-->

02.වාහන වායුසමීකරණ පද්ධතිය ක්‍රියාකාරීත්වය


ඕස්ට්‍රේලියාවේ වායුසමීකරණ පද්ධතිවල අලුත්වැඩිය කරීම සඳහා බලපත්‍රයක්(Refrigerant Handling Licence) ලබාගත යුතු අතර එසේ නොමැතිව වායුසමීකරණ පද්ධතිවල අලුත්වැඩිය කරීම් කිරීම පුද්ගලිකව ඩොලර් 80,000 ක් දක්වා සහ සේවා ආයතනයට ඩොලර් 100,000 දක්වා විශාල දඩයකට යටත්කලහැකි වරදකි.මෙසේ දැඩි නීතියක් ඇත්තේ වායුසමීකරණයට යොදාගන්න ගෑස් පෘතුව් ඕසෝන් ස්ථතරයට සිදුරු කිරීමට ප්‍රභල දායකත්වයක් සපයන බැවිනි.කෙසේවෙතත් පහත ලිපියෙන් ඔබහට වාහන වායුසමීකරණ පද්ධතිය ක්‍රියාකාරීත්වය පිළිබඳව සහ නඩත්තුව කටයුතුවදී අවශ්‍ය මුලික අවබෝධයක් ලැබේයැයි  විශ්වාස කරමි.  
                                       
                                       
ඔබ වායු සමීකරණය ක්‍රියාත්මක කරන ආකාරය ගැන ඔබ ඕනැකමින් සිතාබලනවා විය හැකිය, හෝ සමහර විට ඔබ එය මොහොතකට කල්පනා කර නැත.නැතහොත් ඔබ කුතුහලයෙන් හෝ උනන්දුවෙන් සිටිනවා වියහැක.ඔබට එය මෙසේ පැහැදිලි කරන්නෙමු.වතයේ තත්වය(Air Conditioning)වායුසමීකරණය ලෙස සරළව පැවසිය හැකිය. එය නිකන්ම වාතය සිසිලනය කිරීම පමණක් නොව තෙතමනය(moisture)හෝ ආර්ද්‍රතාවය(humidity) ද අඩුකිරීමයි.මෙයින් විස්තර කරීමට අදහස් කරනුයේ වායුසමීකරණ පද්ධතියයේ ප්‍රධාන කොටස්‌ සහ වායුසමීකරණ පද්ධතිය නිසිලෙස පවත්වාගෙන යමට අවශ්‍ය උපදෙස් කිහිපයක් සැපයීමටයි.ඇත්තටම වැඩිදෙනෙක් දන්නේ නැහැ වායුසමීකරණ පද්ධතිය ඉන්ධන ලීටරයකට ධාවනය කරන කිලෝමීටර් ගනන අඩුකරනබව.එයට හේතුව තාපය හා තෙතමනය ඉවත් කිරීමට එන්ජිමෙන් ශක්තිය වැයවන අතර මෙම නිසා වැඩිපුර එන්ජින් බර(engine load) වැඩිපුර පෙට්රල් පරිභෝජනය කරීමයි.වායුසමීකරණය ප්‍රධාන මූලධර්ම වාෂ්පීකරණය හා ඝනීභවනයි(Evaporation and Condensation) එවිට හැකිලීම් හා පුළුල් ඇති වේ.(Compression and Expansion)භෞතික විද්‍යඥයන් මෙය තාප ගති විද්‍යව( thermodynamics) හැදින්වේ. ඔබට එය සරළව මෙසේ පැහැදිලි කරන්නම්.

වාෂ්පීකරණය(Evaporation) :                                                                                                    
ඔබ ඔබේ අත්ල පිටුපස ස්ර්ච්කල් ස්ප්‍රීතු (surgical spirits)ටිකක් තවරන්න එවිට ඔබේ අත සීතල වෙනවා දැනී ඇත.ඇයි ඒ? එය වාෂ්පීකරණය නම් වේ. මක්නිසාද ඔබේ අතේ පිටුපස පැත්තේ සමෙහි ඇති ස්ර්ච්කල් ස්ප්‍රීතු (surgical  spirits)වාෂ්පවීම නිසාය.ස්ප්‍රීතු වාෂ්ප ලෙස ඔබේ සම මතුපිට තාපය ඉවත් ගනී.                                                                                            
ඝනීභවන(Condensation):                                                                                                      
ඔබ කවදා හෝ දැක තිබෙනවාද කවුරුහරි සිසිල් තත්වයක සිට කණ්නාඩි යුගලක් පැලඳ සිට  සිට ඉවතට යනවිට කණ්නාඩි තුල වාෂ්ප? ඇයි ඒ? එය ඝනීභවනයනම් වේ. එය සීතල වීදුරු මතුපිට පෘෂ්ඨය මත ඇති වායුව වාෂ්ප ලෙස ඉවත්ව්මෙදී වාතයේ තෙතමනය අඩු ධාරිතාවකින් ලෙස අල්ලාගැනීමයි එමනිසා වීදුරු පෘෂ්ඨය මත ජලය ලෙසට ඝනීභවනය වේ .                                                                                                      
හැකිලීම් වන තාපය(Heat of Compression):                                                                                
ඔබ කවදා හෝ දැක තිබෙනවාද අත් පොම්පයකින් බයිසිකල් ටයරය කට හුළං පිරවීමේදී පොම්පයේ අවසන් කොටස රත්වීමකට ලක්වෙනබව ? ඔබ එය පොම්ප විසින් පොම්පයට දමා ඇති ශක්තිය එය වාතය සම්පීඩිත කිරීමම පමණක් නොව වාතය කුඩා අංශු එකට තදවීමේදී  ඝර්ෂනය ඇතිවීමෙන් තාපය මුදාහැරී.

හැකිලීම්(Compression):                                                                                                            
 සමහර අවස්ථාවල සියලු වායු අවසානයේ දියර බවට පත් වනු. ඒ සඳහා හොඳම උදාහරණය ඩියෝඩ්රන්ට්ය(Body spray) මෙය ඔබට එය සෙලවීමේදී එය අසාගත හැකිය එය ඇතුළත තියෙන්නේ දියර නමුත් එය එලියට පැමිණ ඔබේ කිහිල්ල(underarm) ප්‍රදේශයේ ගැටෙනවිට විට ගෑස් බවට පත්වේ. ඩියෝඩ්රන්ට්ය(Body spray) කෑනය තුල තුළ අධික පීඩනයක් ඇති නිසා එය ද්‍රවයක් (liquid)ලෙස පවතී.                                                                                  
ප්‍රසාරණ කිරීම විසින් සිසිලස(Cooling by Expansion):                                                              
නැවත ඩියෝඩ්රන්ට්(Body spray) උදාහරණයට යමු.දැන් ඔබ සිතවී ඩියෝඩ්රන්ට් spray කරනවිට සිසිලසක් දන්නේ කෙසේද කියා මක්නිසාද ඇතුලත ඇති දියර පිටතට පැමිනීමේදී ඉක්මනින් පරිමාව වැඩිවීම නිසා ඔබට ශීතලක් දැනෙනු ඇත. කෙසේ වෙතත්, ඩියෝඩ්රන්ට්(Body spray) සහ ස්ර්ච්කල් ස්ප්‍රීතු (surgical  spirits) යොදා කල පැහැදිලි කරීම් මූලික අදහසක් ගැනීමට ප්‍රමාණවත් යැයි සිතමි.වැදගත්ම ප්‍රශ්නය නම් ඔබේ මෝටර් රථය සම්බන්ධ කරමින් සිසිල් වාතයක් ලබදෙනේ කෙසේද යන්නයි? දෘඩ නළයක් සහ  නම්‍යශීලී නළ ඔබේ මෝටර් රථය තුළ සියලු වායුසමීකරණ සංරචකයන්ට(components)සම්බන්ධ කරනේ කෙසේද යන්නයි.වාෂ්පීකරණය හා ඝනීභවන,ප්‍රසාරණය සහ සම්පීඩන භෞතික විද්‍යාවේ කාර්යක්වේ.සමස්ථ ක්‍රමයම ප්‍රධන සංරචක( components)පහකට වෙන්කර දැක්විය හැක එනම් ස්ම්පීඩකය (Compressor), ධාත්‍රකය(Condenser),වියළනය( Receiver-dryer)- කපාට පුළුල් කිරීමෙ වැල්වය (Expansion valve)හෝ බධාකරණ(Restrictor)සහ වෂ්පකාරකය (Evaporator) ලෙසට.

සමස්ථ ක්‍රමයම වටා ගමන් කරන තරල ශීතකාරක(refrigerant)ලෙස හැදින්වේ වේ. මෙම ශීතකාරක අඩු උෂ්ණත්වයේ දී වාෂ්පකර පසුව උසස් පීඩනයේදී නැවතත් තරල(condense) බවට පත්කරගත හැක.ඇතීතයෙදී R12 වර්ගයේ ගැස් මෝටර් රථ සඳහා භාවිතා කරන ලද ශීතකාරක විය. එය විශාල වශයෙන් භාවිතා කරීම පෘථිවි ඕසෝන් ස්තරය කුහරයට හානිකරීමට පුළුල්ව දායකත්වයක් සපයන බව සොයාගන්නා ලද අතර ඒය chlorofluorocarbon(CFC)නම්වේ.මෙම ශීතකාරක(R12)1996 න් පසුව භාවිතයෙන් ඉවත් කෙරුණු අතර සියලු මෝටර් රථ පරිසර හිතකාමී( non-CFC fluid)වන R134A නමි අලුත් ශීතකාරක තරල භාවිතා කරන එක්කරන ලදී.(දැනට භාවිතා කරන non-CFC fluid වන R134A ද එන වසරේ එනම් 2016 සිට යුරෝපයේ සමහර  රටවල් වලින් ඉවත් කර ඒ වෙනුවට නවතම ශීතකාරක තරලයක්(refrigerant fluid) භාවිතයට එක කෙරීමට සැලසුම් කර ඇත.එය R1234yf නම්කර ඇත).මෙහි වායු සමීකරණ පද්ධතියේ විවිධ කොටස්‌වල එක් එක් කාර්යයන්  පහත දැක්වේ.                      
                     
 සම්පීඩකය(Compressor):                                                   මෙම කොම්ප්‍රෂරය අශ්වයෙක් වගේ වායු සමීකරණ පද්ධතියේ ප්‍රධාන වැඩ කොටසක් ඉටුකරයි.කොම්ප්‍රෂරය එන්ජිමේ ක්‍රෑන්ක් පුළිය මගින් බෙල්ට් එකක් ආධාරයෙන් දුවවනු ලබයි.මෙය වායු සමීකරණය පද්ධතිය සක්‍රීය විට කොම්ප්‍රෂරය තුල තරලයක්(refrigerant fluid) ලෙස ඇති ශීතකාරක ඉහළ පීඩනයක් යටතේ ශීතකාරක වාෂ්ප(high pressure vapour)ලෙස කන්ඩෙන්සරයට පොම්පකරයි.

ධාත්‍රකය(Condenser):                                                            කන්ඩෙන්සරය යනු අධි පීඩන ශීතකාරක වාෂ්ප(high pressure vapour)ද්‍රවයක්(high pressure liquid) බවට වෙනස් කිරීමට භාවිතා කරන උපකරණයකි. එය ඇන්ජිමේ රේඩියේටරය ඉදිරිපිට සවිකර ඇති අතර එය රේඩියේටරය ඉතාමත් සමාන පෙනුමක් ඇත. කන්ඩෙන්සරයතුලදී අධි පීඩන ශීතකාරක වාෂ්ප ද්‍රවයක්(high  pressure liquid) ලෙස ඝනීභවනය වීමේදී කන්ඩෙන්සරය තුල ඉහළ පීඩනය නිසා විශාල තාපය උත්පාදනයක් ඇතිවේ වේ. තාපය සහිත කන්ඩෙන්සරය හරහා වතය ගැලීම තුලින් ඉවත්තාපය ඉවත්වේ .                                                                                                        
ලබන්නා(Receiver):                                                             දැන්මෙසේ ලැබෙන දියර ශීතකාරකය receiver-dryer වෙත යොමුකරනනු ලබන අතර, ශීතකාරක බවට පත්වීමේදී ඇති ඕනෑම තෙතමනයක් (moisture) receiver-dryer මගින් ඉවත් කරයි. පද්ධතිය තුලට තෙතමනය අතුලුවීමෙන් අයිස් ස්ඵටික සැදී හිරවීමෙන් යාන්ත්‍රික  හානි(විශ්ෂයෙන්ම කොම්ප්‍රෂරය) විනාශයට හේතු වේ සහ නළ(AC pipe)හිරවීමෙන් මහත් විනාශයක් සිදුවේ.                                                          

පුළුල් කිරීම වැල්වය (Thermo expansion Valve):           සම්පීඩිත ශීතකාරක receiver-drier තුලින් එක්ස්පැන්ෂන් වැලවය තුලට ගලා එයි.එක්ස්පැන්ෂන් වැලවය  මගින් evaporator දී ශීතකාරක වාෂ්ප බවට පත් කළ හැකි වන පරිදි මෙම කපාට ද්වාර ශීතකාරකයේ පීඩන බලපෑම් ඉවත් කරයි.(එක්ස්පැන්ෂන් වැලවය පීඩනය සහ රික්තය මත ක්‍රියාත්මක වන සම්පූර්ණ මැක්නිකල් වැල්වයකි.මෙය තෙර්මොස්ටැට් වල්වයේ  ක්‍රියාකාරීත්වයට සමානය.)                                        
වෂ්පකාරකය(evaporator):                                                 මෙම evaporator ද රේඩියේටරයට  සමාන ආකාරයේ තවත් උපකරණයක් වේ. එය ටියුබ් සහ වරල් ඇති අතර සාමාන්‍යයෙන් foot well යට පැත්තේ සවිකර ඇත. සීතල අඩු පීඩන ශීතකාරක මෙම එවපරේටරය(evaporator) තුලින් ගලීමෙදී වාෂ්පයක් ලෙස එය මගී මැදිරියතුල( passenger compartment) ඇති තාප ප්‍රමාණයක් අවශෝෂණය කරගනී. මගී මැදිරි තුල සවිකර ඇති  blower fan එක  මගින් පිටත් ඇති වාතය මෙම evaporator තලින් යාමට සැලසීමෙන් සීතල වායු ධාරා මෝටර් රථය තුළ බෙදා හරිනු ලැබේ. මෙම evaporator වායු  පැත්ත  වාතයේ තෙතමනය අඩු කර නිධියක් ලෙස එකතු වන  ජලය ඉවතට බැස යන ලෙස සකසා ඇත.                                                                                
Compressor:
මෙම කොම්ප්‍රේෂරය තවත් ශීතකරණ චක්‍රයක් ආරම්භ කිරීමට අඩු පීඩනය ශීතකාරක වාෂ්ප දී කරවයි. මෙම ශීතකරණ ක්‍රියාවලිය පසුව දිගින් දිගටම දිවෙන අතර  පුළුල් කපාට පිහිටුවීම මගින් නියාමනය කර ඇත(regulated by the setting of the expansion valve). ඒ වගේ පැහැදිලි විට සමස්ථක්‍රියාවලිය සාධාරණ සරල ය. සියලුම වායු සමීකරණ පද්ධති භාවිතා කරන නිශ්චිත සංරචක(components)මෝටර් රථ නිෂ්පාදකයන් අතර මඳක් වෙනස් විය හැක.


------------------------------------------------------------------------------
🌐එයාර් කන්ඩිෂන් පද්ධති වැකියුම්,රිකවරි සහ නැවත පිරවීම

රිකවරි සහ රීචාර්ජ් කරීම සහ මොනයම් හෝ අලුත්වැඩියා කිරීමට හෝ නඩත්තු කටයුත්තකට විවෘත කිරීම සෑම වහනයක්ම මෙයට සමාන ක්‍රියාවලියකි.
එක් එක් පද්ධතිය නිසියකාරව ක්‍රියාකිරීමට අවශ්‍ය ශීතකාරක(refrigerant) නිශ්චිත ප්‍රමාණයක් ඇති අතර නිෂ්පාදකයන් විසින් එම ප්‍රමාණයන් කොතෙක්ද යන්න owner's manual හෝ  ඒ/සී පද්ධතිය මත දක්වා ඇත.අධි පීඩන යටතේ ඇති ශීතකාරක Air condition පද්ධතිය සමග වැඩකරීමෙ දී ප්‍රවේශම් විය යුතුවේ.
ආරම්භ කිරීමට පෙර සම්පූර්ණයෙන්ම කියවන්න

                                                                                                                                                                                                #අවශ්‍යමෙවලම් හා සැපයුම්(Tools and Supplies Needed)
                                                                                                1.Air conditioner recharge gage set
2.134a refrigerant
3.Refrigerant recovery machine
4.Protective eyewear and gloves

ආරම්භ කිරීමට පෙර එන්ජිම  "අක්‍රීය "කර  වාහනය  සමතලා මතු පිටක නවත්වා  හදිසි තිරිංග යොදා ගියරය පාර්ක් අවස්ථාවේ නවතවා තැබිය යුතු අතර ආරක්ෂක ඇස් පළඳනා හා අත් ආවරණ පළඳීම අත්‍යඅවශ්‍යය.
                                                                                                                System Recovery, Vacuuming & Recharge
පුරවන පද්ධතිය(charged system) වැඩි පීඩනය (බාර් 5-7 හෝ පී.එස්.අයි 100  අතර  ස්ථිතික-static - පද්ධතිය ක්‍රියායාකරන්නේ නැත) යටතේ ඇති ශීතකාරක රිකවරි  කරගත ගත හැක.(සටහන: මෙම ශීතකාරක 134a වායුගෝලයට  කාන්දු කිරීමට ඉඩ දීම නීති විරෝධී වන නමුත් refrigerant recovery machine සහ රීචාර්ජ් හෝස් ලිහිල් කිරීමේදී  හා සවීකිරීමෙදී පද්ධතියෙන් ඉතා සෙමින් ඉවතට ගලායන ගෑස් R12 වලට වඩා අඩුවෙන් පරිසරයට හානිකර වේ).මෙම රීචාර්ජ් යන්ත්‍රය ශීතකාරක සමග pag oil (polyalkylene glycol) කුඩා ප්‍රමාණයක් වෙනවෙනම ටැංකිවලට එකතු කරගන්නා අතර ඊට සමාන ප්‍රමාණයක් නැවත රීචාර්ජ්  කරනවිට ගෑස් සමග පද්ධතියට එක්කල යුතුවේ. රිකවරි  කරීමට පෙර  වැඩි හා අඩු පීඩන දෙපස කැප් ඉවත් කලයුතු අතර .මෙම කැප්  වැඩි  හා අඩු කපාට වැල්ව ලීක් වුවහොත් එය වලක්වාලීමට උපකාරීවන දෙවන වැල් වයක්(secondary valve) ලෙසට ද ක්‍රියාකරන බැවින් රිකවරී කරීමෙන්  පසු  මෙම කැප් නැවත සවිකිරීමට මතකතබාගත යුතුය.රීචාර්ජ්  යන්ත්‍රයේ වැඩි හා අඩු පීඩන හෝස් වැඩි  හා අඩු පීඩන සේවා කපාට(service ports) වලට සවිකරීමෙන් පසු  සියලු නළ හා සම්බන්ධතා පරීක්ෂා කල යුතු අතර "air tight"  විය යුතුය.සියළුම හෝස් හා සම්බන්ධතා කාන්දුවකින් තොරවිය යුතුය. නිල් පැහැති ගේජය සහිත සම්බන්ධකය කපාටය අඩු පීඩන පැත්ත නියෝජනය කරන අතර රතු පැහැති ගේජය හා සම්බන්ධකය කපාටය පද්ධතියේ වැඩි පීඩන පැත්ත නියෝජනය කරයි. (සටහන: වැඩි පීඩන කපාටය හැම විටම අඩු පීඩන පැත්තෙන් කපාටයට වඩා වඩා විශාල වේ.)මෙම අවස්ථාදී රීචාර්ජ් යන්ත්‍රයට සම්බන්ධ වැඩි හා අඩු  හෝස් වැල්ව වාසා ඇති අතර රීචාර්ජ්  යන්ත්‍රය ක්‍රියා කිරීමට ප්‍රථම වැල්ව ඇරීමෙන් පසු මුදාගැනීම අරම්භ කලහැකි අතර මුදාගැනීම අවසන් වු විට වැඩි හා අඩු පීඩන ගෙජ්ය 0 දක්වා පැමිණෙන අතර පද්ධතිය තුල පීඩනක්  නැත .
රීචාර්ජ් අවසන් විට වැකියුම් කිරීම කලයුතුය .මෙය සාමාන්‍යයෙන්  විනාඩි 30 ක් කලක් ගන්නා අතර වැකියුම් අවසන් වු පසු  අඩු ගෙජ්ය -1 දක්වා පැමිණිය යුතු අතර එසේ නොවන්නේ නම් පද්ධතිය තුල කාන්දුවීමක් ඇත. ඉහළ හා අඩු ගේජ්ය -1  දක්වා පැමිණියේනම් යන්ත්‍රය මගින් වැකියුම් හෝල්ඩ් පියවරට යන අතර මෙය සාමාන්‍යයෙන් පැයක් කාලයක් ගන්නා අතර එහිදී ද වැඩි හා අඩු ගේජ්ය -1 පැවතිය යුතු අතර එසේ නොවන්නේ නම් ඒ විටද පද්ධතිය තුල කාන්දුවීමක් ඇත.(රූපයේ psi-pound-force per square inch වලින් දක්වා ඇත) කාන්දුවීමක් ඇත් නම් නැවත රීචාර්ජ් කරනවිට ඒ සමගකාන්දුවීම හඳුනා ගන්නා ඩයි(UV dye)ඇතුලත් කර නැවත පරීක්ෂා කල යුතුය.මෙම ඩයි ඇතුලත් කිරීමෙන් පසු වහනය ඒ/සී ඔන් කර දින කිහිපයක් ධාවනය නැවත කාන්දු පරීක්ෂා කිරීමක් කලයුතුය.කාන්දුවීමක් ඇත්නම් මෙම ඩයි කාන්දුවීම ඇති ස්ථානයෙන් එළියට එන අතර එය පියවී ඇසට නෙපෙනෙන අතර ඒ සඳහා UV dye නිරීක්ෂණයකිරීම සඳහාම ඇති ව්ශේෂිත කණ්නාඩි යුගලයක් සහ විදුලි පන්දමක් අවශ්‍ය වේ.කාන්දුවීම් ඇති ස්ථානවල මෙම ඩයි කහපැහැයට නිරීක්ෂණයවේ.කාන්දුවීම් ඇති ස්ථාන පිළිසකර කර මෙම ඩයි සෝදා හැරිය යුතුය අතර නැතහොත් නැවත කාන්දුවීමක් ඇති වු විට සොයාගැනීමට අපහසුවේ එනම් පිළිසකර කල ස්ථානයක් නැවත් කාන්දුවීමක් ලෙසට පෙනීමට පුළුවන් බැවිනි .මීට අමතරව කාන්දුවීම් සොයාගැනීමට තවත් ක්‍රම දෙකක් ඇත එනම නළ සහ නළ මූට්ටු මතට සබන් වතර යොදා බැලීමයි,කාන්දුවීම් ඇත්නම් සබන් පෙණ බුබුළු මතුවන අතර අනෙක් ක්‍රමය නම් ඉලෙක්ට්‍රොනික කාන්දු හඳුනාගැනීමේ උපකරණයක් භාවිතා කරීමයි,මෙම උපකරණය on කලවිට ටික් ටික් හඬක්(ticking noise)ශ්‍රවනය වන අතර මෙහි අග ඇති කුඩා සෙන්සර් තුඩ කාන්දු ඇතැයි සිතෙන ස්ථානවල යොමුකිරීමෙදී මෙම ටික් ටික් හඬ තීව්‍ර වේ,එනම් කාන්දුවීමක් ඇත.මෙම සෙන්සර් තුඩ සෑමවිටම කාන්දු ඇතැයි සිතෙන ස්ථානවල මිලිමීටර් 5 ක දුරින් යටපැත්තට සිටිනසේ යොමුකල යුතු අතර සෙන්සර් තුඩ වැදීමෙන් සෙන්සර් තුඩට හානි අත්වීමෙන් වැරදි කියවීම් ඇතිකරයි.  
                                                                                                       
#System Recharge
පද්ධතිය වැකියුම් සහ වැකියුම් හෝල්ඩ් වලින් පසුව පද්ධතිය රීචාර්ජ් කිරීම කලහැක.නිෂ්පාදකයන් දක්වා ඇති ප්‍රමාණයන් වලට අනුව අදාළ ගෑස් ප්‍රමාණයන් රීචාර්ජ් කලයුතුවේ.(උදාහරණ: 625  +/- 25 g). රීචාර්ජ්  කිරීම අවසන් වු පසු  රීචාර්ජ් යන්ත්‍රයේ ඉහළ සහ අඩු පීඩන කපාට වසා ඇති විට සහ ශීතකාරක ප්‍රභවය විවෘත කර ඇති විට, වැඩි පීඩන මාන හා අඩු පීඩන මාන යන දෙපැත්තේ සමාන කියවීම පෙන්වනු ඇත, මෙම පිටත උෂ්ණත්වය මත පදනම්ව වෙනස් වන ස්ථිතික පීඩනයි(static pressure).මීළඟට එන්ජිම පණගන්වා විනාඩි කිහපයක් තිබෙන්නට හැර ඒ/සී ඔන් කලයුතු අතර බ්ලොවර් ෆෑන් ඉහළම වේගයට(high) සහ උෂ්ණත්වය අඩුම අගයට (low) සැකසිය යුතුය. ඒ/සී කොම්ප්‍රේෂරය ක්‍රියාත්මකවී ඒ/සී  පද්ධතිය සිසිල් කිරීමේ ආරම්භ කරනු අත.මෙම අවස්ථාවේදී අඩු පීඩන මානය බාර් 1.5 - 2.5/පී.එස් .අයි 23 - 37ත් හා වැඩි පීඩන මානය බාර් 14 -16/පී.එස් .අයි 203 - 232 ත් අතර අගයක් විය යුතුය.මෙයට සක්‍රීය පීඩනය(dynamic pressure)නැතහොත්න නියමානුකූල පීඩනය(typical pressur) යැයි ද කියනු ලැබේ.මෙය පද්ධතියේ ක්‍රියාකාරී පීඩනයයි.වැඩි සහ අඩු පීඩන මාන ඉහත අදහන් අගයන් අතර නොමැතිනම් පද්ධතියේ දෝෂක් ඇති අතර එය හඳුනාගෙන පිළියම් යෙදිය යුතුවේ.ඒ සඳහා ප්‍රයෝජනවත් වියහැකි සටහන් කීපයක් පහත දක්වා අත.ස්ථිතික පීඩනය  බාර් 5-7(static pressure) සහ සක්‍රීය පීඩනය බාර් 14-16 (dynamic pressure) ඉහත දක්වා ඇති අගයන්ගෙන් වෙනස්වන්නේ නම් පද්ධතියේ දෝෂක් ඇති බවට හොඳ ඉඟියක් සපයයි.ඉහත ක්‍රියාවලිය එක් එක් පියවරයන් තනි තනි වශයෙන් හෝ සියළු පියවරයන් ස්වයංක්‍රියව කරගැනීමට යන්ත්‍රය මගින් හැකියව ඇත.        
                                             
එන්ජිම අධ්කලෙස රත් හෝ උණුසුම්ව ක්‍රියාත්මක වේ නම් ඒ/සී පද්ධතිය නිසියාකාරව ක්‍රියා නොකරයි.

                                                                                                #පොදු ගැටළු(Common Problems)

1.අසාර්ථක කොම්ප්‍රේෂර(Failed compressor)
2.ශීත්කාරක කාන්දුවීම(Refrigerant leak)
3.ඇහිරුණු orifice නල / පුළුල් කපාට(Clogged orifice tube/expansion valve)
4.අසාර්ථක විය විවර පාලන පද්ධතිය(Failed vent control system)      
5.අක්‍රිය පාලනය මාරු හෝ සහය දිවීමේ(Shorted control switch or relay)
6.කන්ඩෙන්සර් හෝ evaporator සිසිලන වරල්(Clogged condenser or evaporator cooling fins)
                                                                                                #හොඳම ප්‍රථිපල සඳහා(Best Practices)                    
පද්ධතියේ උපරිම ක්‍රියාකරිත්වය තහවුරු කිරීම සඳහා වාහනයේ ඉදිරිපස දී කන්ඩෙන්සර් ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා සාමාන්‍ය වතුර නලයක් හෝ සම්පීඩිත වාතය භාවිතා කරන්න.                                                              
ඉහත දක්වා ඇත්තේ සියළුම කාර්යයන් තනි යන්ත්‍රයක්( All in One Unit)භාවිතා කරමින් සිදුකරගන්නා ආකාරයි.    
                                

#මෙම යන්ත්‍රයේ අන්තර්ගත කාර්යයන්(These include)                                                                                                 1.අවශ්‍ය ප්‍රමාණයන් ඇතුලත් කරීම-Charging to the specified amount
2.අවශ්‍ය වැකියුම් කාලයන්-Evacuation for any duration required
3.ශීතකාරක ඇදගැනීම -Recovering the refrigerant
4.ශීතකාරක ප්‍රතිචක්‍රීකරණය - Recycling the refrigerant  
5.ඔයිල් ඇතලත් කරීම -Injecting the lubricant
6.ඒ/සී පද්ධතිය පිරිසිදු කරීම-Flushing the a/c system
                                                                                                                   මෙම සියළුම අන්තර්ගත කර්යයන් තනි තනි වශයෙන් හෝ ස්වයංක්‍රීය ක්‍රමයට සිදුවෙන ආකාරයට යන්ත්‍රයේ පාලන පුවරුව මගින් ඇතුලත් කලහැකිය.  
                                                                                              #සිදුකරන කාර්යයන්(Functions)                                          
1.පද්ධතියේ ක්‍රියාකාරී පීඩනය අධීෂණය කිරීම - Monitors a/c system working pressure.
2.සිලින්ඩර තුල ඇති ශිතකාරක ප්‍රමාණය පෙන්නුම් කිරීම - Displays amount of the refrigerant cylinder.
3.විරාමයක් සහිතව ශිතකාරක මුදාගැනීම සහ ප්‍රතිචක්‍රිකරණය කරීම පහසුකම - Recovers and recycles refrigerant with pause function.
 4.මුදාගන්නාලද ශිතකාරක සහ ශිතකාරක ඔයිල් ප්‍රමාණය පෙන්නුම් කිරීම - Monitors and displays the amount of refrigerant and  refrigerant oil recovered.
 5.විරාමයක් සහ වේලා පහසුකම සහිතව පද්ධතිය හිස් කිරීම හැකියව - Evacuates system with pause and time function.
6.ස්වයංක්‍රීයව ඔයිල් හෝ යුවී ඩයි ඇතුලත් කිරීම - Automatically inject oil or UV dye
 7.විරාමයක් සහිතව ඉලෙක්ට්‍රොනිකලිව නිරවද්‍ය ලෙසටම චාර්ජ් කිරීමේ පහසුකම - Electronically charges accurately with pause function
8.ඉලෙක්ට්‍රොනිකලිව සේවා විරාම අධීක්ෂණය සහ දර්ශණය කිරීම - Electronically monitors and displays service intervals
9.ඉලෙක්ට්‍රොනිකලිව ශිතකාරක නැවත පිරවීමෙ හැකියාව -    Electronically refills refrigerant cylinder
10.වාර්තා මුද්‍රණය කිරීමේ හැකියාව - Prints a reports.                
                                                                                                 ගෙජ් කියවීම් අනුව ඒ/සී පද්ධතියේ දෝෂ හඳුනාගැනීම(Tips for troubleshooting A/C system reading by gages) පහත රූපසටහන් බලන්න.





Related Posts

1 comment

Post a Comment