-->

නිසාන් මෝටර් රථ ඉතිහාසය




20 වන සියවසේ මුල් භාගයේ දී මෝටර් රථ කර්මාන්තය තුල විප්ලවීය වෙනසක් සිදුකල නිසාන් මෝටර් රථ තාක්ෂණය ලොව පුරා පැතිර ගියේය.එම කලය තුල මෝටර් රථ නිෂ්පාදකයන් කිහිපදෙනෙක් පමණක් විශ්වසනීය බලවත් හා ඉන්ධන කාර්යක්ෂම මෝටර් රථ නෂ්පාදන කර්මාන්තයේ ඉහළ තලයක සිටියහ.මෙම සමාගම් අතර කීර්තිමත් මෝටර් රථ වෙළඳ නාමයක් වන්නේ නිසාන් මෝටර් සමාගමය.

නිසාන් මෝටර් රථ සමාගමේ ආ‌රම්භය 1911 දක්වා ඈතට දිව යන අතර මේ කාලයේ දී Masujiro Hashimoto විසින් Kwaishinsha මෝටර් කාර් වැඩ ආරම්භ ලදී.1914 දී එම සමාගම සිය පළමු මෝටර් රථය වන DAT නිෂ්පාදනය කළේය.(සමාගමේ ආයෝජකයින්ගේ පවුල් නම්වල සංකේත)ඉන් වසර හතරකට පසු සමාගම Kwaishinsha Motorcar Co.බවට පත් වූ අතර නැවත වරක් DAT Jidosha & Co. So බවට පත් විය.

1925 වසරේදී සමාගම DAT Jidosha & Co. So ලෙස නැවත වරක් නම වෙනස කරන ලද අතර ඉන් වසර පහකට පසුව නව කුඩා මෝටර් රථයක් වන Datson මෝටර් රථය ඉදිරිපත් කරන ලදී(Datson යනු DAT ගේ පුතාගේ නමයි)කෙසේ වෙතත් Son යන්න ජපන් භාෂාවෙන් loss යන්න අදහස්වන නිසා Datson යන නම වෙනුවට Datsun ලෙස වෙනස් කරන ලදී.

වර්ෂ 1931 දී DAT Motorcar Co සමාගම Tobata Casting සමග සමඟ අනුබද්ධ සමාගමක් බවට පත් විය.

1934 දී Tobata Casting හිමිකරු Yoshisuke Aikawa එහි මෝටර් රථ අමතර කොටස් අංශය පුළුල් කරල අතර නිසාන් සමාගම ඔවුන්ගේ අනෙක් ව්‍යාපාරය
 සමග සම්බන්ධ විය.

1935 දී නිසාන් මෝටර් රථ සමාගම ඉක්මනින් වෙනත් ව්‍යාපාර සමඟ ඒකාබද්ධ වූ අතර ට්‍රක් රථ නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා වූ එහි පළමු සම්පූර්ණ සේවා නිෂ්පාදන බලාගාරය ඉදිකිරීම් කර අවසන් විය.ඒ‌ අනුව සමාගම රජයේ සහනාධාර යටතේ ජපාන මිලිටරිය සඳහා එන්ජින්,ගුවන් යානා සහ ට්‍රක් රථ තැනීමේ ව්‍යාපාරය ආරම්භ කළේය.දෙවන ලෝක යුද්ධය වන විට නිසාන් මෝටර් රථ සමාගම ජපානයේ හතරවන විශාලතම මෝටර් රථ නිෂ්පාදක විය.

1950 දී නිසාන් සමාගම විසින් නිසාන් ගෝලීය මෝටර් රථ වෙළෙඳපලක් බවට පත් කිරීමේ සංග්‍රාමය දියත් කිරීමට තීරණය කල අතර මේ අනුව ඔවුන් ලොව පුරා බොහෝ මෝටර් රථ ප්‍රදර්ණ පෙන්වනවීම ආරම්භ කරන ලදී.

1952 වසරේදී නිසාන් සමාගම විසින්  ඔස්ටින් මෝටර් රථ 2000 ක් ඔස්ටින් වෙළඳ ලකුණු යටතේ ජපන් මෝටර් රථ වෙළෙඳපල තුළ විකිණීම සඳහා ඔවුන් සඳහා Austin Seven’s සමඟ ගිවිසුම් ගත විය.මෙම ගිවිසුම අනුව නිසාන් සමාගමට ඔස්ටින් පේටන්ට් බලපත්‍ර භාවිතා කිරීමේ අයිතිය ලැබුණු අතර ඒ අනුව නිසාන් එන්ජින් සංවර්ධනය සඳහා මෙම පේටන්ට් බලපත්‍රය භාවිතා කිරීමට හැකි විය.ඒ‌ අනව නිසාන් සමාගම විසින් 1953 සිට 1959 දක්වා ඔස්ටින් මෝටර් රථ 20,700 කට වඩා වැඩිය නිෂ්පාදනය කර ඇත.

1967 දී නිසාන් සමාගම විසින් ඉතා දියුණු Nissan L එන්ජින් සහිත ලොව පුරා පිළිගැනීමක් ලබූ Datsun 510 හඳුන්වා දෙන ලදී.

1969 වසරේදී සමාගම විසින් එවකට ප්‍රසිද්ධ Nissan Datsun 240z හදුන්වා දුන් අතර එය Nissan Fairlady Z සහ Nissan S30 හඳුන්වන ලද අතර මෙම මෝටර් රථය ක්ෂණිකවම වෙළඳපල තුල ඉහල කීර්තියක් සහ පිළිගැනීමක් ලබාදෙමින් වෙනත් නිෂ්පාදකයින් වඩා ඉහල තලයකට මෝටර්  රථ ඔසවා තැබීමට සමත් විය.

මීට අමතරව නිසාන් සමාගම ප්‍රින්සස් මෝටර් සමාගම ඒ‌කාබද්ධ වී Gloria සහ Skyline මෝටර් රථ හඳුන්වා දෙන ලදී,නමුත් අවසානයේ ප්‍රින්සස් නම පහත වැටී ම නිසා එතැන් සිට සියලුම Skylines හා Glorias මෝටර් රථ සඳහා නිසාන් නාමය භාවිතා කරන ලද අතර 1970 වන විට නිසාන් ලොව විශාලතම මෝටර් රථ අපනයනකරු බවට පත්ව සිටියේය.

වර්ෂ 1973 දී තෙල් අර්බුදය නිසා සමාගම උසස් තත්වයේ කුඩා මෝටර් රථ නිෂ්පාදනය දෙසට යොමුවෙමින් එක්සත් ජනපද, තායිවානය,නවසීලන්තය, ඕස්ට්‍රේලියාවේ නව කර්මාන්ත ශාලා ඉදි කළේය.ප්‍රථම නිසාන් ට්‍රක් රථ එකලස් කිරීමේ පහසුකම් සහිත බලාගාරයක් Smyrna හි ආර‌ම්භ කරන ලද අතර මෙහි දෘඩ සැකිලි සහ 720 ට්‍රක් පමණක් ලදී.ඉන් වසර කිහිපයකට පසු Leaf, Pathfinder, Xterra, Maxima, and Altima සහ තවමත් ජනප්‍රිය SUV මෝටර් රථ මාලාවක් නිෂ්පාදනය කළේය.

1983 දී නිසාන් මෝටර් රථ ලාංඡනය වෙනස් කරන ලද අතර Cedric model y30 හඳුන්වා දෙන ලදී.මීට අමතරව නිසාන් ආ‌දර්ශ  VG ශ්‍රේණීයේ එන්ජින් නිවේදනය කළේය.1984 වන විට නිසාන් මෝටර් රථ නිෂ්පාදනය එක්සත් රාජධානියේ ස්ථාපිතකල අතර Laurel Model C32, Bluebird Model U11 සහ Bluebird Maxima Model PU11 හඳුන්වා දෙන ලදී.

1985 දී නිසාන් මෝටර් රථ සමුච්චිත නිෂ්පාදන ඒකක මිලියන 40 ක් ඉක්මවන ලද අතර නව නිසාන් මෝටර් පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම ද නිම කරන ලදී.මීට අමතරව ප්‍රසිද්ධ Skyline කාර් වර්ගය සඳහා RD එන්ජින් හඳුන්වාදීම ද මෙම කාලය තුළ සිදුවිය.1987 දී ප්‍රසිද්ධ නිසාන් මෝටර් රථයක් වූ Cedric Model Y31 හඳුන්වා දුන් අතර ඒ‌ සඳහා 'වසරේ මෝටර් රථ' සම්මානය  දිනා ගැනීමට සමත් විය.

නිසාන් මෝටර් රථ අපනයන ඒකක මිලියන 20 ඉක්මවීමට සමගාමීව සමාගම ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන බව පෙන්වමින් Safari Model Y60, Cedric Cima Model FY31, Gloria Cima Model FY31, Silvia Model S13, Celfiro Model A31, Prairie Model M11, and Maxima Model J30 හඳුන්වා දෙන ලදී.

1990 දශකයේ දී නිසාන් මෝටර් රථ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා ලොව පුරා නව බෙදාහැරීමේ සමාගම් සහ හවුල් ව්‍යාපාර විවෘත කරන ලද අතර 1999 අවසානයේ විශ්මයජනක Skyline GT-R,Model R34 සහ Silvia Model S15 හඳුන්වා දෙන ලදී.

2000 වන විට නිසාන් කුඩා මෝටර් රථ නිපදවීමට තීරණය කළේය.ඒ‌ අණුව Ultra-Small EV Hypermini හඳුන්වාදුන්වාදෙමින් කැලිෆෝනියාවේ Super Ultra Low Emission -SULEV මෝටර් රථ විකිණීම ආ‌රමිභ කරන ලදී.මිලියන ඉක්මවූ නිෂ්පාදන අනුපාතය සමග නිසාන් මෝටර් රථ සඳහා අති සාර්ථක කාලය වූ අතර ඒ‌ අනුව ඉන් වසර කිහිපයකට පසු නිසාන් කුඩා මෝටර් රථ වෙළෙඳපලට ද ඇතුල් විය.

2014 දී සමාගම Carlos Ghosn නායකත්වය යටතේ නිසාන් මෝටර් රථ 5,310,064 ක් ලෝව පුරා අලෙවි කර ඇ‌ත.ඊට අමතරව සමාගට Infinit,NISMO සහ Datsun ලෙස බොහෝ ස්වාධීන මෝටර් රථ අංශ තිබූ අතර නිසාන් සමාගමේ ආරම්භකයෝ 6 දෙනෙකුට වඩා ගණනක් සිටි අතර 1933 සිට 2015 දක්වා එම සමාගම විවිධ අධිපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් 15 කට වැඩි පිරිසක් යටතේ පාලනය වී ඇ‌ත.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

Related Posts

Post a Comment