-->

ෂෝර්ට් සර්කිට් කියන්නේ මොකක්ද



,කොහොමද ෂෝර්ට් සර්කිට් එකක් හඳුනගන්නේ?

අද කියන්න යන්නේ මෝටර් රථ වල ඇ‌තිවෙන ෂෝර්ට් සර්කිට් ගැන සහ කොහොමද ෂෝර්ට් සර්කිට් එකක් හඳුනගන්නේ කියලා.

ෂෝර්ට් සර්කිට් කියන්නේ වයරිං හනර්ස් එකක ඇ‌ති වන දෝෂයක්.තවටිකක් සරළව කිව්වොත් විදුලි ධාරාව එහි ගමනාන්තය වෙත යාමට පෙර විදුලි පරිපඨ අතර විදුලි සම්බන්ධතාවය බිඳ වැටීම කියලා හඳුන්වන්න පුලුවන්.මුලින්ම ෂෝර්ට් සර්කිට් කියන තත්වය විදුලි ධාරාව සම්පූර්ණයෙන්ම ගලායන්නේ නැති ඕපන් සර්කිට් කියන එක සමග පටලවා නොග යුතුය. ෂෝර්ට් සර්කිට් එකක ඇති ලක්ෂණ ඕපන් සර්කිට් එකකට තරමක් සමාන වෙන්න පුලුවන් නමුත් රෝග විනිශ්චය ටිකක් වෙනස්.ෂෝර්ට් සර්කිට් සිදුවිය හැකි ක්‍රම කීපයක් තියෙන නිසා සාමාන්‍යයෙන් එය සොයා ගැනීමට සහ අලුත්වැඩියා කිරීම පහසු නැහැ.ඒ‌ නිසා ෂෝර්ට් සර්කිට් එකක් සොයා ගන්නේ කොහොමද කියන එකට කලින් නිවැරදිව පරිපඨයක් ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීම අවශ්‍යවෙනවා.

සාමාන්‍යයෙන් ෂෝර්ට් සර්කිට් වර්ග දෙකක් තියෙනවා.එකක් තමයි ෂෝර්ට් ටු නෙගටිව්(ග්‍රවුන්ඩ්) අනික තමයි ෂෝර්ට් ටු පොසිටිව(පවර්).මේ දෙකේ දීම වෙන්නේ බලාපොරොත්තු වන සන්සර්යකට හෝ ඇ‌ක්චුඒ‌ටරයකට හෝ වෙනත් දෙයකට යන විදුලි ධාරාව අනපේක්ෂිත ලෙස කෙටි මගක් හරහා ගමන් කිරීමයි(ෂෝර්ට් කට් වීම)

• ෂෝර්ට් ටු නෙගටිව්(ග්‍රවුන්ඩ්)

ෂෝර්ට් ටූ ග්‍රවුන්ඩ් කියලා කියන්නේ පරිපඨයක විදුලි ධාරාව මෝටර් රථයේ බොඩිය හරහා ගමන් කිරීමයි.ඒ‌ කියන්නේ වයර් කැඩීමයාම/තැලීම හෝ පිරිවාරක ආ‌වරණ ගැලවීයාම නිසා මෝටර් රථ බොඩිය හෝ එන්ජිම හරහා සම්බන්ධවීමයි.ධාරාව ෂෝර්ට් ටු ග්‍රවුන්ඩ් වීමේ ප්‍රථිඵලයක් ලෙස ෆියුස් පිලිස්සීයාම,ලයිට් අක්‍රීය වීම හෝ එන්ජිම අක්‍රීය වීම හෝ සෙන්සර් සිංග්නල් නැති වෙන්න පුලුවන්.උදාහරණයක්  ලෙස වයර් ඇ‌තිල්ලීමක් නිසා ෂෝර්ට් ටු ග්‍රවුන්ඩ් තත්වයක් ඇ‌ති වීමට ඉඩ ඇති නිසා සහ ඒ‌මගින් හෙඩ් ලයිට් ඕවර් හීට් වීම වලක්වා ලීම සඳහා ෆියුස් පිල්ස්සී යන්න පුලුවන්.ඒ‌ නිසා එය හෙඩ් ලයිට් නිවා දැමීමට(ක්‍රියානොකිරීමට) හේතු වෙන්න පුලුවන්.

• ෂෝර්ට් ටු පොසිටිව්(පවර්)

බොහෝ පරිපඨ වල වයරිං හනර්ස් එකින් එකට කිට්ටු වීම නිසා ෂෝර්ට් ටූ පොසිටිව් දෝෂයක් ඇ‌ති වීම සඳහා හැකියාවක් පවතනවා.මෙම තත්වයේ දී ද වයර් එකින් එකට ඇ‌තල්ලීම නිසා හෝ වයර් කැඩීම නිසා ඒ‌වා එකිනෙකට සම්බන්ධ වීම නිසා ධාරාව බලාපොරොත්තු නොවූ ස්ථානයකට ගලා යෑම සිදුවෙන්න පුලුවන්.
උදාහරණයක් ලෙස ආ‌ෆ්ටර් මාර්කට් පද්ධති උපකරණයක්/උපාංගයක් සවිකිරීමකදී ඉස්කූරෑ ඇ‌ණ වැනි දෑ වයරිං හනර්ස් එක හරහා එහි වයර් කිහිපයක් තුලින් අනපේක්ෂිත ලෙස සම්බන්ධ වීම දක්වන්න පුලුවන්.ඒ‌ වගේ දෙකදී සමහර විට හෙඩි ලයිට් ඔන් කලහාම හෝන් ශබ්ද වීම,බ්‍රේක් පැඩල් එක පාගන විට රිවර්ස් ලයිට් පත්තුවීම වැනි දෙයක්විය වෙන්න පුලුවන්.

නවීන මෝටර් රථවල පවර්ට්‍රේන්,කන්වීනයන්ස් සිස්ට්ම් හා එන්ටර්ටේට්මන්ට් සිස්ටම් වැනි සෑම දෙයක්ම අතර සියල්ලක්ම එකින් එක හරහා සම්බන්ධ කිරීම සඳහා අවශ්‍ය විද්යුත් රැහැන් ප්‍රමාණයට අතිවීශාලයි.උදාහරණයක් ලෙස සාමාන්‍ය නවීන සුඛෝපභෝගී මෝටර් රථයක් විවිධ වයර් 1500 පමණ සහ ඒ‌වා සැතපුම් ගණනක් දගින් යුක්ත නිසා ෂෝට් ටු ග්‍රවුන්ඩ් තත්වයක් නිසා එවැනි මෝටර් රථ වල ඉලෙක්ට්‍රොනික කොටස්වලට සහ පරිපඨ වලට හානි වෙන්න පුලුවන්.ඒ‌ නිසා චෙක් එන්ජින් ලයිට් පත්තු වීම,ෆියුස් පිලස්සීම,බැටරිය බැස යාහ හෝ සම්පූර්ණ මෝටර් රථයම අකරමන්‍ය වෙන්න පුලුවන්.

ඒ‌ නිසා එය සංකීර්ණ බවක් පෙනෙන්නට තිබුණත් කල හැකි හොඳම දේ තමයි ඒ‌වා බෙදා වෙන්කර හඳුනාගැනීම.වර්ථමානයේ මෝටර් රථ ඉලක්ට්‍රිකල් වයරිං ඩයග්‍රම් කල්ර් කෝඩ් කරලා තියෙන නිසා ඒ‌වා රෝගය විනිශ්චය සඳහා පහසුවෙනවා.ඒ‌ නිසා ෂෝර්ට් සර්කිට් පරිපඨයක් හඳුනාගැනීම කියන එක තව තවදුරටත් අමාරැ නැහැ.

ඒ‌ කොහොම වුණත් ෂෝර්ට් සර්කිට් කියන එක සොයා ගැනීම සඳහා තවදුරටත් කාලය සහ ඉවසීම අවශ්‍යවෙනවා.ඒ‌ සඳහා මුලින්ම මෝටර් රථය සඳහා ඇ‌ති ඉලෙක්ට්‍රිකල් වයරිං ඩයග්‍රම් එක,ටෙස්ට් ලෑම්ප් එකක්,මල්ටිමීටර් සහ වයර් සඳහා ප්‍රවේශ වීමට ටූල්(බැක්ප්‍රෝබ්/ක්ලෑම්ප් වැනි)අවශ්‍ය වෙනා.ඊළඟට ෂෝර්ට් සර්කිට් සොයන පරිපථය හඳුනා ගන්න.එය කොහෙද,යන්නේ කුමණ කනෙක්ටර් ද තියෙන්නේ කෝහේද සහ වයර් කුමන වර්ණයෙන්ද?කියන එක හඳුනාගැනීම අවශ්‍යවනවා.

12 V පරිපඨ පරික්ෂා කිරීමේදී, බලපෑමට ලක් වූ පරිපඨයේ ඇති ෆියුස් පරීක්ෂා කිරීම සමඟ සාමාන්‍යයෙන් ආරම්භ කරන්න පුලුවන්.එහිදී ෆියුස් ඉවත් කරලා ෆියුස් සොකට්වල පර්යන්ත හරහා ටෙස්ට් ලයිට් එක සම්බන්ධ කරන්න.අඛණ්ඩතාව(කනෙක්ටිවිටි)මැනීම සඳහා මල්ටිමීටර ද ඒ හා සමාන ආකාරයකින් භාවිතා කරන්න පුලුවන්.බැටරිය පොසිටිව් කේබල් එක ගලවලා මල්ටිමීටරයේ  පොසිටිව්(රතු පාට)කේබලය ෆියුස් පවර් පැත්තට සම්බන්ධ කරන්න.නෙගටිව්(කලු පාට)කේබලය සෘණ අග්‍රයට සමබන්ධ කරන්න.ෂෝර්ට් සර්කිට් එකක් තියෙනවා නම් ටෙස්ට් ලයිට් එක පත්තු වෙනවා/මල්ටිමීටරය බීප් වීම් සිදුවෙනවා.ඊළඟට කරන්න තියෙන්නේ පරිපඨ බෙදා වෙන් කර ගෙන ෂෝර්ට් කර්කිට් එක සොයාගැනීමයි.

දැන් පරිපඨයේ කරන්ට් ලෝඩ් එක හරි එහෙමත් නැත්නම් සෙන්සරය විසන්ධි කරන්න.සම්බන්ධ ටෙස්ට් ලයිට් එක නිමෙන්නේ නැත්නම් හෝ මල්ටිමීටර් බීප් වීම එක නතර වෙනව නම් ඒ‌ කියන්නේ පරිපඨ අභ්‍යන්තරයේ ෂෝර්ට් සර්කිට් දෝෂයක් තියෙනවා කියන එකයි.

දැන් නැවත පරිපඨයේ ලෝඩ් සම්බන්ධතාවය සම්බන්ධ කර ස්විච්/කෙනක්ෂන් වැනි පරිපථය අතරතුර යම් දෙයක් විසන්ධි කරන්න.එවිට ද ටෙස්ට් ලයිට් එක නිවෙන්නේ නැත් නම්(හෝ මීටරයේ හොඳින් බලා අදහස ලබා ගන්න), ෂෝර්ට් සර්කිට් එක  ස්විච් එක සහ ලෝඩ් එක අතර කොහේ හරි තැනක වෙන්න පුලුවන් නිසා වයරිං හනර්ස් එකේ එම කොටස වෙත අවධානය යොමු කරන්න.

වයරිං හනර්ස් සෙලවීමෙන් ෂෝර්ට් සර්කිට් වයර් කැඩීලා යන්න පුලුවන් එවගේ දෙයක් කිරීම මගින් අවම වශයෙන් එහි ස්ථානය හඳුනාගන්න පුලුවන්.ඒ‌ අවස්ථාවේ දී ටෙස්ට් ලයිට් නිවී ගියොත් ෂෝර්ට් සර්කිට් කැඩූ බව පැහැදිලි වෙනවා.

ඒ‌ වගේම ස්විච් විසන්දි කලවිට ටෙස්ට් ලයිට් එක නිවීයන්නේ නැත් නම්(හෝ මල්ටිමීටර් බීප් වීම)එයින් අදහස් වෙන්නේ ෂෝර්ට් සර්කිට් එක තවමත් ෆියුස් සහ ස්විච් එක අතර කොහේ හරි කොතැනක තියෙනවා කියන එකයි.ඒ‌ නිසා වෙනත් වයර් විසන්ධි කර වෙනත් ස්ථානයක් සොයා බලන්න සහ ඒ‌ එක්කම ටෙස්ට් ලයිට් එක  නිවෙනවද කියලා බලන්න. ඒ‌ ආ‌කාරය පරිපඨ විසන්ධි කර ටෙස්ට් ලයිට් එක නිවෙනවද කියලා පරීක්ෂා කිරීම මගින් අදාල පරිපඨය වෙන්කරලා හඳුනගන්න පුලුවන්.

ඒ‌ වගේම එන්ජින් සහ ට්‍රාන්ස්මිෂන් වැනි ඉලෙක්ට්‍රොනික් කොන්ට්‍රෝල් මොඩියුල්(ECM)භාවිතා කරන 5 V පරිපඨ වල අඛණ්ඩතාව(කනෙක්ටිවිටි)මැනීමට බැටරිය සහ ECU අතර සම්බන්ධතාවය විසන්දි කරලා මල්ටිමීටර් ටෙස්ට් කේබල් බොඩි ග්‍රවුන්ඩි එක සහ පරිපඨය අතරට සම්බන්ධ කරන්න.ෂෝර්ට් සර්කිට් ස්ථානය තීරණය කිරීම සඳහා එම ඉහත සඳහන් කල අකාරයට පරිපඨ බෙදා කල පරීක්ෂා කිරීමේ ක්‍රමය අනුගමනය කරන්න.

ෂෝර්ට් සර්කිට් එක සොයාගත් පසු එය අලුත්වැඩියා කිරීම කලහැකි අතර බැටරිය නැවත සම්බන්ධ කිරීම හෝ අලුත් ෆියුස් මාර කිරීමට පෙර ටෙස්ට් ලයිට එක හෝ මල්ටිමීරය සමඟ ෂෝර්ට් සර්කිට් සඳහා නැවත පරික්ෂා කරන්න.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)


Related Posts

Post a Comment