කිසිදු ක්ලච්යක් සදහටම පවතින්නේ නැති අතර සැතපුම් ගණනාවක් ධාවනයේ ප්‍රථිඵලයක් ලෙස ක්ලච් ප්ලේට් ගෙවීයයි.මෙම ක්ලච් ප්‍රෙෂර් ප්ලේට් සහ ප්ලයිවීල් ක්ලච් විසින් ජනනය කරන සියලු තාපය හා ඝර්ෂණ නිසා ගෙවීම්,විකෘති වීම් සහ පිපිරැමි ලකුණූ ඇති වේ.ඒවගේම හොඳ ක්ලච් ද ඔයිල් මගින් දූෂණයවී විනාශ කල හැක. නැතහොත්, කේබල් හෝ ලින්ක් සම්බන්ධතාවය අසමත් විය හැක,හෝ රිලීස් බෙයාරිං හෝ පයිලට් බෙයාරිං/බුෂ් හෝ පෝර්ක් ගෙවීයාම් ක්ලච් නිසි ලෙස ක්‍රියකිරීම වළක්වා ලිය හැක.
ක්ලච් දෝෂ ඇති වීමට විවිධාකාර හේතු බලපෑ හැකිය.ඒවා නම්;
ක්ලච් ස්ලිප්වීම
වඩාත් පොදු ක්ලච් ගැටලුව නම් ස්ලිප්වීමය.ක්ලචය ග්‍රහණයේ දී ස්ලිප් වීමක් වන අතර එය වාහනය ඉදිරියට ධාවනය ආරම්භ කරන වාහනයේ ගැස්සීමක්(jerk)හෝ එන්ජින් බලය අතරමංවීම(lurch)වලක්වනු ලබයි.ඒ වගේම මෙම ක්ලච්,ගියර වෙනස් කරන විට ක්ලච්ය ලිස්සා යා යුතු අතර එමගින් එන්ජිම සහ සම්ප්‍රේෂණය අතර ඇතිවන කම්පන ලිහිල් කරනු ලබයි.නමුත් ක්ලච් පැඩලය සම්පූර්ණයෙන්ම නිදහස් කල විට ක්ලච්ය එන්ජිම සහ සම්ප්‍රේෂණය අතර ඉතා හොඳ සම්බන්ධයක් පැවැත්වීමට ඝන පූට්ටු වක් ලබා දිය යුතුය. එය එසේ නොමැති නම්,යමක් වැරදි වන අතර එය පරීක්ෂා කළ යුතුය.
එන්ජිම ලෝඩ් එකක් යටතේ,ඉහළ ගියරයකදී අඩු වේගයකින් කඳු නගින විට,ට්‍රේලරයක් ඇදෙගන් ගමන් කිරීම හෝ වේගයෙන් තවත් වාහනයක් පසු කර යනවිට වාහනයේ ඇදගෙන යාම යටතේ වන විට ක්ලච් ස්ලිප්වීම බොහෝ විට ඇති වනු ඇති අතර වාහනයේ ඇදීමේ අඩුවක්(lugging)පෙන්නුම් කරනු ඇත.
සාමාන්‍යයෙන් මදක් ස්ලිප්වීම විශාල ස්ල්ප්වීමක් දක්වා වර්ධනය වේ.ස්ලිප්වීම ඝර්ෂණය වැඩිවීම සහ තාපය නිපදවයි.මෙම උණුසුම් වූ ක්ලච් අඩු ග්‍රහණ හැකියාවන් පවත්වා ගැනීම ඇති කරන අතර එය තව තවත් ස්ලිප් වීම ඇති කරයි.එහි ප්‍රතිඵලය ක්ලච් ප්ලේට් පිලිස්සීම ඇති වන අතර එමගින් ප්ලයිවීලයට සහ ප්‍රෙෂර් ප්ලේටයට හානි ඇති කරයි.ඒ නිසා,ඉක්මනින් මෙම ගැටලුව අනෙකුත් සංරචකයන්ට හානි කිරීමට පෙර රෝග විනිශ්චය හඳුනාගෙන අලුත්වැඩියා කිරීම වැදගත්ය.
සාමාන්‍යයෙන් වැඩි සැතපුම් ගණනක් ධාවනය හේත්වෙන් ක්ලච් ප්ලේට් රිවට් දක්වා ගෙවීයාම ස්ලිප් වීමට හේතු වන අතර පිටු පස ක්‍රෑන් සීල් හෝ සම්ප්‍රේෂණ පද්ධතියේ ඉන්පුට් ශාෆ්ට් සීල් ලීක් වීම මගින් ක්ලච් ප්ලේට් ඔයිල් මගින් පෙඟී යාමට හේතු වේ.
අලුතින් සවිකරණ ලද ක්ලච් ස්ලිප් වන්නේ නම්, බොහෝ දුරට පහත සඳහන් කරණු වීමට ඉඩ ඇත:
• තෙල් හෝ ග්‍රීස් වැටීම
• ක්ලච් නිදහස් කිරිමේ පද්ධති වැරදි එජස්මන්ට්
• දෝෂ සහිත කේබල් එජස්ටර්
• ක්ලච් මාස්ටර් සිලින්රය /පෝර්ට් බ්ලොක් වීම හෝ මාස්ටර් සිලින්ඩරය බයින්ඩ් වීම.
• අක්‍රමවක් රිලීස් බෙයාරිං එලයින්මන්ට් හෝ සවිකිරීම්.
• අක්‍රමවත් ප්ලයිවීල් ෆේසිං
ක්ලච් ස්ලිප් වීම සඳහා පරීක්ෂා කිරීමට එක් ක්‍රමයක් නම් වාහනය ඉහළ ගියරයකදී අඩුවේගයකින් ධාවනය කරන විට එන්ජිම මන්දගාමී වේගයකින් එන්ජිම ලැග් වෙනවාදැයි බැලීමයි.එන්ජිම රේස් වනවා නම්,ඔබ පශ්ණය තහවුරු කර ගෙන ඇත.
මෙම ක්ලච් ස්ලිප්වීම ඉහළ ගියරයකට(top gear)දමා බ්‍රේක් පැඩලය පාගා ඇති විට සෙමෙන් ක්ලච් පැඩලය නිදහස් කිරීම මගින් පරීක්ෂා කළ හැක.(මෙය කරන විට කිසිවෙක් වාහනය ඉදිරිපස නොමැති බවට සහතික කරගන්න!) එවිට එන්ජිම ක්ෂණිකවට නවතීනම් ක්ලචය හොඳ තත්වයේ වන ඇත.ක්ලච් පැඩලය සම්පූර්ණයෙන්ම නිදහස් කල විට එන්ජිම දිගටම ක්‍රියාත්මක නම් ක්ලච් දරුණු ලෙස ගෙවී ඇති අතර අලුත්වැඩියා කිරීම/මාරැ කිරීම අවශ්‍ය වේ.එන්ජිම මන්දගාමී නමුත් දිගටම ක්‍රියාත්මක වන්නේ නම් ද ක්ලච් ස්ලිප් වනු ඇත.
වාහනය ඩුවෙල් මාස් ෆ්ලය්වීල්(dual-mass flywheel)එකකින් සමන්විත වේ නම්,නරක ෆ්ලය්වීල් ක්ලච් ස්ලිප් වීමට හේතුවක් විය හැක.පරණ කලචයේ ප්‍රෙෂර් ප්ලේටය මත තාප ලකුණු(heat marks),විසිරී ගිය ඩිස්ක් ඝර්ෂණ ද්‍රව්‍ය සහ ඔයිල් අන්තර්ගත ඝර්ෂණ ද්‍රව්‍ය යන්න තිබේ දැයි විමසිල්ලෙන් පරීක්ෂා කර බලන්න.එවැනි සාක්ෂි සොයාගැනීමට නැත්නම් නම්,ගැටලුව ප්‍රෙෂර් ප්ලේට් වේ.
ඔරිජිනල් ෆ්ලය්වීල් වෙනුවට පසු විකුණුම් ඝන ෆ්ලයි වීල්(aftermarket solid flywheel)ස්ථාපනය කළ හැකියි.එම ඝන ෆ්ලය්වීල් ධාවනයට උචිත අඩු ගැටලු වලින් යුක්ත වන අතර,ඔබේ ගනුදෙනුකරුවන්ගේ මුදල් ටිකක් ඉතිරි කර දෙනු ඇත.
ක්ලච් ශබ්ද
Chattering වීම ක්ලච්ය ඇල්ලීමේදී(grabbing) හෝ ගැස්සීමේදී(jerking)ඇති වන තත්වයකි.එය බොහෝ විට ක්ලච් මත තෙල් හෝ ග්‍රීස් නිසා ඇති වේ,නමුත් එය ද පහත කොන්දේසි මගින් ඇති කළ හැක:
• පිච්චිචුන හෝ මැදීගිය ක්ලච් ලයිනර්
• විකෘති හෝ කානනු වැටුනු(grooved)ෆ්ලයිවීල්
• අතුරුදහන් වණු ෆ්ලය්වීල් ඩුවෙල් පින්(dowel pin)
• ගෙවී ගිය පයිලට් බෙයාරිං / බුෂ්
• ගෙවී ගිය බෙයාරිං රිටේනියර්
• ගෙවී හෝ හානි වුණු ක්ලච් ඩිසික් හෝ ඉන්පුට් ශාෆ්ට් ස්පයින්ස්(splines)
• ක්ලච් මත නැවුණු හෝ කැඩුණු පටි
• නැවුණු හෝ විකෘති ක්ලච් ප්ලේට්
• ලිහිල් ක්ලච් ආවරණය
ක්ලච් සංවාදය සඳහා බාහිර හේතු නම් ලිහිල් හෝ කැඩීගිය එන්ජින් මවුන්ට් හෝ සම්ප්‍රේෂණ මවුන්ට්,වරදි චැසි එලයින්මන්ට් හා ඩ්‍රයිවිට්‍රේන් සංරචකයන්,ගෙවුණු යූ-ජොයින්ට් හෝ සී.වී. ජොයින්ට්,ලිහිල් වූ සම්ප්‍රෙෂණ ක්‍රොස් බාර්,ගෙවුණු හෝ නැවුණු රිලීස් පෝර්ක් හෝ ලිහිල් වූ පිටු පස වම් ස්ප්‍රින් බුෂ් හෝ බුරැල් යූ-බෝල්ට් නට්.
ක්ලච් ශබ්ද ගැටලු
කෙදිරිලි(Squeals) හා ගෙරවිලි(growls) ශබිද සාමාන්‍යයන් ගෙවුණු හෝ සිරවූ බෙයාරිං විසින් ඇති කරයි.ක්‍රීපිං(Chirping)ශබ්ද බොහෝ විට ක්ලච් තුළ ඇක්චුවේටර් යාන්ත්‍රණය තුල කම්පන මගින් ඇති කරයි.
අභ්‍යන්තර ක්ලච් ශබ්ද ඇති වීමට පහත හේතු ඇතුලත්වේ.
• ගෙවී ගිය හෝ දෝෂ සහිත ඉන්පුට් ශාෆ්ට් බෙයාරිං
• දෝෂ සහිත හෝ වැරදි එලයින් සහිත රිලීස් බෙයාරිං
• ගෙවුණු,වැරදි එලයින් හෝ නිසි ආකාරයට ලුබ්රිකේට් නොවුණු පයිලට් බංයාරිං/බුෂ්
• ගෙවුණු,වැරදි එලයින් හෝ නිසි ආකාරයට ලුබ්රිකේට් නොවුණු රිලීස් පෝර්ක්
• ගෙවුණු ඉන්පුට් ශාෆ්ට්
• අනිසි කුලච් ඩිස්ක් මාරැකිරීම
• වැරදි එලයිමන්ට්
• හානි වු රිටේනියර්
• බුරැල්වූ ෆ්ලයිවීල් බෝල්ටි හෝ හානි වුණ ඩිස්ක් ස්පලයින්ස්,ගෙවුණු ස්ටොප් පින් හෝ කැඩුණු ඩෑම්පර්
ක්ලච් ශබ්දයට හේතු වන දේ දැන ගැනීම සඳහා, වාහනය පාර්ක් බ්‍රේක් යොදා නියුටල් කර එනජිම පණගන්වන්න.
ක්ලචය එකතු වනවිට(clutch is engaged)ගෙරවිලි හෝ ග්‍රයින්ඩිං(growling or grinding )ශබ්දයක් ඇසේ නම්,හේතුව ට්‍රාන්ස්මිෂන් ඉන්පුට් ශාෆ්ට් බෙයාරිංය.
ක්ලච් පැඩලය පාගනවිට කෙඳිරිලි ශබ්ද (squealing noise)සාමාන්‍යයෙන් නරක පයිලට් බෙයාරිං/බුෂ් නිසා ඇතිවේ.
ක්ලච් පැඩලය සෙමින් පාග විට ක්‍රීපින්(chirping noise)ශබ්ද තීව්ර වන්නේ නම් එයින් අදහස් කරන්නේ නරක රිලීස් බෙයාරිං ඇති බවයි.
අයිඩල් හා නියුටල් විටදී ඇසෙන ක්‍රීපින් ශබ්දය සෙමින් ක්ලච් පැඩලය පෑගීමේදී නැතිවී යන්නේ නම් එය පෝර්ක්/පිවට් බෝල ස්පර්ශ පෘෂ්ඨ මගින් ඇති කරයි.
ක්ලච්ය නිදහස් නොවීම
ක්ලච් පැඩලය සම්පූර්ණයෙන් පැගූ විට ක්ලචය මුලුමනින්ම නිදහස් නොකරයි නම්, ක්ලච් ප්ලේටය ඉන්පුට් ශාෆ්ටය දිගටම කරකවනු ලබයි.මෙය රියදුරැ හට සම්ප්‍රෙෂණ පද්ධතියේ ගියර මාරු කිරීම වළක්වන අතර ගියර වෙනස් කරන විට ග්‍රයින්ඩිං ශබ්ද ඇති වන අතර එන්ජිම වෙව්ලීම ඇතිකර නැවතීමට හේතු විය හැක.
ක්ලච් නිදහස් නොවීමට,වැරදි සීරෑ මාරැ ලින්කේජ් සම්බන්ධතා හෝ බිඳුණු හෝ ඇදුන රිලීස් කේබල්,කාන්දු හෝ දෝෂ සහිත ක්ලච් මාස්ටර් සහ ස්ලේව් සිලින්ඩර් තුල හෝ නල මාර්ග තුල වාතය සිරවී තිබීම හෝ විඛාදනය වී තිබීම,හානි වුණු හෝ නිසි ආකාරයට ලුබ්රිකේෂන් නොවූ ඉන්පුට් ශාෆ්ට් ස්පලයින්ස් තිබිය හැක.අනෙකුත් ප්‍රශණ නම්.ගෙවී ගිය පයිලට් බෙයාරිං/බුෂ්,ගෙවී ගිය බෙයාරිං රිටේනියර් හෝ ගෙවී ගිය හෝ නැවුණු රිලීස් පෝර්ක් හෝ පිවට් බෝල,නැවුණු ක්ලච් දිවුම් පටි,නැවුණු හෝ විකෘති වූ ක්ලච්,අනුචිත ලෙස සවිකල ක්ලච් ප්ලේට් හෝ නොගැලපුණු ක්ලච් සංරචක (නව සවිකිරීම්)
අනෙක් හේතු නම් ක්ලච් ඇදීම(drag)හෝ සීතල කාලගුණයේදී ට්‍රාන්ස්මිෂන් ඔයිල් ලීක් වීම නිසා ක්ලච් ප්ලේට් ඝනකම් වීම,ක්ලචය නිදහස් නොවීම ඇති විය හැකිය.වෙනත් දෝෂ සහිත හෝ ගෙවීගිය ක්ලච් පැඩල් බුෂ්/බ්‍රැකට් හෝ ඕනෑම රිලීස් යෙදවුම් ඇමුණුම් ස්ථාන.
ක්ලච් පැඩලය තදවීම
සියලු ක්ලච් එක්තරා පැඩල් බලයක් අවශ්‍යවේ.නමුත් ක්ලච් පැඩලය අසාමාන්‍ය දැඩි හෝ දෘඪ බවක් දැනෙනවා නම්, දැඩි හා දෘඪ ක්ලච් ලින්ක් සම්බන්ධතා,කේබල්, ක්‍රොස්ශාෆ්ට්(cross shaft),පෝර්ක් හෝ පිවට් බෝල පරික්ෂා කරන්න.ඒවගේම හයිඩ්‍රොලික් පද්ධතියේ,හිරවුණු හෝ ගෙවුණු සීල් නිසා පැඩල් තද වීමට හේතු විය හැකිය.
ක්ලච් අසමත්වීම
ඔබ ක්ලච් මාරැ කිරීමට පෙර,එය අසාර්ථක වීමට හේතු විය හැකියි දේ දැනගැනීමට පැරණි කොටස් පරීක්ෂා කිරීමට ඉතාමත් හොඳ අදහසක් වේ.උදාහරණයක්; ක්ලච්ය ඔයිල් වලින් පෙඟී ඇති බව සොයාගත්තේ නම්,ඔයිල් කාන්දුව සොයා එය නිවැරදි කර ගන්නා තෙක් නව ක්ලච් ස්ථාපනය කිරීමට නොසිතන්න.
ඩයප්‍රම් ක්ලච් ෆින්ගර් මත සෙමින් එහෙත් අධික ගෙවීම් ලකුණු පෙනුනුම් කරයි නම්,එයින් කියවෙන්නේ රිලීස් බෙයාරිං නිසිලෙස ස්ථාපනය කර නැති බව,හයිඩ්‍රොලික් පද්ධතිය සම්පූර්ණයෙන්ම ලඟා නොවීම,රිලීස් කේබලය හිරවීම,වැරදි සීරෑ මාරැ කිරීම හෝ දෝෂ සහිත ස්වයං සීරෑ මාරැව(self-adjuster),හෝ රියදුරු ක්ලච් පැඩලය මත පය තබාගෙන ධාවනය කිරීමේ නරක පුරුදු.
ඩයප්‍රම් ක්ලච් ෆින්ගර් අසාමාන්‍ය ලෙස ගෙවී ඇත් නම්,එනම් ක්ලච් හවුසිම ෆ්ලයිවීලයට ඒකාකාරව තද කර නැති නිසා එය ස්ථාපනය කරන විට මේ ක්ලච් විකෘති කරන ලද බවයි.බොහෝ විට ප්‍රෙෂර් ප්ලේටය මත සංවාද ලකුණු(chatter marks)ඩයප්‍රම් ෆින්ගර් ගෙවීම් ඇති පැත්තට විරුද්ධ පැත්තේ සලකුණු පෙන්නුම් කරනු ඇත.
ක්ලච් අලුත්වැඩියා කිරීම් සහ සවිකිරීම් ඉඟි
ක්ලච් මාරැ කිරීම සඳහා වැඩ කුලී(labor cost) ගෙවීමට සිදුවේ.ඔබේ කාර්‍ය්‍යය දෙවරක් කිරීම වෙනුවට,හොඳම උපදේශය නම් සැබවින් ඔබේ ක්ලච්යේ ගෙවුණු කොටස හෝ හානි වුණ කොටස් පමණක් නොව,අලුත්වැඩියා කරන විට සියලූම ප්‍රධාන ක්ලච් සංරචක ප්‍රතිස්ථාපනය කිරීමයි.
බොහෝ විශේෂඥයෝ නව ක්ලච් ප්ලේට්,ප්‍රෙෂර් ප්ලේට් එකලස්,රිලීස් බෙයාරිං,පයිලට් බෙයාරිං/බුෂ්(භාවිතා කරන්නේ නම්) ස්ථාපනය සහ ෆ්ලය්වීල් මතුපිටට නැවත ෆේස් කිරීම නිර්දේශ කරයි.
මෙම ක්ලච්,පද්ධතියක් වන අතර,එය නිසි ලෙස ගැලපෙන කොටස් භාවිතා කිරීම සහ ගුණාත්මක බව හා කාර්‍ය්‍යය සාධනය සඳහා OEM(Original Equipment Matireal) පිරිවිතරයන් සපුරාලීම සඳහා වැදගත් වේ.සැපයුම්කරුවන් වෙතින් ගුණාත්මක සම්පූර්ණ ක්ලච් කට්ටලය ලබාගැනීම,ඔබගේ ක්ලච් ස්ථාපනය,ස්ථාපන ගැටලු හෝ පාරේ ධාවනය අතර මග ඇති විය හැකි ගැටලු වලට එරෙහිව හොඳම රක්ෂණ වේ.
මාරැ කල යුතු තවත් අයිතමයක් නම් රිලීස් කේබල්ය.සමහර පැරණි වාහන මත මේ ආකාරයේ ලින්කේජ් සම්බන්ධතා භාවිතාවේ.වාහනයේ හයිඩ්‍රොලික් ලින්කේජ් සම්බන්ධතාවය සහිත නම් සහ එය අධික සැතපුම් ප්‍රමාණයක් ධාවනය කර ඇත් නම්,කාන්දු වීමක් නොමැති වුවද ක්ලච් මාස්ටර් සහ ස්ලේව් සිලින්ඩර් මාරැ කිරීමත් ඥානවන්ත ක්‍රියාවක්වේ.හේතුව ස්ලේව් සිලින්ඩරය ලින්කේජ් සම්බන්ධතාවයේ පහළම ස්ථානයයි.ඒ නිසා මලකඩ සහ රෝන්මඩ(sediment)වසර ගණනාවක් පුරා ස්ලේව් සිලින්ඩරයට එකතුවීම සිදුවී,අවසානයේදී එය ප්‍රශ්ණ ඇති කරනු ඇත.ඒ නිසා ස්ලේව් සිලින්ඩර මාරැ කිරීම ඔබේ ගනුදෙනුකරුවන්ට කරදරයකින් තොරව තවත් බොහෝ සැතපුම් ගණනාවක් ධාවනය කිරීමට හැකියාව ලබාදෙනු ඇත.අවසානයේ දී ක්ලච් හයිඩ්‍රොලික් පද්ධතිය සම්පූර්ණයෙන්ම ෆ්ලෂ් කර අලුත් ඔයිල් සමඟ පද්ධතිය පිරවීම කළ යුතුය.
පැරණි ක්ලච් බොහෝ අප යෙදුම් කර තිබෙනවා නම් හෝ වාහනය වැඩි බලය සඳහා නවීකරණය කොට තිබේ නම්,වැඩ් කාර්ය සාධනය ලබාගැනීමට නවීකරණය කර තිබේ නම්.උසස් ව්‍යාවර්ථ ධාරිතාවයක් ලබා ගැනීමට සැලසුම් කරන ලද ක්ලච් කට්ටලයක් ඩ්‍රයිව්ට්‍රේන් පද්ධතියට ස්ථාපනය කළ යුතුය.එහෙත් ඕනෑවට වඩා ආක්‍රමණශීලී ධාවන ක්‍රියාවන් ගෙන් කාර්‍ය්‍යය සාධන ක්ලච් ගෙවීමට ලක් කිරීමෙන් වලකින්න.
සීරෑ මාරැ කල හැකි ෆින්ගර් වර්ග ක්ලචයක් නම් අලුත් ක්ලච් ප්ලේට් සවි කිරීමට පෙර,ප්‍රෙෂ් ප්ලේටය සහ එම හවුසිම,ෆින්ගර්ස් සහ ස්ප්‍රින් පරීක්ෂාකර අවශ්‍ය නම් අලුතින් යෙදීම වැදගත්ය.ඒ වගේම වාහනයට සවිකිරීමට පෙර ක්ලච් එජස්ට් බෙන්ච් එකක සවිකර නිවැරදි පීඩනය යටතේ ක්ලචය නිදහස් වන්නේදැයි පරීක්ෂා කරන්න.
සෑම විටම ෆ්ලයිවීලය නැවත ෆේස් කිරීම හෝ මාරැ කිරීම කළ යුතුය.තෙල්,කුණු,ග්‍රීස සහ විකෘති වීම් හෝ ෆ්ලයිවීලය මත ඉරිතැලීම් හෝ කට්ට ඇතිවීම ක්ලච් ගැටලු ඇති.ෆ්ලයිවීලය ගලවා එය නැවත පෙර ලෙසම නැවත ස්ථාපනය කරනු ලැබිය හැකි වන පරිදි එහි ඉන්ඩෙක්ස් ස්ථානය ලකුණ කර ගැනීමට මතක තබා ගන්න.ෆ්ලයිවීලය පිපිරැම් සහිත හෝ හානි ඇත්නම් හෝ නැවත ෆේස් කල නොහැකි නම් ඒ වෙනුවට අලුත් එකක් මාරැ කිරීමට අවශ්‍යවේ.
ස්ටෙප්ඩ් ප්ලයිවීල්(stepped flywheels)සමඟ,එක සමාන ලෝහ ප්‍රමාණයක් පියවර දෙක අතර එම උස වෙනස පවත්වාගෙන යාමට නැවත ෆේසිං කළ යුතුය.ගෙවුණු මතුපිට පමණක් ෆේස් කලේ නම්, එය ක්ලච් තැටිය එරෙහිව ප්‍රේෂර් ප්ලේටය මගින් ඇති කරන පීඩනය අවම වනු ඇත.මේ සඳහා ෆේස් කර ඉවත් කල ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ඝණකම වැඩි ක්ලච් ප්ලේට්(over size clutch plate)භාවිතා කල හැකිය(ම්ළදී ගැනීමට තිබේ නම් පමණක්)
ඩුවෙල් මාස් ෆ්ලය්වීල් (dual-mass flywheels)BMW හෝ Porsche ආකෘති මත ෆ්ලය්වීල්(dual-mass flywheels)නැවත ෆේසිං කිරීම නිර්දේශ නැත. ෆ්ලය්වීල් ගෙවී ඇත් නම් එය මාරැ කල යුතුය.
මෙම ක්ලච් ෆ්ලයිවීලයට සවිකරන විට ක්ලච් ප්ලේටය එලයින් වීම සඳහා ද නියමු මෙවලමක්(pilot tool )භාවිතා කරන්න.සම්ප්‍රේෂණ ඉන්පුට් ශාෆ්ට් නිවැරදි ලෙස ස්ථානය කරා තල්ලු කිරීමට නොහැකි වන නිසා ඇස් ටම්ටමින් බලා සවිකිරීම එතරමි තරම් හොඳ නැත.මෙම ක්ලච් විකෘති වීම වැලැක්වීමට ක්‍රමක්‍රමයෙන් තරුවක ආකාරයට ප්‍රෙෂර් ප්ලේටය ෆ්ලය්වීලයට තද කරන්න. කිසිවිටෙක එයාර් ගන් එකක් භාවිතා නොකරන්න.
හයිඩ්‍රොලික් ලින්කේජ් ඇති වාහනයක මාස්ටර් පම්ප් එක හෝ ස්ලේව් පම්ප් එක මාරැ කිරීමකදී හෝ පද්ධතියේ ඔයිල් මාරැ කිරීමක් කරන්නේ නම් බ්ලීඩර් ටූල්(bleeder tool)එකක් අවශ්‍යය විය හැක.
ට්‍රාන්ස්මිෂන් ඉන්පුට් ශාෆ්ට් ස්පිල්න්ස්(splines)සහ රිලීස් පෝර්ක් පිවට් මද වශයෙන් ලුබ්ර්කේට් කරන්න,සහ නව රිලීස් බෙයාරිං නිසි ලෙස රිලීස් පෝර්ක් එකට සවි කිරීමට වග බලා ගන්න.
සම්ප්‍රෙෂණය නැවත ස්ථාපනය කරන විට,එය ඇණ යොදා සවිකරන තෙක් බර දරා ගැනීමට කුඩා සහයෝගයක් ලබා දිය යුතුය අතර එසේ නොමැතිව සම්ප්‍රේෂණයේ බර ඉන්පුට් ශාෆ්ටය හරහා ක්ලච්ය මතට වැටීමට ඉඩ දේ නම්,එය ක්ලච් ප්ලේටයේ හබ් එක නැවීමට හෝ විනාශවීමට හැකි අතර ක්ලචය නිදහස්වීම වලක්වනු ඇත.
ක්ලච් මාරැ කිරීමෙන් පසු ලින්ක සම්බන්ධතා නිසිලෙස සීරෑමාරැ කිරීම අත්‍යාවශ්‍යය.රෙපයාර් මැනුඅල් ක්‍රියාපරිපාට්ය අනුගමනය කරන්න සහ නිවැරදි බුරැල(right play)ඇති බවට ලද වග බලා ගන්න.
අවසාන වශයෙන්, ක්ලච් සාමාන්‍ය පැඩල් ක්‍රියාකාරිත්වය,ශබ්ද රහිත බව සහ සුමට සම්බන්ධවීම හා ගියර මාරැවීම නිසි ලෙස ක්‍රියා කරන බවට වග බලා ගැනීමට කෙටි පරීක්ෂණ ධාවනයක් කරන්න.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
Post a Comment
Post a Comment