එන්ජින් ෆ්ලෂ් කියන්නේ මොකක්ද
එන්ජින් ෆ්ලෂ් කිරීමක් අවශ්‍ය වෙන්නේ ඇයි?
එන්ජින් ෆ්ලෂ් කරන්න බලපාන මූලිකම හේතුව තමයි එනජිමක ඔයිල් ස්ලජ් කියන තත්වය ඇති වීම.මේ ඔයිල් ස්ලජ් කියන එක ඕනෑම පෙට්‍රල් හෝ ඩීසල් එන්ජින් සඳහා බලපෑ හැකි අතර දීර්ඝ එන්ජින් හානියක් කළ හැකි සංසිද්ධියක්.
සාමාන්‍යයෙන් ඔයිල් මාරැකිරීම් මග හැරීම් හෝ දීර්ඝ කාලයක් ඔයිල් මාරැකිරීම කල්දැමීම(extended oil change intervals)හෝ දුර්වල හෝ නුසුදුසු අඩු ගුණාත්මක ඔයිල් භාවිතය,ඉන්ජෙක්ටර් ලීක් ආදී තවත් බොහෝ දේවල් දක්වා විහිදී යනවා.
ඔයිල් ස්ලජ් කියන එක ඔයිල් ඝණ වීම සහ දැඩි ඔක්සිකරණ ප්‍රතිඵලයක් නිසා ඇති වන ග්‍රීස් හෝ තාර වැනි තත්වයකට සමාන කරන්න පුලුවන්.ඒ අනුව එහි අවසාන ප්‍රතිඵලය වශයෙන් එම තැන්පතු එන්ජින් ස්නේහන පද්ධතිය(Engine Lubricant System)අවහිර කිරීම හේතුවෙන් එන්ජින් බැදීම(seize)ඇති වෙනවා.
ඒ නිසා මේ ඔයිල් ස්ලජ් ඉවත් කිරීමට තියෙන හොඳම ක්‍රමය තමයි එන්ජින් සම්පූර්ණයෙන්ම ගලවා සියලුම එන්ජින් අභ්‍යන්තර සංරචක පිරිසිදු කර අලුත්වැඩියා කිරීම.ඒ කොහොම වුණත් එන්ජිම සම්පූර්ණයෙන්ම ගැලවීමකින් තොරව එන්ජින් ෆ්ලෂ් කිරීම මගින් මේ ඔයිල් ස්ලජ් තත්වයට යම් ප්‍රමාණයක් ප්‍රතිකාර කරන්න පුලුවන්.
අද බොහෝ නවීන වාහන නිෂ්පාදකයන් විසින් ඔවුන් දක්වා ඇති නියමිත සේවා කාල අන්තර අතර (Service Interval) නිර්දේශිත උසස් තත්වයේ ඔයිල් සහ ෆිල්ටර් භාවිතා කරලා සර්විස් කරනවා නම් මේ ඔයිල් ස්ලජ් ඇති වීම සහ එන්ජින් ෆ්ලෂ් කිරීම අනවශ්‍ය බව පැවසුවත් එන්ජින් ෆ්ලෂ් කිරීමට අවශ්‍ය අවස්ථා කිහියක් තියෙන්න පුලුවන්.ඒ අනුව එනජින් ෆ්ලෂ් කිරීමක් මගින් ඔයිල් ස්ලජ් තැන්පතු සහ කුඩා වූ ඔයිල් මාර්ග සොදා පිරිසිදු කර ගන්න පුලුවන්(සැ.යු: බොහෝ වාහන නියමිත නඩත්තු සේවා අනුගමනය කරලා තියෙනවා නම් එන්ජින් ෆ්ලෂ් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ)වගේම ඊට අමතරව ඉතා පැරණි වාහන එන්ජින් ෆ්ලෂ් කිරීම මගින් පිස්ටන් සහ රිංන්ස්,වෑල්,ටැපට් සහ අනිකුත් කොටස් ද මද වශයෙන් පිරිසිදු වෙන්න පුලුවන්.
ඒ කොහො වුණත් මේ එන්ජින් ෆ්ලෂ් කිරීමේ අවාසි ද තියෙනවා.උදාහරණ ලෙස ටයිමිං චේන් සහ චේන් ටෙන්ෂනර් ශබ්ද ඇති වීම,ටැපට් ශබ්ද ඇති වීම,පිස්ටන් ශබ්ද(ගජන්පින්)වීම,ක්‍රෑන්ක් ශාෆ්ට් සහ කෑම් ශාෆ්ට් බැදීම(seize),ඔයිල් පිච්චීම සහ දුම ඇති වීම ආදිය දක්වන්න පුලුවන්.
වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා එන්ජින් ෆ්ලෂ් එකක් කරන්නේ කොහොමද?
එන්ජින් ඔයිල් මාරැ කරන්න කලින් එන්ජිම ස්ටාර්ට් කරලා විනාඩි 5-10 විතර පස්සේ එන්ජිමට එන්ජින් ෆ්ලෂ් එකතු කරලා(සාමාන්‍යයෙන් එන්ජින් ෆ්ලෂ් අනුපාතය 1L: 50ml).තවත් විනාඩි 10-15 විතර පස්සේ එන්ජින් ඔයිල් ඉවත් කරලා උසස් තත්වයේ අලුත් ඔයිල් සහ ෆිල්ටර් මාරැ කරන්න.
මේ ක්‍රමයට අමතරව එන්ජින් ඔයිල් ෆිල්ටර් හවුසින් එකට සහ සම්ප් ප්ලග් එකට සවිකරන්න පුලුවන් එන්ජින් ෆ්ලෂින් යන්ත්‍රයක් මගින්ද මේ එන්ජින් ෆ්ලෂ් කිරීම කරගන්න පුලුවන්.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
Post a Comment
Post a Comment