-->

ලේන් ඩිපාර්චර් වර්නින් සහ ලේන් කීප් ඇ‌සිස්ටන් සිස්ටම්




මං තීරෑ සලකුණු කර ඇ‌ති මාහා මාර්ග වල ධාවනය වන විට මාර්ගයේ ඇ‌ති මං තීරෑ මාරැ කිරීමේ දී සහ මං තීරෑ වෙන් පිට ධාවනය වීම නිසා ඇ‌ති විය හැකි අනතුරැවලින් ආ‌රක්ෂා වීම සඳහා නවීන වාහන වල භවිතා කරන ඩ්‍රයිව් ඇ‌සිස්ට් පද්ධති දෙකක් දෙකක් තමයි ලේන් ඩිපාර්චර් වර්නින්(Lane Departure Warning-LDW)සහ ලේන් කීප් ඇ‌සිස්ටන් සිස්ටම්(Lane Keep Assistance Systems-LKAS)කියන්නේ.

මේ ලේන් ඩිපාර්චර් වර්නින් මගින් වාහනය පැයට කිලෝමීටර් 10 වඩා වැඩි වේගයෙන් ධාවනය වන විට වාහනයේ වම් පස හෝ දකුණු පස තමන්ගේ වාහනය ආ‌සන්නයේ ඇ‌ති අනෙක් වාහන ගැන රියදුරැ හට අනතුරැ ඇ‌ඟවීම සඳහා සයිඩ් කණ්නාඩි වීදුරැව මත හෝ හවුසිම මත ඇ‌ති ඔරේන්ජ් පාට වර්නින් ලයිට් එකක් මගින් හෝ කණට ඇ‌හෙන බීප් වැනි ශබ්දයක් මගින් රියදුරාට ඒ‌ බව දන්වනවා.මේ සඳහා අවශ්‍ය දත්ත ලබාගැනීමට මෝටර් රථයේ පසුපස බම්පරය තුල සවිකර ඇ‌ති රේඩාර් වර්ගයේ සෙන්සර් දෙකක් යොදාගන්නවා.

ලේන් කීප් ඇ‌සිස්ටන් සිස්ටම් එක මගින් කරන්නේ මං තීරෑ සලකුණු කර ඇ‌ති හයිවේ සහ ප්‍රධාන පාරවල් වල පැයට කිලෝමීටර් 60 වඩා වැඩි වේගයෙන් ධාවනය වන විට දී වාහනය මං තීරැවෙන් පිටතට යනවා නම් ස්වයංක්‍රීයවම ස්ටීරියන් වීල් එක මං තීරැවෙන් ඇතුලට හැරී වාහනය මං තීරැව ඇ‌තුලත ධාවනය වීමට සලස්වනවා.

සාමාන්‍යයෙන් මේ සඳහා ඉදිරිපස වීන්ස්ක්‍රීන් එකේ සවිකර ඇ‌ති කැමරා භාවිතා කර පාරේ ඉදිරියෙන් ඇ‌ති මං තීරෑ පරීක්ෂා කර බැලීම සිදුකරනවා.

මේ පද්ධතිය ක්‍රියාත්මකවීමට මාර්ගයේ මං තීරෑ වෙන් කිරීම සඳහා මාර්ගයේ පැහැදිලව සලකුණු කරඇ‌ති  සුදු පැහැති ඉරි සහ ඒ‌ අතර ඇ‌ති කුඩා කොටු පමණක් නිරීක්ෂණය කිරීම සිදු කරනවා.ඒ‌ වගේම අධික වැසි,හිම වැනි අයහපත් කාලගුණ තත්වයන් වලදී මං තීරෑ අපහැදිලි අවස්ථා වල දී වගේම හැරවීම සඳහා සිග්නල් ලයිට් ක්‍රියාත්මක කර ඇ‌ති අවස්ථාවල දී මෙම පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

ඒ‌ත් මේ ලේන් කීප් ඇ‌සිස්ට් පද්ධතිය මගින් ස්ටීරියං වීල් එකෙන් අත් ඉවත්කර ධාවනය කරන්න පුලුන් කියන එක අදහස් කරන්නේ නැහැ.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)


Related Posts

Post a Comment