-->

වාහනයක බ්‍රේක් නැති වුණොත් මොකද කරන්නේ?


සාමාන්‍යයෙන් හයිඩ්‍රොලික් බ්‍රේක් පද්ධති සහිත වාහන වල ප්‍රධාන බ්‍රේක් මාස්ටර් සිලින්ඩරයේ ඇ‌ති අතර එහි ඇ‌ති පිස්ටන් මත පීඩනයක් යොදමින් පිස්ටන් තල්ලු කරන අතර එම පිස්ටන් මාස්ටර් සිලින්ඩරයේ ඇ‌ති බ්‍රේක් ෆ්ලුයිඩ් පීඩනයට කිරීම සිදුකරනවා.ඊලඟට එම බ්‍රේක් ඔයිල් කුඩා නල සහ හෝස් මගින් එක් එක් රෝද වලට අති බ්‍රේක් කැලිපර හෝ බ්‍රේක් සිලින්ඩර්(වීල් සලින්ඩර්)තුල ඇ‌ති පිස්ටන් දක්වා ගමන් කර ඒ‌වා මගින් බ්‍රේක් පෑඩ් හෝ ලයිනර් බ්‍රේක් ඩිස්ක් හෝ ඩ්‍රම් මතට සිර කර වාහනය නැවැත්වීමට සලස්වනවා.ඒ‌ නිසා එවැනි වාහනයක බ්‍රේක් ෆ්ලුයිඩ් කාන්දුවීම හෝ බ්‍රේක් ලයින් කැපී තිබීම නිසා බ්‍රේක් පැඩලය පෑගූ විට ඒ‌ කිසිවක් සිදු නොවෙනවා නම් එය වියසනකාරී තත්වයක් වෙන්න පුළුවන්.



ඒ‌ නිසා එවැනි අවස්ථාවක දී බ්‍රේක් නැත්නම් කළ යුතු පළමු දේ තමයි බ්‍රේක් පොම්ප කිරීමට උත්සාහ කිරීම.බ්‍රේක් ෆ්ලුයිඩ් ටැංකියේ හෝ බ්‍රේක් ලයින් වල කුඩා කාන්දුවීමක් තිබේ නම් ඒ‌ මගින් වාහනය පාලනය කර ගැනීම සඳහා පද්ධතිය තුලට ප්‍රමාණවත් තරම් බ්‍රේක් ෆ්ලුයිඩ් පොම්ප කිරීමට හැකියාව තියෙනවා.එය ප්‍රමාණවත් නැත්නම් ඊළඟට කල යුත්තේ එමර්ජන්සි බ්‍රේක් සඳහා උත්සාහ කිරීමයි. එමර්ජන්සි බ්‍රේක් ද කියා නොකරයි නම් ඒ‌ කියනේ නියත වශයෙන් බ්‍රේක් පද්ධතියේ පද්ධතියේ ගැටළුවක් තියෙනවා කියන එකයි.ඒ නිසා ඊළඟට යොමුවිය යුත්තේ වාහනයේ ඇ‌ති ට්‍රාන්ස්මිෂන් පද්ධතිය වෙතයි.ඒ‌ අනුව මැනුඅල් ට්‍රානස්මිෂන් වාහනයක් නම් ගියර් ඩවුන් ශිෆ්ට් කර එන්ජින් බ්‍රේකිං කිරීම මගින් වේගය අඩු කරගන්න පුළුවන්.(සාමාන්‍ය ධාවන තත්වන් වලදීද වේගය පලනය කිරීම සඳහා බොහෝ දෙනෙක් මෙය පුරුද්දක් හැටියටත් මේක කරනවා)ඒ‌ කොහොම වුණත් මේක ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් වලත් කරන්න පුළුවන්.බ්‍රේක් පැඩල් එක පාගලා අඩු ගියරයකට දන්න.ඊලඟට වේගය ටිකක් අඩු වෙනකම් ඉඳා ඊලඟ ගියර් එකට මාරැ කරන්න(1-2-3-L-B).ටිප්ට්‍රොනික් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් වාහනයක් නම් ටිප්ට්‍රොනික් ශිෆ්ට් ගේට් එක හරහා මැනුඅල් ආ‌කාරයට ගියර් ඩුවුන් ශිෆට් කරගන්නත් පුළුවන්.

ඒ‌ කොහොම වණත් මේ සියල්ල කරලත් වාහනය නැවැත්වීමට පෙර වාහනය යමක ගැටීමට ඇති බවක් පෙනී යයි එවිට මූලෝපායාත්ම කල්පානා කර දිගු කොන්ක්‍රීට් තාප්ප,පාලම් හෝ ගරාදි වැටක් වැනි මාර්ගය ඉවත ඇ‌ති වස්තුවක් තෝරාගන්න.බිත්තියක් හෝ ආරක්ෂක වැටක් මත වාහනය පැත්තකින් අතුල්ලා ගැනීමෙන් වේගය අඩු කර ගත ගත හැකි නම්, එය හොඳ අදහසක්.එසේත් නැත්නම් ඉවුරක් හෝ පස් කන්ඩියක් වැනි තැනකට යොමු කිරීමට හැකි නම්  නම් එය ද වාහනයේ වේගය අඩු කර නත්තා ගැනීමට උදව්වක් වෙනවා.

අනිත් අතට ට්‍රාන්ස්මිෂන් හෝ බැමි හෝ තාප්ප වැනි යමක් භාවිතා කිරීමට කාලය තිබේ නම් එය භාවිතා කරන්න.ඒ‌ මගින් මෝටර් රථයට හානි වීම වැලැක්විය නොහැක් නමුත් ජීවිතය ගලවා ගනීමට හැකිය.ඒ‌ වගේම " මෘදු" යමක් මතට ධාවනය කිරීමෙන් වේගය අඩු කිරීමෙන් ඔබට අනතුරක් නොකළ හැකිය.අවසාන වශයෙන් එයත් අසාර්ථක වුවහොත් තවදුරටත් වාහනයේ ඇ‌ති මගී ආ‌රක්ෂණ පද්ධතිය(සීට් බෙල්ට් සහ එයාර් බෑග්)පිලිබඳව විශ්වාසය තබාගන්න.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)


Related Posts

Post a Comment