දුර්වල ඉන්ධන පරිභෝජනය
ඔබේ වාහනය දුර්වල ඉන්ධන පරිභෝජනයක් දක්වනවාද?ලබා ගනිම්න් තිබූ වාසිදායක ඉන්ධන පරිභෝජනය ක්‍රමිකව හෝ හදිසියේ පහත ටැටීම අත් දැක තිබෙනවාද? පහත සඳහන් පොදු හේතු දුර්වල ඉන්ධන පරිභෝජනයට බලපාන අතර දුර්වල ඉනධන පරිභෝජනය නිසා චෙක් එන්ජින් බල්බය දැල්වීම හෝ නොවීම ඇති විය හැක.
මන්දගාමී ඔක්සිජන් සෙන්සර්
වෙනස් මෙහෙයුම් තත්වයන් ඉටුකිරීමට අවශ්‍ය ලෙස පවර්ට්‍රේන් පාලන මොඩියුලය(PMC) විසින් ඉන්ධන එකතු කිරීම හෝ අඩු කිරීම කළ හැකි නිසා,ඔබගේ එන්ජිම මත ඔක්සිජන් සෙන්සර් ඉන්ධන/වායු මිශ්‍රණය අධීක්ෂණය කරයි.ඔක්සිජන් සෙන්සරයේ තත්වය(age) මත,ඉන්ධන/වායු මිශ්‍රණය වෙනස් කිරීමට ප්‍රතිචාර දැක්වීම අඩු බවට පත්විය හකි අතර සාමාන්‍යයෙන් දුර්වල සංඥා(lean signal)නිපදවිය හැකිය.මෙම කාරණය එන්ජිම ඇත්තටම අමතර ඉන්ධන අවශ්‍ය නොවන විට,ඉන්ධන එකතු කිරීමට එන්ජින් පරිගණක පවසයි.මෙහි අවසාන ප්‍රතඵලය සරැ ඉන්ධන මිශ්‍රණයක්(rich fuel mixture)ඇතිවීම තුලින් සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය වැඩි වීමය.
ඔක්සිජන් සෙන්ර් ප්‍රතිචාරය පරීක්ෂා කිරීමට ස්කෑන් ටූල් එකක් සහ / හෝ ඩිජිටල් ඔසිලස්කෝප්(oscilloscope)භාවිතා කිරීමට හැකිය.ඔබේ වාහනය වැඩි සැතපුම් ප්‍රමාණයක් ධාවනය කර ඇත්නම්(100,000 කට වඩා)සහ මන්දගාමී වෙමින් පවතින බව සැක සහිත නම් හුදෙක් ඔක්සිජන් සෙන්සරය මාරැකරන්න.
තවද,දිගු කාලීන ඉන්ධන කප්පාදුවක්(Long Term Fuel Trim-LTFT)ඇත්දැයි බැලීමට ස්කෑන් ටූල් එකක් භාවිතා කළ හැකිය.අගය සෘණ නම්, එයින් කියවෙන්නේ එන්ජිම සරැ මිශ්‍රණයක් සහිතව ක්‍රියාත්මක වන බවයි. මෙමගින් එන්ජිම ඉන්ධන නාස්තිවන බව තහවුරු වන නමුත් එන්ජින් සරැ මිශ්‍රණයක් සහිතව ධාවනය වන්නේ ඇයි දැයි ඔබට පවසන්නේ නැත.එය මන්දගාමී ඔක්සිජන් ඔක්සිජන් සෙන්සර් හෝ පහත සඳහන් හේතු කිහිපයක් විය හැකිය.
වැරදි හෝ දෝෂ සහිත කූලන්ට් සෙන්සර්
මෙම කූලන්ට් සෙන්සරය එන්ජිම තුල සංසරනය කරන කූලන්ට් මෙහෙයුම් උෂ්ණත්වය අධීක්ෂණය කරයි.සෙන්සරය දෝෂ සහිත නම් හා සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු කියවී ඇති විට හෝ සෑම විටම සීතල කියවීම් ඇති විට එන්ජින් පරිගණක "විවෘත ලූප"(open loop")තත්වයේ ක්‍රියාත්මකව තබා ගනු ඇති ඇතර ඉන් අදහස් වන්නේ ඉන්ධන මිශ්‍රණය සරැ තත්වයේ පවතීන බවය.සීතල එන්ජිම ඇණහිටීම වැළැක්වීම සඳහා උණුසුම් කරන අතර ඒ සඳහා සරැ ඉන්ධන මිශ්‍රණය අවශ්‍ය වේ.ඒත් එන්ජිම වරක් උණුසුම් විට මිශ්‍රණය සරැව පවතී නම්,එය වැඩිපුර ඉන්ධන නාස්ති කරනවා සහ දුර්වල ඉන්ධන ආර්ථිකයට හේතු වේ.
කූලන්ට් සෙන්සර් පරීක්ෂා කිරීම සඳහා ඉක්මන්ම මාර්ගය ස්කෑන් ටූල් එකක් සවිකර,එන්ජිම සීතල අවස්ථවක ඉන්ලට් උෂ්ණත්වය සෙන්සර් කියවීම කූලන්ට් සෙන්සර් කියවීම හා සංසන්දනය කිරීමයි.නමුත් එකම උෂ්ණත්වය අගයක් පෙන්නුම් කළ යුතුය.එවිට එන්ජිම ස්ටාර්ට් කර ක්‍රමක්‍රමයෙන් කූලන්ට් සෙන්සරය වැඩි අගයක් පෙන්නුම් කරන්නේද බලන්න.(එක් වරක් උණුසුම් වූ විට)එන්ජිම අවසානයේ සෙල්සියස් අංශක 85-90(ෆැරන්හයිට් අංශක 185-195)දක්වා ළඟා නම්, කූලන්ට් සෙන්සරය බොහෝ විට නිවැරදිවේ.
මෙම කූලන්ට් සෙන්සර් කියවීම වෙනස් නොවන්නේ නම් හෝ සාමාන්‍ය මෙහෙයුම් උෂ්ණත්වය ලඟා නොවන්නේනම් ගැටලුව කූලන්ට් සෙන්සරය හෝ එය දෝෂ සහිත තර්මස්ටැට් එක එන්ජිම සිසිල් විට වැසී නොපවතින බව විය හැක.
ඊළඟ පියවර ඕම් මීටරයක් භාවිතා කර සෙන්සරයේ ප්‍රතිරෝධය කියවීම පරීක්ෂා කිරීමයි,දී ඇති උෂ්ණත්ව පිරිවිතර හා නොගැලපේ නම්,සෙන්සරය දෝෂ සහිත වන අතර අලුත් එකක් මාරැ කල යුතුය.සෙන්සර් ප්‍රතිරෝද කියවීම හොඳ නම්,ගැටලුව එන්ජිම තර්මස්ටැට් එක වේ.
දෝෂ සහිත එන්ජින් තර්මස්ටැට්
මෙම තර්මස්ටැට් එක එන්ජින් එකේ මෙහෙයුම් උෂ්ණත්වය පාලනය කරන අතර එය එන්ජිම සීතල ආරම්භයෙන් පසු ඉක්මනින් උණුසුම් කිරීමට උපකාරී වේ.මෙම තරමස්ටැට් සාමාන්‍යයෙන් ඉහළ රේඩියේටර් හෝස් එක එන්ජිමට සම්බන්ධ ස්ථානයේ පිහිටා ඇත.එන්ජිම සීතල විට කූලන්ට් රේඩියේටරය හරහා ගලා යාම වසා තබන අතර සීතල එන්ජිම ස්ටාර් කර ඇති විට,තර්මස්ටැට් වෑල්වය කූලන්ට් උෂ්ණත්වය සෙල්සියස් අංශක 85-90 අතර පැමිණෙන තෙක් තවදුරටත් වසා තබාගනු ඇත.මෙම තර්මස්ටැට් වෑල්වට තදින් වැසී නැත විට හෝ කොහෙත්ම වැසී නොමැති නම්,එන්ජිම උණුසුම් කිරීමට උත්සාහ කරන අතර තුර කූලන්ට් සංසරණය වනු ඇත.මෙය ඉක්මනින් එන්ජිම උණුසුම් වීමට ඉඩ නොදෙනු ඇති අතර එය සාමාන්‍ය මෙහෙයුම් උෂ්ණත්වය කරා කවදාවත්ම ලඟා නොවේ.මෙම ප්‍රමාදය පවර්ට්‍රේන් පාලනය මොඩියුලය(PMC)"සංවෘත ලූප"("close loop")ක්‍රමය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කල හැකි අතර සරැ ඉන්ධන මිශ්‍රණයක්(rich fuel mixture)සහ අඩු ඉන්ධන පිරිමැස්මක්(poor fuel economy)ඇති කරයි.
මෙම ගැටලුව සඳහා ක්ෂණික පරීක්ෂා කිරීම නම්,එන්ජිම උණුසුම් විට ඉහළ රේඩියේටර් හෝස් රත්වී ඇතිදැයි බැලීමයි.ඔබට හෝස් එක හරහා සීතල කූලන්ට් සංසරණය දැනෙනවා නම් බොහෝ විට තර්මස්ටැට් ඕපන් ස්ටක්(open stuck)තත්වයේ ඇත.මෙයට ඇති විසඳුම තර්මස්ටැට් වෑල්වය මාරැ කිරීමයි.
එන්ජින් මිස්ෆයරිං
එන්ජිමක් කිසියම් හේතුවක් නිසා මිස්ෆයරිං නම් එය ඉන්ධන වැඩිපුර නාස්ති කරන අතර සහ දුර්වල ඉන්ධන පරිභෝජනයට හේතු වනු ඇත.එවැනි මිස්ෆයර් ඇති වීමට හේතු නරක ස්පාර්ක් ප්ලග්,නරක ප්ලග් වයර්,දුර්වල ඉග්නිෂන් කොයිල් හෝ ප්ලග් වයර් හෝ කොයල් සහ ග්‍රවුන්ඩ් අතර ස්පාර්ක් ඇති වීම වැනි ඉග්නිෂන් ප්‍රශණ නිසා විය හැක.අඩු ඉන්ධන පීඩනය,වැකියුම් කාන්දු, අපිරිසිදු හෝ දෝෂ සහිත ඉන්ධන ඉන්ජෙක්ටර් නිසා ද විය හැක.මිස්ෆයර් සිලින්ඩර එකක් හෝ වැඩි ගණනක කොම්ප්‍රේෂර් ලීක් වීම නිසා ද විය හැක.
1996 සිට OBD ll සහිත වාහන සහ නව වාහන වල මිස්ෆයරිං ඇති විට චෙක් එන්ජින් බල්බය දල්වන අතර මිස්ෆයරිං වායු විමෝචන ගැටලු ඇති කිරීමට තරම් දරුණු නම් මිස්ෆයරිං කේතය(misfire code)ගබඩා කරගනු ඇත.කෙසේ වෙතත්,මිස්ෆයරිං අනුපාතය අඩු හෝ කේතය සකස් කළ යුතු සීමාවෙන් පහල වේ නම්,මෙම මිස්ෆයරිං කේත ලබා දීම හෝ එන්ජින් බල්බය දැල්වීම ඇති නොකරනු ඇත.ඔබට නිෂ්පාදකයාගේ ස්කෑන් ටූල් එකක් හෝ වෘත්තීය මට්ටමේ ස්කෑන් ටූල් එකක් ඇත්නම්,"Mode $06" ලෙස හඳුන්වන දෙයක් වැනි දත්ත කියවිය හැකි නම්,ඔබට මේ එක් එක් සිලින්ඩර සඳහා සැබෑ මිස්ෆයරිං අනුපාත බලා ගත හැක.මෙහදී ඔබට එක් සිලින්ඩරයක් හෝ ඊට වැඩි (තවමත් කේත සකස්කර නොමැති වුවත්)ගණනක් මිස්ෆයරිංඇතිදැයි බලාගත හැකිය.
චෙක් එන්ජින් බල්බය සහ විශේෂිත සිලින්ඩර මිස්ෆයරිං කේතය ඇති කරන්නේ නම්(සිලින්ඩර # 1 මිස්ෆයරිං ඇති විට P0301 වැන් කේත පෙන්නුම් කරනු ඇත)ප්ලග් වයර්(ආදාල නම්) හා එම සිලින්ඩර සඳහා ඇති ඉග්නිෂන් කොයිල් සහ ස්පාර්ක් ප්ලග් පරීක්ෂා කරන්න.ඉග්නිෂන් සංරචක සාමාන්‍යයෙන් වැඩ කරන බව පෙනී යන්නේ නම් (බධා රහිත කිසිදු ෂෝර්ට්වීමක් හෝ ස්පාර්ක් නැති නම්)ගැටලුව දුර්වල හෝ අක්‍රීය ඉන්ධන ඉන්ජෙක්ටර් වේ.
P0300 "random misfire" වැනි කේතය ලබා ඇත් නම්,ඉන්ලට් මැනිෆෝල්ට් වැකියුම් හේතුවෙන් ඇති වන දුර්වල ඉන්ධන මිශ්‍රණය,ලීක් සහිත EGR වෑල් හෝ අඩු ඉන්ධන පීඩනය හේතුවේ.
ඉන්ටේක් මැනිෆෝල්ඩ් හෝ EGR වෑල් ලීක්
ඕනෑම ඉන්ටේක් මැනිෆෝල්ඩ් ගෑස්කට් වැකියුමි කාන්දුවක්,ඉන්ටේක් මැනිෆෝල්ඩය හෝ එහි වැකියුම් හෝස් සම්බන්ධතා කාන්දු අඩු ඉන්ධන/වායු මිශ්‍රණයක් හේතු වන අතර,එන්ජින් මිස්ෆයරිං ඇති විය හැකි ය.එන්ජිම සීතල විට හෝ එය බරක් යටතේ නොවන විට දී,EGR වෑල් වැසී නොමැති වූ විට පිටාර වායුව ඉන්ලට් මැනිෆෝල්ඩය තුලට නැවත ඇතුල් වීම ඉන්ධන නාස්ති මිස්ෆයර් සහ අඩු ඉන්ධන පිරිමැස්ම ඇති විය හැක.
වැකියුම් කාන්දු පරීක්ෂා කිරීම සහ / හෝ EGR වෑල් ගලවා එහි පතුලේ කාබන් ඉවත්කර පිරිසිදු අවශ්‍ය වන අතර වැකියුම් කාන්දු එන්ජිම අයිඩල් අවස්ථාවේ ත්‍රොටල් බොඩි ක්ලීනර් එකක් භාවිතා කර ඉන්ටේක් මැනිෆෝල්ඩයේ දාර අතර ට ඉසීම මගින් සොයා ගත හැක.එන්ජින් අයිඩල් වේගය හදිසියේ වැඩි වුණි නම්, එය ඉසින ලද ක්ලීනර් කාන්දු හරහා එන්ජිම තුළට ඇද ඇත යන්නයි. මෙයට විසඳුම සාමාන්‍යයෙන් ඉන්ලට් මැනිෆෝල්ඩ් ගෑස්කට් හෝ පිපිරැම් සහිත මැනිෆෝල්ඩ්ය මාරැ කිරීමයි.ලාභදායී විසඳුම නම් සුදුසු ඉහළ උෂ්ණත්ව ප්‍රොක්සි සීලර් (high temperature epoxy sealer)යෙදීම වන අතර එය කාන්දුව හොඳින් සීල් වී ඇතිදැයි සහතික කරගන්න.
සටහන:එම වැකියුම් කාන්දුව ඉන්ධන/වායු අනුපාතය අවුල් කිරීමට තරම් ප්‍රමාණවත් නොවන්නේ නම්,ඉතා කුඩා වැකියුම් කාන්දුවක් ගැටලුවක් විය හැක.වෘත්තීය තාක්ෂණ ශිල්පීන් බොහෝ විට කුඩා කාන්දු සොයා ගැනීමට "දුම් යනත්‍රයක්"("smoke machine")නමින් උපාංගය භාවිතා කරයි.යන්ත්‍රය ඛනිජ වාෂ්ප දුම්(mineral vapors smoke)උත්පාදනය කරයි.එම දුම් ඉන්ලට් මැ නිෆෝල්ඩය තුලට යවන අතර(එන්ජිම ක්‍රියා නොකරන විට)ඕනෑම කාන්දුවක් තිබේ නම් පිපිරැම් තුලින් දුම් ගලා යනු දකිනු ඇත.
කිසිදු වැකියුම් කාන්දුවක් දක්නට නොලැබේ නම්,EGR වෑල්වය ගලවා වෑල්වය යට පැත්තේන් ඉනටේක් මැනිෆෝල්ඩයට සවිවන කපාටය එක තුල කාබන් තැන්පත් වී ඇත් දැයි පරීක්ෂා කර බලන්න.සමහර විට මෙම කාබන් තැනපතු වෑල්වය වැසීමට බධා ඇති කරනු ලබයි.එසේම EGR වෑල්වයේ වැකියුම් සම්බන්ධතා සහ සොලනොයිඩ් පරීක්ෂා කර බලන්න.එන්ජිම සිසිල් විටදී හෝ අයිඩල් විටදී වෑල්ටයට කිසිදු වැකියුම් ලඟා වීමක් සිදු නොවිය යුතුය.
ගෙවුණු හෝ දූෂිත ස්පාර්ක් ප්ලග්
ස්පාර්ක් ප්ලග් ගෙවීම් හෝ දුෂිතව පැවතීම පැහැදිලිවම ඉන්ධන නාස්ති වීමට සහ එන්ජින් මිස්ෆයර් ඇති වීමට හේතු වේ.ප්ලැටිනම්(Platinum)හා ඉරේඩියම්(Iridium)ප්ලග් අඩම තරමේ සැතපුම් 100,000 විය යුතුය,නමුත් කෙටි ධාවනය හා නවනා නවතා ධාවනය ප්ලග් ස්ථිරවම දූෂිත තැන්පතු ඇතිවීමට හේතු විය හැක.එන්ජිම භාවිතා කරන ඔයිල් ද ස්පාර්ක් ප්ලග් දූෂිත කල හැක.
ස්පාර්ක් ප්ලග් ගලවා කිරීම හා පරීක්ෂා කරන්න.මෙම ප්ලග් අපිරිසිදු නම් පිරිසිදු කර වඩා හොඳ නොවේ නම් පිරිවිතරයන්ට අනුව නැවත ප්ලග් ගැප් සැකසීම හෝ ස්පාර්ක් ප්ලග් සියල්ලම මාරැ කරන්න.
අපිරිසිදු ඉන්ධන ඉන්ජෙක්ටර්
ඉන්ධන වාර්නිෂ් තැන්පතු ඉන්ජෙක්ටර් තුල ගොඩනැගිය හැකි අතර මෙය සාමාන්‍යයෙන් විදිය යුතු ඉන්ධන මාත්‍රාව ලබාදීම වලක්වාලයි.මෙහි ප්‍රතිඵලයක් ලෙස දුර්වල ඉන්ධන/වායු මිශ්‍රණය ඇති කරන අතර තත්වය දුර්වල මිස්ෆයරිං ඇතිවීම හා ඉන්ධන අපතේ යවයි.
ඔබගේ ඉන්ධන ටැංකියට (ලාභ නොවන දේවල්) හොඳ තත්ත්වයේ ඉන්ධන ඉන්ජෙක්ෂන් පිරිසිදුකාරක බෝතලයක් එකතු කරන්න.එම තත්වය වැඩි දියුණු වීමට පෙර එය වාඩාත් හොඳ විය හැකිය.එය වැඩ නොකරයි නම් ඉන්ජෙක්ටර් වෘත්තිමය පිරිසිදු කිරීමක් බොහෝ විට සාමාන්‍ය කාර්‍යය සාධනය නැවත ඇති කරනු ඇත.පිරිසිදු කිරීමට අපහසු සහ සෑහෙන දුරට අවහිර වුනු,හෝ එය දෝෂ සහිත වේ නම්,ඔබ (ලාභ නොවන!)ඉන්ධන ඉන්ජෙක්ටර් එකක් හෝ ඊට වැඩි ගණන මාරැ කරන්න.
අඩු කොම්ප්‍රෙෂන්
ඉහළ සැතපුම් ගණනක් ධාවනය කල වාහනයක් නම්(සැතපුම් 100,000 කට වඩා)නම්,එය එන්ජිම මුල් තත්වය තරම් කොම්ප්‍රෙෂන් නැති නිසා දුර්වල ඉන්ධන පිරිමැස්මක් ඇති විය හැක.සැතපුම් 100,000 ක් හෝ ඊට වැඩි නම් පිස්ටන් රිං හා වෑල් ගෙවීම් නිසා කොම්ප්‍රෙෂ් අඩු වන අතර එනිසා එන්ජින් ඉන්ධන පිරිමැස්ම හා කාර්‍යයක්ෂමතාවය ක්‍රමයෙන් අඩු විය හැක.
අඩු කොම්ප්‍රෙෂන් බව සැක සහිත නම්,එන්ජින් කොම්ප්‍රෙෂන් ටෙස්ට් එකක් කරන්න.අඩු නම්,එන්ජින් ඔවරෝල් එකක් කිරීම හැර වෙනත් පහසු විසඳුමක් නැත.අඩු කොම්ප්‍රෙෂන් තත්ව නැවතත් යථා තත්වයට පත් කරනු ලැබිය හැකි කිසිදු ප්‍රාතිහාර්‍යයක් නැත.
වැරදි තෙල් දුස්‍රාවිතාව
අද බොහෝ නවීන මාදිලි මගී මෝටර් රථ එන්ජින් අඩු දුස්‍රාවිතාව සහිත 5W-20 හෝ 5W-30 මෝටර් තෙල් අවශ්‍ය වේ.සමහර විශේෂ 0W-20 වැනි තෙල් නියම කරයි.එවැනි තෙල් ඉන්ධන කාර්‍යයක්ෂමතාවය වැඩි දියුණු කරයි.විශේෂයෙන්ම ශීත කාල වල දී,තෙල් ඝනකම් බවට පර්වර්ථනය වන අතර වැඩි දුස්‍රාවිතාවය සහිත මෝටර් තෙල් භාවිතා කරන්නේ නම්,එය (ඔබ භාවිතා කරන දේ මත පදනම්ව සමහර විට සියයට 5 සිට 10 දක්වා ) ඔබේ ඉන්ධන ආර්ථිකය අඩු විය හැකිය.
අපිරිසිදු එයාර් ෆිල්ටර්
ඇත්තටම අපිරිසිදු වායු පෙරණ සාමාන්‍ය එන්ජින් හුස්ම ගැනීමට බාධා ඇති කරන අතර ඉන්ධන ආර්ථිකයට බලපානු ඇත. මෙම පෙරහණ ගලවා පරීක්ෂා කර අපිරිසිදු නම් අලුත් එකක් මාරැ කරන්න.
අවහිර වුණු කන්වටර් හෝ පිටාර වායු බාධා
මෙම පිටාර පද්ධතිය තුළ කිසිදු බාධාවක් ඇත් නම් එන්ජින් බලය අඩු කර බැක් ප්‍රෙෂර් නිර්මාණය කරන අතර ඉන්ධන පිරිමැස්මට බලපානු ලබයි.පිටාර නල පොඩිවීම් හෝ නල හානි පිලිබඳව කිසිදු පැහැදිලි ලක්ෂණයක් ඇත්දැයි පද්ධතිය පිටතින් පරීක්ෂා කළ හැක.එහෙත් එවන් අවහිර කන්වටර් හෝ බිඳ ටැටුණු මෆ්ලර් හෝ ද්විත්ව බිත්තිවලින් වට වුණු නල අභ්‍යන්තර ගැටලු පිටත සිට දැක ගත නොහැක.
ඉන්ලට් මැනිෆෝල්ඩයට වැකුම් මීටරයක් සම්බන්ධ පිටාර නල බාධාවක් ඇත් දැයි පරීක්ෂා කර ගත හැක.එන්ජින් අයිඩල් විටදී (අඟල් 18 ක් හෝ ඊට වැඩි)කියවීම ඉහළ හා ස්ථාවර රික්තයක් පෙන්විය යුතුයි.කියවීමේ මෙම අගයට වඩා අඩු වේ හෝ එය ක්‍රමයෙන් පහළ බසී නම්,පිටාර පද්ධතියේ බධා ඇත.
ක්ලචය හෝ ගියර පද්ධති ස්ලිප් වීම්
මැන්අල් ගියර් පද්ධති වල ක්ලච් ස්ලිප් වීම හෝ ස්වයංක්‍රීය සම්ප්‍රේෂණ වල පටි හෝ ව්‍යවර්ථ පරිවර්තකය(torque converter)ලොකප් වී ස්ලිප් වීම,එන්ජිම බලය එය රෝද වෙත ලඟා වීමට පෙර අහිමි වනු ඇත.මෙය ඉන්ධන ආර්ථිකය තුළ සැලකිය යුතු අඩුවීමක් ඇති විය හැක.ඒ වෙනුවට නව ක්ලච් හෝ සම්ප්‍රේෂණ අවශ්‍ය වනු ඇති නිසා අදාල කරුණ නිවැරදි කිරීම ඉතා මිල අධික විය හැකිය.
අඩු ටයර් පීඩන
උපරිම ඉන්ධන ආර්ථිකය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබගේ ටයර් ඔබේ වාහනය හා බර සඳහා නිර්දේශ පීඩනය සකස් කළ යුතුය.බොහෝ මගී මෝටර් රථ ටයර් සඳහා, එනම් වර්ග අඟලකට රාත්තල් 32 -34 (Psi) කි.අඩු ටයර් වැඩි පෙරලුම් ප්‍රතිරෝධයක් හා ටයර් ගෙවීම් සහ 5 -10 %දක්වා ඉන්ධන ආර්ථිකය දඅහිමි විය හැක.නිවැරදි ටයර් ප්‍රෙෂර් ගේජයක් සමග සියලු ටයර් හතර (සිසිල් විට) නිර්දේශ පීඩනය නිවැරදිව පරීක්ෂා කරන්න.
තිරිංග ඇදීම්
සම්පූර්ණයෙන්ම නැවැත්වීමේ තිරිංග නිදහස් නොකර හෝ තිරිංග කැලිපරය හිරවී තිබීමෙන් තිරිංග ඇදුම් ඇති වීමෙන් ඔබේ එන්ජිම ඉන්ධන නාස්තිය ඇති විය හැක.මේ ආකාරයේ ප්‍රශ්ණ සඳහා ක්ෂණික පීක්ෂා කිරීම නම් ඔබේ මෝටර් රථය මද බෑවුක නවතා ගියරය නියුට්‍රල් කර තිරිංග නිදහස් කරන්න,ඔබේ මෝටර් රථය වහාම රෝල් වීම ආරම්භ වූයේ නොමැති නම්,එය තිරිංග ඇදුම් විය හැක.
ඔබේ වහනයේ ට්‍රන්ක් තුළ අනවශ්‍ය තරම් දේ පටවා තිබීම
වැඩි බර අඩු ඉන්ධන ආර්ථිකයට සමාන වේ.එය බර ගමන් කිරීමට බලය ලබා ගනී.එසේම ඔබ ඔබගේ වාහනය බඩු තොග හෝ පමණට වඩා අනවශ්‍ය බර ගොඩක් සහිත නම් උපරිම ඉන්ධන ආර්ථිකය සපුරා ගැනීමට නොහැකිය.
දුර්වල රියදුරු පුරුදු
බොහෝ විට මෙය වඩාත් පොදු ගැටලුව හා සියලු විශාලතම ඉන්ධන නාස්ති වන ආකාරය වේ.ආක්‍රමණශීලී රිය පැදවීම සහ එන්ජිම හා ඇක්ස්ලේටර් අතර පැඩපය පාලනයකින් තොරව ධාවනය (jack rabbit start),අමතර ඉන්ධන එන්ජිමට පිරවී ඉන්ධන පරිභෝජනය වැඩි වීම ආරම්භවේ.එය ඉතා ලෙහෙසියෙන් ඔබගේ ගෑස් පැඩලය අනවශ්‍ය නොපෑගීමෙන් ඔබට ඔබේ ඉන්ධන ටැංකියට අනුව ගැලුමකට වඩාත් සැතපුම් ගණනක් පහසුවෙන් ලඟාකර ගත හැක.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
Post a Comment
Post a Comment