-->

සිලෙක්ටිව් කැටලික් රිඩියුෂන් තාක්ෂණය(SCR)


සිලෙක්ටිව් කැටලික් රිඩියුෂන්(Selective Catalytic Reductin)එහෙමත් නැත්නම් SCR කියන්නේ මොකක්ද?

වායු විමෝචනය අවම කිරීමට ඩීසල් එන්ජින් සඳහා විශේෂ කැටලික් කන්වටරයක් තුලට ඩීසල් එක්සෝස්ඩ් ෆ්ලුයිඩ්(Diesel Exhaust Fluid-DEF)විදීම භාවිතා කරන උසස් තත්වයේ ක්‍රියාකාරී විමෝචන පාලන තාක්ෂණ පද්ධතිය SCR කියලා හඳුන්වනවා.

සාමාන්‍යයෙන් මේ DEF මගින් පිටාර වායුවේ අඩංගු වෙන නයිට්රජන් ඔක්සයිඩ්(Nox)රසායනික ප්‍රතික්‍රියාකරලා නයිට්‍රජන්,ජලය හා තුනී කාබන් ඩයොක්සයිඩ් (CO2) බවට පත්කරලා වායුගෝලයට නිදහස් කිරීම සිදුකරනවා.

විශේෂයෙන්ම මේ SCR තාක්ෂණය මගින් නයිට්‍රරජන් ඔක්සයිඩ්(NOx)වායුගෝලයේ දී අඩු ඔක්සිකරණයක් භාජනය වීමට සැලසුම් කරලා තියෙනවා.SCR කැටලික්කන්වටර ක්‍රමය තුළ ඔක්සිකාරකයක් ලෙස NOx තුල ඇමෝනියා භාවිතා මට්ටම් අඩු නිසා "selective" කියලා සහ NOx සමග DEF රසායනික ප්‍රතික්‍රියාකරලා නයිට්‍රජන්,ජලය හා අඩු කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් බවට දූෂක පරිවර්තනය කිරීම නිසා "reduction" ලෙස හඳුන්වනවා.මේ DEF මගින් ඔක්සිකාරක ඇමෝනියා නිෂ්පාදනය ඇ‌තිවීම වලක්වනවලා මේ SCR තාක්ෂණය මගින් NOx නිපදවීම 90% ක් දක්වා අඩු කිරීම හැකියාව
තියෙනවා.




මේ SCR තාක්ෂණය වැදගත් වන්නේ ඇයි?

SCR තාක්ෂණය ඩීසල් එන්ජින් වායු විමෝචන අඩු කිරීමට බෝහෝලෙසඋදව් වෙන ඵලදායී සහ ඉන්ධන කාර්‍ය්‍යයක්ෂම තාක්ෂණයක් ලෙස හඳුන්වන්න පුලුවන්.මේ නිසා 2010 ජනවාරි මස 1 වන දින පසුව නිපදවන සියලු බර ඩීසල් ට්‍රක් එන්ජින්වල ඩීසල් අංශුමය කොටස්(particulate matter-PM)හා නයිට්‍රජන් ඔක්සයිඩ (NOx) අවම කිරීමට ලෝකයේ බෝහෝ රටවල වායු විමෝචන නීති ක්‍රියාත්මක වෙනවා.ඒ‌ වගේම මේ SCR එකින් එකවර හයිඩ්‍රෝකාබන්(HC)හා කාබන්මොනොක්සයිඩ්(CO)විමෝචනය 50-90% දක්වා අවම කරන්න පුලවන් අතරම නයිටජන්ඔක්සයිඩ්(NOx)විමෝචනය 90% දක්වා අඩු කිරීමේ හැකියාව තියෙනවා.ඊට අමතරව මේ SCR පද්ධතිය ඩීසල් පාර්ටිකියුලර් ෆිල්ටර්( diesel particulate filter-DPF)සමග සම්බන්ධකර භාවිතා කිරීම මගින් ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඩීසල් අංශු විමෝචන අඩු කරගන්න පුලුවන්.ඒ‌ වගේම වාණිජ ට්‍රක් රථ කර්මාන්තයේ දී සමහර SCR තාක්ෂණයෙන් සමන්විත ට්‍රක් රථ වල ඉන්ධන පිරිමැස්ම 3-5% දක්වා වර්ධනයක් ලබාගන්න පුලුවන්වෙලා තියෙන බවට ද වාර්තාවෙලා තියෙනවා.මීට අමතරව සමහර රට වල මාර්ග ඉදිකිරීම් සහ කෘෂි උපකරණ ඇතුළු උපකරණ සහ අනෙකුත් දූෂක උපකරණ වල ද ඊට සමාන NOx අඩු විමෝචනය ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවට ද නීති පණවලා තියෙනවා.මීට අමතරව මේ SCR තාක්ෂණය සමග සාගර යාත්‍රා,ලොව පුරා භාණ්ඩ ප්‍රවාහන නෞකා, තොටුපොළවල් සහ ටග් බෝට්ටු(tugboats)සඳහා ද ඇ‌තුලත කරලා තියෙනවා.ඩීසල් එන්ජින් වායු විමෝචන පාලන තාක්ෂණය,විශේෂයෙන් ආර්ථික හා පාරිසරික යන දෙකට ප්‍රයෝජනවත් ලෙස හඳුනාගෙන තියෙන අතර වර්තමානයේ දී SCR පද්ධති ද සහිත ඩීසල් මගී වාහන සංඛ්‍යාවේ ද වර්ධනයක් දකින්න පුලුවන්.

SCR භාවිතා කිරීමේ විශේෂයෙන් සැලකිය යුතු කරුණු මොනවාද?

SCR පද්ධතිය සහිත වාහනය හෝ යන්ත්‍රවල එක් සුවිශේෂී අංගයක් තමයි වාහනයට ඉන්ධන පුරවන ආකාරයටම කලින් කලට DEF පිරවීමේ අවශ්‍යතාව.මේ DEF පිරීමේ අවශ්‍යතාවය වාහන මෙහෙයුම මත පදනම්ව කලින් කලට නැවත නැවත පිරවීම කරන්න සිදුවෙනවා.මේ සඳහා වාහනයේ ඩීසල් ටැංකියට ලඟ වෙනම කුඩා ටැංකියක් තයෙනවා.හැබැයි මේ ඩීසල් ටැංකිය තරම් විශාල එකක් නෙවෙයි.සාමාන්‍යයෙන් සැහැල්ලු ට්‍රක් හා මගී වාහන සඳහා සෑම ඔයිල් මාරැ කිරීමක දීම මේ DEF නැවතපිරිවීම කරනවා.බර වාහන,මාර්ග යන්ත්‍ර හා උපකරණ සඳහා DEF පිරවීම භාවිතා කරන මෙහෙයුම් තත්වය සහ පැය ගණන අනුව වෙනස් වෙනවා.මේවායේ DEF නැවත පිරවීම් පරාසය සාමාන්‍යයෙන් නිර්දේශිත ඔයිල් මාරැ කිරීම් මත හෝ ධාවන සැතපුම් ගණන,බර ආ‌දී අනෙකුත් සාධක මත තීරණය වෙනවා.

මේ DEF,වායු විමෝචන පාලන පද්ධතියට අයත් කොටසක් වෙන නිසා වාහනය හෝ උපකරණ දිගින් දිගටම පවත්වාගෙන යාම සහතික කිරීමට සෑම විටම ක්‍රියාත්මකවීම අවශ්‍ය වෙනවා.අඩු DEF සැපයුම් තත්වයන් වලදී වාහනයේ රියදුරු හෝ යන්ත්‍රයේ ක්‍රියාකරු වෙත දෘශ්‍ය හා කණට ඇ‌හෙන අනතුරැ ඇ‌ඟවීම ශබ්දයකින් ඒ බව දන්වනවා.මේ DEF මට්ටම ටැංකිය තුල එක්තරා මට්ටමකට ළඟා වූ විට වාහනයේ ඉග්නිෂන් ඔෆ් කිරීම සිදු කලොත් වාහනයේ භාවිතා වීමට ප්‍රමාණවත් DEF නැතුව පණගන්වීම වැලැක්වීම සඳහා ඉග්නිෂන් සිස්ටම් එක ලොක් කිරීම සිදුකරනවා.ඒ‌ කියන්නේ DEF පුරවන්නේ නැතුව වාහනය ස්ටාර් කරන්න බැහැ කියන එකයි.

DEF ගබඩා කිරීම සඳහා සාමාන්‍යයෙන් ඩීසල් ඉන්ධන ටැංකියට පසෙකින් DEF ටැංකිය ඇති අතර සාමාන්‍යයෙන් මගී වාහන වල ස්පෙයාර් වීල් ප්‍රදේශයේ චැසියට යටින් සවිකර තියෙනවා.සෙල්සියස් අංශක -10/-11 පමණ අඩු උෂ්ණත්වෙය්දී DEF ඝණ බවට පත්වීම වැලැක්වීමට බොහෝ වාහනවල DEF නිසිලෙස ගබඩා කරලා තියෙනවා.ඒ‌ වගේම ශීත අවස්ථාවල බොහෝ වාහන වල DEF ටැංකිය සහ DEF බෙදාහැරීම උණුසුම්ව තබාගැනීමේ උපකරණ ද සවිකරලා තියෙනවා.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)


Related Posts

Post a Comment