-->

ටොයෝටා මෝටර් රථ ඉතිහාසය





ප්‍රසිද්ධ ජපන් මෝටර් රථ වෙළඳ නාමය හා ලොව හොඳම මෝටර් රථ නිෂ්පාදකයෙක් වන ටොයෝටා සමාගම 1937 දී Kiichiro Toyoda(1894 දී උපත ලැබූ)ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ස්ථාපනය කරන ලදී. මෝටර් රථ වාහන කර්මාන්තයේ ඇති ඔහුගේ උනන්දුව නිසා ඔහු ස්වකීය එන්ජිමක් 1924 දී නිර්මාණය කළේය.

1929 වන විට ටොයෝඩා(Kiichiro Toyoda)මෝටර් රථ ගැන වැඩිදුර ඉගෙනගැනීම සඳහා එක්සත් ජනපදයට හා යුරෝපයේ ගියේය.1930 දී ටොයෝඩා පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක එන්ජින් පර්යෙෂණ ආරම්භකල අතර පසුව 1933 දී ඔහු ටොයෝඩා ස්වයංක්‍රීය ලූම් වැඩ(Toyoda Automatic Loom Works)පිහිටුවන ලදී. ඔහුගේ සමාගම විසින් නව ලාංඡනය නිර්මාණය කල නමුත් මෝටර් රථ අමතර කොටස් නිපදවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරවීය.කෙසේවෙත් 1936 දී ටොයෝඩා විසින් Toyota රථ ලාංඡනය ස්ථාපිත කර 1937 වන විට ටොයෝටා මෝටර් කෝපරේෂන් ස්ථාපනය කර Koroma Plant පිහිටුවා එහි රථ වාහන ගොඩනැගීමේ කටයුතු ආරම්භ කළේය.

1940 දී ටොයෝටා මෝටර් කෝපරේෂන් AE සහ AC මගී මෝටර් රථ හා KC සහ KB ට්‍රක් රථ නිෂ්පාදනය ආරම්භ කල අතර වසර කිහිපයකට පසු ටොයෝටා යන්න්‍ර වැඩ (Machine Works)හා ටොයෝටා Shatai Kogyo බලාගාරය ස්ථාපනය කරන ලදී. වර්ෂ 1947 දී SA සංයුක්ත මගී මෝටර් රථ නිෂ්පාදනය,SB කුඩා ට්‍රක් රථ සහ BM ට්‍රක් රථ නිෂ්පාදනය ද ආරම්භ කර ටොයෝටා රථ වාහන 100,000 ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලදී.

1949 අවසන් වන විට සමාගම බංකොලොත් වීමේ ආ‌සන්න වූ අතර නමුත් අවසානයේදී ණය මුදලක් ලබාගැනීමෙන් පසු 1950 ජූනි මාසයේ දී ටොයෝටා ව්‍යාපාරය ජපානයෙන් පිටතට ගෙන යන අතර එහිදී ට්‍රක් රථ 300 ක් පමණක් අලෙවි කරන ලදී. වැඩි කල් යන්න කලින් සමාගම කළමනාකරණ වැටුප් අඩු කිරීම හා සේවකයන් ඉවත් කිරීම නිවේදනය කල නිසා බොහෝ සේවකයන් සමාගම අතහැ ගියේය.ඒ කාලයේ දී Taizo Ishida සහ Kiichiro Toyoda සාර්ථකලෙස මාස කිහිපයක් තුළ වාහන 5000 කට අධික ප්‍රමාණයක් ඇ‌ණවු මත කොරියානු යුද්ධය සඳහා එක්සත් ජනපද මිලිටරිය සඳහා නිපදවීය.

ඒ නිසා සමාගම අවසානයේ යළි ඇති කල අතර Taizo  Ishida ඉක්මනින් උපකරණ සඳහා ආයෝජනය කිරීමට තීරණය කල අතර 1959 දී Motomachi බලාගාරය මිලදී ගන්නා ලදී.මෙම බලාගාරය නිසා 1960 දී පෙරමුණේ සිටි නිසාන් මෝටර් රථ පවා අභිබවා යමින් ටොයෝටා රථ නිෂ්පාදන ඉල්ලීම් ඉටු කිරීමට ඉඩකඩ ලැබුණි.

1961 දී සුප්‍රසිද්ධ ටොයෝටා Toyota Publica රථය නිවේදනය කරන ලද අතර වසරකට පසුව එම සමාගම වාහන මිලියනයක් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලදී.වර්ෂ 1963 දී ටොයෝටා වාණිජ බරවාහන වාහන සඳහා කැමැත්තක් දැක්වූ අතර ඒ‌ අනුව RK170B සැහැල්ලු බස් රථ හඳුන්වා දුන් අතර 1964 දී DA බර කාර්‍ය්‍යය DA100 Heavy-Duty, Crown Eight හා FA100 යන ට්‍රක් රථ ද නිවේදනය කරන ලදී.

1965 දී ටොයෝටා සමාගම විසින් Toyota Sports 800 මෝටර් රථය ප්‍රකාශයට පත් කළ අතර ඉන් වසරකට පසු ජනප්‍රිය සහ දශක 7 කට ආසන්න සඳහා හොඳම ටොයෝටා මෝටර් රථයක් වූ තවමත් ජනප්‍රිය Toyota Corolla රථය හදුන්වාදෙන ලදී.1967 දී ටොයෝටා ප්‍රසිද්ධ 2000 GT ස්පෝර්ට් මෝටර් රථය හඳුන්වා දෙන ලදී. 1960 අවසානයේ භාගයේ දී ටොයෝටා මෝටර් රථ අපනයනය ඒකක මිලියනයක් දක්වා වර්ධනය විය.

1970 දී ටොයෝටා මෝටර් රථ සමාගම ඇදහිය නොහැකි තරම් සාර්ථක වූ අතර සුප්‍රසිදධ Light Ace, Carina සහ Celica යන මෝටර් රථ හඳුන්වා දෙන ලදී.ඉන් වසර දෙකකට පසු ටොයෝටා සමාගම සිය මෝටර් රථ නිෂ්පදනයේ මිලියන 10 ඉලක්කය කරා ළඟවීය.ඉන් වසර කිහිපයකට පසු Publica සහ Starlet යන මෝටර් රථ හඳුන්වාදෙන ලද අතර එහි මුලු අපනයන ඒකක ගණන මිලියන 5 කි.1970 දශකය අවසන් වන විට ටොයෝටා සමාගම විසින් Celica XX, Corsa සහ Tercel යන මෝටර් රථ ද හඳුන්වා දී ඇති අතර Kinuura හා Tahara නිෂ්පාදන බලාගාරවල මෙහෙයුම් ආරම්භ කරන ලදී.

1980 දශකය ආරම්භයේ දී ටොයෝටා සමාගම එහි පළමු ජපන් තත්ත්ව පාලන සම්මානයෙන් පිදුම් ලැබූ අතර මෝටර් රථ තරඟ රාශියක් සඳහා සහභාගී විය.1984 දී ජෙනරල් මෝටර්ස් හා ටොයෝටා මෝටර් කෝපරේෂන් අතර බද්ධ ව්‍යාපාරයක් එක්සත් ජනපදයේ ටොයෝටා-ජෙනරල් මෝටර්ස් ලෙස ආ‌රම්භකර පිහිටුවන ලදී. මීට අමතරව MR2 හා Hilux Surf රථයද ප්‍රකාශයට පත්කරන ලදී.

1986 වන විට ටොයෝටා සමාගම මෝටර් රථ මිලියන 50 ක් නිෂ්පාදනය කර ඇ‌ති අතර වාර්ෂික දේශීය අලෙවිය ඒකක මිලියන 2 ක් විය.1990 දශකයේ දී ප්‍රසිද්ධ Estima,Windom සහ Aristo යන රථ හඳුන්වා දුන් අතර වසර කිහිපයක් තුල වාර්ෂික විදේශ ප්‍රතිධානය මිලියනයක් කරා ළඟාවිය.1997 දී සුප්‍රසිද්ධ Toyota Prius හඳුන්වා දුන් අතර 1990 දශකය අවසානය වන විට වාර්ෂික විදෙස් අලෙවිය ඒකක මිලියන 3 ඉක්මවා යන්නට විය.

නව සියවසේ ආරම්භය ටොයෝටා මෝටර් රථ සමාගමට සාර්ථක කාලයක් වූ අතර ඊටත් වඩා බොහෝ ජනප්‍රිය වාහන හඳුන්වා දෙන ලදී.මීට අමතරව සමාගම Formula 1 ධාවන තරඟයන්ට පවා ඉදිරිපත් වූ අතර එක්සත් ජනපදය පුරා දේශීය අලෙවි සැල් පිහිටුවන ලදී.2008 වන විට ලොව පුරා Prius මෝටර් රථ මිලියනය ඉක්මවා අලෙවි වූ අතර ඊට වසරකට පසු ලොව පුරා Prius  hybrid මෝටර් රථ අලෙවි ඒකක මිලියන 2 ක් කරා ලඟාවිය.

2015 වසරේ ජූලි මස දී, සමාගම තම මිලියන 200 ක මෝටර් රථ නිෂ්පාදනය සමරෑ අතර වසරකට වාහන මිලියන 10 කට වඩා වැඩි නිෂ්පාදනය සඳහා ද සම්මාන පවා දිනා ගැනීමට සමත් වූ අතර 2015 දත්තයන්ට අනුව එහි මෝටර් රථ නිෂ්පාදන ඒ‌කක ගණන 16,985,870 කි.

2016 දත්තයන්ට අනුව 2016 දී ටොයෝටා මෝටර් රථ සමාගම ලෝකයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන අතර 2016 දී එහි සමස්ථ ඉපයුම් යෙන් ට්‍රිලියන 47.42 ලෙස සඳහන් වන අතර සමස්ථ සේවක සංඛාව 348,877 ක් ලෙස සඳහන් වෙයි.

මෑත වාර්තාවන්ට අනුව Toyota Prius විකිණීම රටවල සහ කලාප 70 ක් තුළ අලෙවි කර ඇත.මීට අමතරව එක්සත් ජනපදය තුල Toyota රථ අලෙවි නියෝජිතයන් 1506 කට වඩා ඇත.මුලින්ම ටොයෝටා සමාගම විසින් ස්වයංක්‍රීය ලූම් නිෂ්පාදනය කල නමුත් දැන් ලෝකයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයන්ගෙන් එකකි.

ටොයෝටා මෝටර් රථ ඉතිහාසය පරිදි එම සමාගම බොහෝ හැලහැප්පීම් වලට මුහුණ දී ඇති අතර වර්ථමානය වන විට එය ශක්තිමත්ව සිටින්නේය.එක් අවස්ථාවක සමාගම බංකොලොත් පවා වූ අතර එසේ නොවන්නට අද එය ලෝකයේ වීශාලතම මෝටර් රථ නිෂ්පාදකයා නොවන්නට ඉඩ තිබුණි.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

Related Posts

Post a Comment