-->

අයිඩල් ස්ටොප්-ස්ටාර්ට් පද්ධති


අයිඩල් ස්ටොප්-ස්ටාර්ට් පද්ධතිය,ස්ටොප්-ස්ටාර්ට් ලෙස ද හැඳින්වේ.ඉන්ධන ඉතුරැ කර ගැනීමට සහ වායු විමෝචනය අඩු කිරීම සඳහා ගමන් කරන වාහනය නතර කරන විට ස්වයංක්‍රීයව එන්ජිම නවතන අතර නැවත රියදුරු ඇ‌ක්ස්ලේටරය පාගන විට නැවත එන්ජිම ස්වයංක්‍රීයව පණගැන්වී ධවනය වේ.මෙය නව වාහන මාදිලි වල වැඩි වැඩියෙන් භාවිතා කරයි.නගරික ධාවනයේදී  ස්ටාර්-ස්ටොප් පද්ධතිය මගින් 8-15% ක් හෝ ඊට වඩා වැඩි ඉන්ධන ආර්ථිකයක් දියුණු කර ගත හැකිය! සැබෑ ඉන්ධන ඉතුරුව ධාවන චක්‍රය(drive cycle) සහ කොපමණ කාල ප්‍රමාණයක් අයිඩලින් සහ ධාවනය නොකරන සිටින කාලය අනුව වෙනස් වනු ඇත.

ස්ටොප්-ස්ටාර්ට් පද්ධති භාවිතය වර්ධනය වෙමින් පවතින්නේ ඇ‌යි?

ස්ටොප්-ස්ටාර්ට් පද්ධති ටොයෝටා ප්‍රියුස් වැනි හයිබ්‍රිඩි වාහන මත දශකයකට ආසන්න කාලයක් තිස්සේ භාවිතා වෙමින් ඇත.ඇත්ත වශයෙන්ම,ස්ටොප්-ස්ටාර්ට් තාක්ෂණය සියලු හයිබ්‍රිඩ් වාහනවල එක් අංගයක් වේ.ප්‍රියුස් හා ෆෝඩ් එස්කේප් වැනි පූර්ණ හයිබ්‍රිඩ්(full hybrid )වැනි වාහන යම් යම් කොන්දේසි යටතේ විදුලි මාධ්‍යයෙන් පමණක් වාහනය ධාවනය කිරීමට අධි බලැති බැටරි සහ විදුලි මෝටර් භාවිතා කරයි.මෘදු හයිබ්‍රිඩ්(mild hybrid) වාහන ඒ‌වායේ අධි බලැති බැටරි භාවිතා කර එන්ජිම ස්වයංක්‍රීයව ස්ටාර්ට් කිරීමට සහ නතර කිරීමට පමණක් භාවිතා කරන අතර ක්ෂණික ත්වරණය කිරීමකදී කාර්‍යය සාධනය වැඩි කිරීමට එන්ජිමන් බලය භාවිතා කරයි.

අයිඩල් ස්ටොප්-ස්ටාර්ට් භාවිතය නීතිය මගින් අවශ්‍ය නොවේ.එහෙත් කාලයත් එක්ක තව තවත් මෝටර් රථ නිෂ්පාදකයින් මෙම අංගය නව මාදිලි තුලට ඔවුන්ගේ සමස්ත ආයතනික සාමාන්‍ය ඉන්ධන ආර්ථික සංඛ්යාව(overall Corporate Average Fuel Economy numbers-CAFE)වැඩි දියුණු කිරීම සඳහා ඇතුළත් කර ඇත.2025 වන විට CAFE වැඩි කර,සැතපුමකට ග්‍රෑම් 52.5 ක වායු විමෝචනය අඩු කිරීම ඉලක්කය වේ.

ස්ටොප්-ස්ටාර් ක්‍රියාකරන්නේ කෙසේද?



එන්ජිම කළමනාකරණ පද්ධතිය මගින් එන්ජිමේවේගය,උෂ්ණත්වය හා බර මෙන්ම වාහනයේ වේගය,තිරිංග සහ ඇක්සලරේටර් පැඩලයේ පිහිටීම සහ සම්ප්‍රේෂණ පද්ධතියේ ගියර තේරීම් තත්වය අධීක්ෂණය කරන අතර එමගින් වාහනය ගමන් කරන බව සහ එය නතර කරන බව හඳුනා ගනී.එන්ජිම මත ක්‍රියා කරන විදුලි භාර මගින් (හෙඩ් ලයිට්,වයිපර්ස්,බැටරි ආරෝපණ තත්වය ආදිය)සහ A / C සිසිලන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් එන්ජිම නතර කරන අතර ඒ‌ සමගම වාහනය ගමන් කිරීමද නවතී.


බොහෝ ස්ටොප්-ස්ටාර්ට් පද්ධති සමඟ රියදුරැ විසින් බ්‍රේක් පැඩලය මත පාදය තබා සිටීම මත සම්ප්‍රේෂණ ධාවකය තුල වාහනය නොසෙල්වී පවත්වා ගන්නා අතර සහ එන්ජිම මත ක්‍රියා කරන A/C වැනි අමතර මෙයෙහුම් අවම වේ.රථයේ රියදුරු තිරිංග මත ඔහුගේ පාදය ඉවතට ගැනීම සහ / හෝ ඇ‌ක්ස්ලේටර් පැඩලය මත පාදය තබා තද කරන විට ස්ටොප්-ස්ටාර්ට් පද්ධතිය ස්වයංක්‍රීයව එන්ජිම නැවත පණගන්වනු ඇත.සමහර තත්වයන් තුළ මෙම නැවත පණගැන්වීමේ සුලු කාල පමාවක් ඇති විය හැකි වුවත්,ක්ෂණික සහ සීමාරහිත වේ.

ටොයෝටා ප්‍රියුස් වැනි පූර්ණ හයිබ්‍රිඩ් වාහන වල එන්ජින් වහාම පණගැන්වෙන්නේ නැත.සම්ප්‍රේෂණය ඇතුළත විදුලි මෝටරය (දෙකක් තිබේ.)වාහනය ධාවනය ආරම්භ කරන අතර වේගය හා යම් බරක එකතුවක් ළඟා වන විට,එක් විදුලි මෝටරයක් එන්ජින්ම ක්‍රෑන් කර පණගැන්වීම සඳහා එහි ව්‍යාවර්ථ ප්‍රතිදානය ෆ්ලයි වීලයට මාරු කරනු ලබයි.ඉන් පසු එන්ජිම වාහනය ධාවනය සහ අධි බලැති විදුලි හයිබ්‍රිඩ් බැටරිය ආ‌රෝපණය කිරීමේ කාර්‍යය භාරගනී.

ජෙනරල් මෝටර්ස් බෙල්ට් ඕල්ටනේටර් ස්ටාටර්(බී.ඒ‌.එස්) හා ඊ-ඇ‌සිස්ට් පද්ධති

ජෙනරල් මෝටර්ස් දැනට සමහර වාහන මත භාවිතයට ස්ටොප්-ස්ටාර්ට් පද්ධති කිහිපයක් භාවිතා කරයි. සැටර්න් වී.යූ.ඊ හයිබ්‍රිඩ්(Saturn VUE hybrid)සඳහා බෙල්ට් ඕල්ටනේටර් ස්ටාටර්(BAS)භාවිතා කරයි.බියුක් ලාක්‍රොස්(Buick LaCrosse)මත එය eAssist පද්ධතිය වේ.මෙම යෙදවුම් දෙකේ දීම ඕල්ටනේටරය ස්ටාටරයේ සහ ඕල්ටනේටරයේ යන ද්විත්ව කාර්‍යය කටයුත්ත සිදුකරනු ලබයි.

එන්ජිම ධාවනය වන විට,ඕල්ටනේටරය රථයේ විදුලි අවශ්‍යතා සපුරාලීම සඳහා සහ 12V බැටරිය,අධි වෝල්ටීයතා හයිබ්‍රිඩ් බැටරි ආ‌රෝපණය සඳහා වෝල්ටීයතා නිෂ්පාදනය කරයි.එන්ජිම ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා වාහනය ස්ටාර්ට්-ස්ටොප් පද්ධතිය මගින් නතර කරන අතර අධි වෝල්ටීයතා හයිබ්‍රිඩ් බැටරියේ සිට ඕල්ටනේටරයට විදුලිය ලබාදී මෙහෙයවීමෙන් එන්ජිම නැවත පණගන්වනු ලබයි.මෙහිදී ඕල්ටනේටරය ස්ටාටර් මෝටරයක් මෙන් නැවත ක්‍රියාකර එහි ඩ්‍රයිව් බෙල්ට් හරහා එන්ජිම කෑන්ක් කර පණගන්වනු ලබයි.මෙම යෙදුම් මත,සාම්ප්‍රදායික ස්ටාටර් මෝටර් ස්ටොප්-ස්ටාර් මෙහෙයුම් සඳහා භාවිතා නොවන අතර,එන්ජිම සීතල විට ක්‍රෑන්ක් කිරීම සඳහා පමණක් භාවිතා වේ.(හෝ එන්ජිම නැවත පණගැන්වීමට හයිබ්‍රිඩ් බැටරි මදි නම්)

BAS,eAssist සහ ඒ හා සමාන අයිඩල් ස්ටොප්-ස්ටාර් පද්ධති සමඟ,වාහනය වේගවත් කළ විට ඕල්ටනේටරය/ස්ටාටරය මගින් වැඩිපුර ව්‍යාවර්ථ ලබා දිය හැකිය.සාමාන්‍යයෙන් මෙම අමතර තල්ලුව විශාල එකක් නොවුනත් බොහෝ අවස්ථාවලදී එය අශ්වබල15 -20 දක්වා ලබාදේ.

2013 Chvy Malibou සහ Buick LaCrosse වාහන මත eAssist පද්ධතිය 79 lb./ft දක්වා එන්ජිම බල ප්‍රතිදානය සඳහා සහායට අමතර ව්‍යාවර්ථය ලබාදේ. ස්ටොප්-ස්ටාර්ට් පද්ධතිය හරහා ඉල්ලුම මත අමතර ව්‍යාවර්ථ එකතු කිරීමට ඇති හැකියාව සමස්ත ඉන්ධන ආර්ථිකය වැඩි දියුණු කිරීම සඳහා එන්ජින් සඳහා කුඩා විස්ථාපනයක්(displacement)භාවිතය ඉඩ ලබාදේ.V6 එන්ජිමක් V8 ලෙස විස්ථාපනය කල හැකි අතර සිලින්ඩර හතර බොහෝ අවස්ථාවලදී දී V6 ලෙස විස්ථාපනය කල හැක.

ජෙනරල් මෝටර්ස් සමාගම විසින් හඳුන්වා දෙන eAssist ස්ටාර්ට්-ස්ටොප් පද්ධතිය සම්ප්‍රේෂණ "D" මත වන විට සහ තිරිංග පෑඩලය පාගා ඇති විට පමණක් ක්‍රියාකාරී වේ.එය එන්ජිම සීතල නම්,පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 15 නම්,A / C හෝ defrost ඔන් නම්,හෝ හයිබ්‍රිඩ් බැටරි ආරෝපණය අඩු නම් ක්‍රියාත්මක නොවිය හැක.

ඕවර්ලෝඩ් වීමෙන් මෙම eAssist පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා බැටරි එනර්ජි කොන්ට්‍රෝල් මොඩියුලය ඇ‌ම්පියර් 125 ක ෆියුස් එකක් භාවිතා කරයි.පද්ධතියේ භූගතය(ground)හරහා ඕනෑම වෝල්ටීයතා අහිමිවීමක්(voltage loose)වුවහොත් එහි රිලේ විසන්ධි කරන අතර හයිබ්‍රිඩි බැටරිය ද විසන්ධි කර හුදකලා වනු ඇත.

මෙම eAssist ස්ටොප්-ස්ටාර්ට් පද්ධතිය වැඩ නොකරයි නම් හෝ කිසිදු දෝෂ කේත දක්නට නොලැබේ නම්,ගැටලුව බොනට් ලැච් (latched) එක සම්පූර්ණයෙන්ම වසා නොමැතිවීම හෝ බොනට් ලැච් එක වැරදි එජස්ට් කිරීම් විය හැක.බොනට්ටුව විවෘත කිරීමේ දී ස්ටොප්-ස්ටාර්ට් පද්ධතිය අක්‍රීය කරයි නම් එය ඉහත සඳහන් දෝෂ වේ.

ඊළඟ පරම්පරාවේ ස්ටොප්-ස්ටාර්ට් පද්ධති

යුරෝපයේ ස්ටොප්-ස්ටාර්ට් පද්ධති සඳහා බී ෆෙඩ් අප් ස්ටාටර්(beefed up starters)හා බැටරි භාවිතා කරමින් ඇත.එය වත්මන් මිළ අධික මෘදු හයිබ්‍රිඩ් ප්‍රවේශයට වඩා මිල අඩුය.මේ නිසා මෙම යුරෝපා ක්‍රමය ඉදිරියේදී එක්සත් ජනපද වාහන සඳහ භාවිතා කරනු ඇත.සාමාන්‍යයෙන් මෙම පද්ධති මත පණගැන්වීම් වාර 300,000 හෝ ඊට වඩා වැඩි ගණනක් දක්වා හැසිරවීමේ හැකියාව ඇ‌ත.එය සම්මත ස්ටාටර් මෝටර් වලට වඩා බොහෝ කල් පවත්නා ස්ටාටර් මෝටර් ලෙසට වර්ගීකරනය කර තිබේ.සම්මත ඊයම් අම්ල බැටරියට වඩා ගැඹුරු විසර්ජන චක්‍ර කටයුතු මෙහෙයවිය හැකි තවත් කල් පවත්නා ඇ‌බ්සෝර්බන්ට් ග්ලාස් මැට්(Absorbent Glass Mat -AGM)බැටරි භාවිතා කරයි.

සෘජු විදුම් අයිඩල් ස්ටොප්-ස්ටාර්ට්

ස්ටොප්-ස්ටාර්ට් කිරීමට තවත් ප්‍රවේශයක් ලෙස කිසිදු බැටරි බලය භාවිතා නොකිරීමයි.එය යළි පණගැන්වීමට විදුලි මෝටරයක් හෝ කිහිපයක එකතුවක් වන ඕල්ටනේටර්/ස්ටාටර් සමඟ එන්ජිම ක්‍රෑනක් කිරීම වෙනුවට මැස්ඩා රථ "i-stop" පද්ධතිය එන්ජිම පණගැන්වීමට සෘජු විදුම් භාවිතා කරයි.එන්ජිම නැවතුන විට,එන්ජින් කළමනාකරණ පද්ධතිය එක් එක් පිස්ටන් නිශ්චිත ස්ථානය පිළිබඳව වාර්තාවක් තබාගන්නා අතර ඉන් පසුව නැවත එන්ජිම පණගැන්වීමට අවශ්‍ය වන විට එය සෘජුවම ඉනධන විදීම කර එහි බලය පහර(power stroke )ආරම්භයේ දීම ස්පාර්ක් ප්ලග් මගින් මිශ්‍රණය දහනය කරනු ලබයි.

එහි ප්‍ර‍තිඵලයක් වශයෙන් ක්‍රෑන්ක්ශාෆ්ට් එක කරකැවී තත්පරයෙන් 1/3 කාලයකදී පමණ එන්ජිම පණගැන්වන අතර එන්ජිම උණුසුම් විටදී පමණක් මෙම උපක්‍රමය ක්‍රියාත්මක කරයි.එසේම සාම්ප්‍රදායික පණගැන්වීම එන්ජිම සීතල(cold starting)විටදී අවශ්‍ය වේ.එහෙත්, සෘජු විදුම් "I -stop" ප්‍රවේශය අධි වෝල්ටීයතා හයිබ්‍රිඩ් පද්ධතියේ අයිඩල් නැවතුම් සඳහා මෙන් ක්‍රියාකරන අතර එය සෘජු විදුම් ක්‍රමය සහිත ගැසොලින් හෝ ඩීසල් එන්ජින් මත භාවිතා කළ හැක.BMW එහි 2012 මාදිලියක් වන 328i මත මේ හා සමාන ක්‍රමයක් භාවිතා කරයි.

අයිඩල් ස්ටොප්-ස්ටාර්ට් පද්ධතියේ කොටස්

ජෙනරල් මෝටර්ස් BAS හා eAssist පද්ධති වල වැඩි බරක් නිසා ඩ්‍රයිව් බෙල්ට් ගෙවීයයි.ඒ‌ නිසා බෙල්ට් ඩ්‍රයිව් පද්ධතියේ හොඳ මෙහෙයුම් තත්ත්වයක් පවත්වාගෙන යනු ලැබීම තහවුරු කිරීම සඳහා ඩ්‍රයිව් බෙල්ට් සහ ටෙන්ෂනර් නිරන්තරයෙන් පරීක්ෂා කිරීමට නිර්දේශ කරනු ලැබේ.එසේම බෙල්ට් ගෙවීම් ලකුණු පෙන්නුම් කරයි නම් සහ නව බෙල්ට් එකක් මාරැ කළ යුතු නම්,ලාභ අඩු ගුණාත්මක බෙල්ට් වෙනුවට,ඔබේ මෝටර් රථ අමතර කොටස් නියෝජිතයාගෙන් ඉහළ ගුණාත්මක සන්නාමය(top quality name brand belt)සහිත බෙල් එකක් මිලදී ගැනීමට වග බලා ගන්න.අඩු ගුණාත්මක බෙල්ට් මාරැ කිරීම් මෙවැනි යෙදවුම් සඳහා නියම ලෙස නොගැලපිය හැකිය.(හෝ එවැනි ඕනෑම යෙදවුම් කරැණක් සඳහා!)

ඕල්ටනේටර් අසාර්ථක (බොහෝ විට ඕවර්ලෝඩ් හා ඕවර්හීට් වීමේ ප්‍රතිඵලයක් ලෙස)වීම ඕනෑම වාහන වර්ගයක ඇති විය හැකිය.එහෙත්,ස්ටොප්-ස්ටාර්ට් සමන්විත රථයක,ඒකාබද්ධ ජෙනරේටර්/ස්ටාටර්(ඕල්ටනේටර්)මත ස්ථානගත කර ඇති බැවින් අසාර්ථක වීම වැනි සිදුවීම් තරමක් ඉහළ වීමට එය හේතුවක් විය හැක.ඩ්‍රයිව් බෙල්ට් හරහා මෙම ඒකක විසින් 12V සහ අධි වෝල්ටීයතා හයිබ්‍රිඩ් බැටරි දෙකම සඳහා විදුලිය ජනනය කිරීම සහ නැවත එන්ජිම පණගැන්වීමට අවශ්‍ය විටකදී ක්‍රෑන්ක් කිරීම වැනි ද්ව්ත්ව ක්‍රියාකාරිත්වයක් ඉටු කරනු ලබයි.

තීරණාත්මක කොටස් වනුයේ මෘදු හයිබ්‍රිඩ් මත ඇ‌තුලත් අධි වෝල්ටීයතා හයිබ්‍රිඩ් බැටරිය(බොහෝ හේතු වලදී,දීර්ඝ වගකීමක් මගින් ආවරණය නමුත් බොහෝ අවස්ථාවල දී,අලුත් කාර් අලෙවි නියෝජිතයන්ගෙන්  පමණක් ලබාගත හැකි ),ස්ටොප්-ස්ටාර්ට් පාලනය මොඩියුලය(සාමාන්‍යයෙන් වාහනයේ පිටුපස බැටරි පැක් මත පිහිටුවා ඇ‌ත)සහ අධි බලැති විදුලි බැටරි කේබල් (සාමාන්‍යයෙන් තැඹිලි පට වර්ණයෙන් යුක්තය)

බොහෝ වාහන නිෂ්පාදකයන් ප්‍රධාන හයිබ්‍රිඩ් අන්තර්ගත මත වසර 8 හෝ සැතපුම් 100,000 (හෝ ඊට වැඩි කාලයක්) ක දීර්ඝ වගකීමක් ලබා දෙයි.(බැටරි,පාලක සහ ඒකාබද්ධ ජෙනරේටර්/ස්ටාටර්),නමුත් බෙල්ට් හෝ වෙනත් පවර්ට්‍රේන් සංරචක ඇ‌තුලත් නොවේ.

අයිඩල් ස්ටොප්-ස්ටාර්ට් දෝෂ නිර්ණය

ස්ටොප්-ස්ටාර්ට් පද්ධතිය ක්‍රියාකිරීම නිමා කරයි නම් සිදු වන්නේ කුමක්ද? බොහෝ අවස්ථා වලදී,පද්ධතිය ස්වයං-රෝග විනිශ්චය කර,මෙම දෝෂය හඳුනාගෙන එකක් හෝ ඊට වැඩි දෝෂ කේත සකස් කරන අතර ස්ටොප්-ස්ටාර්ට් පද්ධතිය අක්‍රීය කරනු ඇත.ඕනෑම ෂෝර්ට් සර්කිට් තත්වයක් පෙන්නුම් කර තිබේ නම්,හයිබ්‍රිඩ් බැටරිය ද විසන්ධි කර හුදෙකලා කරනු ලබයි.

ඕල්ටර්නේටරයේ හෝ කොන්ට්‍රෝල් මොඩියුලයේ දෝෂ සාමාන්‍ය ආ‌රෝපණය වලක්වනු ලබයි නම්,12V බැටරි මෙන්ම හයිබ්‍රිඩ් බැටරියද බැස යන අතර වාහනය වෙව්ලීම හෝ පණගැන්විය නොහැකි වේ.මේ ආකාරයේ වෙනත් ඕනෑම ආ‌රෝපණ ගැටලු පිලිබඳ සාම්ප්‍රදායික ක්‍රම මගින් දෝෂ නිර්ණය කල හැකිය.

මෙම ඕල්ටර්නේටර් පරීක්ෂණ නිවැරදි නම් ඕල්ටර්නේටරයේ වරදක් නොවන අතර ආ‌රෝපණ පද්ධති පාලන පරිපථ තුළ යම් ගැටලුවක් වේ.ඒ හා සමානව,12V බැටරිය ද ආ‌රෝපණය ලබාගෙන ගබඩාකර පවත්වාගෙන යා හැකිය නැද්ද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂා කළ යුතුය.

මෙම වාහන හඳුනාගැනීම සඳහා අත්‍යාවශ්‍ය සියලු පද්ධතිය සම්බන්ධ කේත සඳහා පමණක් නොව නොව,සියලු ඔන්- බෝඩ් පාරමිති දත්ත(On-board diagnostics Parameter IDs)සඳහාද පූර්ණ ප්‍රවේශ වීමට,වෘත්තීය ශ්‍රේණියේ ස්කෑන් ටූල් එකකට හැකි(sensor values, switch positions, autostart status, voltages, ආ‌දිය)අතර මෙම තොරතුරු සඳහා මෙම මට්ටමේ ප්‍රවේශවීම අනුමාන රෝග විනිශ්චයට වඩා මදක් වැඩි වේ.

ආරක්ෂණ ක්‍රම

අවධානයට! බොහෝ හයිබ්‍රිඩ් වාහන අධි බලැති විදුලි බැටරි (120-360V දක්වා !) භාවිතා කරන අතර,මෙම වාහන මත යම් යම් සංරචක සඳහා සේවා සැපයීමේ දී හෝ ඒ‌ වෙනුවට  මාරැ කිරීමේ දී විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.Saturn VUE හයිබ්‍රිඩ් (36/42 V) වැනි අඩු වෝල්ටීයතා හයිබ්‍රිඩ් ක්‍රමය මත,ඉහළ වෝල්ටීයතා කම්පන අවදානමක් මතු කරයි. අධි වෝල්ටීයතා බැටරි කේබල් සාමාන්‍යයෙන් තැඹිලි පැහැති වර්ණය අනතුරු ඇඟවීම සඳහා භාවිතා කරන අතර අධි බලැති විදුලි බැටරි මත හෝ ඒ‌ ආ‌ශ්‍රිත වැඩ කිරීමට ප්‍රථම එහි බලය ආරක්ෂාව ස්විච් මගින් හෝ රිලේ මගින් විසන්ධිකර ඇති බව හෝ විද්‍යුත් වශයෙන් හුදෙකලා කර නොමැති නම් මිස ස්පර්ශ නොකල යුතුය.ඔබේ වාහනයේ අසම්බන්ධක ක්‍රියාපටිපාටිය සඳහා කර්මාන්තශාලා සේවා මැනුඅල් සහ ආරක්ෂණ ක්‍රම වෙත යොමු වන්න.

අවධානයට:ස්ටොප්-ස්ටාර්ට් පද්ධතිය සහිත ඕනෑම වාහන වර්ගයක් සඳහා සේවා සැපයීමේදී,හදිසියේ එන්ජිම පණගැන්වීම වැළැක්වීම සඳහා සහ එමෙන්ම වාහනය  ඉදිරියට ධාවය ඇති වීම වැලැක්වීම සඳහා වාහනයෙන් පිටවීමට පෙර සම්ප්‍රේෂණ පද්ධතිය "P" හි රඳවා තැබීමට වග බලා ගන්න.ඒ‌වගේම ඉග්න්ෂන් යතුර හෝ ස්මාර්ට් Fob එක ඉවත් කර වාහනයේ සිට අඩි 10 ක් පමණ දුරින් ඉවත් කර ඇති බවට වග බලා ගන්න.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

Related Posts

Post a Comment