-->

03.ඉග්නිෂන් කොයිල් බිඳවැටීමේ රෝග ලක්ෂණ



මෝටර් රථයේ එන්ජිම අස්ථාවර ලෙස හැසිරෙන්නේ නම් හා එය සියුම්ව ධාවනයවීමේ ගැටලු ඇති නම් එය ඉග්න්ෂන් කොයිල් අසාර්ථක වන ලකුණු පෙන්නුම් කළ හැකිය.ඉග්නිෂන් කොයිල් ඕල්ටනේටරයේ සිට විදුලි බලය රිලේ හරහා එය ස්පාර්ක් ප්ලග් වෙත ගෙන යයි.මෙම ස්පාර්ක් ප්ලග් ඉන්ධන/වායුව මිශ්‍රණය දහනය කර එන්ජිම කියාකරවයි.රෝග ලක්ෂණෙය් බරපතලකම ඉග්නිෂන් කොයිල් අසාර්ථකතාවය අනුව වෙනස් වේ.

• බැක් ෆයර්වීම

මෝටර් රථය බැක් ෆයර් වෙනවානම් එය ඉග්නිෂන් කොයිල් අසාර්ථවීමේ මුල් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.භාවිතා නොකරන ඉන්ධන එක්සෝස්ට් පද්ධතිය හරහා විමෝචනය කරන විට මෙය සිදුවන අතර මෙම ගැටලුව නොවිසඳුවහොත් එක්සෝස්ට් පද්ධතියට බරපතල හානි ඇ‌තිවිය හැකි අතර අනවශ්‍ය සහ වියදම් අධික අලුත්වැඩියාවන් ඇ‌ති කල හැකිය.එක්සෝස්ට් පද්ධතිය මගින් කලු දුම් විමෝචනය හැකි අතර පෙට්‍රල් සුවඳ වහනය විය හැක.

• ගැටලු ආරම්භවීම

හයිටෙන්ෂන් ඉග්නිෂන් කේබල් පරීක්ෂා කරන්න.ඒ‌වා ඩිස්ට්‍රිබියුටරය/ඉග්නිෂන් කොයිල් හා ස්පාර්ක් ප්ලග් අතර හෝ සම්බන්ධව පවතී.ඉග්නිෂන් කොයිල් අසාර්ථක වූ විට එකක් හෝ ඊට වැඩි ස්පාර්ක් ප්ලග් ගණනක් සඳහා ප්‍රමාණවත් ධාරාවක් නොලැබීයයි.සීතල අවස්ථා තුළ එන්ජිම පණගැන්වීමේ කරදර ඇති කරයි නම් එය ඉග්නිෂන් කොයිල් අසාර්ථක බව පෙන්වන හොඳ ලක්ෂණයකි.සරළව හයිටෙන්ෂන් ඉග්නිෂන් කේබල් හරහා සෑම එක් එක් ස්පාර්ක් ප්ලග් එකක් හරහා ගොස් ස්පාර්ක් එකක් ඇ‌තිවේදැයි පරීක්ෂා කර බැලිය හැකිය.පැරණි වාහන වල මෙම ක්‍රමය භාවිතා වුවත් අලුත් බොහෝ වාහනවල ඉග්නිෂන් කොයිලය තුලම ප්‍රයිමරි සහ සෙකන්ඩ්‍රි යන කොයිල් දෙකම අනතර් ගත කර තනි තනි කොයිල් ලෙස කෙලින්ම ස්පාර් ප්ලග් මතට සවිවන අතර ඊට අමතරව කොයිල් පැක් එකක් සහ ඉග්නිෂන් කේබල් සහිත ඉග්න්ෂන් කොයිල් වර්ගද භාවිතයේ ඇ‌ත.ඉග්නිෂන් කේබල් රහිත වර්ගයේ කොයිල් ඉහත සඳහන් කල ආ‌කාරයට පරීක්ෂා කිරීම අපහසු අතර ඒ‌ සඳහා මල්ටි මීටරයක් ආ‌ධාරයෙන් කොයිල් වල ප්‍රතිරෝදය මැන බැලීමෙන් හඳුනා ගත හැකිය.ඊට අමතරව එවැනි ඉග්නිෂන් කොයිල් පරීක්ෂා කිරීමට ස්කෑන් ටූල් එකක සහ ඩිජිටල් ඔසිලොස්කෝප් එකක් භාවිතයෙන් වඩාත් නිවැරදිව සහ පහසුවෙන් දෝෂ සහිත කොයිල් හඳුනාගත හැකිය.

• ඉන්ධන පරිභෝජනය

මෝටර් රථය ඉන්ධන ලීටරයක් සඳහා ගොඩක් අඩු වාසි/අඩු දුරක් සහිතව ධාවනය කරයි නම් එය ද ඉග්නිෂන් කොයිල් අසාර්ථක ලක්ෂණයක් විය හැකිය. අඩු බලය ස්පාර්ක් ප්ලග් වෙත ළඟා වන විට මෝටර් රථය නිසි ක්‍රියාකාරිත්වය ගිලිහී යන අතර අඩු බලය ජනනය හේතුවෙන් වන්දි ගෙවීමක් ලෙස වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් භාවිතා කරනු ඇත.

• එන්ජින් මිස්ෆයර්

ඉග්නිෂන් කොයිල් අසාර්ථක වූ විට මෝටර් රථය ස්ටාර් කර ඇ‌ති විටකදී රෆ් අයිඩල් ඇ‌තිවීමට හේතු වන අතර මෝටර් රථය ඉහළ වේගයේදී ජර්ක් සහ ස්පිට්  සහිත තත්වයන් ඇ‌ති
කරන අතර නවතා ඇ‌ති ටිටකදී මෝටර් රථයේ අයිඩල් වේගය ඉහළ පහළයාමක්/වයිබ්‍රේෂන් ඇ‌ති කරයි.

• වාහනය ඇණහිටීම

අසාර්ථක ඉග්නිෂන් කොයිල් මෝටර් රථයේ ප්ලග්වල අවිධිමත් ස්පාර්ක් විමෝචනය ඇ‌ති කර ධාවනය තබා ගැනීමට උත්සහා කිරීම හේතුවන අතර එය එන්ජින් ඇ‌ණහිටීමට හේතු වනු ඇත.එන්ජිම නැවතීමට උත්සහා කිරීමේදී එය සම්පූර්ණයෙන්ම නැවතීයා හැකි අතර මේ අනුව එය නැවත පණගැන්වීමට කිරීමට අවශ්‍යවිය හැකිය.

• කොයිල් බිඳවැටීම

ස්පාර්ක් ප්ලග් දුර්වල වී ගෙවී ඇ‌ති විට එය වඩාත් වැඩි අවුට් පුට් එකක් නිපදවීමට කොයිලයට බලකරනු ලබයි.මෙය කොයිල් ඉක්මන්න් බිඳටැටීමට හේතු වන බැවින් මෝටර් රථයක ස්පාර්ක් ප්ලග් ප්‍රශස්ථ මට්ටමින් පවත්වාගෙන යාම මගින් කොයිල් බිඳවැටීමට ඇ‌ති අවස්ථා අවම කරගත හැකිය අතර සමහර සරළ සාමාන්‍ය නඩත්තු දිගු කාලීන ධාවනයක් සමග එය විශාල මුදලක් ද ඉතිරි කර දෙනු ඇත.

ස්පාර්ක් ප්ලග්  සාමාන්‍ය ඛාදනය හේතුවෙන් පරතරය වැඩි වන අතර එය දහන කුටීරය තුළ ස්පාර්ක් එකක් නිර්මාණය කිරීමට වැඩි වෝල්ටීය අවශ්‍යතවයක් ඇ‌ති කිරීමට යොමු කරයි.වැඩි වෝල්ටීයතා ඉල්ලම වැඩි වත්ම ප්‍රාථමික පරිපථය හරහා  ගලා යන වෝල්ටීයතාවය ඉහළ යන අතර මේ නිසා ප්‍රාථමික ට්‍රාන්ස්සිස්ටරය ඔවර්ලෝඩ් විය හැක. මෙම සියලු සංරචක හොඳ ධාවන තත්ත්වයේ පවත්වාගෙන යාම මගින් ඉග්නිෂන් කොයිල් හොඳ තත්වයේ තබා ගැනීමට විශාල උපකාරයක් වේ.

(වන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

02.Back post

Related Posts

Post a Comment