අමතරව මෝටර් රථයේ ටයර් පීඩනය පරීක්ෂා කරන්න.

මෙය මෝටර් රථයේ බොනට්ටුව තුල ඇති ෆ්ලුයිඩ් වර්ගයක් නොවන නමුත් එය මෝටර් රථයේ කාර්‍ය්‍යයක්ෂමතාව සහ ආරක්ෂාව අත්‍යාවශ්‍ය වන අතර එන්ජින් ෆ්ලුයිඩ් වලටත් වඩා නිරතුරැවම මෝටර් රථය සඳහා යොදා ගනු ලබන ටයර් පරික්ෂා කර බැලිය යුතුය. එහි හුළං ප්‍රමාණය සහ ටයර් කට්ට පරීක්ෂා කරගැනීම ඉතාමත් යෝග්‍යවේ.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

05 Post - විව්ධ බ්‍රේක් ඔයිල් වර්ග

Related Posts

Post a Comment