-->

පිටාර දුම් නිර්ණය




පිටාර වායුවේ දුම ඇ‌ති වීම දෝෂයකි!හොඳ උසස් ධාවන තත්ත්වයේ ගැසොලින් එන්ජිමකින්,එහි පිටාර වායුවෙන් පැහැදිලිව පෙනෙන දුම් පිට කලයුතු නැහැ.වාෂ්ප පිටවීම සාමාන්‍ය වන අතර,ඝනීභවන නිසා සීතල උදෑසන සුදු දුම් පෙනී යා හැකිය.එහෙත් පිටාර වායුවෙන් වෙනත් ඕනෑම දුම් වර්ගයක් පිටවීමෙන් කියෙවෙනුයේ යම් දෝෂයක් ඇ‌ති බවයි.

පිටාර වායු දුම් වර්ග

නිල් දුම

එයින් අදහස් කරන්නේ එන්ජින් ඔයිල් දහනය වන බව වේ.මෙම හේතුව සාමාන්යයෙන් ගෙවී ගිය වෑල් සීල් හෝ වෑල් ගයිඩ් නැතහොත් එය ගෙවීගිය හෝ කැඩීගි සිලින්ඩර හෝ ගෙවී ගිය හෝ කැඩී ගිය පිස්ටන් රිං වේ.ඔයිල් දහනය අවසානයේ කැටලික් කන්වටරය හා ඔක්සිජන් සෙන්සරයට හානි කල හැකිය.අඩු ඔයිල් මට්ටම් මත එන්ජිම ධවනය අවදානම් ඇ‌ති කරන අතර ඔයිල් ප්‍රෙෂර් අහිමි වීමේ අවදානම වැඩි වේ.

සුදු දුම

එයින් අදහස් වන්නේ,එන්ජිම කූලන්ට් හෝ ට්‍රාන්ස්මිෂන් ඔයිල් දැවෙන බවයි.සුදු දුම් කූලන්ට් නිසා නම්,හේතුව හෙඩ් ගෑස්කට් හෝ පිපිරැම් සහිත සිලින්ඩර් හෙඩ් විය හැකිය.සුදු පිටාර දුම ට්‍රාන්ස්මිෂන් ඔයිල් නිසා නම්,එන්ජිම ට්‍රාන්ස්මිෂන් වැකියුම් හෝස් ඔස්සේ ට්‍රාන්ස්මිෂන් ඔයිල් තමන් වෙත ඇද ගැනීමේ හැකියාවක් ඇත.

ඩීසල් එන්ජිමක් නම්,එන්ජිම හරහා නොදැවුණු ඉන්ධන ගමන් කරනවා විය හැක හෝ එය කූලන්ට් විය හැක.සමහර සුදු දුම් විශේෂයෙන් අතිශය ශීත කාලගුණ දී, එන්ජිම සීතල ආරම්භයේ සාමාන්‍ය දෙයකි.එහෙත් ධාවනයේදී අඛණ්ඩ සුදු දුම දක්නට ලැබේ නම් එහි ගැටලුවක් ඇ‌ත.වැරදි ඉන්ජෙක්ටර් ටයිමිං හෝ සිලින්ඩර එකක් හෝ ඊට වැඩි ගණනක කොම්ප්‍රෙෂන් අඩු වීම විය හැකිය.

කළු දුම

කලු දුම පරණ ඩීසල් එන්ජින් පළමුවෙන්ම එන්ජිම ස්ටාර් කරනු ලබන විට හෝ තදින් ඇ‌ක්ස්ලේටර් කරීමකදී සාමාන්‍ය තත්වයකි.නමුත් කිසිදු අලුත් මාදිලි කාර් හෝ "පිරිසිදු ඩීසල්"(clean diesel")ට්‍රක් එන්ජින් වල කලු දුම් තිබිය නොහැක.(ඉලෙක්ට්‍රොනික් පාලන සහ හයිප්‍රෙෂර් කොමන්රේල් ඉන්ජෙක්ටර් සහිත)

එය ගැසොලින් එන්ජිමක් සහිත වාහනයක කලු දුම් ඇ‌ති වේනම් (ප්‍රමාණවත් තරම් වාතය නැත,ඉන්ධන වැඩිය)එය සරැ ඉන්ධන මිශ්‍රණයක(rich fuel mixture )ලක්ෂණයකි.ක්ෂණිකව ත්වරණයේ දී කලු දුම සාමාන්‍ය නමුත් සාමාන්‍ය ධාවන තත්වයන් යටතේ පිටාර දුම අකර්මන්‍ය විනිවිද පෙනීමක් සහිත විය යුතුය.නිරතුරැමව දුම් පිටවන වන අතර සයිලන්සරයේ අග කොටස ඇතුළත අධික කලු කාබන් තැන්පත් වී ඇත්නම්,එය එන්ජිම ඉන්ධන සරැ මිශ්‍රණ තත්ත්වය ඇති බව කියාපායි.

පැරණි කාබියුරේටර් වාහන වල සරැ ඉන්ධන තත්ත්වය හා කලු දුම් ඇ‌තිවීමට කාබියුරේටර් ෆෝටරය ඉන්ධන වලින් පිරී තිබීම හෝ සිදුරැ තිබීම,සිරවුණු හෝ වැරදි එජස්මන්ට් සහිත ස්වයංක්‍රීය චෝක් පද්ධතිය,වැරදි එජස්මන්ට් සහිත ෆෝලෝටරය(ඉතා අඩුවෙන් තබා ඇ‌ත) හෝ බාධා සහිත ඉන්ධන ෆිල්ටර් ද හේතු විය හැකිය.

ගැසොලීන් ඉන්ධන විදුම් සහිත නව වාහනයක කලු පිටාර දුම,කාන්දු සහිත ඉන්ධන ඉන්ජෙක්ටර් එකක් හෝ ඊට වැඩි ගණනක් නිසා විය හැක.ඕනෑවට වඩා ඉන්ධන පීඩනය (හිරවූ ඉන්ධන පීඩන රෙගියුලේටර්),දෝෂ සහිත එයාර් මාර්ස් ෆ්ලෝ සෙන්සර්(MAF)හෝ ඔක්සිජන් සෙන්සර හෝ දෝෂ සහිත එන්ජින් පරිඝණක(ECU)

ඩීසල් එන්ජින් වල පිටාර කලු දුම් දෘඩ ත්වරණය(during hard acceleration)තුළ ඇති විය හැකිය.එන්ජිම කලු දුම් පිට කිරීමට දිගටම පවතී නම් එන්ජිම අනවශ්‍ය තරම් ඉන්ධන ලබා ඇත.හේතුව වැරදි ඉන්ජෙක්ටර් ටයිමිං හෝ ඉන්ජෙක්ෂන් පාලන පද්ධතියේ ප්‍රශ්ණයක් විය හැක.

පිටාර දුම් නිර්ණය කරන්නේ කෙසේද?


නිල් දුම

සාමාන්‍යයෙන් කරවුණු/පිලිස්සුනු ගඳක් වහනයවේ.එන්ජිම ඔයිල් පරිභෝජනය කරන්නේදැයි ඔයිල් කූර ඇ‌ද ඔයිල් මට්ටම පරීක්ෂා කරන්න.එන්ජිම ඔයිල් මට්ටම අඩු නම් ඔයිල් කූරෙහි පූර්ණ ලකුණ(Full/Max)දක්වා එය නැවත ගෙන ඒමට අවශ්‍ය වන ලෙස ඔයිල් එකතු කරන්න.එන්ජින් ඔයිල් මට්ටම ඉතා අඩුවීම එන්ජිමට බරපතල හානි ඇ‌ති කරනු ලබයි! පිස්ටන් හෝ රිං ගෙවී ඇ‌ත්දැයි නිර්ණය කිරීමට කොම්ප්‍රෙෂන් පරීක්ෂණයක් හෝ කාන්දු පරීක්ෂණයක්(leak down test)කරන්න.

සුදු දුම

කූලන්ට් අඩංගු නම්,පිටාර වායු දුම  පිටාර මඳක් පැණිරස සුවඳ(slightly sweet smell)ඇත.පිලිස්සුනු තෙල් සුවඳක් ඇ‌ත්නම් එහි සම්ප්‍රේෂණ තරල(transmission fluid )අඩංගුය.මෙම කූලන්ට් මට්ටම සහ සම්ප්‍රේෂණ තරල මට්ටම පරීක්ෂා කරන්න.මෙම කූලන්ට් මට්ටම අඩු සහ / හෝ එන්ජිම ඕවර් හීට් වී තිබේ නම්,සිසිලන පද්ධති පීඩනය පරීක්ෂා කර පීඩනය රඳා පවත්වා ගන්නේදැයි බලන්න.එසේ නොමැති නම් හෙඩි ගෑස්කට් කානුදුවක් විය හැකි අතර මාරැ කිරීම වශ්‍යවේ.සම්ප්‍රේෂණ තරල අඩු මට්ටමක පවතී නම්,සම්පූර්ණ ලකුණ දක්වා එය නැවත ගෙන ඒමට සම්ප්‍රේෂණ තරල අවශ්‍ය  වර්ගය එකතු කරන්න,සහ සම්ප්‍රේෂණයේ සිට යන වැකුම් වැකියුම් හෝස් ඇ‌තුලත පරීක්ෂා කරන්න.එහි තරල ගමන් කරයි නම්,සම්ප්‍රේෂණ වැකුම් මොඩ්යුලේටර් වෑල්වය මාරැ කරන්න.

කළු දුම

එන්ජිම කාබියුරේටර් සහ්ත පැරණි එකක් නම් ස්වයංක්‍රීය චෝක් ගැලපුම් හා මෙහෙයුම් පරීක්ෂා කරන්න.එන්ජිම ඉන්ධන විදුමි සහින නව එක් වන්නේ නම් ඉන්ධන පීඩනය පරීක්ෂා කරන්න.එයාර් ෆිල්ටරය පරීක්ෂා කරන්න.ඕනෑම සෙන්සර් දෝෂ කේත සඳහා OBD(Onboard Diagnostic)පද්ධතිය පරීක්ෂා කරන්න.මෙම OBD පද්ධතිය සරැ ඉන්ධන තත්ත්වය පරීක්ෂා කර හඳුනාගෙන දෝෂ කේත(P0172 හෝ P0175 ලෙස)සකස් කිරීම හා එන්ජින් ආලෝකය දල්වනු ලබයි.

අලුත්වැඩියා

අලුත්වැඩියාව පිටාර දුම ඇ‌ති කරන හේතුව මත රඳා පවතී.එන්ජින් ඔයිල් (නිල් දුම්)දැවෙනවා නම්, එය බොහෝ විට,වෑල්සීල් සහ / හෝ පිස්ටන් රිං අවශ්‍ය වනු ඇති අතර එන්ජින් ප්‍රතිසංස්කරණය(overhauling the engine)කිරීම ඉන් අදහස්වේ.

එන්ජින් අභ්‍යන්තර කූලන්ට්(සුදු දුම්) කාන්දු වෙනවා නම්,සිලින්ඩර හඩ් ගලවා හෙඩ් ගෑස්කට් මාරැ කිරීමට සිදු වනු ඇත.එතරම් විදම් අධික නොවන අලුත්වැඩියා විකල්පය නම් සිසිල පද්ධති කාන්දු මුද්‍රා(cooling system head gasket sealer)බෝතලයක් සිසිලන පද්ධතියට එකතු කර බලන්න(අවම වශයෙන් තාවකාලිකව).මෙම නිෂ්පාදන බොහෝමයක් හොඳින් ක්‍රියා කරන අතර වාහනය අලුත්වැඩියාව සඳහා මුදල් වියදම් කරනවාද,වාහනය විකිණීම හෝ වෙළඳාමට මාරැකරනවද(trade)යන්න ඔබට තීරණය කළ හැකිය.

පැරණි කාබියුරේටර් සහිත එන්ජින්මකින් කලු දුම තිබේ නම් කාබියුරේටර් වැඩ අවශ්‍ය වනු ඇත.ස්වයංක්‍රීය චෝක් පද්ධතියට හෝ ෆෝලෝටරයට සාමාන්‍ය  ඉන්ධන/වාත මිශ්‍රණය නැවත සැකසිය නොහැකි නම්,කාබියුරේටර්ය හෝ චෝක් පද්ධතිය නැවත අලුත්වැඩියා කිරීම හෝ මාරැ කිරීම කළ යුතුය.

ඉන්ධන ඉන්ජෙක්ෂන් සමග නව වාහනයක සරැ ඉන්ධන සහිතව ධාවනයවෙයි නම් හා කලු දුම් පිට කරයි නම් OBD රෝග විනිශ්චය සම්බන්ධකයට ස්කෑන් ටූල් එකක් සවි කර කිසිදු ඉන්ධන හෝ සෙන්සර් සම්බන්ධ දෝෂ කේත ඇ‌තිදැයි පරීක්ෂා කර බලන්න.ස්කෑන් ටූල් එකෙහි ඉන්ධන ට්‍රිම් දත්ත (fuel trim data)බැලීම කළ හැකි නම් කෙටි කාලීන හා දිගු කාලීන ඉන්ධන ට්‍රිම් (STFT හා LTFT) දෙස බලන්න. ඉන්ධන ට්‍රිම් අංක සෘණ 8 (-8) ට වඩා වැඩි නම් එය එන්ජිම සරැ මිශණයක් සහිතව ධාවනය වන බව තහවුරු කරයි.

රෝග විනිශ්චය සඳහා පිරිවිතර තුළ දක්වා ඇ‌ති ප්‍රමාණයන්ට අනුව ක්‍රියාත්මක වන ඉන්ධන පීඩනය සහ ඉන්ධන පීඩනය රෙගියුලේටරය පරීක්ෂා කිරීම අවශ්‍ය වනු ඇත. එය සාමාන්‍ය නම්, ඊළඟ පියවර කාන්දු වන ඉන්ජෙක්ටරය(ර්) පරීක්ෂා කිරීමය.ස්පාර්ක් ප්ලග් ගලවා පරීක්ෂා කරන්න.කාබන් තැන්පතු (කලු පැහැති තැන්පතු)දැක ගත හැකි නම් ඒ‌ අනුව කුමණ සිලින්ඩරය සරැ ඉන්ධන මිශ්‍රණ සහිතව ධාවනය වන්නේ ද,කුමණ ඉන්ජෙක්ටරයේ ද ගැටලුව යන්න හඳුනා ගත හැකිය.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

Related Posts

Post a Comment