-->

ඇන්ටි-ලොක් බ්‍රේක් පද්ධතිය(ABS)





බොහෝ අයට ABS බ්‍රේක් යන පදය හුරු පුරුදු,නමුත් බොහෝ දෙනෙක් මෙම ABS  බ්‍රේක් ක්‍රියා කරන ආකාරය,ඕනෑම විශේෂ නඩත්තු අවශ්‍යවීම් හෝ ABS බ්‍රේක් පද්ධතියේ මරු කල හැකි කොටස් ගැන නොදනී.

ABS බ්‍රේක් අවශ්‍යයෙන්ම සාමාන්‍ය බ්‍රේක් පද්ධතියේම වැඩි දියුණු කරන ලද අනුවාදයක් ලෙස හඳුන්වන්න පුලුවන්.සරළව කිවහොත්,මෙම ABS බ්‍රේක් පද්ධතිය තෙත් හෝ සිනිඳු මතුපිටකදී තද බ්‍රේක් කිරීමකදී සිදු කෙරූ විට බ්‍රේක් ලිස්සීම(skidding) හෝ සිරවීම(locking up) වැළැක්වීම සඳහා නිර්මාණය කරලා තියෙනවා.මේ මගින් එදිනෙදා ධාවනයේදී  භයානක ලිස්සීම් වැළක්වාලමින් හා රියැදුරුහට මෙහෙයුම් පාලනය පවත්වා ගැනීමට ඉඩ දීම මගින් එදිනෙදා රියදුරු ආරක්ෂාව ඇති කිරීමට උපකාරී වෙනවා.

ABS බ්‍රේක් අවශ්‍යන්ම නැවතුම් දුර අඩු නොකරන නමුත්,ඇත්තටම වියළි මතුපිටවල් මත නැවතුම් දුර තරමක්  ඉහළ යාමට ඉඩ ඇත.එහෙත් තෙත් හෝ සිනිඳු මතුපිටකදී ABS බ්‍රේක් ආරක්ෂිත නැවතුම හා අනතුර අතර නැවතුම් දුර 25% හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා.

එකින් එකට බෙහෙවින් වෙනස් ABS බ්‍රේක් පද්ධති කිහිපයක් අද භාවිතයේ පවතින නමුත් ඒ‌ සියලුම පද්ධතිවල පොදු එක් දෙයක් තමයි තද හෝ හදිසි බ්‍රේක් කිරීමක දී රෝද සිර කිරීමට ඇති හැකියාවයි පාලනය කිරීමට භාවිතා කිරීම.එක් රෝදයක ඇදීයාම සහ ටයර් යන්තම් ලිස්සායාම අද්දර නම් (ලිස්සායාම 10 -20% දක්වා)ලිස්සා නොයනු පිණිස ටයරය මාර්ගය මතුපිට ඝර්ෂණ සම්බන්ධයතාවය වැඩි වන ලෙස අනෙක් රෝදය (100% දක්වා)අගුළු දමනු ලබයි.රෝද මත ගැම්ම (ට්‍රැක්ෂන්)නොමැති වූ විට,ඝර්ෂණ අඩු වේ,එවිට ටයර් ලිස්සීම හා වාහනය නතර කිරීමට වැඩිදුරක් ගනී.

ටයර් ලිහිල් හිම මතු පිටක ඇ‌ති විට අගුලු ලෑ ටයර් කුඩා හිම මත ඇ‌ති විට ටයර් පෙරලීයාමකට වඩා තරමක් කෙටි දුර දී නතර කිරීමට ඉඩ සලසා දෙයි.ඒ‌ නිසා සමහර වාහනවල හිම මත රිය පැදවන විට ABS/TC පද්ධතිය සම්පූර්ණයෙන් අක්‍රීය කිරීම සඳහා on/off ස්විචයක් ඇ‌ත.

වාහනයේ දිශාභිමුඛ ස්ථාවරත්වය ද ගැම්ම මත(ට්‍රැක්ෂන්)රඳා පවතින නිසා ටයර් ලිස්සා නොයනතාක් කල්,එය හැරවුම් දිශාවට පමණක් රෝල් වීම සිදුවන නමුත්,එය ලිස්සීමෙන්(skids)පසු,අයිස් මත ඇ‌ති රබර් පතුරක් ලෙස දිශා ස්ථාවරත්වය වෙනස් වනු ඇත.ඒ‌ නිසා ABS පද්ධතිය,ගැම්ම අහිමිවීම අවම කිරීම මගින් දිශා ස්ථාවරත්වය හා සුක්කානම පාලනය පවත්වාගෙන යාම උපකාරී වේ.

ABS බ්‍රේක් ගැන මතක තබා ගත යුතු තවත් කරුණක් නම් එය අවශ්‍යයෙන්ම පවතින බ්‍රේක් පද්ධතියට "ඇඩ් ඔන්" කර ඇ‌ති බවයි.එය ගැම්ම අහිමිවීම් මායිම් තත්වයකදී හෝ හදිසි තත්වයකදී කලබලයෙන් නවතන විටකදී පමණක් ක්‍රියා කරනු ලබන අතර අනක් ඕනෑම අවස්ථාවක එය සාමාන්‍ය ධාවනයට හෝ බ්‍රේක් පද්ධතිය මත කිසිදු බලපෑමක් ඇති නොකරයි.

ABS බ්‍රේක් පද්ධති ද හැකි උපරිම ආ‌කාරයට "ආරක්ෂිත" ලෙස නිර්මාණය කර ඇත.මෙම ABS පද්ධතියට සම්බන්ධ ඉලෙක්ට්‍රොනික පාලනයේ යම් අසාර්ථකවීමක් සිදු වූ විට,බොහෝ ABS පද්ධති තමන් විසින්ම පද්ධතිය විසන්ධි කර ගනු ලබන අතර ABS අනතුරු ඇඟවීම් බල්බය ඩෑෂ් බෝඩය මත දැල්වීම සිදුකරයි.නමුත් මෙහිදී වාහනය තවමත් සාමාන්‍ය ලෙස බ්‍රේක් පද්ධතිය ක්‍රියාත්මක වන අතර මේ නිසා අත්‍යවශ්‍යයෙන්ම වාහනය පැදවීම අනාරක්ෂිත නොකරයි.නමුත් එයින් අදහස් කරන්නේ හදිසි අවශ්‍යතාවයකදී ABS පද්ධතිය ක්‍රියා නොකිරීම පමණි.විශේෂයෙන්ම ABS වර්නිං ලයිට්  සහ බ්‍රේක් අනතුරැ ඇ‌ඟවීම් ලයිට් නොසලකා හැරීම නොකළ යුතුය.(මෙය හයිඩ්‍රොලික් පීඩනය හෝ ඔයිල් මට්ටම අඩුවීම පිළිබඳ අනතුරුදායක තත්වයන් පෙන්නුම් කිරීමක් විය හැකිය!).මෙම අනතුරැ අඟවීම් ලයිට් දෙකම එකවර දැල්වේ නම්,බ්‍රේක් පද්ධතිය පරීක්ෂා කරනතෙක් වාහනය ධාවනය කිරීම නොකල යුතුය.

කොහොමද අන්ටි-ලොක් බ්‍රේක් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ?

සියලුම ABS බ්‍රේක් පද්ධති,බ්‍රේක් කිරීම් අතර තුර රෝද සාපේක්ෂ පහත බැසීම් අනුපාත
(deceleration rates of the wheels)අධීක්ෂණය කරමින් ටයර් ස්ලිප්වීම පාලනය කරන අතර එක් රෝදයක් අනික් රෝදයේ වේගයට වඩා අඩු අනුපාතයෙන් හෝ වඩා වැඩි වේග අනුපාතයෙන් ක්‍රියා කරන ආ‌කාරය ABS පාලන මොඩියුලයට වැඩසටහන්ගත කරලා තියෙනවා.ඒ‌ අනුව රෝද ස්ලිප්වීම පටන් ගෙන ඇති බව පෙන්නුම් කරන ඕනෑම විටකදී එය අනතුරැ දායක බැවින් ගැම්ම පාලනය කිරීම සඳහා ABS පද්ධතිය මගින් රෝද සිරකර කිරීම සිදුකරනවා.මෙහිදී ABS පද්ධතිය මගින් ක්ෂණිකව හයිඩ්‍රොලික් පීඩනය සීමා කිරීම මගින් බලපෑම එල්ල වූ රෝදය හෝ රෝද මත බ්‍රේක් පීඩනය අවම කර ගැනීම මගින් ප්‍රතිචාර දක්වනවා.

මෙහිදී විද්‍යුත් වශයෙන් ක්‍රියාත්මක වන සොලනොයිඩ් වෑල් මගින් හයිඩ්‍රොලික් පීඩනය නවතා තබාගනීම,නිදහස් කිරීම හා බ්‍රේක්  ක්‍රියා කරවීමට භාවිතා  කරනවා.මෙය සාමාන්‍යයෙන් දෘඪ බ්‍රේක් ක්‍රියා කිරීම තුළ ස්පන්දන බලපෑමක්(pulsating effect)ලෙස බ්‍රේක් පැඩලයට දැනෙන අතර ඒ‌ වගේම රියදුරැ හට ABS හයිඩ්‍රොලික් කොන්ට්‍රෝල් යුනිට් එක මගින් ඇ‌ති කරනු ලබන සංවාද(chattering) හෝ බසිං(buzzing) ශබ්දයක් ද ඇ‌සෙනු ඇ‌ත.

ඒ‌ මගින් ලිස්සන රෝදය මත බ්‍රේක් පීඩනය ක්ෂණිකව පාළනය කිරීම මගින් නැවත ගැම්ම ඇ‌ති කරගැනීමට ඉඩ ලබාදෙන අතර ඒ අනුව රෝද සිරවීම(lockup)වැලක්වනු ලබනවා.එය සාමන්‍ය බ්‍රේක් පම්ප් කිරීමට සමාන වන අතර ABS පද්ධතිය මගින් එක් එක් බ්‍රේක් පරිපථ සඳහා නියමිත වේග ඇ‌ති අතර පද්ධතිය මත පදනම්ව තත්පරයට වාර 12 ක් දක්වා ස්වයංක්‍රීයව ක්‍රියා කරවීමේ හැකියාව තියෙනව.(සමහර ABS පද්ධති අනෙක් ඒ‌වාට වඩා වේගවත් වේ)

වරක් බලපෑම එල්ල වූ රෝද පහත බැසීමේ අනුපාතය(rate of deceleration)සාමාන්‍ය බ්‍රේක් ක්‍රියාව හා පීඩනය නැවත ආරම්භවී,සෙසු රෝද සමග එක පෙලට පැමිණි විට,ABS අක්‍රීය මාදිලියට(passive mode)පරිවර්ථනයවීම සිදුවෙනවා.

ඇ‌න්ටි-ලොක් බ්‍රේක් පද්ධතිය සැපයුම්කරුවන්

ප්‍රධාන OEM(Original equipment material )ඇ‌න්ටිලොක් බ්‍රේක් සැපයුම්කරුවන් ලෙස පහත නිෂ්පාදනයක් දැක්විය හැකිය;

* Bendix : මූලික වශයෙන් ක්‍රයිස්ලර්,ජීප් නිෂ්පාදන සඳහා භාවිත වන අතර  Bosch සමාගම විසින් Allied Signal යන අයගෙන් එය අත්පත් කර ගන්නා ලදී.

* Delco : දැන් මෙය Delphi ලෙස හඳුන්වන අතර අතිශයිම GM මෝටර් රථ සඳහා පමණක් සඳහා භාවිතා කර ඇත.

* Continental Teves : ෆෝර්ඩ් සහ GM ,ක්‍රයිස්ලර් හා ආනයිනික මෝටර් රථ සඳහා භාවිතා කර ඇත.

* Kelsey-Hayes : මෙම සැපයුම්කරු පසුපස රෝද ABS හා ෆෝර්වීල් ABS පද්ධති සහිත ෆෝඩ්,චෙව් සහ ඩොජ් ට්‍රක් රථ සඳහා භාවිතා කරයි.

* Nippondenso : ඉන්ෆිනිටි හා අසබඩින් මෝටර් රථ සඳහා භාවිතා කරයි.

* Sumitomo : ඇතැම් මැස්ඩා රථ සහ හොන්ඩා  මෙන්ම ෆෝඩ් එස්කෝර්ට් මෝටර් රථ සඳහා භාවිතා කරයි.

* Toyota :
ටොයෝටා පිකප් රථ වල පසුපස රෝද සඳහා පමණක් භවිතා කරයි.

ඇ‌න්ටි-ලොක් බ්‍රේක්

කවුරැ විසින් නිපද වුවත් ඒ‌ සියලුම ABS පද්ධති වීල්ස්පීඩ් සෙන්සර් මගින් රෝද පහත බැසීම් අනුපාතය(wheel deceleration rates)පිළිබඳ වාර්තාවක් තබාගනී.සමහර මාදිළි මත එක් එක් රෝදයන්ට වෙන වෙනම වීල් ස්පීඩ් සෙන්සර් ඇ‌ති අතර එක් එක් වීල් ස්පීඩ් සෙන්සර් වෙනම පාලන පරිපථ තුලට සිය ඉන්පුට් සිගනල් ලබා දෙන බැවින් මෙම වර්ගයේ සැලැස්මට "four channel" පද්ධති ලෙස හඳුනවයි.(මෙහි "channel" යන වචනය ඇත්තටම තනි තනි ඉලෙක්ට්‍රොනික් පරිපඨයකට වඩා තනි තනි හයිඩ්‍රොලික් පරිපඨ යන්න අදහස් වේ)

වෙනත් ABS අයදුම් මත සෙන්සර් කිහිපයක් භාවිතා වන අතර බොහෝ රෝද හතරේ ABS පද්ධති ඉදිරිපස එක් එක් රෝද සඳහා වෙනම වීල් ස්පීඩ් සෙන්සර් ඇති නමුත් පසුපස රෝද දෙකම සඳහා පොදු එක් වීල් ස්පීඩ් සෙන්සරයක් භාවිතා කරන අතර මේවා "three channel" පද්ධති ලෙස හඳුන්වන අතර  මෙවැනි පසුපස වීල් ස්පීඩ් සෙන්සර් එක්කෝ ඩිෆරන්ෂලය හෝ සම්ප්‍රේෂණය මත පිහිටුවා ඇ‌ති අතර මෙම සෙන්සර් පසුපස රෝද දෙකෙහිම ඒකාබද්ධය හෝ සාමාන්‍ය  වේගය කියවනු ලබයි.මෙම වර්ගයේ සැකසුම මගින් අතිරේක සෙන්සරයක වියදම ඉතිරි  කර පද්ධතියේ සංකීර්ණත්වය අඩු කර දීම මගින් පසුපස රෝද පාලනය කරනු ලබයි.

තවත් විචල්‍යක් නම් "single channel" ය.මෙම වර්ගයේ පද්ධති වල පසුපස රෝද සඳහා පමණක් ABS ඇ‌ති අතර බොහෝ පසුපස රෝද ධාවන සහිත පිකප් රථ සහ වෑන් රථ මත භාවිතා කරන පද්ධතිය මෙය වේ.ජෙනරල් මෝටර්ස් හා ක්‍රයිස්ලර් සමාගම් ඔවුන්ගේ පද්ධති Rear "Wheel Anti-Lock" (RWAL) ලෙසද ෆෝඩ් ඔවුන්ගේ Rear Antilock Brakes" (RABS) ලෙස ද නම් කර ඇ‌ති එම පද්ධති වල
ඉදිරිපස රෝද මත කිසිදු ස්පීඩ් සෙන්සරයක් නොමැති අතර තනි ස්පීඩ් සෙන්සරයක් පමණක් ඩිෆරන්සලයේ හෝ සම්ප්‍රේෂණය මත රඳවා  එය පසුපස රෝද දෙකම සඳහා භාවිතා කරයි.සාමාන්‍යයෙන් පසුපස රෝද ඇ‌න්ටිලොක් පද්ධති වාහන පැටවීම් බලය මත පසුපස රෝදය ගැම්ම සඳහා බලපාන පිකප්,ට්‍රක් රථ සහ වෑන් රථ සඳහා  භාවිතා කරනු ලබයි.පසුපස රෝද ඇ‌න්ටිලොක් පද්ධති තනි "single channel" ක්‍රමයක් ඇත.මක්නිසාද යත් ප්‍රතිපාර්ශවීය රෝද හතරේ ධාවකයන්(four wheel drive)සඳහා භාවිතා කරන three or four-wheel channel පද්ධතිවලට වඩා ඉතා අඩු සංකීර්ණ හා මිල අධික බවින් තොරවීමයි.

අනුකලනය සහ අනුකලනය නොවන ඇ‌න්ටි-ලොක් බ්‍රේක් පද්ධති

ABS පද්ධති වල තවත් වෙනසක් නම් සමහරක් "අනුකලනය"වන("integral")සහ "අනුකලනය" නොවන ("non integral")ඒ‌වා ලෙස දැක්විය හැකිය.

බොහෝ විට පැරණි පූර්ණ ප්‍රමාණ මගී මෝටර් රථ යෙදුම් මත මෙම අනුකලන පද්ධති භාවිතා කර ඇ‌ත.එනම් මාස්ටර් බ්‍රේක් සිලින්ඩරය,ABS හයිඩ්‍රොලික් මොඩියුලේටරය,පොම්ප හා ඇ‌කියුමිලේටරය ඒකාබද්ධ එකලස්ක් ලෙස තිබීමයි.අනුකලනය පද්ධති බලය සහාය සඳහා වැකියුම් බූස්ටරයක සහාය නොමැති ඇති අතර එම කාර්‍ය්‍යය සඳහා ඒ  වෙනුවට විදුලි පොම්පයක් විසින් පීඩනය ජනනය කරනු ලබයි.මෙම පද්ධති වල ඇකියුමිලේටර් වල වර්ග අඟලකට රාත්තල් 2700 කට අධික ප්‍රමාණ පීඩනයක් අඩංගු විය හැකි නිසා මෙම පද්ධතිවල ඇකියුමිලේටර් ඕනෑම ආකාරයේ අලුත්වැඩියා කටයුතු කිරීමට පෙර ඉග්නිෂන් ඔෆ් අවස්ථාවේදී බ්‍රේක් පැඩලය වාර 40 ක් පොම්ප කරමින් පීඩනය නිදහස් කල යුතුය(depressurised)

සමහර විට "ඇඩ් ඔන්" පද්ධති එනම් අනුකලනය නොවන ABS පද්ධති නවීන වාහන සඳහා වඩාත් භාවිතා වේ.අනුකලනය නොවන ABS පද්ධති වල වෙනම හයිඩ්‍රොලික් ඒකකයක් සමඟ සාම්ප්‍රදායික මාස්ටර් සිලින්ඩර සහ බල සහයක වැකියුම් බූස්ටරයක් භාවිතා කරයි.(මෙම ABS බ්‍රේක් අල්ලාගෙන සිටීමට සහ නිදහස් කරීමට සහ චක්‍රය තුළ පීඩනය නැවත ඇ‌ල්ලීමට) තවත් සමහර ABS බ්‍රේක් සඳහා විදුලි පොම්පයක් භාවිතා කරයි.නමුත් සාමාන්‍ය බල සහාය සඳහා පොම්ප භාවිතා නොකරයි.

ඇ‌න්ටි-ලොක් බ්‍රේක් වීල් ස්පීඩ් සෙන්සර්

වීල් ස්පීඩ් සෙන්සර්(WSS) මැග්නටික් පිකප් සහ ටූත් සෙන්සර් රිං එකකින් සමන්විත වන(ඇතැම් විට "tone" රිං ලෙස ද හැඳින්වේ)අතර මෙම සෙන්සර් ස්ටීරියන් නකල්ස්,වීල් හබ්,බ්‍රේක් බැක් ප්ලේට්,ට්‍රාන්ස්මිෂන් ටේල් ශාෆ්ට් හෝ ඩිෆරන්සල් හවුසිම මත සවි කර ඇ‌ත.මෙම සෙන්සර් රිං,සමහර යෙදුම් මත,ඇ‌ක්සල් හබි මත බ්‍රේක් ඩිස්ක් එකට මෙහායින් වීල් බෙයාරිං හවුසම මත,ඩ්‍රම් බ්‍රේක් බැක් ප්ලේට් එක මත,ට්‍රාන්ස්මිෂන් ටේල්ශාෆ්ට් මත හෝ ඩිෆරන්ෂල් පීනියන් ශාෆ්ටය මත සවිකර ඇ‌ත.

වීල් ස්පීඩ් සෙන්සරයේ චුම්භකය ක්ෂේත්‍රය වටා පිකප් කොයිල් එතුම් ඇ‌ති අතර රෝදය කරකැවෙන විට සෙන්සර් රිං හි ඇ‌ති දැති එම චුම්භක ක්ෂේත්‍රය හරහා ගමන් කරයි.එවිට එම එම චුම්භක ක්ෂේත්‍රය බිඳවැටීම නිසා සෙන්සරයේ ඇ‌ති පිකප් කොයිල් හරහා ප්‍රත්‍යාවර්ථ ධාරවක් ඇ‌ති කරනු ලබයි.රෝද වේගයට සෘජු සමානුපාතිකව චුම්භක ක්ෂේත්‍රය වෙනස්වීම මත තත්පරයට වෝල්ටීයතා ස්පන්ධන ගණනක්(voltage pulses per second)ඇ‌ති කරයි.ඒ නිසා වේගය වැඩි වන විට,වීල් ස්පීඩ් සෙන්සර් සංඛ්යාත සහ විස්තාරය(frequency and amplitude)ඉහළ යයි.

මෙම ප්‍රත්‍යාවර්ථ ධාරා සංඥා ඩිජිටල් සංඥා බවට පරිවර්තනය කර බ්‍රේක් කොන්ට්‍රෝල් මොඩියුලය වෙත යවනු ලැබේ.පසුව කොන්ට්‍රෝල් මොඩියුලය ස්පන්දන ගණනය කර රෝද වේග වෙනස්වීම අධීක්ෂණය කරයි.

වීල් ස්පීඩ් සෙන්සර්,වීල් හබ් හෝ වීල් බෙයාරිං එකලස් හි කොටසක් නොවේ නම් එහිදී අයදුම්පත් අනුව,එය දෝෂ සහිත නම් මාරැකල කළ හැකිය.සෙන්සර් ගැටලුවලට හේතුව දෝෂ සහිත වයර් සම්බන්ධතා නිසා හෝ සෙන්සරයේ වැරදි වායු පරතරය නිසා හෝ සෙන්සරයේ අග තුඩඩ මත සුන්බුන් එකතුවීම නිසා හෝ එය සෙන්සරයේම දෝෂයක් විය හැකිය.

ඇ‌න්ටි-ලොක් බ්‍රේක් කොන්ට්‍රෝල් මොඩියුලය

ABS කොන්ට්‍රෝල් මොඩියුලය,එන්ජින් කොන්ට්‍රෝල් මොඩියුලයේ මයික්‍රෝප්‍රොසෙසර් ක්‍රියාවලියට සමාන කාර්‍ය්‍යයක් සිදුකරන අතර එය EBMC- "Electronic Brake Control Module" ලෙස හෝ EBM- "Electronic Brake Module"ලෙස හඳුන්වනු ලබයි.එය රෝද ලොකප් වීම වැළැක්වීම සඳහා හයිඩ්‍රොලික් පීඩනය නියාමනය කිරීම සඳහා සෙන්සර් ඉන්පුට් භාවිතා කරයි. මෙම ABS මොඩියුලය වාහනයේ පිටුපස ට්‍රන්ක් එක තුල,මගී මැදිරි තුළ හෝ බොනට්ටුව ඇ‌තුලත පිහිටා තිබිය හැකිය.එය වෙනම මොඩියුලයක් ලෙස හෝ බොඩි කොන්ට්‍රෝල් මොඩියුලය හෝ සස්පෙන්ෂන් කොන්ට්‍රෝල් මොඩියුලය වැනි වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ සමඟ ඒකාබද්ධ විය හැකි අතර නවීන ABS පද්ධති(Delphi DBC-7, Teves Mark 20 ආ‌දී)එය හයිඩ්‍රොලික් මොඩියුලේටරය මත සවි කර ඇත.

මෙම ABS කොන්ට්‍රෝල් මොඩියුලය සඳහා පවතින ප්‍රධාන යෙදවුම්,වීල් ස්පීඩ් සෙන්සර් සහ බ්‍රේක් පැඩල් ස්විච්ය වන අතර බ්‍රේක් පැඩලය පාගන විට,කොන්ට්‍රෝල් ස්විච් සංඥා "පොරොත්තු" මාදිලියේ("standby" mode)සිට "ක්‍රියාකාරී" මාදිලියට("active" mode)ගමන් කරනු ලබයි.ABS බ්‍රේක් අවශ්‍ය වන විට,කොන්ට්‍රෝල් මොඩියුලය ක්‍රියාකිරීමට අවශ්‍ය පරිදි බ්‍රේක් පීඩනය යෙදවීමට හයිඩ්‍රොලික් මොඩියුලේටර් ඒකකයට දන්වන අතර පද්ධතිය මත පොම්පයක් ඇත්නම් එය පොම්පය හා රිලේ ජවගැන්වීම(energize)සිදුකරයි.

වෙනත් ඕනෑම ඉලෙක්ට්‍රික් කොන්ට්‍රෝල් මොඩියුල මෙන්,ABS මොඩියුලය ද ඉලෙක්ට්‍රික් ඕවර්ලෝඩ් බලපෑම් හා අධි උෂ්ණත්වය නිසා සිදුවන හානි වීමට ඇති ඉඩකඩ වැඩිය.මෙම මොඩියුලය සාමාන්‍යයෙන් හයිඩ්‍රොලික් මොඩියුලේටරයේ එකලස් කොටසක් ලෙස ඇති  නවතම පද්ධති කිහිපයක හැරැණු විට දෝෂ සහිත නම් මාරැ කිරීම් කළ හැකිය.

ඇ‌න්ටි-ලොක් හයිඩ්‍රොලික් මොඩියුලේටර්

හයිඩ්‍රොලික් මොඩියුලේටරය හෝ ඇ‌ක්චුඒ‌ටර් ඒකකය එක් එක් බ්‍රේක් පරිපථ සඳහා ABS සොලනොයිඩ් වෑල් අඩංගු වන අතර ABS පද්ධතිය සහ අයදුම් අනුව පරිපඨය තුල අඩංගු වෑල් සංඛාව රඳා පවතිනවා.එක් ස්ථානයකට වඩා ක්‍රියාත්මක කළ හැකි තනි වෑල්ව් භාවිතා වන අතර ඇතැම් පරිපඨ සඳහා ඔන්-ඔෆ් සොලනොයිඩ් වෑල්ව් යුගලක් ඇත.උදාහරණයක් ලෙස Delco VI ABS පද්ධති වල බ්‍රේක් පීඩනය ඇ‌ති කිරීමට සොලනොයිඩ් පිස්ටන් ඉහළ සහ පහළ ගමන් කරවීමට කුඩා විදුලි මෝටර්යක් භාවිතා කරයි.

ABS සොලනොයිඩ් දෝෂ සහිත නම්,ඇතැම් පද්ධති මත,තනි තනි වශයෙන් ඒ‌වා මාරැ කළ හැකියාව ඇ‌ති නමුත් බොහෝ ABS අයදුම් මත හයිඩ්‍රොයිලොක් මොඩියුලේටර් මුද්‍රා තැබූ එකලස් ලෙස සැලකෙන අතර දෝෂ සහිත නම් එය තනි ඒකකයක් ලෙස මාරැ කල යුතුය.

ඇ‌න්ටි-ලොක් බ්‍රේක් මෝටර් සහ ඇ‌කියුමිලේටර්

අධි පීඩන ඉලෙක්ට්‍රික් පොම්ප මගින් සාමාන්‍ය බ්‍රේක් මෙන්ම ABS බ්‍රේක් තුළ නැවත බ්‍රේක් පීඩනය ජනනය කිරිමට සඳහා බල සහාය කිරීමට(power assist)භාවිතා කරන අතර ඇතැම් පද්ධති,එය ABS බ්‍රේක් පද්ධතියේ යෙදුම් තුළ පීඩනය කිරිම සඳහා පමණක් භාවිතා කරයි.

ABS පාලනය මොඩියුලය මගින් රිලේ ඔන්/ඔෆ් කිරීම හරහා පොම්ප මෝටර්යේ ශක්තිය ජනනය සිදුකරයි. පොම්පය විසින් ජනනය කරනු ලබන හයිඩ්‍රොලික් පීඩනය ඇ‌කියුම්ලේටරයේ ගබඩා කරගන්නා අතර මෙම ABS පද්ධතියේ ඇ‌ති ඇ‌කියුමිලේටරය,මාස්ටර් සිලින්ඩරයේ කොටසක් ලෙස ඇ‌ති පීඩන කුටීරය සම්පූර්ණ නයිට්‍රජන් වායුවෙන් සමන්විත වේ.

පොම්ප අසමත් නම් (සංචිත පීඩනය අඩු වී පීඩනය ඉතා පහළ වැටෙන විට ABS අනතුරු ඇඟවීම් ලයිට් ඩෑෂ් මතට පැමිණේ)සාමාන්‍යයෙන් ප්‍රමාණවත් පීඩනයක් සංචිතය තුල තිබේ නම් ඇ‌කියුමිලේටරය නැවතුම සඳහා 10 -20% දක්වා බලය සහායයක් ලබාදීම සිදුකරයි.ඊට පසු කිසිදු බල සහායක් නොමැති නම්,වැඩි බලයක් යෙදීම ‍මගින් තවදුරටක් බ්‍රේක් ක්‍රියාත්මක කිරීම සිදුකරයි.

බල සහාය සඳහා සාම්ප්‍රායික මාස්ටර් සිලින්ඩරයක් සහ වැකියුම් බූස්ටරයක සහාය ඇති ABS පද්ධති මත,සමහර විට කුඩා ඇ‌කියුමිලේටරයක් හෝ ඇ‌කියුමිලේටර් යුගලයක් හෝල්ඩ්-රිලීස්-රීප්ලේ චක්‍රය අතරතුරදී රෙසවරය තාවකාලිකව බ්‍රේ‍ක් ඔයිල් රඳවා ගැනීමට භාවිතා කල හැකි අතර මෙම වර්ගයේ ඇ‌කියුමිලේටර් සාමාන්‍යයන් ස්ප්‍රින් ලෝඩ් ඩයප්‍රම් එකකට වඩා නයිට්‍රජන් පිරවූ චේම්බරයක්,පීඩනය ගබඩා කරතබා ගැනීමට භාවිතා කරයි.

ඇ‌න්ටි-ලොක් බ්‍රේක් නඩත්තුව

ABS සහිත බොහෝ වාහන නිෂ්පාදකයන්ට අනුව ඒ‌ සඳහා කිසිදු විශේෂ නඩත්තුවක් අවශ්‍ය නොවන නමුත් බොහෝ වාහන මත හයිඩ්‍රොලික් මොඩියුලේටරය කොතරම් මිල අධික ද යන්න සලකාබොහෝ බ්‍රේක් විශේෂඥයන් පවසනුයේ සෑම වසරකට හෝ දෙකකට වරක් නඩත්තු වැලැක්වීම සඳහා බ්‍රේක් ඔයිල් මාර කිරීම මගින් පාරිභෝගිකයන්ට බ්‍රේක් අලුත්වැඩියාවන් සඳහා යන වියම් වලින් සෑහෙන ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි වනු ඇ‌ති බවයි.බ්‍රේක් ඔයිල්,කාලයත් සමග තෙතමනය අවශෝෂණය කරගන්නා අතර පද්ධතිය තුළ අභ්‍යන්තර විඛාදනය ප්‍රවර්ධනය කරයි.ඒ නිසා බ්‍රේක් ඔයිල් කලින් කලට මාරැ කිරීම මගින් ABS හයිඩ්‍රොලික් සංරචක වල ආ‌යු කාලය වැඩි කර ගැනීම සහ අසාර්ථකවීමේ අවදානම අවම කර ගත හැකිය.

මූලික බ්‍රේක් සේවා අවශ්‍යයෙන්ම ABS සහිත සහ ABS රහිත වාහන සඳහා එක සමාන වේ.සමහර වාහන මත,විශේෂ බ්‍රේක් බ්ලීඩි කිරීමේ ක්‍රියාවලි අවශ්‍ය වන අතර මාරැ කරන බ්‍රේක් පෑඩ්/ලයිනර් OEM(original equipment material)බ්‍රේක් පෑඩ්/ලයිනර් හා සමාන ඝර්ෂණ ලක්ෂණ තිබිය යුතුය.අයදුම් මත,වීල් ස්පීඩ් සෙන්සර්,බ්‍රේක් රොටර්,ඩ්‍රම් හෝ වීල් හබ් එකෙහිම කොටසක් නම් මාරැ කරන විට ඒ‌වා ද එක සමාන විය යුතුය.(ටෝන් රිං හි දැති ගණන,ගණන් කර තහවුරු කරගන්න!)

හයිඩ්‍රොලික් මොඩියුලේටරය මාස්ටර්  සිලින්ඩරයේ කොටසක් ලෙස අන්තර්ගත කරන ලද අනුකලන ABS පද්ධතියක් නම්,එක්කෝ සංරචක අපොහොසත් වන්නේ නම්,සාමාන්‍යයෙන් ඉතා මිල අධික වන මුලු ඒ‌කකයම මාරැකල යුතුය.අනුකලන නොවන පද්ධති මත,මාස්ටර් සිලින්ඩර නොමැති ABS වාහන අයදුම් මත ඒවා එක සමාන හෝ නොවිය හැකිය.ඒ නිසා අමතර කොටස් නාමාවලිය ප්‍රවේශමෙන් පරීක්ෂා කිරීමට වග බලා ගත යුතු අතර සමහර ඇ‌න්ටිලොක් අයදුම් මාස්ටර් සිලින්ඩර සමග සම්බන්ධ අමතර කොටස් හෝ සම්බන්ධතා ද තිබිය හැකිය.

ඇ‌න්ටි-ලොක් පිලිබඳ වීඩියෝ සඳහා http://youtu.be/hnjszE3NS9E

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)


Related Posts

Post a Comment