-->

කොමන්රේල් ඩීසල් පද්ධති ගැටළු




කොමන්රේල් ඩීසල් පද්ධති වල බොහෝ වාසිදායක තත්වයන් තිබුණත් එම පද්ධති මුහුණ දී ඇති ගැටළු සඳහා අඩු වියදමකින් ගත හැකි ක්‍රියාමාර්ග මොනවද?

සාමාන්‍යයෙන් වඩාත් පොදු කොමන්රේල් ඩීසල් ගැටළු මොනවද කියලා බලමු.

• දුමාරය

• බලය අහිමිවීම

• රළු අයිඩල්

• එන්ජින් ශබ්ද

•  අපිරිසිදු ඩීසල් එන්ජින් ඔයිල්

• ඔයිල් පරිභොජනය

• EGR වෑල් ගැටළු

• ඉන්ටේක් පද්ධති කාබන් තැන්පතු

• ටර්බොචර්ජර් බිඳ වැටීම්

• අධික ඩීසල් පාර්ටික්යුලර් ෆිල්ටර් රීජෙනරේෂන් කිරීම් දක්වන්න පුලුවන්.

ඊළඟ කාරණය තමයි කොමන්රේල් ඩීසල් ගැටළුවලට හේතුවන කරැණු මොනවාදැයි තේරුම් ගැනීම.

• ඩීසල් ඉන්ධන ගුණාත්මකභාවය

අඩු මිළ ද්‍රව්‍ය භාවිතා නොකරන්න.සැහැල්ලු කොමන්රේල් එන්ජින් සඳහා ට්‍රක් ඩීසල් භාවිතා නොකරන්න.

• ක්‍රියාකාරී තත්ත්වයන්

බොහෝ කෙටි ධාවනයන්, අධික අයිඩල් තත්වයන්,සිසිල් මෙහෙයුම්,සැහැල්ලු එන්ජින් පැටවීම ආ‌දිය දහන කුටීරයේ තැන්පතු ඇති කිරීමටත් ටර්බොචර්ජර් සහ ඩීසල් පාර්ටිකියුලර් තුළ අංශු ඇති කිරීමේ ගැටළු ඇ‌ති කිරීට හේතු වෙනවා.

• කොමන්රේල් පද්ධති ඉතා ඉහළ පීඩනයයේ සහ අධික උෂ්ණත්වයයේ ක්‍රියා කිරීම

ඉන්ධන තැන්පතු ඉන්ධන පොම්ප හා ඉන්ජෙක්ටර් වල තැන්පත් වීම, ඉන්ධනවල ලිහිසි හැකියාව අඩු කිරීම වීමට ප්‍රමාණවත් වන නිසා ඉන්ධන ෆිල්ටර කළු පැහැයක් ගැනීම මෙම සිදුවීම පිළිබඳ සංඥාවක් වෙනවා.

• ඉන්ජෙක්ටර් ඇලී තිබීම

ඉන්ජෙක්ටර් ඇ‌ලී තිබීම නිසා අධික ලෙස ඉන්ධන ලැබීම නිසා එන්ජින් ශබ්ද ඇ‌ති වීමත් එහි ප්‍රතිඵලයක් ලෙස,EGR වෑල්ව්,ටර්බෝබෝචාර්ජ් ඩීසල් පාර්ටිකියුලර් ෆිල්ටර,දහන කුටීර ඇතුළු තවත් බොහෝ දේ තුල කාබන් තැන්පතු ඇති කිරීමට හේතුවක් වෙනවා.

• පිස්ටන් රිංග්ස් තැන්පතු

මේ නිසා බ්ලෝ බයි ගෑස් පීඩනය ඔයිල් සම් තුලට ගමන් කර ඔයිල් වලට අධික අංගූ අඩංගුවී එයදූෂණයට ඉඩ සලසන අතර මෙම පීඩනය ක්‍රෑන්ක් කේස් වෙන්ටිලේෂන් පද්ධතිය හරහා ඉන්ටේක් පද්ධතියට මුදාහරිනු ලැබේ.මෙය EGR වෑල් හරහා පිටකරන ලද පිටාර වායුව සමඟ මිශ්‍ර වී ත්‍රොටල් වෑල්ව් හා ඉන්ටේක් මැනිෆෝල්ට් අවහිර කිරීමට හේතුවක් වෙනවා.

ඒ‌ නිසා මෙතරම් විශාල හානියක් සිදු වීමට පෙර මේ කොමන්රේල් ඩීසල් ගැටලු නිවැරදි කිරීමට උපදෙස් කිහිපයක්;

සෑම ඉන්ධන ටැංකියක්ම කොමන්රේල් ඩීසල් ඉන්ධන වැඩි දියුණ කිරීම්(CRD Fuel Enhancer) කරන්න.මෙය භාවිතා කිරීම ලාභදායි වන අතර ඩීසල් 1L ඩීසල් සඳහා 1mL පමණ භාවිතා කල යුතු අතර සාමාන්‍යයෙන් මේ මගින් භාවිතයෙන් පමණක් CRD ඉන්ජෙක්ටර් සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කළ හැකිය. මෙම පිරිසිදු කිරීම හා ලිහිසි බලය මගින් නිවැරදිව ඉන්ජෙක්ටර් ඉන්ධන පිරිමැසිය හැකි අතර අඩු මිලක් හා වඩා වැඩි ලිහිසිභාවයක් හා පිරිසිදුබවක් ලැබීම.

එන්ජින් ඔයිල් ෆලෂින් සාන්ද්‍රණ(using Flushing Oil Concentrate)භාවිතා කිරීම අංශු සහ ස්ලජ් වලින් පද්ධතිය පිරිසිදු කිරීම සිදුවන අතර බ්ලෝ බයි ගෑස් මගින් පිස්ටන් රිංග්ස් බැඳීම වැලැක්වෙනවා. ඒ‌ අනුව සෑම ඔයිල් මාරැකිරීමකදීම ෆ්ලෂ් කිරීම මගින් අඩු වියදමකින් එන්ජිම පිරිසිදු කිරීම හා සෞඛ්යාරක්ෂිත බවට පත්වේ.

කොමන්රේල් ඉන්ධන වැඩිදියුණු කිරීම්(CRD Fuel Enhancer)සහ ඔයිල් ෆ්ලෂින් සානද්‍රණ(Flushing Oil Concentrate)එක විට භාවිතා කිරීමෙන් ඉන්ලට් පද්ධතියේ තැන්පතු,ඉන්ජෙක්ටර් දූෂණය,දුම, ඉනජෙක්ටර් ශබ්ද සහ බල ගැටලු සෘජු ලෙස අවධානයට ලක්කෙරේ.

ඉන්ටේක් පද්ධතියේ විශාල තැන්පතු තිබේ නම් ඒ‌වා ගලවා පිරිසිදු කල යුතු අතර ඉන්ටේක් පද්ධතිය හරහා සොල්වනට් මගින් පිරිසිදු කිරීම  බරපතල එන්ජින් හානි ඇ‌ති කිරීමට හේතුවක් වෙනවා.

එන්ජිමේ දැනටමත් දහනය කුටීර,ටර්බෝ,EGR හෝ ඩීසල් පාර්ටිකියුලර් ෆිල්ටර් අවහිරවී ඇතිනම්, ඉන්ධනවලට ඩීකාබර්නයිසර්(Decarbonizer)ද භාවිතා කළ හැකිය. මෙම ක්‍රියාවලිය මගින් දහන කුටීර,පිටාර වායු අවකාශයන්,ටර්බෝබෝරසහ DPF වලින් කාබන් තැනපතු පුලුස්සා දැමිය  ඉවත් කෙරේ.බොහෝ කෙටි ධාවන කටයුතු, අයිඩලින් හෝ සැහැල්ලු භාවිතා කිරීමක් ඇති විට මෙය විශේෂයෙන් වාසිදායක වේ.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)


Related Posts

Post a Comment