-->

මෝටර් රථයට ගැලපෙන පෙට්‍රල් ඉන්දන තෝරගන්නේ කොහොමද?



පෙට්‍රල් වාහන පාවිච්චි කරන බොහෝ දෙනෙකුට මේ ප්‍රශ්ණය නම් තරමක් ව්‍යකූල එකක් කිව්වොත් වැරදි නැහැ.ඒ‌ නිසා වාහනයට නිවැරදි ඔක්ටේන් අගය සහිත පෙට්‍රල් ඉන්දන තෝර ගන්නේ කොහොම ද?

බොහෝ වාහනවල ඉන්දන ටැංකියේ පියනේ ඇ‌තල් පැත්තේ හරි මූඩියේ හරි “Uleaded Fuel Only” හරි “Premium Unleaded Only” එහෙමත් නැත්නම් “98 Octane Unleaded Only” කියලා ස්ටිකරයක් අලවලා තියෙනවා දැකලා ඇ‌ති.ඒ‌ත් කවුරැ හරි වාහනය ගැන සහ ඒ‌කට අවශ්‍ය කරන පෙට්‍රල් වර්ගය හරියට දන්නේ නැත්නම් ඒ‌ක ටිකක් අවුල් සහගත තත්වයක් වෙන්න පුලුවන්.

මේ නිසා සමහර විට වැරදියට තේරුම් අරගෙන වැරදි ඔක්ටේන් සහිත පෙට්‍රල් භාවිතා කලොත් දහස් ගණනක මුදලක් අපතේ යන අලුත්වැඩියාවන් හෝ එන්ජිමට ලොකු හානියක් වෙන්න ඉඩ තියෙනවා.

අද වෙළඳපොල තුල පෙට්‍රල් වර්ග පහක් තියෙනවා.

• සම්මත ඊයම් රහිත පෙට්‍රල්(Standard unleaded petrol-ULP)

මේ වර්ගයේ පෙට්‍රල් ඔක්ටේන් 91 හෝ 92 ලෙස ශ්‍රේණිගත කරලා තියෙනවා.වාහනයේ ඉන්දන පියනේ ‘Unleaded Fuel Only’ කියලා ස්ටිකරයක් අලවලා තියෙන නම් ඒ‌ වගේ වාහනවලට පමණක් මේ පෙට්‍රල් යෙදිය යුතු වෙනවා.

• ඊ10-එතනෝල් 10%(E10 -Ethanol 10%)

E10 ඉන්දනය හදලා තියෙන්නේ පෙට්‍රල් වලට 10% ක ප්‍රතිශතක් එතනෝල් එකතු කරලා.මේ පෙට්‍රල් බොහෝ මෝටර් රථ භාවිතා කරන්න පුලුවන්.නමුත් එය භාවිතා කිරීමට පෙර නිෂ්පාදකයාගේ නිර්දේශ සමඟ පරීක්ෂා කර බැලීම වඩාත් සුදුසු වෙනවා.මොකද මේ E10  පෙට්‍රල් නිසා ඉන්දන පද්ධතිය තුල පරස්පර විරෝධී අතුරු ද්‍රව්‍ය ඇ‌ති කරන්න පුලුවන් නිසා සහ ඒ‌වා විසඳීමට මිල අධික ප්‍රශ්ණයක් වෙනවා වගේම ඉන්ධන ෆිල්ටර් සහ ඉන්ජෙක්ටර් හා සීල් ආ‌දියට හානි ඇ‌ති කරන්න පුලුවන්.

ඔක්ටේන් 91 පෙට්‍රල් භාවිතා කරනවා නම් සහ ප්‍රදේශය තුල මිළ දී ගැනීමට නැත්නම් සහ මෝටර් රථයට E10 භාවතා කරන්න බැරි නම් ටිකක් මිල අධික ඊළඟ ඔක්ටේන් අගය සහිත පෙට්‍රල්(ඔක්ටේන් 95)භාවිතා කිරීමට සිදුවෙනවා.(E10 මගින් මූවර්ස් සහ අනෙකුත් ගෙවතු උපකරණ වලට ද ඉහත විස්තර කර ඇති ආකාරයට හානි ඇ‌ති වෙන්න පුලුවන්)

අවම ඔක්ටේන් 91 ක පෙටල් අවශ්‍ය එන්ජිමකට E10  යෙදීම මගින් ඔක්ටේන් 91 පෙට්‍රල් වලට වඩා ටිකක් හොඳට ඉග්නිෂන් ටයිමිං ඇ‌ඩ්වාන්ස් වීමක් සහ කාර්‍ය්‍යය සාධනය ඉතා සුලු වැඩිවීමක් ලබාදෙනවා.ඒ‌ත් ලීටරයකට ලබාදෙන ශක්තිය අඩු අතර ඉන්දන පරිභෝජනය 3%-4% කින් විතර වැඩිවෙනවා.

• ප්‍රීමියම් ඔක්ටේන් 95 ඊයම් රහිත පෙට්‍රල්(Premium, 95-octane unleaded petrol-PULP)

ප්‍රීමියම් පෙට්‍රල් වර්ග දෙකෙන් පලමු වර්ගයි.යුරෝපයේ වගේම ඔක්ටේන් 91 පෙට්‍රල් භාවිතා නොකරන ඇතැම් අනෙකුත් වෙළඳපලවල් වල දී ආරම්භක මට්ටමේ පෙට්‍රල් වර්ගය ලෙස ඔක්ටේන් 95 පෙට්‍රල් හඳුන්වන්න පුලුවන්.මෝටර් රථයේ ඉන්දන ටැංකි පියනේ ‘Premium Unleaded Only’ ලෙස සඳහන් කරලාතියෙනව නම් භාවිතා කල යුතු අවම පෙට්‍රල් වර්ගය මේ වර්ගයයි.එවැනි වාහනයකට ඔක්ටේන් 91 හෝ E10 භාවිතා කලොත් ඒ‌කේ ප්‍රතිඵලයක් ලෙස බරපතළ ඒ‌ වගේම මිළ අධික එන්ජින් හානි ඇ‌ති වෙන්න පුලුවන්.

• ප්‍රීමියම් ඔක්ටේන් 98 ඊයම් රහිත පෙට්‍රල්(Premium 98-octane unleaded-PULP).

ඔක්ටේන් 98 පෙට්‍රල් වෙළෙඳපොළ තුල තියෙන වඩාත් මිල අධික පෙට්‍රල් වර්ගය ලෙස හඳුන්වන්න පුලුවන්.බොහෝ විට ටර්බෝ හෝ සුපර්චාර්ජ් හෝ ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන්(GDI)සහිත මෝටර් රථ නිෂ්පාදකයින් විසින් ඔවුන්ගේ වාහන සඳහා විශේෂයෙන් ඉල්ලා සිටින පෙට්‍රල් වර්ගය ලෙස මේ වර්ගය හඳුන්වන පුලුවන්.යම් මෝටර් රථයක ඉන්ධන ටැංකි පියනේ ’98-octane Unleaded Only’ සඳහන් කරලා තියෙනව නම් ඒ‌ සඳහා ඊට වඩා අඩු ඔක්ටේන් පෙට්‍රල් භාවිතා නොකල යුතුයි.ඒ‌ වගේ වාහන විශේෂයෙන්ම ඔක්ටේන් 98 පෙට්‍රල් සඳහාම පමණක් නිෂ්පාදනය කර තියෙන නිසා ඊට වඩා අඩු ඔක්ටේන් පෙටල් මගින් එන්ජිමට දැඩි හානි ඇ‌ති වෙන්න පුලුවන්.

• ඊ85-එතනෝල් 85%(E85-Ethanol 85%)

එතනෝල් 85 % දක්වා සංකලනයක් සමග ඇ‌ති පෙට්‍රල් E85 ලෙස හඳුන්වනවා.මෙහි අන්තර්ගතය ස්ථානය හා කාලය අනුව වෙනස් වෙනවා.ඒ‌ කියන්නේ එහි හැම විට එතනෝල් 85 % අන්තර්ගත නැහැ කියන එකයි.මේ.E85 ඉන්ධන හැම පෙට්‍රල් ස්ටේෂන් එකකින්ම ගන්න නැතිවෙන්න පුලුවන් වගේම මේ E85 ඉන්දනය ‘Flex Fuel’ කියලා සඳහන් කරලා තියෙන වාහන සඳහා පමණක් භාවිතා කරනවා.වෙනත් ඕනිම පෙට්‍රල් මෝටර් රථයකට මේ E85 ඊළඟ භාවිතා කිරීමේන් කෝල්ඩ් ක්‍රෑන්ක් වල දී මෝටර් රථය ස්ටාර්ට් කිරීමට නොහැකි වෙන්න පුලුවන් වගේම නැවත මිල අධික අලුත්වැඩියාවන් පවා කිරීමට සිදුවෙනවා.

නිෂ්පාදකයාගේ අවශ්‍යතාවය වඩා මෝටර් රථයට ඉහළ ඔක්ටේන් ඉන්ධන භාව්තා කරන්න පුලුවන්.ඔක්ටේන් 91 සඳහා නිර්මාණය කරලා තියෙන මෝටර් රථයකට ඔක්ටේන් 95 හෝ 98 භාවිතා කිරීමෙන් කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ.ඒ‌ත් ඉහළ ඔක්ටේන් පෙට්‍රල් වල වඩා වැඩි ශක්තියක් අඩංගු වෙන්නේ නැහැ.ඇ‌ත්තටම ඉහළ ඔක්ටේන් ශ්‍රේරේණිගත යෙන් අදහස් කරන්නේ ඉහළ සම්පීඩන අනුපාතයක් තුල (සිලින්ඩර පීඩනය තුල) මූලික වශයෙන් පෙට්‍රල් දහනය කිරීමට දක්වන ප්‍රමාදවීම(Ignition Delay).ඔක්ටේන් 91 සඳහා නිර්මාණය කරලා තියෙන නවීන එන්ජින්වලට 95 හෝ 98 යෙදූ විට ඉතා කුඩා අතිරේක බලය ප්‍රමාණයක් ලබාදෙන්න පුලුවන් වගේම ඔක්ටේන් 91 පෙට්‍රල් වලට වඩා ඉග්නිෂන් ටයිමිං ද සුලු ප්‍රමාණයක් ඇ‌ඩ්වාන්ස් වෙන්න පුලුවන්.ඒ‌ත් ඒ‌ සුලු ප්‍රමාණය නොදැනෙන තරම් වෙන්න පුලුවන්.

ඒ‌ නිසා අඩු ඔක්ටේන්(91/92)සඳහා නිර්මාණය කර ඇ‌ති එන්ජින් සඳහා ඉහල ඔක්ටේන් පෙට්‍රල් (95/98) යෙදීම ඇ‌ත්තටම බලනකොට මුදල් නාස්ති කිරීමක්.

හයි කොම්ප්‍රෙෂන් එන්ජින්(GDI)සඳහා නිෂ්පාදකයා විසින් නිර්දේශ කරනු ලබන ඔක්ටේන් අගයට වඩා අඩු ඉන්දන යදීම මගින් එන්ජිමට දැඩි හානි ඇ‌ති කරන්න පුලුවන්.හයි කොම්ප්‍රෙෂන් එන්ජින් සඳහා අඩු ඔක්ටේන් ඉන්ධන යෙදීම මගින් දහන කුටීරය තුල පිපිරීම්(detonation)සහිතව දහනය වෙන්න පුලුවන්.ඒ‌වගේම එන්ජින් උෂ්ණත්වය ඉහළ යාමට පුලුවන්.ඒ‌ විතරක් නෙවෙයි එන්ජිම තුල ඇ‌ති ලෝහ කොටස් ඔරොත්තු දිය නොහැකි ආතතීන්ට වගේම අභ්‍යන්තර කොටස් මත දහන තැන්පතු ඇති කරන්න පුලුවන්.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)


Related Posts

Post a Comment