-->

එන්ජින් ඔයිල් අවශ්‍යතාවයන්




සාමාන්‍යයෙන් එන්ජින් ඔයිල් එහෙමත් නැත්නම් මෝටර් ඔයිල් 70-90% බේස් ඔයිල් සහ 10-30% ඇ‌ඩිටිව්ස් මත පදනම්ව නිපදවීම සිදුකරන අතර

බේස් ඔයිල් මගින්;

• ලෝහ කොටස් ලෝහ සමග සම්බන්ධවීම වැළැක්වීම සඳහා දෘශ්‍ය පටල ලබා දීම.

• අභ්‍යන්තර එන්ජින් කොටස් වලින් තාපය ඉවත් කීරීම.

• ඔයිල් ඇ‌ඩිටිව්ස් සංසරණය කිරීම කියන කර්‍ය්‍යයන් ඉටුකිරීම දක්වන්න පුලුවන්.

ඔයිල් ඇ‌ඩිට්ව්ස් මගින්;

• අඩු උෂ්ණත්වයේ දී ඔයිල් වල දියරමය ගතිය(විස්කෝසිට්)අඩු කිරීම.

• ඉහළ උෂ්ණත්වයේ දී දියරමය ගතිය(විස්කෝසිට්)වැඩි කිරීම.

• ගෙවීම් වැලැක්වීම,අධික පීඩනය සහ ඝර්ෂණයට ඔරොත්තුදීම

• පිරිසිදු කාරකයක් වීම

• මලකඩ,විඛාදනය, අම්ලය,පෙන ඇ‌ති වීම වැලැක්වීම කියන කාර්‍ය්‍යයන් ඉටුකිරීම දක්වන්න පුලුවන්

බේස් ඔයිල් වර්ග

A-මිනිරල් ඔයිල්

B-සාම්ප්‍රදායික නොවන ඔයිල්

C-සින්තටික් ඔයිල් ලෙස වර්ග 3 කට බෙදා දක්වන්න පුලුවන්.

බේස් ඔයිල් මූලිකාංග ලෙස;

• විස්කෝසිටි  - ගලා යාම සඳහා එන්ජින් ඔයිල් වල ප්‍රතිරෝධය මැනීම.
සෙල්සියස් අංශක 40 දී සහ සෙල්සියස් අංශක 100 දී ඔයිල් වල බර මැනීම මත මෙම ගණනය කිරීම සිදුකරනවා.

• විස්කෝසිට් ඉන්ඩෙක්ස්(V.I) -ඔයිල් වල භෞතික ගුණය ඉහළ උෂ්ණත්වවල දී තුනී බවට පත්වීම.ඉහළ V.I මගින්(තුනී බව අඩු වීම) සෑම උෂ්ණත්වයකදී එන්ජිම තුළ වඩා ස්ථාවර හා ස්ථාවර කාර්‍ය්‍යය සාධන ලක්ෂණ පෙන්වයි.

• හයි ටෙම්පරේචර්,හයි ස්ට්‍රෙස්(HTHS) විස්කෝසිට්-මෙම දර්ශකය
සෙල්සියස් අංශක 150 දී එන්ජින් ක්‍රියාකාරිත්වයේ දී බෙයාරිං වල ඔයිල් ක්‍රියාකාරිත්වය පිලිඹිඹු කිරීම සඳහා භාවිතා කරනවා.යුරෝපීය මෝටර් රථ නිෂ්පාදකයන් විසින් ටර්බෝ චාර්ජ් පෙට්‍රල් සහ ඩීසල් එන්ජින් වලට උපරිම ආරක්ෂාව සැපයීම සඳහා ඔයිල් වර්ග නිපදවාඇති බව පෙන්වීම දැක්වීම සඳහා මෙම මිනුම භාවිතා කරනවා.

උදාහරණ;

එන්ජින් ඔයිල් ශ්‍රේණිය
 20 30 40 (0, 5, 10w) 40 (15,20,25w) 49

mPa.S @ 150 සෙල්සියස්> 2.6> 2.9> 2.9> 3.7> 3.7(සෙල්සියස් අංශක 150 දී එන්ජින් බෙයාරිං මත පීඩනය තත්පරයට මිලි පැස්කල් වලින්)

API / ILSAC සහ ACEA ඔයිල් වර්ගීකරණය

මොනවද මේ API / ILSAC සහ ACEA ඔයිල් වර්ගීකරණය කියලා කියන්නේ?

ඇමෙරිකන් පෙට්‍රෝලියම් කර්මාන්තය(American Petroleum Industry-API)උතුරු ඇමරිකාවේ එන්ජින් ඔයිල් සඳහා මූලික ප්‍රමිති ආයතනය වන අතර

ජාත්‍යන්තර ලූබ්රිකන්ට් ප්‍රමිතිකරණ හා අනුමත කමිටුව(International Lubricant Standardization and Approval Committee-ILSAC)මේ මගින් ඇමෙරිකානු සහ ජපන් නිෂ්පාදකයන්ගේ උනන්දුව API වෙත යොමු කරයි.

ඒ‌ අනුව API සහ ILSAC යන දෙකම අනුමත කිරීම අනුමත සඳහා ඇල්ෆා සංඛ්‍යාත පද්ධතිය භාවිතා කරයි.

වසර             API     ILSAC
1994 -1996  SH      GF-1
1997 - 2000  SJ     GF-2
2001 - 2004  SL     GF-3
2005  - සිට   SM    GF-4
වර්තමානය
දක්වා

API "ස්ටාර්බර්ස්ට්" සහ "ඩෝනට්" වෙළඳ ලකුණු මගින්
පාරිභෝගිකයින්ට ඔයිල් කාර්‍ය්‍යයක්ෂම මට්ටමේ සන්නිවේදනය කරයි.

API පද්ධතියේ ඇ‌ති එක් දුර්වලතාවයක් වෙන්නේ අනුමත නිෂ්පාදනයක් තවත් නවීකරණයක් ලෙස ස්ථාපනය කිරීමට ඇති නොහැකියාවයි.මෝටර් රථ නිෂ්පාදකයන්ට වඩා වෙනස් කාර්‍ය්‍යය සාධක මට්ටම් සහිත මෝටර් රථ නිෂ්පාදනය කරන නමුත් ඔයිල් ප්‍රමිතිය ඒ‌ ආ‌කාරයෙන්ම පැවතීමයි. අනික් අතට ප්‍රමාණාත්මක කාර්‍ය්‍යය සාධනය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රගමන නිෂ්පාදනයක් ලෙස හැඳින්වීම සඳහා "සින්තටික්" යන වචනය පුළුල් ලෙස භාවිතා කිරීම දකින්න පලුවන්.

යුරෝපීය මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය(Association of Constructors of European Automobiles-ACEA)මගින් තෙල් සමාගම්වලට වඩා මෝටර් රථවල අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස ඔයිල් ශ්‍රේණිගත කරන නිසා ඔයිල් භාවිතා කිරීම අඩු කිරීමට සහ ඔයිල් වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා මෝටර් රථ නිෂ්පාදකයින්ට අවසර දී ඇ‌ති නිසා දැන් යුරෝපයේ ඔයිල් කර්මාන්ත ශාලා මගින් අතිශයින්ම පූර්ණ සින්තටික් වර්ගයේ ඔයිල් නිෂ්පාදන නිපදවීම සිදුකරනවා.

නිර්ණායක -

ඉන්ධන පිරිමැස්ම

පෙට්‍රල්  A1
ඩීසල්   B1

අඩු සල්ෆේට්,ප්‍රොස්පර්ස්,සල්ෆර්-SAPS(Sulphated Ash, Phosphorous, Sulphur)

C1

(ACEA A1 / B1 C1 කාණ්ඩය ඔයිල් වරගීකරණය ACEA 2016 තෙල් අනුක්‍රමයෙන් ඉවත් කර ඒ‌ වෙනුවට ACEA A5/B5 හඳුන්වා දී ඇ‌ත)

සර්විස් ඉන්ටවල්  <15,000

ඉහළ කාර්‍ය්‍යය සාධන- ටර්බෝ + ලෝන්ග් ටර්ම් සර්විස් ඉන්ටර්වල්

A3
B3 / B4
C2

සර්විස් ඉන්ටවර් කිලෝමීටර් >15,000

හයි ප්‍රොෆෝමන්ස්+ඉන්ධන පිරිමැස්ම+ ලෝන්ග් ටර්ම් සර්විස් ඉන්ටර්වල්

A5
B5
C3

සර්විස් ඉනටර්වල් කිලෝමීටර් <30,000

ඉන්ධන පිරිමැස්ම

යුරෝපයේ අලෙවිවන බොහෝ ඩීසල් හෝ ටර්බෝ මෝටර් රථ එන්ජින් වල උපරිම ආරක්ෂාව සඳහා ඝණ පටල සහිත ඔයිල් අවශ්‍ය වෙන අතර උතුරු අමෙරිකාවේ අලෙවි කරන නව මෝටර් රථ විශාල විස්ථාපනය,අඩු ඇ‌ක්ස්ලේටර් නැචුරල් ඇ‌ස්ප්‍රරේටඩ් එන්ජින් සඳහා තුනී පටල සහිත ඔයිල් මගින් සැලකිය යුතු ඉන්ධන පිරිමැස්මක් ලබා දෙයි.

ILSAC සහ API ඉන්ධන පිරිමැස්ම සඳහා තල්ලුවක් ලෙස අඩු HTHS සීමාවන් සහිත ලෝන්ග් ටර්ම් සරවිස් ඉන්ටවල් සඳහා අඩු විස්කෝස්ටි එන්ජින් ඔයිල් ප්‍රවර්ධනය කිරීම සිදුකරනු ලබයි.

සෑම විටම මෝටර් රථයට අදාල ඕනර්ස් මැනුඅල්
මගින් මෝටර් රථය සඳහා නිවැරදි එන්ජින් ඔයිල් පිරිවිතරයන් තීරණය කිරීම සඳහා උපදෙස් ගත හැකි අතර ඊට අමතරව ඒ‌ සඳහා ප්‍රධාන ලුබ්රිකන්ට් නිපදවන සමාගම් වල හෙල්ප-ඩෙස්ක් සහ වෙබ් අඩවිද ප්‍රයෝජනවත් වේ.

ඒ නිසා ඔබේ මෝටර් රථයේ එන්ජිමේ ආ‌රක්ෂාව සහ දිගුකල් පැවැත්ම සඳහා නිවැරදි එන්ජින් ඔයිල් තෝරා ගැනීමට සෑම විටම සැලකිලිමත් වන්න.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)


Related Posts

Post a Comment