-->

ක්ලච් ස්ලිප් වීම සහ ගෙවීම හඳුනාගැනීම



මැනුඅල් ගියර් මෝටර් රථයක ක්ලච් ස්ලිප් වීම/ක්ලච් ප්ලේට් ගෙවී ඇ‌ති බව හඳුනාගන්නේ කෙසේද?

මැනුඅල් ගියර් මෝටර් රථයක් ධාවනය කිරීමේ දී ගියර් මාරු කිරීම අත්‍යාවශ්‍ය අංගයක්.නමුත් නිතර නිතර නැවතුම් සහිත මාර්ග තදබදය සහිතව ධාවනය කරනවා නම් සහ වැරදි/නරක ගියර් මාරැකිරීමේ පුරැදු නිසා ක්ලච් ස්ලිප්වීම සහ ඉක්මනින් ගෙවීයාම් ඇ‌ති කල හැකිය.එනිසා මෙම ගැටලුව ආ‌රම්භයේ දීම මුලින්ම හඳුනා ගැනීම සඳහා මෙම විස්තරය උදව්වෙනු ඇ‌ත.

සාමාන්‍යයෙන් නියාමාකාරයෙන් භාවිතා කරන මැනුඅල් ගියර් වාහනයක ක්ලච් කට්ටලයක් කි.මී 100,000 හෝ ඊටත් වඩා කාලයක් භාවිතා කිරීමේ හැකියාව ඇ‌ත.ඒ කෙසේ වුවත් පහත දැක්වෙන සරල ඉඟි මගින් ක්ලච් කට්ටලය ගෙවී ඇ‌ති බව හෝ  ස්ලිප් වන බව අවබෝධයක් ලබාගැනීමට උපකාරවනු ඇ‌ත.

1) ක්ලච් කට්ටලය ක්‍රියාත්මක වීම පිළිබඳ දැනුවත් වන්න.

ක්ලච් කට්ටලය කාලයත් සමග ක්‍රමානුකූලව ගෙවීයාම සිදුවී අවසානයේ දී ක්ලච් කට්ටලයේ ක්‍රියාකාරිත්වය අඩුවී එහි කාර්‍ය්‍යසාධනය හීන වී යයි.ක්ලච් කට්ටලය එක එන්ගේජ් වන ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් ඒ ‌පිලිබඳව අවබෝධයක් ලබාගත හැකි අතර දක්ෂ රියදුරෙකුට නම් ක්ලච් ස්ලිප්වීම පැහැදිලිව හඳුනාගත හැකිය.

• ප්‍රමාණවත් ඇ‌ක්ස්ලේටර් කිරීමක් නොමැතිව එන්ජිමේ වේගය වෙනස් වීම.එන්ජිම වේගවත් කිරීමේ දී මෝටර් රථය ධාවනය කිරීමට පෙර එන්ජින් ඇ‌ණහිටීම.එයින් අදහස් වනුයේ එන්ජිමන් ලැබෙන බලය සම්පූර්ණයෙන්ම සම්ප්‍රේෂණ පද්ධතිය හරහා රෝද වලට ගමන් නොකරන බවයි.

• ක්ලච් එක එන්ගේජ් වන තරමට ක්ලච් පැඩල් ප්ලේ එජස්ට් කරන්න.

• ලෝඩ් එකක් සමග ගමන් කරන විට එන්ජන් වේගය වෙනස් කරන්න.ස්ලිප් වෙන ක්ලච් මගින් රෝදවලට ලබා දෙන බල ප්‍රමාණය අඩු වීම සිදුවෙනවා.

2)මෝටර් රථය ධාවනයේ දී පිල්ස්සුම්/කර ගඳ දැනෙවා නම් එයින් අදහස් වනුයේ ඔයිල්(ටානස්මිෂන් ෆ්ලුයිඩ්/එන්ජින ඔයිල්/ක්ලච් ෆ්ලුයිඩ්)ලීක් වීමක් නිසා හෝ ක්ලච් කට්ටලයේ කොටස් වලට හානි වීමක්  නිසා ක්ලච් ස්ලිප්වී ඇ‌ති විය හැකිය බවයි.

3)ක්ලච් පැඩල් ප්ලේ අඩු වී ක්ලච් පැඩල් එක ෆ්ලෝබෝර්ඩ් එක උඩ තද වී ඇ‌ත් නම් සහ ක්ලච් ඩිස්එන්ගේජ් වීමට ඉතා කුඩා ප්‍රමාණයක් ක්ලච් පැඩල් එක පෑගීම ප්‍රමාණවත් නම් එයින් අදහස් වනුයේ කලච් කට්ටලය මාරැකිරීමට අවශ්‍ය විය හැකි බවයි.ක්ලච් ඩිස්එන්ගේජ් වීමට පෙර ඒ‌ ක්ලච් පැඩල් ප්ලේ එක සෙන්ටිමීටර් 2-4 අතර ප්‍රමාණයක් තිබිය යුතුයි.

4)ලෝඩ් එකක් යටතේ 2,3,4 ගියර් වල දී ක්ලච් එක ස්ලිප් වෙන ගතියක් දැනීම.

5)ක්ලච් ෆ්ලුයිඩ් රෙසවරයේ ෆ්ලුයිඩ් මට්ටම MAX ලෙවල් එකට වඩා ඉහල නැග තිබේ නම් හෝ රෙසවරයෙන් ක්ලච් ෆ්ලුයිඩ් උතුරා යයි නම් එය ක්ලච් කට්ටලය ගෙවී ඇ‌ති බවට හඳුනාගත හැකි ලක්ෂණයකි.(ක්ලච් ෆ්ලුයිඩ් ලෙවල් එක MAX මට්ටම් හෝ MAX සහ MIN මට්ටම අතර පිහිටා තිබිය යුතු අතර ක්ලච් ෆ්ලුයිඩ් මට්ටම අඩු නම් ෆ්ලුයිඩ් මට්ටම MAX මට්ටමට පමණක් සකස් කරන්න.සැ.යු:සමහර වාහන වල බ්‍රේක් මාස්ටර් පම්ප් බ්‍රේක් ෆ්ලුයිඩ් භාවිතා කරන බැවින් මාස්ටර් පම්ප් බ්‍රේක් ෆ්ලුයිඩ් මට්මට ගැන සලකිලිමත් වන්න!)

4)3 වෙනි ගියර් එකේ ධාවනය වන අතර තුර 2 වෙනි ගියර් එකට මාරැ කර ක්ලච් පැඩල් එක නිදහස් කල විට එන්ජින් rpm එක ක්ෂණිකව වැඩි විය යුතු අතර එසේ නොවන්නේ නම් එයින් අදහස් වෙන්නේ ක්ලච් කට්ටලය ගෙවී ඇ‌ති බවයි.

5)3 හෝ 4 වෙනි ගියර් වල ධාවනය කරන අතර තුර ඇ‌ක්ස්ලේටර් පැඩලයෙන් පාදය ඉවත් නොකර ක්ලච් පැඩලය පාගා අතහැරය විට එන්ජින් rpm එක අඩු විය යුතුය.එසේ නොවන්නේ එයින් අදහස් වන්නේ ක්ලච් ගෙවී ඇ‌ති බවයි.

6)ක්ලච් ගෙවී ඇ‌ති බව හඳුනාගැනීමට ඇ‌ති තවත් පහසුම ක්‍රමයක් තමයි ටොප් ගියර් එකට යොදා බ්‍රේක් පැඩලය පාගගෙන සිටින අතර ක්ලච් පැඩල් එක සෙමින් නිදහස් කිරීමේ දී එන්ජිම නතර නොවෙන්නේ එයින් අදහස් වන්නේ ද ක්ලච් එක ස්ලිප් කරන බව හෝ ගෙවී ඇ‌ති බවයි.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)


Related Posts

Post a Comment