.
අද ප්ලග් ඉන්-ඉන්හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රික් කාර් ගැන වැඩිපුර කථා බහට ලක්වන මාතෘකාවක් බවට පත්වී ඇත.ඊට හේතු පාදක වී ඇත්තේ රථ වාහන මගින් පිටකරනු ලබන කාබන්ඩයොක්සයිඩ් ඇතුලු නෙකුත් වායු විමෝචකයන්ය.මේ නිසා දිනෙන් දින වසරින් වසර ගෝලීය උණුසුම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බව සත්‍යකි.මෙය යම් තරමක හෝ විසදුම් ලෙස ඉලෙක්ට්‍රික් කාර් සහ සෝලා පද්ධති දිනෙන් දින ප්‍රචලිත වෙමින් පවතී.
දැනට ලෝකයේ රථ වාහන වලින් විශාල ලෙස පරිසරයට කාබන්ඩයොක්සයිඩ් එකතු කරන රටවල්,
1)චීනය-ටොන් බිලියන 10
2)ඇ.එ.ජ -ටොන් බිලියන 5.9
3)ඉන්දියාව-ටොන් බිලියන 2.5
4)රැසියාව-ටොන් බිලියන 1.8
5)ජපානය-ටොන් බිලියන 1.3
6)ජර්මනිය-ටොන් බිලියන 0.8
7)ඉරානය-ටොන් බිලියන 0.7
8)දකුණු අප්‍රිකාව-ටොන් බිලියන 0.6
9)දකුණු කොරියාව- ටොන් බිලියන 0.6
10)කැනඩාව-ටොන් බිලියන 0.6
පසුගිය දශකය පුරා විවිධ පොසිල ඉන්ධන දහනය මගින් කාබන්ඩයොක්සිඩ් ටොන් බිලියන 38.2 පරිසරයට එක්කර ඇත.එය අනාගත ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 කින් ඉහළ යාමට දායකත්වයක් සපයා ඇති අතර මේ සඳහා ලෝකයේ රටවල් 200 කට වඩා ප්‍රධාන ලෙස දායකවී ඇත.
ලෝකයේ බොහෝ රටවල් ඉලෙක්ට්‍රක් හෝ හයිබ්‍රිඩ් වාහන සඳහා දිරිගැන්වීම සඳහා මූල්‍ය සහන ලබාදෙයි.එය බැටරියේ ප්‍රමාණය සහ පූර්ණ විදුලි,හයිබ්‍රිඩ්,ප්ලග් ඉන් හයිබ්‍රිඩ්,ෆුවෙල් සෙල් මත ලබාදෙන සහනය සහ ඒ ඒ රටවල් මත තීරණයවේ.
•මේ සඳහා සහන ලබාදෙන ආසියානු රටවල්,
චීනය,ජපානය,ඉන්දියාව.
•යුරෝපා රටවල්,
ඔස්ට්‍රියාව,බෙල්ජියම,චෙක්රාජ්‍ය,ඇස්ටෝනියාව,ඩෙන්මාර්කය,පින්ලන්තය,ප්‍රංශය,ජර්මනිය,ග්‍රීසිය,අයිස්ලන්තය,අයර්ලන්තය,ඉතාලිය,ලක්සම්බර්ග්,මොනාකෝ,නෙදර්ලන්තය,නෝර්වේ.පෘතුගාලය,රැම්නියාව,ස්වීඩනය,ස්ව්ස්ටර්ලන්තය,එංගලන්තය.
•උතුරැ ඇමෙරිකාව,
කැනඩාව,ඇ.එ.ජ
අනෙක් රටවල්,
• ඕස්ට්‍රේලියාව,නවසීලන්තය.
මේ සඳහා ලබාදෙන සහනයන් ගැන කෙට් විස්තරයකි මේ,
•කැනඩා රජය මගින් 4KW බැටරි ධාරිතාවයක් සහිත වාහනයක් සඳහා ඩොලර් 5000 ක් දක්වාත් 17KW සහිත හෝ ඊට වඩා වැඩි බැටරි ධාරිතාවයන් සහිත වාහන සඳහා ඩොලර් 8500 ක් දක්වා මුදලක්((Government Incentives)ලාබාදයි.
මෙම වාහන සඳහා පරිසර හිතකාමීබව පෙන්වීම සඳහා කොළපැහැති අංක තහඩු ද ලබාදෙන අතර බස් රථ,ටැක්සි සඳහා පමණක් වෙන්කර ඇති කාර් පූල් ලේන්/ට්‍රාන්සිට් ලේන් හි ධාවනය කිරීමටද අවසර ලබාදී ඇත.ඒ වගේම නැවත ආරෝපණ කාර පෝර්ට්(Recharge car port) සහ අනෙකුත් ප්‍රාදේශීය පාර්කින් ලොට්ස් භාවිතා කිරීම සඳහාද අවසර ලැබේ.
•ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සඳහා ඩොලර් 100 ක වාර්ෂික ලියාපදිංචි ගාස්තු අඩු කිරීමක් ලබාදෙන අතර අගනගරය වන කැන්බරා, හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සඳහා මිළදී ගැනිමේදී අයකරනු ලබන මුද්දර ගාස්තු(Stamp duty)වලින් නිදහස් කරනු ලබයි.
•එංගලන්තය පවුම් 60,000 ට වඩා අඩු හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රික්/ෆුවෙල් සෙල් වාහන සඳහා පවුම් 4500 ක් ද,පවුම් 60,000 ට වඩා වැඩි වාහන සඳහා පවුම් 2500 ක් ද ලබාදේ.
•2013 සිට චීනය සියලුම ඉලෙක්ට්‍රික් කාර් සඳහා ඩොලර් 9800 ක් ද,ඉලෙක්ට්‍රික් මගී ප්‍රවාහන බස්රථ සඳහා ඩොලර් 81,600 ක් ද මිළදී ගැනීමේදී ලබාදේ.
සෝලා පද්ධතියක් භාවිතා කර තමන්ගේ Chevy Volt වර්ගයේ හයිබ්‍රිඩ් කාරයක්
භාවිතා කරන පුද්ගලයෙක් කියන කථාවයි මේ,
දිනපතා සතියේ දිනපහම මම වැඩට යනවා.එය අඩුම වශයෙන් සැතපුම් 37 ක දුරක්.මගේ Chevy Volt රථය 10KW/h ක් ආරෝපණය කල විට එය සැතපුම් 40 ක්(කිලෝමීටර් 64 ක්)ධාවනය කරන්න පුලුවන්.ඒ නිසා මම මගේ වාහනයෙන් ඉන්ධන/ගෑස් භාවිතා නොකර වැඩට යනවා.
මගේ වහලයේ සවිකර ඇති සොලාර් පද්ධතිය හිරැඑළියෙන් 4KW නිපදවනවා.පැය 2.5 තුලදී එය 10KW/h බැටරිය අරෝපණය කර සැතපුම් 40 ක දුරක් ධාවනය කිරීමට ප්‍රමාණවත්.සාමාන්‍යයෙන් මගේ සෝලා පද්ධතිය දිනකට 18.9KW/h නිපදවනවා.මේ සියලු ශක්තියෙන් Volt රථය සැතපුම් 75 ක්(කිලෝමීටර් 120 ක්)කිසිම ඉන්ධන වියදමක් නැතිව ධාවනය කරන්න පුලුවන්.
ඔබ සාමාන්‍ය කාරයක් සැතපුම් 70 ක් ධාවනය කරයි නම් එය 25mpg(සැතපුමකට ග්‍රෑම් 25 වායු විමෝචනයක්)ඇති කරන අතර සඳහා ඉන්ධන ගලුම් 3 ක් අවශ්‍යවේ.ඒ නිසා මට නම් මගේ සෝලා පද්ධතිය දිනකට ගැලුම් 3 ක ඉන්ධන සෑමදාම ලබාදෙයි.
අවංකවම මම මගේ මුදල් තෙල් සමාගම් වලට දීමට සතුටු නෑ.එසේ කිරීමෙන් මම මගේ මුදල් ඉතිරි ගනිමින් පරිසරය සුරකීමටද දායකවෙනවා.නමුත් මම ඇත්තටම කාරයකුත් ධාවනය කරනවා.කවුරැ හරි මගේ කාරයේ ගමන්කරන විට,එය අභ්‍යවකාශ යානයක්(Space ship)වගේයැයි පවසනවා.නමුත් මගේ Chevy Volt කාරය රොකට් තාක්ෂණයක් නෙවෙයි.එය අනෙක් ඒවා වගේම සාමාන්‍ය කාර් එකක්"
මෙන්න මේ යන ගමනට අපටත් හවුල් විය හැකි නම් එය මහඟු වටිනා කර්‍යයක් යැයි සිතමි.
(චන්ද්‍රසිරි ජයව්ක්‍රම විසිනි)
ශ්‍රී ලංකිකයෙනි,

සියලු භේද විනාශ කොට එක්සත්ව නැගි සිටිමු.
අපගේ facebook පිටුව
කරුනාකර,පහත ලයික් බටනය ක්ලික් කර අප වෙනුවෙන් සහාය දක්වන්න.අපගේ අඩුපාඩුවක් පවතිනම් පිටුව හරහා අප දැනුවත් කරන්න.
Menu
- Automobile lessons 48
- C# සිංහලෙන් 1
- Computer 22
- ebook 3
- English Lessons 12
- Games 5
- Geography 8
- Illustrator Lessons 5
- Info 50
- Mobile(Apps/Tricks) 15
- Movies review 3
- Movies(Hollywood) 3
- Network පාඩම් මාලාව 44
- Photoshop lesson 5
- Science 1
- Technology 5
- Tricks 15
- Vehicle Industry 9
- තාරකාවිද්‍යා ලිපි 43
- පිටසක්වළ කතා 7
- වෙබ් අඩවි සංවර්ධන පාඩම් 3
Post a Comment
Post a Comment