-->

හයිබ්‍රිඩ් වාහන උවදුරු ආරක්ෂාව




හයිබ්‍රිඩ් මෝටර් රථ අද මාර්ග වල දක්නට ලැබෙන වඩාත් පොදු දර්ශණයක් වන අතර පවර්ට්‍රේන් පද්ධතියට ඉන්ධන ඉතිරි කරම්න් ජනප්‍රියත්වයට පත්වෙම්න් පවතී.ටොයෝටා ප්‍රියුස්,ෆෝර්ඩ් එස්කේප් සහ අවුඩි ඒ‌3 ඊ-ට්‍රෝන් වැනි හයිබ්‍රිඩ් මෝටර් රථ සම්පූර්ණයෙන්ම විදුලි මාධ්‍යයෙන් පණගැන්විය හැකි අතර එමගින් ඉන්ධන ඉතිරි කරයි.පසුව වාහනය යම් වේගයකට ලඟා වූ විට එන්ජිම ගැසොලින් මාධ්‍යට මාරැවීම ආරම්භ වේ.ඔවර්ටේක් කිරීමකදී විදුලි මෝටරය ද බලයට ගැම්මක් ලබා ගැනීම සඳහා ගැසොලින් එන්ජිම සමග එක පෙලට ක්‍රියාකිරීමට ද හැකිය.

එවැනි Saturn VUE සහ හොන්ඩා සිවික් වැනි වෙනත් හයිබ්‍රිඩ් වාහන වල සම්පූර්ණ විදුලි මාදිලිය නැත.ඒ වෙනුවට මූලික වශයෙන් වාහන තදබදයක නතර කරන විට එන්ජින් ස්ටාර්ට්/ස්ටොප් පද්ධතිය සඳහා හයිබ්‍රිඩ් බැටරි සහ විදුලි මෝටර් භාවිතා කරයි.නැතහොත් වේගවත් ආ‌රමිභයක දී හෝ ඔවර්ටේක් කිරීමකදී එන්ජින් බලය භාවිතා කරනු ලබයි.

හයිබ්‍රිඩ් වාහනයක් සාම්ප්‍රදායික වාහනයනට වඩා වැඩි ඉන්ධන පිරිමැස්ම ලබා ඇතත්, රිය අනතුරකදී හෝ සේවා සැපයීමක දී හෝ අලුත්වැඩියා කිරීමට හෝ සම්බන්ධ වීමකදී හයිබ්‍රිඩ් වාහන ඇතැම් සුවිශේෂී උවදුරු විය හැකිය.ඉහළ වෝල්ටීයතා හයිබ්‍රිඩ් බැටරි හා හයිබ්‍රිඩ් පවර්ට්‍රේන් උපාංග විය හැකි අවදානම් නිර්මාණය කරයි.ඇත්තටම හයිබ්‍රඩ් මත වැඩ කරන හෝ හයිබ්‍රිඩ් උපාංග ගැලවීමකදී ඕනෑම කෙනෙකුට අතරතුරක් වීම නොඇ‌සිය යුත්තකි.නමුත් අනතුර සැබෑය.එහි ප්‍රතිඵලයක් ලෙස,හයිබ්‍රිඩ් වාහනයක් හෝ ට්‍රක් රථයක් මත වැඩ කරන විට යම් යම් පූර්වෝපායන් යොදා ගත යුතුය.

හයිබ්‍රිඩ් අධි වෝල්ටීයතාවට සමානය!

රීතියක් ලෙස,පූර්ණ විදුලි ධාවන මාධ්‍ය නොමැති හයිබ්‍රිඩ් වලට වඩා පූර්ණ විදුලි ධාවන මාදිලිය සහිත හයිබ්‍රිඩ් අධි වෝල්වටීයතා බැටරි භාවිතයෙන් පූර්ණ විදුලි ධාවන මාදලිය ඇ‌තිව ධාවනය කල හැකිය. හොන්ඩා ඉන්සයිට්(Honda Insight)සහ සිවික් හයිබ්‍රිඩ්(Civic Hybrid) වෝල්ට් 144 වර්ගීකරණයක් ඇ‌ති අතර 2001-2003 පළමු පරම්පරාවේ ටොයෝටා ප්‍රියුස්(Toyota Prius)බැටරි වෝල්ටීයතාවය 273.6 කි. 2004-2008 දෙවන පරම්පරාවේ ප්‍රියුස් වෝල්ට්   201.6 ක් ලෙස වර්ගීකරණය කර තිබෙන අතර ඒ‌ සියල්ලටම වඩා ෆෝඩ් එස්කේප්(Escape Hybrid)බැටරිය  ‍වෝල්ට් 330 ක ශ්‍රේණිගත කිරීමක් ඇත.සැටර්න් වියූ(Saturn VUE)හයිබ්‍රිඩ් බැටරිය හා සසඳන විට එය වෝල්ට් 36 ක් ලෙස වර්ගීකරණය කර තිබේ.

හයිබ්‍රිඩ් විදුලිසැර උවදුරැ?

බොහෝ හයිබ්‍රඩ් බැටරි වෝල්ටීයතාවය මාරක අවදානම් කම්පන ඇ‌තිකරයි.එය විදුලි පුටුවක් හා සමාන කළ හැකිය.තව ද හයිබ්‍රඩ් බැටරි ප්‍රත්‍යාවර්ථ ධාරාවට(Alternating Current - AC)වඩා සරල ධාරා(Direct Current - DC)වඩා දැඩි කම්පන ඇ‌ති කරයි.වෝල්ට් 110 ප්‍රත්‍යාවර්ථ ධාරාව හා සසඳ විට,සරල ධාරා වෝල්ට් 55-65 අවම මට්ම භයානකය.සාමාන්‍ය වෝල්ට් 12 DC මෝටර් රථ බැටරි සහ විදුලි පද්ධතියක අනතුරක් මතු නොවේ.නමුත් අධි වෝල්ටීයතා ද්විතීයික ජ්වලන පද්ධතිය(high voltage secondary ignition system)දැනෙන කම්පන ලබා දිය හැක.(සාමාන්‍යෙයන් අඩු ධාරා විදුලිය බරපතල හානි ඇ‌ති කිරීමට හේතුවේ)

ඒ නිසා ඇත්තටම හයිබ්‍රිඩ් භයානකද?ඔබ හයිබ්‍රිඩ් සමග නිසි අයුරින් වැඩ කරන්නේ නම්,විවිධ උවදුරැ අවදානම් ගැන පරීක්ෂාකාරී වන වා නම් සහ මෙම එක් වාහන මත වැඩ කරන විට නිර්දේශ ආරක්ෂාක පටිපාටිය අනුගමනය කරනේ නම් එය අනතුරැදායක නොවේ.

හයිබ්‍රිඩ් ආරක්ෂාව

හයිබ්‍රිඩ් වාහන අධි වෝල්ටීයතා කේබල් සාමාන්‍යෙයෙන් අනතුරැදායක බව ඇඟවීමට විශේෂිත වර්ණ යක් භාවිතා කරයි.බොහෝ වෝල්ටීයතා කේබල් ඔරේන්ජ් වර්ණයෙන් යුක්තය.සැටර්න්(Saturn)එහි වෝල්ට් 36 පද්ධතියේ කේබල් වර්ණය නිල් පාට වේ.පළමුවෙන්ම වාහනයේ පිටුපස ඉහළ වෝල්ටීයතා බැටරි විසන්ධි කර නොමැති නම් මෙම කේබල් සම්බන්ධතා සමග වැඩ කිරීමෙන් වළකින්න.

සියලු හයිබ්‍රිඩ් බැටරි රථයේ විදුලි පද්ධතියෙන් බැටරිය විසන්ධි කිරීමට ආරක්ෂිත ස්විච් හෝ විසන්ධි කිරීමේ යාන්ත්‍රණයක් ඇත.බැටරිය විසන්ධි ආරක්ෂක ස්විච් ඇති ස්ථානය හා විසන්ධි කිරීමේ පටිපාථිය එකක් එකක් අයදුම් අනුව වෙනස් වනු ඇත.එසේම නිෂ්පාදයන්ගේ විශේෂීතා සඳහාඅයිතිකරැගේ අත් පොත(owner's manual)හෝ කර්මාන්තශාලා අලුත්වැඩියා අත්පොත(work shop repair manual)බලන්න.

ඔබ,වෝල්ට් 1000 දක්වා ඔරොත්තු දෙන 00 ශ්‍රේණිගත ඝන රබර් අත්වැසුම් පැළඳියයුතුය.මේවාද ඔරේන්ජ් වර්ණයෙන් යුක්තය.සාමාන්‍ය latex  හෝ neoprene රබර් අත්වැසුම් එතරම් ඝන නොවන අතර අධි බලැති විදුලි කම්පනයන්ගෙන් ඔබව ආරක්ෂා කිරීමට තරම් පරිවාරකයක් ලබා නොදෙයි.එම විශේෂිත අත්වැසුම් මත ඕනෑම ආකාරයක පින් කුහර(pin hole),ඉරිතැලීම්, පලුදුවීම් සහ කඩතොලු මගින් අධි වෝල්ටීයතා ඔබේ සම සොයාගැනීම ඇති නොවන බවට වග බලා ගැනීම සඳහා ඔබගේ අත්වැසුම් පරීක්ෂා කළ යුතුය.

බොහෝ විට තවත් ආරක්ෂිත පියවරකි ඉග්නිෂන් අක්‍රීය කිරීම.එය සේවා සපයනු ලැබීමකදී හෝ අලුත්වැඩියා කිරීමට පෙර යතුර හෝ ප්‍රධාන FOB වාහන වෙතින් දුරස් කර තබීමට වග බලා ගැනීමයි.සූදානම් ආලෝකය(READY light)දැල්වී නොමැති බවට වග බලා ගන්න.බලය ඇ‌ත්නම් නම් අධි බලැති විදුලි පද්ධතිය සජීවී වන අතර බොනට්ටුව යට ඇ‌ති  විදුලි පරිවරණය කර නොමැති ඉන්වර්ටර් වැනි ඕනෑම උපාංගයක් සමඟ සෘජුවම සම්බන්ධ වීම් මත විදුලි කම්පන ඇ‌තිවීමේ අවදානමක් මතු කරයි.

අනෙක් යෝජනාව නම් බැටරි විසන්ධි කර තැබීම මෙන් පසුව වාහනය මත වැඩ කිරීමට පෙර විනාඩි 15 ක් බලා සිටීමටය.මෙම ඉන්වර්ටර් තුල අධි බලැති විදුලි ධාරිත්‍රක(capacitors)තුල ගබඩා වී ඇ‌ති විදුලිය බැසයාමට කාලය අවශ්‍යයි.

ටොයෝටා ප්‍රියුස් අධි වෝල්ටීයතා හයිබ්‍රිඩ් බැටරි විසන්ධි කරන අයුරු

පළමු පරම්පරාව ප්‍රියුස් හයිබ්‍රිඩ් බැටරි විසන්දි කරන ආ‌කාරය.වාහනයේ පිට පස බූට්/ටේල් ගේට් එක විවෘත කර වම් පස ඉදිරි කෙලවරේ ලයිනරය ඉවත් කර කුඩා තැඹිලි පැහැති හැඬලය කෙලින්ම පිටු පසට ඇ‌ද ප්ලග් එක ඉවත් කරන්න. එය බැටරි නැවත සම්බන්ධ කරනතෙක් ප්ලග් එක රථයෙන් ඉවත් කර තිබිය යුතුය.

2004 වර්ෂයේ සහ අද දක්වා ප්‍රියුස් රථ වල,පළමුව සාම්ප්‍රදායික 12-වෝල්ට් බැටරි(පිටු පස බූට්/ට්‍රන්ක් තුල පිහිටා ඇ‌ති)නෙගටිව් කේබල් විසන්ධි කරන ලෙස ටොයෝටා සමාගම පවසයි.බිම් ආවරණය ඉවත් කර12-වෝල්ට් බැටරි විසන්ධි කරන්න.ප්ලග් එක ගැලවීම සඳහා වම් පස සේවා ප්ලග් එක පහලට අදින්න(මේ දේ කරන විට පරිවරණය අත්වැසුම් පැලඳ සිටිය යුතුය)ඔබට ෆියුස් ඉවත් කිරීමට හෝ මාරැ කිරීමට අවශ්‍යව තිබේ නම්, එය සේවා ප්ලග් යට පිහිටා ඇ‌ති අතර ඇණ දෙකක් මගින් සවිකර ඇත.නැවතත්, පරිවරණ අත්වැසුම් පලඳින්න.මෙම සේවාව ප්ලග් නැවත ආදේශ කරන විට,ප්ලග් හැඬලය උඩු පසට සිටිනසේ හරවා සකසා අගුලු දැමීමට වග බලා ගත යුතුය.ලිහිල් ප්ලග් බැටරි කේත සැකසිය හැක(set  battery codes).

හොන්ඩා සිවික් හයිබ්‍රිඩ් බැටරි විසන්ධි කිරීමේ ක්‍රියාපරිපාටිය

හොන්ඩා සිවික් හයයබ්‍රිඩ් බැටරිය විසන්ධි කිරීමට පිටු පස අසුනේ කුෂන් එක ඉවත් කර "UP" ලෙස සඳහන්ව ඇ‌ති කවරයේ කුඩා ඉස්කුරැප්පු ඇ‌ණ දෙක ඉවත් පවර් ස්විචය පහළ ඔෆ් අවස්ථාවට මාරැ කරන්න.

ෆෝර්ඩ් එස්කේප් හයිබ්‍රිඩ් බැටරි විසන්ධි කිරීමේ ක්‍රියාපරිපාටිය

ගියර් ශිෆ්ට් ලිවරය "P" මාරැ කර තබා ඉග්නිෂන් යතුර ඉවත් කරන්න.මෙය හයිබ්‍රිඩ් ක්‍රමය අක්‍රීය කරනු ඇත,නමුත් මුලුමනින්ම වාහන පිටුපස හයිබ්‍රිඩ් බැටරි විසන්දි වී නැත.මුලුමනින්ම අධි වෝල්ටීයතා හයිබ්‍රිඩ්  බැටරි විසන්දි කිරීමට ටේල්ගේට් එක විවෘත කර බිම් කාපට් ඉවත් කර හයිබ්‍රිඩ් බැටරි මුදුනේ ඇ‌ති වටකුරැ විසන්ධි ස්විචය රබර් අත්වැසුම් සමඟ,බැටරි සම්පූර්ණයෙන්ම විසන්ධි කිරීමට ස්විචය COUNTERCLOCKWISE දෙසට කරකවා ඉවතට අදින්න.

අවුඩ් ඒ‌3 ඊ-ට්‍රෝන් හයිබ්‍රිඩි බැටරි විසන්දි කිරීමේ ක්‍රියාපටිපාටිය

අවුඩි ඒ‌3 ඊ-ට්‍රෝන්(ප්ලග් ඉන් හයිබ්‍රිඩ්)රථයේ හයිබ්‍රිඩ් පද්ධතිය විසන්දි කිරීම හා නැවත සම්බන්ධ කිරීම ඒ‌ සඳහා පුහුණුව ලත් අධි වෝල්ටීයතා කාර්මිකයකුට පමණක් අවසර ඇති අතර හයිබ්‍රිඩ් පද්ධතිය විසන්දි කිරීමට පලමුව ස්කෑන් ටූල් එක සවිකර හයිබ්‍රිඩ් බැටරි ඩී-එනජයිස්(de-energise)අවස්ථාව තෝරා ගෙන හයිබ්‍රිඩ් පද්ධතිව ඩී-එනජයිස් කල යුතුය.ඉන්පසු බොනට්ටුව ඇ‌තුලත සවිකර ඇ‌ති කොළ පැහැති බැටරි විසන්දි කිරීමේ ස්විචය ඇ‌ති කුඩා ලීවරය පසු පසට ඇ‌ද ඒ‌ සඳහා ඇ‌ති ඉබි යතුරැ දමා අගුලුලෑ යුතුයි.ඉන්පසු නැවත ස්කෑන් ටූලය හරහා හයිබ්‍රිඩ් පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රීය දැයි පරීක්ෂා කල යුතු අතර පද්ධතිය සම්පූර්ණයෙන්ම විසන්දි වී ඇ‌ති බව පෙන්නුම් කරයි නම් දෙවනුව මැනුඅලි පද්ධතිය විසන්දි වී ඇ‌ත්දැයි පරීක්ෂා කල යුතුය.මේසඳහා ඉග්නිෂන් ඔෆ් කර ඉග්නිෂන් යතුර සහ බැටරි විසන්දි ස්විචයේ යතුර සමග ආ‌රක්ෂිත ස්ථානයක තැබිය යුතුයි.ඉන්පසු  බල සැපයුම් පද්ධතියේ ෆියුසය ගලවා ඉවත් කර හයිබ්‍රිඩ් මෝටරයේ ඇ‌ති අධි වෝල්ටීයතා සම්බන්ධකය ගලවා ඉවත්කර(නියමිත අත් ආ‌වරණ පැලඳ සිටිය යුතය)VAS 6558/9-6 සහ VAS 6558A යන විශේෂ අධි වෝල්ටීයතා මිනුම් උපකරණ භාවිතා කර හයිබ්‍රිඩි පද්ධතිය තුල අධි වෝල්ටීයතා නොමැති බවට තහවුරැ කරගැනීමෙන් පසු හයිබ්‍රිඩ් පද්ධතිය මත වැඩ කිරීම ආ‌රම්භ කල හැකිය.අවුඩි ඒ‌3 ඊ-ට්‍රෝන් රථයේ අධි වෝල්ටීයතාවය වෝල්ට් 352 කි.

හයිබ්‍රිඩ් මත වැඩ ඇරඹීමට පෙර ඇත්තටම අක්‍රීය දැයි තහවුරැ කර ගන්න

ටොයෝටා ප්‍රියුස් රථයක වැඩ කරනවා නම්, "පවර්" බටනය එබීමට හෝ ඉග්නිෂන් ඔෆ් කිරීම හෝ යතුර ඉවත් කිරීමට අමතක වූවා නම් හයිබ්‍රිඩ් පවර්ට්‍රේන් තවමත් උණුසුම්ව පවතිනු ඇ‌ති අතර එන්ජිම ක්‍රියාත්මක කළ නොහැකි විය හැක. නමුත් නවතා ඇ‌ති වාහනය විදුලි මාදිලිය පමණක් ක්‍රියාත්මකවීමට (electric-only mode of operation)පරිවර්ථනය විය හැකි අතර ගැසොලින් එන්ජිම ක්‍රියා විරහිත කරන බැවින් කිසිදු ශබ්දයක් මතු නොවේ.මේ අතර තුර එන්ජින් පාලන මොඩියුලය හයිබ්‍රිඩ් බැටරි වෝල්ටීයතාවය දිගින් දිගටම අධීක්ෂණය කරන අතර ස්වයංක්‍රීයව එන්ජිම නැවත පණගැන්විය හැකිය.හයිබ්‍රඩ් බැටරි වෝල්ටීයතා වය අඩුවීම මත එය නැවත ආ‌රෝපණය කිරීමට එන්ජිම ක්‍රියාත්මක කිරීමට අවශ්‍යවේ.ඔබ බොනට්ටුව යට වැඩ කරමින් සිටින්නේ නම් සහ තෙල් මාරැ කිරීම්,බෙල්ට් සහ පුලි හෝ අධි වෝල්ටීයතා සංරචක ආසන්නයේ වෙනත් කිසියම් කටයුත්තක නරත වන්නේ නම් එය ඔබට නරක අත්දැකීමක් වනු ඇ‌ත.

බොහෝ හයිබ්‍රිඩ් පද්ධති ක්‍රියාකාරීව ඇ‌ති විට ඒ‌බව රියදුරු හට දැන ගැනීමට ඩෑෂ් මත යම් ආකාරයක"සූදානම්"("Ready")දර්ශක ආලෝකය ක් ඇ‌ත.ඒ නිසා සෑම විටම සූදානම් ආලෝකය ඉවත්ව ඇ‌ති බවට වග බලා ගන්න.ඔබයම් සේවාවක් හෝ අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට පෙර ඉග්නිෂන් ඔෆ් කර යතුර වාහනය ඉවත්කර තබන්න.වාහනය keyless ඇතුළත් කිරීමේ පද්ධතිය ඇති නම් FOB ඕනෑම වේලාවක එය මෝටර් රථය ආසන්නයේ ඇ‌ති බව හඳුනාගන්නා අතර  ඕනෑම හදිසි අනතුරු ආරම්භවීම වැළැක්වීම සඳහා අවම වශයෙන් මීටර් 6 ක්(අඩි 20 ක්)දුරින් keyless FOB තබා ගන්න.

බොහෝ හයිබ්‍රිඩ් වාහන එයාර් බෑග් යෙදවීමට(deploy the air bag)තරම් බරපතල රිය අනතුරක දී,අධි වෝල්ටීයතා බැටරි විසන්දිවීමට නිර්මාණය කර ඇත.ප්‍රියුස් රථයේ අධි වෝල්ටීයතා බැටරි හා අනෙක් විදුලි පරිපථ වලින් වෙන්කර ඇ‌ති අතර වාහනයේ බොඩිය හෝ චැසිය භූගතය(ground)ලෙය භාවිතා නොකරයි.මෙම ප්‍රියුස් රථයේ බැටරි භූගත දෝෂ සෙන්සරය මගින් වාහන බොඩියට,අධි බලැති විදුලි කාන්දුවක් ඇ‌තිවීම හඳුනාගන්නා ලද විටකදී අධි වෝල්ටීයතා බැටරිය විසන්දි කර අනතුරු ඇඟවීමක් ආලෝකය දල්වනු ලබයි(ත්‍රිකෝණය අභ්‍යන්තරයේ විශ්මයාර්ථ ලකුණ).ප්‍රියුස් රථවල එවැනි ප්‍රශ්ණයක් ඇති විට DTC P3009 දෝෂ කේත මගින් දක්වයි.

ශුභ ආ‌රංචිය නම් තවමත් කිසිවෙක් හයිබ්‍රිඩ් විදුලි රථ වාහන මගින් තුවාල ලබා හෝ විදුලි සැර වැදී නැති බවය.හයිබ්‍රිඩ් සේවා ශිල්පීන් එවැනි අනතුරැ වලට ලක්වී ඇ‌ති පුවත් පුලුල් ලෙස සෝදිසි කර බැලීමේදී හදිසි ප්‍රතිචාර අංශයකට හෝ අධි වෝල්ටීයතා රථවාහන පදවන්නන් හට එවැනි ඕනෑම අනතුරක් වී ඇ‌ති බව අනාවරනය වී නැත.ඒ‌ තත්වය එලෙසම පවතීයැයි විශ්වාස කරමු.

හයිබ්‍රිඩ් පද්ධතිය මත වැඩ කිරීම පුහුණුව ලත් හයිබ්‍රිඩ් හයි වෝල්ටෙ ටේජ් කාර්මිකයකුට පමණක් අවසර ඇති අතර ඒ සඳහා පුහුණව සහ අවසර නොමැති කාර්මිකයන් වැඩ කිරීම  අතිශය අනතුරැදායකය.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)




Related Posts

Post a Comment