-->

ඔබගේ මෝටර් රථය ජලයේ ගිලී ඇ‌ත්නම් කුමක් කලයුතුද?



ජලය ගිලී ගිය මෝටර් රථ විශේෂයෙන් එන්ජින්,විදුලි පද්ධතිය සහ අභ්‍යන්තරයට මහත් විනාශයක් සිදු කළ හැකිය.ඔබේ මෝටර් රථය ජලය එහි රෝද මැද කට වඩා වැඩි නම්,හානි තක්සේරු කිරීමට,මෙම පියවර අනුගමනය කරන්න.
ඒ‌ සඳහා මූලික පරීක්ෂාකිරීම් කිහිපයක් මෙහි පහත දක්වා අති නමුත් තවදුරටත් ඒ‌ පිලිබඳව සැකයක් ඇ‌ත්නම් බලයලත් සේවා ඒ‌ජන්තවරයා වෙත හෝ සුදුසුකම් ලත් කාර්මිකයකු/ගරාජයක් වෙත මෝටර් රථය ටෝ ට්‍රක් රථයක් මගින් ගෙනයාම හොඳම විසඳුමයි.

1) මෝටර් රථය ස්ටාර්ට් කිරීමට උත්සාහ කරන්න එපා! රථය තවමත් ක්‍රියාකාරී තත්වයේ තිබිය හැකි නමුත් එහි එන්ජිම තුල ජලය ඇ‌ත් නම් නම්,එය අලුත්වැඩියා කළ නොහැකි තත්වයක් දක්වා වර්ධනය විය හැකිය.

2) මෝටර් රථය ජලයෙන් යටවීම කෙතරම් ගැඹුරු දැයි තීරණය කරන්න.මඩ හා සුන්බුන් සාමාන්‍යෙයන් මෝටර් රථය ඇ‌තුලත සහ පිටත ද සිරවී තිබිය හැකිය.ජලය දොරවල් පහළ මට්ටමට වඩා ඉහළ නැග නොමැති නම්,ඔබේ මෝටර් රථය බොහෝ විට යහපත් වනු ඇත(සැ.යු: සමහර වාහන වල එයාක්ලීනර් සම්බන්ධතා පහළ රේඩියේටර් මට්ටමේ පිහිටා තිබ්ය හැකි බැවින් ඒ‌ පිලිබඳව සැලකිලිමත් වන්න)බොහෝ රක්ෂණ සමාගම් රථයේ ඩෑෂ් බෝඩ් පහළ මට්ටම දක්වා ජලයෙන් යටවී ඇ‌ත්නම් එය සම්පූර්ණ අකර්මන්‍ය(Total loss)වබට නිර්දේෂ කරයි.(ඉලෙක්ට්‍රෝමැකනිකල් උපාංග අලුත්වැඩියාවන්ට සිදුවී ඇ‌ති සාධාරණ හේතු සහින හානි අනුව)

3) ඔබගේ රක්ෂණ සමාගම අමතන්න.ගංවතුර හානි සාමාන්‍යයෙන් (ගිනි හා සොරබිය) පරිපූර්ණ රක්ෂණ ආවරණය වේ.එසේමගැටීම්(collision)ආවරණයක් නොමැති නම්,ඔබට අලුත්වැඩියාවකට හෝ මාරැ කිරීම් කිරීම සඳහා ද ආවරණය වන්නට ඉඩ ඇත.

4) අභ්‍යන්තර වියළීම ආරම්භ කරන්න.ජලය මෝටර් රථය තුළ තියෙනවා නම්,ඉක්මනින් පුස් වර්ධනය වනු ඇත.දොරවල් විවෘත කර බිමට තුවා ආ‌දිය දමා ජලය පොඟවා ඉවත් කිරීම ආරම්භ කරන්න,එහෙත් ඔබ කාර්පට්,ෆ්ලෝමැට්,දොර පැනල්, ආසන කුෂන් සහ ආ‌වරණ(upholstery)ඇතුලුව තෙමුණු ඕනෑම දෙයක් වෙනුවට අලුතින් මාරැ කිරීමට සැලසුම් කළ යුතුය.මතක තබා ගන්න,මේ අලුත්වැඩියා ඔබේ පරිපූර්ණ රක්ෂණ ආවරණය කිරීමට ඉඩ ඇත.

5) තෙල් මට්ටම් සහ එයාර් ක්ලීනරය පරීක්ෂා කරන්න.ඔයිල් කූර මත ජලය ජල බිඳිති තිබේ නම් සහ ඔයිල් මට්ටම ඉතා වැඩි නම් හෝ එයාර් ෆිල්ටරයේ ජලය ඇ‌ත් නම්,එන්ජිම පණගැන්වීමට උත්සාහ නොකරන්න.ජලය ඉවත් කිරීම හා ඔයිල් සහ අනෙකුත් තෙල් මාරැකර ගැනීමට සුදුසුකම්ලත් ගරාජයකට හෝ සේවා නයෝජිත ආ‌යතනය වෙත ටෝ රථයක් මගින් ගෙන යන්න.(තරමක් අමාරැ කාර්‍යයක් වන එය ඔබ විසින්ම කරන්නේ නම් පළමුව එන්ජින් ඔයිල් මාරැ කරන්න,ඉන්ධන පද්ධති/ජෙක්ටර් ෆියුස් හෝ රිලේ ඉවත්කර,ඉන් පසු ස්පාර් පල්ග් හෝ ග්ලෝ ප්ලග් ගලවා ඉවත් කර Fluid sucking bottle එකක් භාවිතා කර සිල්න්ඩර් තුල ඇ‌ති ජලය ඇ‌ද ඉවත් කරන්න.ක්‍රෑන්ක් එක ෂොකට් එකක් හෝ රින්ච් එකක් භාවිතා කර කරකවා එන්ජිම කරකැවීමට හැකි බව තහවුරැ කර ගන්න ඉන් පසු ඉතිරි ජලය එන්ජිමෙන් පිටවීමට ක්‍රෑන්ක් කරන්න.නමුත් තවමත් මෙම කාර්‍යය සුදුසුකම්ලත් කාර්මිකයෙකු ලවා කිරීමට නිර්දේශ කරමි)

6) අනෙකුත් සියලු තෙල් පරීක්ෂා කරන්න.අලුත් මෝටර් රථ වාහන මාදිලි වල ඉන්ධන පද්ධති සාමාන්‍යයෙන් සම්පූර්ණයේ සීල් කර ඇ‌ති නමුත් පැරණි මෝටර් රථ වල ඉන්ධන පද්ධති ඉන්ධන ඉවත් කිරීමට සිදු විය හැකිය.බ්‍රේක්,ක්ලච්,පවර් ස්ටියරින් හා කූලන්ටි රෙසවරය අපවිත්‍ර වී ඇ‌ති දැයි සඳහා පරීක්ෂා කළ යුතුය.

7) සියලු විදුලි පද්ධති පරීක්ෂා කරන්න.එන්ජිම පණගැන්වීමට සියල්ල හොඳ නම්,ඉන්ටීරියෝ ලයිට්,හෙඩ් ලයිට්,සිග්නල් ලයිට්,එයාර් කන්ඩිෂන්,රේඩියෝ ස්ටීරියෝ,සෙන්ටර් ලොකින්,පවර් වින්ඩෝ සහ ඉලෙක්ට්‍රික් සීට් ආ‌දි විදුලිය සම්බන්ධ සියල්ල පරීක්ෂා කරන්න.ඒ‌වගේම ට්‍රාන්ස්මිෂන් ශාෆ්ට් වැනි කිසිම සුලුදෙයක් පවා අතපසු නොකරන්න.සමහර විට එය විදුලිය සම්බන්ධ කරදරයක ලක්ෂණයක් විය හැකිය.වාහනය සුදුසුකම්ලත් කාර්මිකයකු හෝ සේවා නියෝජිතයා වෙත ගෙන යන්න.සියලු හානිය රක්ෂණ ආවරණය විය හැකි බව මතක තබා ගන්න.

8) රෝද හා ටයර් පරීක්ෂා කරන්න.මෝටර් රථය ගමන් කිරීමට උත්සාහ කිරීමට පෙර, රෝද,බ්‍රේක් හා බොඩි යට සුන්බුන් ඇ‌තිදැයි බලන්න.(රථය පෙරලීමට හැකි බැවින් වාහන නැවැත්වීමේ තිරිංග සකසන්න!)

9) සැක සහිත නම් මෝටර් රථය සම්පූර්ණ අකර්මන්‍ය(Total loss)ලෙස ප්‍රකාශ කිරීමට රක්ෂන සමාගේ ඉල්ලා සිට්න්න.ගංවතුර හානි මෝටර් රථ එම අවස්ථාවට පසු මාසයකට හෝ අවුරුද්දකට පසු ප්‍රශ්ණ ඇ‌තිවිය හැකිය.ඔබේ මෝටර් රථය යන්තම් හෝ මෙම සීමාවේ නම්,මෝටර් රථයේ මුලු පාඩුව ප්‍රකාශ කිරීම සඳහා ඔබගේ රක්ෂණ සමාගම සමග සලකා බලන්න.අමතර කොටස් මාරැ කිරීමට මුදල් වැය වන,නමුත් ඔබ පාරේ ගමන් කරන අතර තුර ඇ‌තිවන සමහර ප්‍රධන(වියදම් අධික) හිසරද,ඔබට එයින් වලක්වා ගත හැක.

10) ගංවතුර හානි ආදේශ වාහන වලින් පරෙස්සම් වන්න.ගංවතුර නිසා සම්පූර්ණ අකර්මන්‍ය(Total loss)ලෙස ඉවත් කරන බොහෝ මෝටර් රථ හුදෙක් පවිත්‍ර කර නැවත විකුණා ඇත.පරණ කාර් මිල දී ගැනීමට පෙර,මාතෘකාව පරීක්ෂා(titled) කරන්න."ගොඩගැනීමේ"("salvage")හා "ගංවතුර හානි" ("fooled damage")වැනි වචන යෝධ රතු කොඩියක් වනු ඇත.මෝටර් රථයේ පර්පූර්ණ විස්තරයක් ඉල්ලා සිටින්න.
වාහනය වෙනත් ප්‍රාන්තයකින්(ලංකාවේ නම් වෙනත් ප්‍රදේශයකින් හෝ පළාතකින්)ගෙන විත් මාතෘකාව(titled)වෙනස් කර විකිණුම්කරු ගංවතුර හානි සැඟවීමට උත්සාහ කළ හැක.

විදුලි හෝ හයිබ්‍රිඩ් මෝටර් රථයක් නම් කිසිවිටෙකත් රථය පණගැන්වීමෙන් වලකින්න.ගංවතුර ආ‌රක්ෂිත මට්ටමේ නම් පමණක් රථය තුල ඇ‌ති ඔබගේ අත්‍යවශ්‍ය දේ පමණක් ගැනීමට රිමෝට් කොන්ට්‍රෝල් භාවිතා කල හැකි අතර රථය ගැඹුරැ ජලයෙහි ගිලී ඇ‌ත් නම් හෝ තවමත් ජලය තුල පාවෙමින් පවතී නම් එය අනාරක්ෂිතය.

1) ඔබගේ රක්ෂණ නියෝජිතයා අමතන්න.

2) ඔබගේ සේවා නියෝජිතය හෝ මෝටර් රථ සේවා සපයන්නා රථය ගෙන යාම සඳහා පහසුකම් ඉල්ලා සිටින්න.

3) මෝටර් රථය තල්ලු කිරීමට හෝ රථය පණගැන්වීමෙන්
වලකින්න.වෘර්තිකයන්ට එය කිරීම ඉඩ දෙන්න.

4) රක්ෂණ සමාගමට ඔබගේ රථය ගෙනයාමට අවශ්‍ය නම් එය නියමානුකූල ඇ‌ස්තමේන්තු/අලුත්වැඩියා සහ ඉවත් කිරීම් සඳහා සේවා නියෝජිතයා වෙත ගෙන යන ලෙස ඉල්ලා සිටිය හැකිය.මුදවා ගැනීමේ සමාගම් හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් වාහන පිලිබඳව සුදුසු පුහුණුවක් නොතිබිය හැකි බැවින් හා ඔබගේ වාහනයේ අධි වෝල්ටීයතා පිලිබඳ අවබෝධයක් නොමැති කමින් ඔවුන් අතින් ඔබගේ වාහනයට හානි සිදු විය හැකිය.

5) වාහනය පණගැන්වීමට පෙර ආ‌රක්ෂාකාරී බව තහවුරැ කිරීමට,වාහන මාදිලිය අයත් ප්‍රාදේශීය සේවා නියෝජිතයා සතුව වාහනයට අදාල සෳඛ්‍ය පරීක්ෂණ(full health check)කිරීමේ පහසුකම් සහිත වන අතර සම්පූර්ණ වාහනය,ඉලෙක්ට්‍රොන්ක් පද්ධතිය සහ බැටරි පැක් පරීක්ෂා කිරීමේ පූර්ණ පහසුකම් ඇ‌ත.

මෝටර් රථ රක්ෂණය ගංවතුර හානි ආවරණය කරන්නේද?(Does Car Insurance Cover Flood Damage?)
ඔව්.මෝටර් රථ රක්ෂණය ඔබේ වාහන රක්ෂණ ප්‍රතිපත්තිය මත නිවැරදි ආවරණය(ගං වතුර ආපදා)තෝරාගෙන ඇති තාක් කල්,මෝටර් රථ ගංවතුර හානි ආවරණය කරයි.ගංවතුර පහසුවෙන් මෝටර් රථ ඉවත් කල හැකි අතර ඔබගේ රක්ෂණ සමාගම අලුත්වැඩියා කිරීමට හෝ ඔබේ මුලු පාඩුව (total loss)සඳහා ගෙවීම් ලබා ගැනීමට ඇති එකම මාර්ගය වන්නේ ඔබගේ රක්ෂණ ප්‍රතිපත්තිය පුලුල් ආවරණයක්(comprehensive coverage)ලබාගෙන තිබීමය.ඔබ අධි අවදානම් ගංවතුර කලාපයේ ජීවත් වන්නේ නම් ගංවතුර රක්ෂණය අතිශය වැදගත් විය හැක.එසේ නොමැති නම් ඔබගේ මෝටර් රථය සඳහා ගංවතුර සඳහා හිමිකම් නොලැබේ.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

Related Posts

Post a Comment